‘‘ඩාලි හොද නිර්මාණකරුවෙක්, මෙන්ම අශික්ෂිත මනුෂයෙක්’’

සැල්වර්දෝර් ඩාලිගේ ස්වයං චරිතපදානය සදහා ජෝන් ඔවෙල්ගේ විචාරය

පරිවර්තනය – වින්ද්‍යා සවිත‍්‍රි ගමගේ

අන් සියලූ දෙනාගෙන් අප අපේක්‍ෂා කරන මානුෂික විනීතභාවය කලාකරුවන් තුළත් තිබිය යුතුද? කුුසලතා පූර්ණ පුද්ගලයන්ගෙන් සැමවිටම සදාචාරාත්මක හැසිරීමක් බලාපොරොත්තු නොවී, ඔවුන්ට නිර්මාණකරණයේදී යම් නිදහසක් ලබාදිය යුතු නොවේද? නොමනා ගුණාංග ඇති කලාකරුවන් පෞද්ගලික ජීවිතයේදී මුහුණදෙන අපකීර්තිය නිසාම තම නිර්මාණ කුණු කූඩයට බිලිකළ යුතුද? අවිවාදයෙන්ම අපූර්ව, කුසලතා පූර්ණ කලාකරුවෙකු වන සැල්වදෝර් ඩාලි අමුතු ජීවන ස්වභාවයක් තිබූ පුද්ගලයෙකි. ඔහු අශික්ෂිත පුද්ගලයෙකු යැයි 1944 දී, එනම් මීට වසර 74කට පමණ පෙර, ඔවෙල් විසින් රචිත ‘zBenefit of Clergy’ නම් රචනාවේ සදහන් වේ. ඩාලිව මෙසේ හ`දුන්වාදීම කෙනෙකුගේ නිර්මාණ දිවියේ හා පෞද්ගලික ජීවිතය පිළිබද මත ගැටුම එදා මෙන්ම අදටත් කොතරම් කාලෝචිත මෙන්ම එකලෙස කටුක හා ආකර්ෂණීය ප‍්‍රස්තූතයන්ද යන්න පෙන්නුම් කරයි.

ඩාලිගේ ස්වයං චරිතාපදානය පිළිබද විනිශ්චය කිරීම් පමණ ඉක්මවා යන ලෙස කටුක යැයි එය කියවන ඕනෑම අවංක පුද්ගලයෙකුට සිතෙනු ඇත. ඔවෙල්, ඩාලිගේ කෘතිය මුළුමනින්ම පිළිකුල් සහගත එකක් ලෙස දකියි. ‘‘යම් පොතක පිටුවකින් භෞතිකව දුගද හැමිය හැකි නම්, මේ එම පොත’’ යැයි ඔවෙල් කරන ප‍්‍රකාශයෙන් එය සනාථ වේ. එසේ ඔවෙල් සදහන් කරන සිද්ධීන් අතර ඩාලි හිසට පයින් පහර දීමෙන් පසු තම තිරිසන් කි‍්‍රයාවෙන් පේ‍්‍රරිතව උමතු සතුටකින් පලායාම, සංගිලි පාලමකින් කොළුවෙකු පහළට තල්ලූ කිරීම මෙන්ම 29 හැවිරිදි වියේදී අනෙක් අය විසින් තම ග‍්‍රහණයෙන් මුදා ගන්නා තුරුම ගැහැනු ළමයෙකු ලේ එනතුරු පා ගා ගෙන සිටීම වැනි බොහෝ සාහසික විස්තර කිරීම් මෙම චරිතපදානයේ අඩංගු වේ.

