රාවය

ඇමතිතුමනි දැන්වත් පාපන්දුවට පයින් ගහමුද?

ඇමතිතුමනි  දැන්වත් පාපන්දුවට  පයින් ගහමුද?

ලෝවටා යන පාපන්දු ලෝක කුස ලානයේ පළමු ගමනාන්තය ශී‍්‍ර ලංකාව විය. එය මහත් ඉහළින් සැමරු සැමරුම නොබෝදා දැකගත හැකි විය.
මෙවර ලෝක කුසලානයට පෙර රටවල් 54ක කරක් ගහන ලෝක කුසලානය පළමු ගිමන් හැරීම ශී‍්‍ර ලංකාවේ සිදුවිය. දෙමළ පත්තරය වුණත් නිකං දෙනවානම් ගන්න ජාතියක මේ කුසලානය සැමරීම මහත් අභිමානයක් ලෙස පෙනෙන්නට තිබුණි.

මෙය මෙරට කී‍්‍රඩා ලෝලීන්ට මහත් ආශ්වාදයක් ගෙන දෙතැයි සිතුව සිදුවූයේ ද කී‍්‍රඩා ඇමති ජනපති අත පාස්වූ මල් වට්ටියට පාපන්දු බලධාරීන්ද අත ගැසීම පමණි. ධාතු ප‍්‍රදර්ශනය මෙන් එය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ප‍්‍රදර්ශනය කළද එහි අගයක් ඇත්තේ කාටද? එයින් මෙරට පාපන්දු කී‍්‍රඩාවට ඇති සෙත කුමක්ද? එය හරියට අරාබි කරේ දන්ත ධාතුව ප‍්‍රදර්ශනය කිරීමක් වැනිය.

හැමදේම අසුබව දකිනවා නොව වැඩකට නැතිදේ වැඩකට නැති බව කීම අපගේ වැඩය වේ. මීට කාලයකට පෙර සෙගේ බ්ලැටර්ගේ එකම සිහිනය වූයේ ඉන්දියාව තුළ පාපන්දු උන්මාදය ඇති කිරීමය. කදීම සිතුවිල්ලකි. ඕනෑම හො`දක් නරකක් පළ කළ යුතු බිම ඉන්දියාවය. කි‍්‍රකට් කොදෙව්වන්ගෙන් ඕස්ටේ‍්‍රලියාවෙන් ගිලිහී ඉන්දියාවේ නතුවන විට එය උමතුවක් විය. වසංගතයක් විය. අද කි‍්‍රකට් හී කොදුනාරටිය ඉන්දියාවය. බ්ලැටර්ට වුවමනා වූයේ මේ පාපන්දු වසංගතය ඉන්දියාවේ බෝ කරන්නටය. එහෙත් කි‍්‍රකට් වසංගතය හමුවේ එය කළ නොහැකි විය.

මේ ලිපියට එය ඇදා ගත්තේ ඇයිද කිව යුතුය. එනම් ඉන්දියාව අමතක කොට පාපන්දු ලෝක කුසලානය ලංකාවට එන්නේ ඇයි? මේ යහපාලනය නිසාද? කී‍්‍රඩා ඇමති ජනපති එසේත් නැතිනම් වත්මන් පාපන්දු පරිපාලනය නිසාද? නැත වෙළෙ`දපොළ අධිකාරිය නිසාය. එනම් මෙම ලෝක කුසලානයේ නිල අනුග‍්‍රාහකයෝ කොකා කෝලා සමාගමය. ඉන්දියාව කොකා කෝලා ප‍්‍රතික්‍ෂේප කොට පෙප්සි වැළ`දගත් වූන්ය. ඒ නිසා ඉන්දියාව තුළ ‘කොකා කොලා’වලට ඉඩක් නැත. ආසන්නයට හෝ එම නම් ඒ ලංකාව ලෙස ඔවුන් සිතන්නට ඇත. ඉතිහාස ආක‍්‍රමණවල ගැඹුරත් ඉන්දියාවට යා හැකි පහරදිය හැකි ගමනාන්තය මෙරට විය.

දැන් අප මේ ලෝක කුසලානය අත ගෑ බැවින් අප මින් පසු පාපන්දු තරග දිනනු ඇතිද? පාපන්දු ලෝක කුසලානයට තරග වදින රටවල් 211කි. ඉන් 206 සීමාව පසු කළ සියල්ල සලකණුයේ බිංදුවේය. එබැවින් 206 එහා කතා නැත. අප මෑත කාලයේ සිටිනුයේ 200 වන තැනය. එසේනම් ලංකා පාපන්දු පිල සිටිනුයේ කොහේද? කොටින්ම පාපන්දු ලෝක කුසලානය ගෙනෙන රටේ පාපන්දු ජාතික කණ්ඩායමක් අද නොමැතිය. එසේ නම් මේ පාපන්දු කුසලානය අත ගෑමේ අමුතු ආශාව කුමක්ද? මෙයට සාමාන්‍ය ව්‍යවහාරයේදී කියනුයේ ‘‘මෝඩ චූන්’’ කියාය. මේ මෝඩ චූන් කාටද? කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ බඩ ගැන කතා කළ කී‍්‍රඩා ඇමතිට අවංකව අද සිටින පාපන්දු කී‍්‍රඩකයන් පස් දෙනකුගේ නම් කිව හැකිද? ඇමති නොව එය කී‍්‍රඩා අමාත්‍යාංශයේ කාටවත් නොව මාධ්‍ය අයටද නොහැක්කේ එලෙස මතක නම් හැදී නැති නිසාය. එසේනම් මේ නාඩගම කුමක්ද? දෙන්නම් වාලේ දෙන දේ කරගසා ගැනීම නොවේද?

