රාවය

ජනාධිපති පියෙක් අකාලයේ මියගිය දරුවෙක් සොහොන් බිමක් සහ Lincoln in the Bardo

වින්ධ්‍යා ගම්ලත්

මම ඇවිද යන්නෙමි. මේ සොහොන් බිමේ, ශ්වේත වර්ණ සොහොන් කොත් සිප හඹා එන සීතල සුළෙඟ් පහස විඳිමින්, ඈතින් පෙනෙන අඳුරු අහුමුළු අතර කොහේ හෝ තැනක ඔහු සැඟව ඇතැයි සිතමින්, නොනැවතී ඇවිද යමි. මළවුන් අතරින් නැගිට පෙර මෙන් තාත්තේ යැයි කියමින් පුතු මා පසුපස දිව එනවා නම්. එක් වරක් වත් ආදරෙන් ඔහු වැළඳගන්නට, පෙර මෙන් සුරතල් කතා අසන්නට ආයෙත් හැකිවේ නම්. සිහිනයක්ම පමණකි ඒ………………
මේ සොහොන් බිමක්, මහළු වී ගිය ජනාධිපති පියෙක්, ෙටෙපොයිඞ් උණ වැළඳී මියගිය එකොළොස් හැවිරිදි දරුවෙකුගේ වියෝවක් ගැන කතාවක්. එවැනි වියෝවක් ගැන පෙර පළමු පරිච්ඡේදයේ සටහන් කළ අන්දමේ සඳහනක් ලියැවිය යුතු වුවත් මේ කෘතිය ලියැවී තිබෙන්නේ ඊට වඩා තරමක වෙනස් ඵෙතිහාසික ලියැවිල්ලක් හා නාට්‍යමය ආකෘතිය මුසුවුණු නවකතාවක් ලෙසිනුයි. Lincoln in the Bardo 2017 වසරේදී ‘ද මෑන් බුකර්‘ සම්මානය හිමිවූ George Saunders ගේ කෘතියයි. ඇමරිකාව තුළ වහල් මෙහෙය අවසන් කරමින් ලෝක පූජිත වූ ඇමරිකානු ජනපති ඒබ‍්‍රහම් ලින්කන්ගේ සුරතල් විලී පුතු සිය දිවියේ එකළොස් වන කඩඉමේදී ජීවිතය හැරයනවා. ඒ මරණයෙන් පසු ජනපති ලින්කන් මුහුණ දුන් අත්දැකීම් ඵෙතිහාසික ලියැවිල්ලක් ලෙස මේ කෘතියෙන් ඉදිරිපත් කර තිබෙනවා.
‘ලින්කන්ගේ පුතු මියගියාට පසුව ඒ සිදුවීම කිසිලෙසකින්වත් විශ්වාස කරන්නට ඔහු සමත් වී නැහැ. මං මේ කතාව බොහෝ කාලයකට කලින් අහලා තිබුණා. මේ කතාව ගැන මට අදහසක් ආවේ මීට වසර 20කට කලිනුයි. මේ සම්බන්ධව ඵෙතිහාසික කරුණු කීපයකුත් එක්කරගත යුතු බව මං හිතුවා. මං මගෙන්ම ඇහුවා ඉතිහාසය ගැන මං දන්නේ මොනවද කියලා. Granta සමග සංවාදයකට එක්වෙමින් Saunders සිය කෘතිය ගැන එලෙස පවසනවා.
ඔහුට මේ කෘතිය රචනා කරන්නට මූලික අදහස පහළ වන්නේ 1990 දී ඔහු වොෂිංටන්හි කළ සංචාරය අතරතුරදී විලීගේ සොහොන් ගැබ පෙන්වා එය නැරඹීමට ලින්කන් ජනපතිතුමා පැමිණි ඒ අතීත කතා පුවත් ගැන සිය සොහොයුරාගෙන් දැනගත් තොරතුරුයි. මේ ඵෙතිහාසික කතා පුවත වසර 20 කට අධික කාලයක් පුරා Saunderගේ හිතේ මිහිදන්වී තිබුණු අතර අවසානයේදී ඒ අදහස් යළි මතුවන්නේ 2012 වසරේදී වග ඔහු පසුකලෙක පවසනවා.
