රාවය

මැතිවරණ නීති කඩන්නේ නීතියට අනුගත නොවන අයයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය

මැතිවරණ නීති කඩන්නේ  නීතියට අනුගත නොවන අයයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය

මහබැංකු බැදුම්කර කොමිසන් වාර්තාව හා බරපතළ වංචා පිළිබද ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබදව මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේදී විවාදයට ගත්තොත් ගැටලූවක් ඇතිවෙන බව ඔබ ප‍්‍රකාශ කළා. ඒ ඇයි?

අපි ඊයේම මේක කතානායකතුමාට දැන්නුවා. මෙතන ගැටලූව තිබෙන්නේ අටවෙනිදා මේක සාකච්ඡුාවට ගත්තහම ඒ හරහා යම් දේශපාලන පක්ෂයක, අපේක්‍ෂකයකුට ප‍්‍රවර්ධනයක්, අගතියක් වෙන්න පුළුවන්. දහවෙනිදා ඡුන්දය තියෙනවා නම් ඔවුන්ට එකට උත්තර දෙන්න විධියක් නෑ. අපේ රටේ ඡන්ද විමසීමකදි ඡන්ද විමසීමට පැය 48කට පෙර නිහඬ කාලසීමාවක් කියලා එකක් පවත්වාගෙන යනවා. ඒ කාලසීමාව තුළ කිසියම් ප‍්‍රචාරයක කටයුත්තක් කරන්නේ නෑ. සමාජජාලවල වුණත් නීති ගරුක පුරවැසියෝ ඔය දින දෙකේ ඔය වැනි කටයුතු කළොත් වැරදියි.
අටවෙනිදා මේක සාකච්ඡා කරනකොට මෙයට සහභාගි වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ විතරයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වාගේම ස්වාධීන කණ්ඩායම් ඡුන්දයට ඉදිරිපත්ව සිටිනවා. ඔවුන්ට ප‍්‍රචාරක කටයුතු කරගෙන යන්න මේ නිසා කිසිම අවස්ථාවක් නෑ. ඒ නිසා මැතිවරණ කොමිසම යෝජනා කළා. මේ විවාදය 5 හෝ 6 වෙනිදාට ගන්නවා නම් මැතිවරණ කොමිසම ඉතාම සතුටයි කියලා. විවාදය 6 වෙනිදා තීන්දු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අගමැතිතුමා කතානායකතුමා පාර්ලි මේන්තුවේ දේශපාලන පක්ෂවල කණ්ඩායම් නායකයින්ට අපි ස්තුතිය පුද කරනවා.
අනෙක 8 වැනිදා මේක සාකච්ඡුා කළානම් ඉදිරියේදී අපි නැති කාලෙක අවුරුදු 20කින් 25කින් වුණත් පාර්ලිමේන්තු මැතිවරණයක් හරි ජනාධිපතිවරණයක් හරි තියන දවසක මහා බලයක් සහිත පාර්ලිමේන්තුවක් තිබුණොත් නිහඬ කාලයේදී තමන්ට විශේෂ අපේක්‍ෂකයාගේ ජය පතල පාර්ලිමේන්තුව කැදවලා ඒ වරද කරයි. ඒක නිසා එහෙම පූර්වාදර්ශයක් නොවීමට මෙම පාර්ලිමේන්තුව කි‍්‍රයා කිරීම ගැන අපි අතිශයින් සතුටුවෙනවා.
අපේ ඉල්ලීම්වලට අනුකූලවීමට පාර්ලි මේන්තුවට හැකියාව තිබූ බවත් අපමෙහිදී කියන්න ඕනේ.

මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම් පිළිබදව දැනට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඒවායේ ස්වභාවය හා ඒ සම්බන්ධයෙන් කොමිසම ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග මොනවාද?
මෙහෙම ලියන්න. මම හිතන්නේ නෑ රාවය කියවන අය කාටවත් හරි, ලියන අය කාටවත් හරි එහෙම නැත්නම් මිනී ගාණ ගණන් කරන්න වගේ පැමිණිලි කීයක් හම්බවෙලා තියෙනවද? කීයකට අසාධ්‍යයද? කීයක් ඉස්පිරිතාලේද? කියලා බලාපොරොත්තු වෙනවයි කියලා. ඒත් අපට තියන පැමිණිලිවල ස්වාභාවය බැලූවනම් රාජ්‍ය දේපොළ අයුතු පරිහරණය තියනවා. අයුතු බලපෑම සහ බලපෑම්, පෞද්ගලික මට්ටමින් සිදුකරන බලහත්කාරය, පුද්ගලික ධන පරිත්‍යාග අල්ලස් ලබාදීම්, ප‍්‍රචාරක පුවරු ප‍්‍රදර්ශනය කිරීම් පිළිබද නීතිය උල්ලංඝණ්‍ය කිරීම්, මහජන පෙළපාළි සහ රථ පෙළපාළි සීමා කිරීම් පිළිබද නියමයන් උල්ලංඝණය කිරීම් ගැන පැමිණිලි තිබෙනවා. ඒ දේවල් හැම එකකටම ගන්න පුළුවන් පියවරවල් අරගෙන තියනවා. සමහර ඒවට ඡුන්දෙන් පස්සේ නීතිය කි‍්‍රයාත්මක වෙයි.
ඒ වුණත් බොහෝ දේවල් නීතියෙන් විතරක් වැළැක්විය නොහැකියි. මහජනතාව පුරවැසි බලයකින් මේක නවත්වනවා මිසක් නීතියෙන්, පොලිසියෙන්, වෙඩි තැබීමෙන්, එල්ලා මැරීමෙන්, දේපොළ රාජසන්තක කිරීමෙන් මේ දේවල් වළක්වන්න බැහැ. යහපත් දේශපාලන සංස්කෘතියක්, දැක්මක් මුළු රටේම ඇතිවෙනතාක් කල් මේවා මැතිවරණ කොමිසන් සභාවට විස`දන්න පුළුවන් ප‍්‍රශ්න නොවෙයි.

මැතිවරණයට අදාළව මැතිවරණ කොමිසමෙන් නිකුත් කළ මාධ්‍ය උපමාන කි‍්‍රයාත්මක වීම ගැන ඔබ දරන්නේ කෙබදු අදහසක්ද?
මාධ්‍ය ආයතනවල ප‍්‍රධාන විධායකයින්ගේ හෘද සාක්ෂියට තට්ටුකරලා සමබිමේ සටනක් සදහා සාමානයත් අතරේ සටනක් සිදුවෙන ආකාරයෙන් ඔවුන්ට කටයුතු කරන්න කියලා අපි ඉල්ලා තියෙනවා.
අපට එක නිරීක්‍ෂණයක් කරන්න පුළුවන්. රාජ්‍ය මාධ්‍ය ආයතන වෙනදාට වඩා අපේ නියමයන් අනුව යම්තාක් දුරකට, අපට සීයට සීයක් එකග වෙන්න බැරි වුණත් කි‍්‍රයාත්මක වන බව පෙනෙන්න තියෙනවා. කැපී පෙනෙන වෙනසක් තිබෙන්නේ ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ. ඒක අපි කියන්න කැමතියි. පෞද්ගලික මාධ්‍ය ආයතනයක් මාධ්‍ය උපමානවලට යටත් වෙනවා. විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය. මොකද සංඛ්‍යාත එහෙම නැත්නම් විත් චුම්බක තරංග රජයට අයිති නිසා, ඒ වුණත් නම් නොකරත් සමහර මාධ්‍ය ඉන්දියාවේ මාධ්‍ය වගේ දේශපාලන පක්ෂවලට අයත් මාධ්‍ය සේ හැසිරෙන අවස්ථා තිබෙන බවත් අපිට දකින්න පුළුවන්.