කී‍්‍රඩා ඇමති මෙය භාර ගැනීම එයට අත ගසා තෘප්තිමත් වීම හොදය. කදිමය. ඒ උනන්දුවෙන්ම මෙරට පාපන්දුවට වී ඇති ඉරණම ගැනද සෙවිය යුතුය. එසේ නැතහොත් පාපන්දු ලෝක කුසලානයටද අපේ වස් වදිනු නියතය.

ආපස්සට එබී බලන කල ශී‍්‍ර ලංකා පාපන්දු කී‍්‍රඩාවේ සංවර්ධනයක් වී ඇත්ද? කිසිම සංවර්ධනයක් කොටින්ම ජාතික කණ්ඩායමක් වත් නැති කී‍්‍රඩාවක කුසලානයක් අත ගෑම කනා මැණික අතගානවාට එහා අරුතක් ගෙන දේද? ලෝකයේ ජනපි‍්‍රයතම ආකර්ශනීය කී‍්‍රඩාව පාපන්දුය. එහෙත් එය අපට අනුව කාලකන්නිම පරාජිතම කී‍්‍රඩාව වී ඇත. එය එලෙස වූයේ කාගේ වරදින්ද? එදා සිට අද දක්වා සිටි පරිපාලකයන්ගේ වරදිනි. වත්මන් කී‍්‍රඩා ඇමතිවරයා ඒ කිසිවකට වගකිව යුතු නොවේ. එදා කීවේ කවදාද? එනම් 1999 සිටය. එදා සිට මේ දක්වා පාපන්දු කී‍්‍රඩාවේ දියුණුවක් නැති මුත් පාපන්දු සංගමයේ නම් දියුණුවක් විය. තවමත් දියුණුවන ලකුණුය. පාපන්දු බලධාරීන් මේ කාලයේ කෝටිපතියන් වන විට පාපන්දු කී‍්‍රඩකයන් මිනී වළවල් කපන තැනට පත්විය. සිරිසේන වැනි ප‍්‍රවීණයන් සිහිකල්පනාවක් නැති තැනට පත්විය.

පාපන්දු කී‍්‍රඩාවේ පරිහානියත් පාපන්දු නිලධාරීන්ගේ සංවර්ධනයත් ආරම්භ වන්නේ 1999 න් පසුවය. එනම් ජාත්‍යන්තර පාපන්දු සංගමය (FIFA) රටවල්වල පාපන්දු සංවර්ධනයට මුදල් ගෙවනුයේ 1999 සිටය.

මෙතැන් සිට වසර තිහක්ම පාපන්දු පරිපාලනය මෙහෙය වූයේ මනිලාල් ප‍්‍රනාන්දුය. අදටත් තිරය පිටුපස චරිතය ඔහුය. අද සිටින සභාපති යනු මනිලාල්ගේ රූකඩයකි.

කී‍්‍රඩාවක් දියුණු වන්නට නම් කී‍්‍රඩාවේ සංවර්ධනයක් තිබිය යුතුය. සංවර්ධනය යනු කී‍්‍රඩාවේ දියුණුව මිස පරිපාලනයේ දියුණුව නොවේ. පාපන්දු කී‍්‍රඩකයන් බහුලව බිහිවිය යුතුය. තරග බලන පේ‍්‍රක්‍ෂක ප‍්‍රමාණය වැඩිවිය යුතුය. එය උමතුවක් විය යුතුය. අද කි‍්‍රකට් පරදින විට පේ‍්‍රක්‍ෂකයා උමතු වන්නේ ඒ කී‍්‍රඩා ලෝලීන් නැති කී‍්‍රඩාවකට පැවැත්මක් නැත. අද මේ සියලූ අංශ හාන්සිය.

ලංකාව 2011 වන විට සිටියේ 168 වන තැනය. මේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුවය. එහෙත් අප 90 දශකයේ සිටියේ 135 වන තැනය.
තවමත් අප පාපන්දුවෙන් ලද ඉහළම ජය 1995 වසරේදී ලබා ගත් සාක් රන් කුසලානයය. ඒ මෙරටදීම ලබාගෙන පාපන්දුවට වටිනාකමක් එක් කළ මහා ජයග‍්‍රහණයය. ඉන් පසු 2000 මාලදිවයින් ජනරජයේ ස්වර්ණ ජයන්ති පාපන්දු (ආරාධිත) තරගාවලියේ ශූරතාවය දිනා ගත්තා මතකය. ඉන් පසු තත්ත්වය කුමක්ද? කඩා වැටීමය. ගරා වැටීමය.