‘ඉතිහාසගත ලියැවිලි වලට අනුව විලී පුතු ලින්කන්ගේ ප‍්‍රියතමයා වුණා. මේ නිසාම ඔහුගේ හදිසි වියෝව ලින්කන් ජනපතිතුමාට දරාගැනීමට නොහැකි වී තිබෙනවා. ‘ඔහු දැඩි සංවේගයට පත්වී හිටියා. මුළු ලෝකයම දුකින් පිරීගිය තැනක්, ඒ නිසාම හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් සංවේගයන්ට මුහුණදෙනවා. මිනිස්සු මොන මඟක ගියත් හැමෝම දුක් විඳිනවා.’ සිය පුතුගේ වියෝව දරාගත නොහැකිව ශෝක වන ලින්කන් ජනපතිතුමා ගැන Saunders විස්තර කරන්නේ එලෙසයි.
Lincoln in the Bardo කෘතිය තුළින් ගෙනහැර දක්වන සංවේදී අත්දැකීම එලෙසින්ම ලින්කන් ගැන ලියැවුණු ඵෙතිහාසික ලියවිලි තුළින් ද හඳුනාගන්නට හැකියි. විලීගේ අවමංගල්‍යයෙන් කාලයක් ගතවූ පසු ඔහුගේ දේහය හොබා තිබූ මිනී පෙට්ටිය ලින්කන් විසින් නැවත විවෘත කරනු ලැබීම Abraham Lincoln Vampire Hunter කෘතියේ සඳහන් කර තිබෙනවා. මේ අවස්ථාව එකල අතිශය ජනප‍්‍රිය වූ සිදුවීමක් වූ බව ද ඒ ගැන ලියැවුණු ඵෙතිහාසික ලියැවිලි වල සඳහන්.
විලීගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ද ඔහුට පැවැත්මක් ඇති බව ඒබ‍්‍රහම් ලින්කන් දැඩිව විශ්වාස කළ බව ඔහු සමග දැඩි හිතවත්කමකින් පසුවූ Matthew Simpson බිෂොප් තුමා පවසා තිබෙනවා. විලීගේ මරණයෙන් පස්සේ මං හැමදාම ඔහු එක්ක කතාබස් කළේ හරියට ඔහු මා එක්ක ඉන්න බව දැනගෙන වගේ David Herbert Donald ලින්කන් ගැන ලියූ චරිතාපදානයේ පවසන්නේ විලීගේ මරණයෙන් පසුව ලින්කන් ආගමට බොහෝ සේ නැඹුරු වුණු බවයි.’ Saunders සිය කෘතිය නාට්‍යමය ආකෘතියකට අනුව ගොඩනගන්නේ එවැනි ඵෙතිහාසික ලියැවිලි වල උපකාරය ද ඇතිවයි.
ඕක් හිල් සොහොන් බිමේ පිහිටි විලීගේ සොහොන වටා නිදා සිටින ඔහු වැනිම වූ මළ මිනිසුන් අතර ඇතිවන රසවත්, හරවත් සංවාද හරහා Lincoln in the Bardo කෘතිය තවදුරටත් රසවත් කිරීමට Saunders උත්සාහ දරනවා. වැන්දඹුවක වූ බ්ලාස් ශල්‍යකර්මයක් අතරතුරදී මරණයට පත්වූ ජේන් එල්ස්, වහල් සේවයේ යෙදුණු තැනැත්තෙකු වූ තෝමස් හෙවන්ස් ආදීන් විලී සමීපයේ සැතපී සිටින අසල්වැසියන්. මේ අතර සිටින තෝමස් පූජකතුමා පවසන අයුරින් නිරන්තරයෙන් දකින්නට ලැබුණු විලීගේ පියාගේ පැමිණීම ඕක් හිල් සොහොන් බිමේ නිදා සිටින වුන් අතර නිරන්තරයෙන් කතාබහට ලක්වූණා. ‘ලින්කන් තවමත් විලී ගැන සොයාබලන්නේ, නිතරම ඔහුව බලන්නට පැමිණෙන්නේ, ආදරය දක්වන්නේ්, තවම ජීවතුන් අතර සිටින දරුවෙකු මෙන් හිතාගෙනයි. විලී සමග සොහොන් බිමේ නිදාසිටින්නවුන් ඔහු කුමාරයකු ලෙස දුටු අතර ඔවුන්ට ඔහුගේ පියා ගැළවුම්කරුවෙකු වූ බව‘ ද Saunders සිය කෘතියේදී පවසනවා.
‘මේ කෘතිය සාම්ප‍්‍රදායික නවකතාවක් නෙමෙයි. තරමක ඒකාකාරී ගතියකුත් තියෙනවා. බොහොම බොළඳ නවකතාවක් විදියට මෙය ඉදිරිපත් කරන්න මට ඕන වුණේ නැහැ. මේ තුළ තිබෙන මානුෂීය ගතිය ඉස්මතු කිරීමේ වුවමනාව මට තදින්ම තිබුණා.’ Lincoln in the Bardo කෘතිය ලියැවූ අන්දම ගැන Saunders පවසන්නේ එලෙසයි. සම්පූර්ණයෙන්ම කතාබහක් ලෙස ගලාගෙන කෘතියේ පෙළ සමන්විත වී තිබෙන්නේ ඵෙතිහාසික සන්දර්භයන් චරිතාපදාන හා ලියුම් ආදිය ද අන්තර්ගත කොටයි.