පසුගිය දිනවල සිදුකෙරුණ තැපැල් ඡුන්ද ප‍්‍රකාශ කිරීමේදී ඇතැම් ඡන්දදායකයින් තමන් සළකුණු කළ ඡුණ්ද පති‍්‍රකාව ‘‘සමාජ ජාල’’ ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්කරලා තිබුණා. ඔබ මේ ගැන දැනුවත් නම් ගත් කි‍්‍රයාමාර්ග කුමක්ද?
මම දැක්කා. අපට අත්අඩංගුවට ගන්න හැකිවෙලා තියෙනවා. අහුවෙලා තියෙනවා. කොළඹ දෙකක්, රත්නපුරේ, වව්නියාව, මොනරාගල යනාදි වශයෙන් අඩුම වශයෙන් ඡුන්ද සළකුණු කිරීම් 25ක නොඅඩු සංඛ්‍යාවක් දැනට තිබෙනවා.
තැපැල් ඡන්ද දායකයින් විසිපන් ලක්‍ෂ හැටදහකින් දැනට ඡන්දය දාලා තියෙන්නේ ලක්‍ෂ පහයි.
මේවගේ ප‍්‍රසිද්ධ කිරීම පනහක් ගිහිල්ලා තිබුණත් දෙදහකට එකක් විතර වගේ තමයි මේක වෙලා තියෙන්නේ. මේකේ ඉතාම කණගාටුදායක තත්ත්වය නම් මුල්දවසේම, එදා සළකුණු කළේ කච්චේරිවල සහ පොලිසිවල විතරයි. එදත් පහක් විතර සමාජ මාධ්‍ය ජාලාවල ප‍්‍රචාර වෙලා තිබුණා. ඊට පස්සේ නිල ඇදුම්ධාරීන් ගුරුවරුන් රාජ්‍ය නිලධාරීන් සුළු සේවකයින් මේ වැරැුද්ද කරලා තිබුණා. සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ මේවායින් වැඩි ප‍්‍රමාණයක් උතුරේ එක පක්‍ෂකටත් දකුණේ පක්ෂ දෙකකටත් අදාළ ඒවා. අපි හිතනවා පක්‍ෂවල අනුදැනුමකින් තොරව මේවා සිදුවුණා කියන එක. මේ පක්ෂවල එක්කෝ නීතිය නොදන්නා, නැත්නම් නීතියට අනුගත නොවන උද්යෝගීමත්, පක්ෂ ආලයෙන් ඔදවැඩි ගිය පාක්ෂිකයින් තමන්ගේ අභිලාශයන් කරන එක කියලා තමයි අපි හිතන්නේ. පිළිගත් දේශපාලන පක්ෂවල නායකයින් මේක කරන්නැයි උපදෙස් දීලා ඇති කියලා නම් අපි හිතන්නේ නෑ.
මේකේ තියෙන භයානක කම තමයි, ඡුන්දේ දවසේ තමන්ගේ ඡුන්දේ දුන්නේ කාටද කියලා පොටෝ ගහගෙන ආවොත් සල්ලි දෙනවයි කියන කතා පැතිර යත්දී ඡුන්දේ දිනෙත් මේක කරන්න ඉඩ තියෙන ඒක. ඒ නිසා මේක වරදක් කියලා දන්න අයට කියන්න කියලත් මම හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
ෆේස්බුක් ගැන ඇහැව්ව හින්දා තව එකක් කියන්නම්. 8 වෙනිදායි, 9 වෙනිදායි, 10 වෙනිදායි පවතින නිහඬ කාලය තුළ අපට මේ සමාජ ජාලා සෘජුවම පාලනය කරන්න බැහැ. ඒක ස්වයං පාලනයකට යටත්වෙන්න ඕනේ. යම් කෙනෙක් ඒ වගේ කැන්වසින් කරනවානම් මඩ ප‍්‍රහාර කරනවා නම් කරන්න තියෙන එකම දේ තමයි නීතිගරුක යහපත් පුරවැසියෙකු විදියට ඒවා නවත්වන්නයි කියා ඉල්ලන එක.