ෆිෆා බලධාරීන් රට රටවල පාපන්දු සංවර්ධනය මුදල් ලබා දීම 1999 දී ආරම්භ කිරීමත් සමග එකල ලබා දුන් මුදල සෑම වසරකටම ඩොලර් 2,50,000කි. ඊට අමතරව AFC එක (අසියානු පාපන්දු සංගමය) මසකට ලක්‍ෂ 10 බැගින් ලබා දීම ආරම්භ කළේය. අද වන විට ෆිෆා ලබා දෙන මුදල් ඩොලර් දස ලක්‍ෂයකි. අනෙක් ආධාරද විශාලය. එසේ නම් පාපන්දුවේ සංවර්ධනයක් කෝ.

සුනාමි විනාශයෙන් පසු පාපන්දු සංවර්ධනයට එදා ඩොලර් මිලියන 1.9ක මුදලක් හිමි වූ බව මාධ්‍ය වාර්තා පළ විය. ජොෂප් බ්ලැටර්ම තනි වියදමින් එදා ඩොලර් මිලියන තුනක් දී තිබුණි. හොල්සිම් සමාගම විශාල මුදල් ත්‍යාගයක් දී තිබුණි. එහෙත් අදටත් ආඩම්බරයෙන් කිව හැකි පාපන්දු පිට්ටනියක් වේද? කි‍්‍රකට්වලට වඩා පාපන්දුව මුදල් ආධාර ලැබේ. එහෙත් කර ඇත්තේ කුමක්ද?

අද වන විට අපට ජාතික කණ්ඩායමක් නැත. හරිහමන් කී‍්‍රඩකයන් නැත. කී‍්‍රඩා සමාජ තියෙන්නම් වාලේ පවතිනදෑය. ලංකාවෙන් එපිට පුංචි රටක් හෝ ජයගත නොහැකි තැනට අප පත්වී ඇත. එහෙත් අප ඒ ගැන නිකමට කතා කරනු සිතනු නොපෙනේ. කතා කරනු එක් කී‍්‍රඩාවක්, දෙකක් ගැන පමණය. පාපන්දු කී‍්‍රඩාව අපට නොගැළපෙන කී‍්‍රඩාවක්ද යන තරමට එය මෙරට සමාජයෙත් වද වි යන තත්ත්වයක් නිර්මාණය වි ඇත. මේ ව`දභාවය තුරන් කළ නොහැකිද?

කී‍්‍රඩා ඇමතිවරයා තරම් යටගියාවක් නොදන්නා බව පැහැදිලිය. එහි වරදක්ද නැත. එහෙත් ලෝක කුසලානයට අත ගැසු ඔහු දැන් ඒ ගැන සිතිය යුතුය. මෙවැනි සංගම්වලට කෙවිටගෙන තලන තැනට ඔහු තල්ලූ විය යුතුය. නිශ්චිත කාලවකවානුවක් දී සංවර්ධනයක් නොපෙන්වන්නේ නම් ඔවුන්ව පන්නා දමන පිළිවෙතකට ඔහු තල්ලූ විය යුතුය.

පාපන්දු ලෝක කුසලානයට අත ගැසූ පිනටම ලබන වසරේ ලෝක කුසලාන තරගාවලිය දැක බලා ගැනීමේ වාසනාවද කී‍්‍රඩා ඇමතිට හිමිවනු නියතය. ඊට පෙර මෙරට පාපන්දුව යම් තරමකට හෝ ඔසවා තැබිය යුතුය. ඊට අවැසි කි‍්‍රයාමාර්ග ගත යුතුය. ශී‍්‍රලංකාවේ තවමත් සිදු වන්නේ ටින් බෙලෙක්කවලට පයින් ගැසීමය. දැන් හෝ පාපන්දුවට ගහන්නට පටන් ගමු. ඊට පෙරමුණ ගැනීම මේ බලධාරීන්ට කළ නොහැකිය. එහෙත් උනන්දු වුවහොත් කී‍්‍රඩා ඇමතිට හැකිය. එය උත්සාහ කර බලමුද? පාපන්දුවට පයින් ගසනු වෙනුවට පසුගිය කාල පරාසය තුරාම කළේ අතින් ගැසීමය. ඒ පරිපාලනය තුළය. එය වෙනස් කරමු.

ජයග‍්‍රහනයෙන් තොරව කුසලාන අත ගෑමෙන් පළක් නැත. කී‍්‍රඩකයා සහ කී‍්‍රඩා ලෝලියාගෙන් තොරව කී‍්‍රඩාවක් පැවතීමෙන් පළක් නැත. අද පාපන්දු කී‍්‍රඩාව මෙරට තුළ මළ කී‍්‍රඩා ගණයට වැටෙමින් පවතී. ඉතින් එය එසේ වන්නට හරිමුද?