එමෙන්ම, ටිබෙට් බුදු දහම අදහන Saunders සිය කෘතිය හරහා බෞද්ධ දර්ශනය සාකච්ඡාවට ලක්කිරීමට උත්සාහ දරනවා. මරණය හා පුනරුත්පත්තිය අතර කාලයේදී ආත්මයේ පැවැත්ම ගැන වූ අද්භූත අදහස් විලීගේ මරණයත් සමගින් මෙහි පෙළගස්වනවා. එමෙන්ම, සොහොන් ගැබේ සිටින අනෙක් පිරිස දක්වන අදහස් තුළින් Saunders අවධානයට ලක්කරන්නේ මරණය හැමදෙනාටම දිනක උරුම වන බව හා මතුයම් දිනක මරණයේ වේදනාව සියල්ලන්ටම අත්විඳින්නට සිදුවන බවයි. ‘අපිට ජීවිතයක් ලැබිලා තියෙන්නේ ආදරේ කරන්නයි. ඒත්, ආදරේ කරන හැමදේම නැතිවෙලා යන දවසක් එනවා’ලොව දහම ගැන Saunders පවසන්නේ එලෙසිනි.
‘ඇත්තටම, මට ඕන වුණේ ලින්කන් ගැන ලියන්න නොවුණත් වසර ගාණකට කලින් අහන්න ලැබුණු මේ කතන්දරයත් එක්ක මම එක තැනක හිරවුණා. මේ කතාව අහන්න ලැබුණු දිනයේ ඉඳන් ගතවුණු අවුරුදු 20 පුරාම මගේ හිතට දැනුණු හැඟීම් බිෙදන් බිඳ මුදාහැරීමේ මඟක් විදියට මේ කෘතිය රචනා කරන්න ගත්තා. ඒවගේම ලින්කන් ගැන නොලියා ඉන්නට නොහැකි වුණා. ඔහු විඳි අත්දැකීම් ගැන මෙහි සටහන් තැබීම සිත රිදවන සුළු කරුණක් වුණා. මං මටම කියාගත්තේ ලින්කන් ගැන ලොකු පොතක් ලියනවට වඩා ඔහු ගැන හැඟුණු දේවල් එහෙන් මෙහෙන් සඳහන් කළයුතු බවයි. සීතල පෙබරවාරියේ මැදියම් රැයේ ඒ කියන්නේ 12.45 ට තමන්ගේ ලෙයින් මසින් හැදුණු හුරතල් දරුවගේ නිසල සිරුර විනාඩි පහක්, දහයක් තුරුල් කරගෙන හිටිය මිනිහෙක්ගේ හිතට මොනවා නම් දැනෙන්න ඇතිද ? කියලා මට හිතෙන්න ගත්තා. ඒ මොහොත, ඒ සංවේදී අත්දැකීම මගේ හිතට දැඩිව බලපෑවා.’ Lincoln in the Bardo කෘතිය හා ලින්කන් චරිතය ගැන Saunders විස්තර කරන්නේ එලෙසයි.
මේ කෘතිය ලැබූ සාර්ථකත්වය සමගින් ජනාදරයට පත්වුණු Saunders ගැනත් නොකියාම බැහැ. සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ලේඛනයට හාත්පසින්ම වෙනස් වුණු ක්ෂේත‍්‍රයකින්. 1981 දී භූ භෞතික ඉංජිනේරු විද්‍යාව වෙනුවෙන් සිය ප‍්‍රථම උපාධිය හිමිකරගන්නා ඔහු 1988 දී Syracuse විශ්වවිද්‍යාලයෙන් නිර්මා ණාත්මක ලේඛනය වෙනුවෙන් පශ්චාත් උපාධිය හිමිකරගන්නට සමත් වෙනවා. අද වනවිට බොහෝ දෙනා ඔහුව හඳුනාගෙන තිබෙන්නේ ලේඛකයකු මාධ්‍යවේදියෙකු හා මහාචාර්යවරයකු ලෙසිනුයි. Civil War Land in Bad Decline (1996) Pastoralia (2000) Tenth of December (2013) Lincoln in the Bardo (2017), Saunders විසින් රචිත කෘතීන් අතරින් කීපයක්.