ඔහෝම යං

රජිදු කාශ්‍යප

ජාතික කණ්ඩායම නව වසරේ නිමා වූ පළමු තරගාවලියේ දී දක්ෂතා මගින් යහපත් වීම ගැන ඇත්තේ නොමද සතුටකි. සැබැවින් ම එහි යම් ගෞරවයක් පුහුණුකරු චන්දික හතුරුසිංහ වෙත හිමි විය යුතුය. කණ්ඩායමේ සංයුතියේ වෙනස්කම් කිහිපයක් පමණක් කරමින් හතුරුසිංහ කළේ ශ‍්‍රී ලාංකික සෑම ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයෙක්ගේ ම බලාපොරොත්තු නැවත දල්වා තැබීම ය. ඈත්ව ගිය ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයෝ නැවත ක‍්‍රීඩාගාර වෙත කැදවන සංඥාව දැල්වීමය.
එහෙත් මේ ජයග‍්‍රහණයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සියලූ දෝෂ දූරී-භූත වී යැයි උදම් ඇනීමට අප ඉක්මන් නොවිය යුතුුය යන්න අපගේ හැ`ගීමයි.
මේ වනවිට කණ්ඩායමට දසතින් ම නැගෙන්නේ සුබ පැතුම් ය. අගය කිරීම් ය. පසුගිය කාලයේ මුහුණ දුන් අමිහිරි පරාජයන් හී අවමානයන් තුන්කොන් තරගාවලි ජයග‍්‍රහණයත් සමගින් සේදී යන්නේ ය. හතුරුසිංහ සේ ම නායක දිනේෂ් චන්දිමාල් ඇතුලූ සියල්ලෝ දැන් නැවත වීරයන් සේ භෞතීස්ම කෙරෙන්නේ.

එහෙත් ඒ කෙතරම් කාලයකට ද යන්න තීරණය කිරීම ඔවුන් සැමට ම පවරමු. මේ කටු ඔටුන්නක් බැව් පමණක් සටහන් තැබීම උචිත ය.
එය වඩාත් හොදින් දැන සිටින්නා හතුරුසිංහ ය. මල් මාලා සේ ම ගල් වරුෂා ද ඔහුට අරුමයක් නොවේ. එමෙන් ම ළං කර ගැනීම් ද පළවා හැරීම් ද නොදන්නෙක් නොවේ. ඒ සියල්ල සමගින් මේ ලැබූ ජය ඉතා නිහතමානීව සැමරූ ආකාරය ද අපූරු ය. මේ සියල්ලෙන් හතුරුසිංහ කාට කාටත් යම් නිහඩ පණිවුඩයක් යවන ආකාරයක් ද අප දුටිමු. ඒ තමන්ට අවශ්‍ය ආකාරයට තම කණ්ඩායම පාලනය කිරීමේ අවකාශය ලැබීමේ නිදහසයි.
මේ නිදහස හේතුවෙන් ම විය හැකිය තරගාවලිය පුරා කැපී පෙනෙන දක්ෂතා දක්වමින් තිසර පෙරේරාට තරගාවලියේ වීරයා වීමට හැකි වන්නේ. එමෙන් ම මන්දගාමී එහෙත් ස්ථාවර ඉනිමක් ගොඩනගමින් අවසන් තරගයේ වීරයා දක්වා පැමිණීමට උපුල් තරංගට හැකි වෙන්නෙ, කුසල් මෙන්ඩිස් කෙරෙහි නැවත විශ්වාසය ඇති කරවන්නේ. අවශ්‍යම තැනට නවකයෙක් වූ ෂෙහාන් මධුශංක කැදවීම් ලබන්නේ, ඒ සෑම දෙයක් ම සමගින් කණ්ඩායමේ තරගකාරීත්වය සෑම අවස්ථාවක ම තබා ගනිමින් සැම කෙනෙක්ගේ ම සහයෝගය ලබා ගනිමින් සැබෑ නායකත්වයක් ලබා දීමට දිනේෂ් චන්දිමාල් හැඩ ගැසී ඇත්තේ.

මේ සියල්ල මීට පෙර නොවූ දේ ය. කණ්ඩායම මේ තරමට විශ්වාසයෙන් යුතුව සහභාගී වූ තරගාවලියක් අප මීට පෙර මෑත කාලීනව නුදුටුවෙමු. එහි ගෞරවය සම්පූර්ණයෙන් ම හිමි විය යුත්තේ හතුරුසිංහට ය. එමෙන් ම ලබා දෙන එම ගෞරවය ඉදිරියටත් ලබා දීමට මේ ක‍්‍රීඩකයෝ පෙළ ගැසිය යුතුය.
එය මේ සමගින් ම ආරම්භ කළ යුතුය. ඊට කදිම අවස්ථාවකි පැමිණ ඇත්තේ. තරග දෙකකින් සමන්විත බංග්ලාදේශය සමග වන ටෙස්ට් තරගාවලිය ඊට කදිම අවස්ථාවකි. මේ තරගාවලියේ ප‍්‍රතිඵලයන් කණ්ඩායමේ තත්ත්වය සේ ම ක‍්‍රිකට් පේ‍්‍රක්ෂකයන්ගේ තත්ත්වය ද කිරා මැන බැලීමට අවස්ථාවක් ලැබෙන්නේ ය. එබැවින් ය අප මේ ලිපිය ආරම්භයේ දී ම පැවැසුවේ ලැබූ ජයග‍්‍රහණය ගැන උදම් ඇනීමට අප ඉක්මන් විය යුතු නැති බැව්.