ඡන්දය පැවැත්වෙන දිනයේදීත් කලින් සිදුවී තිබෙනවා වාගේ කැමරා ෆෝන් රැුගෙනවිත් තමන් සළකුණු කළ ඡුන්ද පති‍්‍රකාව ඡායාරූපයට නගන්න හදනවා නම් ඒක වළක්වන්න ඔබ යොදන උපක‍්‍රමය මොකක්ද?
හැන්ඞ්ෆෝන් රැගෙන එන එක වාරණය කරන්න පුළුවන්. ඒවා ඡන්දය සළකුණු කරන ස්ථානයට රැුගෙන යන අය අත්අඩංගුවට ගන්න උපදෙස් දෙනවා. ඒවා රැුගෙන එන අයටත් තමන් රැුගෙන එන ජංගම දුරකථන ඡන්දය සළකුණු කරන ස්ථානයෙන් බැහැරව තබා එන්නැයි උපදෙස් දෙනවා. යම් හෙයකින් එසේ නොකර ඡන්දය සළකුණු කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන ආවොත් ඒ අයට දැඩි දඬුවම් දෙන්නත් පසුබට වෙන්නේ නෑ.

මාතලේ දිස්ති‍්‍රක්කයේ එක්තරා ඡුන්ද අපේක්‍ෂකයෙකු වැඩිහිටියන් පිරිසක් වන්දනා ගමනකට සහභාගි ගැනීමට උත්සාහයක යෙදෙන බව ඔබේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයකු විසින්ම ඔබට දන්වා එවා තිබුණා. එවැනි අවස්ථාවලදී ඔබ ගන්නා කි‍්‍රයාමාර්ග මොනවාද?
මේක වරදක් නම් මැතිවරණ කොමිසම කොහොමද මේකට ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ මිනිස්සු බස් එකෙන් එළියට ඇදලා දාන්න ඕනේද? මේවා අල්ලගන්න නම් මහජනයා සංවිධානය වෙලා එයාව අල්ලගන්න ඕනේ. එතකොට එයා අල්ලස් වරද කරනවායි කියලා සාක්ෂි දෙන්න ඕනේ. ඒ මොකවත් කරන්නේ නැතිව කොමිසන් සභාවට පැමිණිලි යවන එකෙන්, කොමිසන් සභාවට බැණ වදින එකෙන් අර වරදට වඩා එච්චර ලොකු වෙනසක් නෑ. අපිට කරන්න පුළුවන් දේ අපි කරලා තියනවා. වන්දනා ගමනක් යාමෙන් යම් කෙනෙකුට හෝ දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට බැ`දීමක් ඇතිකර ගැනීම අවශ්‍ය නැත කියලා අපි ඒ අයට පැහැදිලිවම කාලයක් බෙදන්න කියලා දැනුම් දීලා තියෙනවා.

මැතිවරණ සමයක වැඩවර්ජන වාගේ දේවල් සිදුවීම තුළ අත්‍යවශ්‍ය සේවා අඩාල වීමෙන් මැතිවරණය හරිහැටි පැවැත්වීමට නොහැකි වන බව ඇත්තක්. එහෙත් මේ වන විට යම් යම් අය වැඩවර්ජන කිරීමේ ප‍්‍රවනතාවක් දකින්න තිබෙනවා. ඔබ ඒ ගැන ගන්නා කි‍්‍රයා මාර්ග මොනවාද?
අපි ඒ ඒ වෘත්තීය සමිතිවලට තිබෙන වැඩවර්ජනය කිරීමේ අයිතිය පිළිගන්නවා.
ඒ නිසා ඒ අයගෙන් අපි ලිඛිතවම ඉල්ලා යවා තිබෙන්නේ, රාජකාරිවලින් බැහැරව සිටීම මෙන්ම ඒ හා සිදුකරනු ලබන සංවිධා නාත්මක ප‍්‍රචාරක කි‍්‍රයාකාරකම් කිරීම අවම වශයෙන් 2018 පෙබරවාරි 15 වෙනතෙක්වත් වැළකී සිටින ලෙසයි.