ඩාලි විසින් ඔහුගේ ස්වයං චරිතාපදානයෙහි මිනිසුන්ට හා සතුන්ට දක්වන ලද ක‍්‍රෑරත්වය පිළිබද කරන වෙහෙස කර විස්තර කිරීම් ප‍්‍රසිද්ධ කලාකරුවෙකුට වඩා ජාල මිනීමරුවෙකුගේ ජීවිතයේ මුල් කාලය සිහිගන්වයි. මාක්විස් ඩි සේඞ්ගේ ස්වයං චරිතාපදානයේ එන ෆැන්ටසිය සිහිගන් වන ඩාලිගේ කෘතිය පාඨකයන් තුළ කම්පනයක් ඇති කිරීමේ වුවමනාවෙන් ක‍්‍රෑර ලෙස අතිශෝක්තිය ඇති කරමින් ලියන ලද්දක් බව පෙනේ. මේ සියලූ කරුණු ඕනෑවටත් වඩා සැලකිල්ලට ගන්නා ඔවෙල් ලියා දක්වන පරිදි ඩාලිගේ කෘතියේ එන කරුණු අතුරින් සැබෑව කුමක්ද පරිකල්පිතයන් මොනවාද යන්න කිසිසේත්ම අදාළ නොවන බවත්, අදාළ වන එකම දෙය නම් එහි දැක්වෙන දේ වලින් ඩාලි මනුෂ්‍යයෙකු ලෙස කිරීමට කැමති දේ ගැන අපට වැටහීමක් ලබාගත හැකි වීම බවයි. ඩාලිගේ නිර්මාණවලින් හා පුද්ගලයෙකු වශයෙන් ඔහුගේ ගුණාංග තුළින් ප‍්‍රකට වන නාරි ද්වේෂය, මෘත ශරීරවලට ඔහු දක්වන අස්වාභාවික ආකර්ෂණය, අසූචි හා කුණු වූ මෘත දේහවලට ඇති ග‍්‍රස්ථය ඔවෙල් විසින් එකලෙස පිළිකුල් කරනු ලබයි.

ඒත් මෙයට එරෙහිව නැගිය යුතු තර්කය නම්, ඩාලි යනු සුවිශේෂී, සහජ කුසලතා ඇති නිර්මාණකරුවෙකු වන බවයි. කැපවීමෙන් නිර්මාණකරණයෙහි යෙදෙන ඔහුගේ සිතුවම්වල ඇති සුක්ෂම බව හා නිසැකත්වය තුළින්ද ඔහුව විනිශ්චය කළ යුතු බවයි. වෘත්තිකයෙකු මෙන්ම අවධානය සොයන්නෙකු වුවත් ඔහු වංචනිකයෙකු නොවේ. ඔහුගේ සධාචාරාත්මක බව පිළිබද ප‍්‍රසිද්ධියේ විවේචනය කරන, ඔහුගේ සිතුවම් සමච්චලයට ලක් කරන අයට වඩා පණස් ගුණයක කුසලතාවක් ඩාලි සතුවේ. ඔහුගේ පෞද්ගලික නුගුණ හා දක්ෂතාව යන කාරණා දෙක සංසන්දනය කිරීම කිසිදු පදනමක් නොමැති බැවින් ඒ තුළින් සැබෑ සාකච්ඡුාවක් ගොඩනැ`ගියට නොහැකි බව පෙනේ.

ඩාලිගේ නූගණ හා අස්වාභාවික ආසා එසේ වුවත්, ඔහුගේ සිතුවම්වල ඇති අගය ඉවත් ලෑමට ඔවෙල් සූදානම් නැත. ඩාලිගේ පෞද්ගලික ජීවිතයේ සධාචාරාත්මක බව මත පිහිටා ඔහුගේ චිත‍්‍ර ඉවත ලන අයගෙන් ඔවෙල් වෙනස් වේ. එවැනි මිනිසුන් සධාචාරාත්මකව පිරිහුණු දේ තුළද සෞන්දර්යාත්මක නිවැරදිභාවයක් තිබෙනබව පිළි ගැනීමට නොහැකි අයවළුන් ලෙස ඔවෙල් හ`දුන්වයි. මෙය ගතානුගතික, අධික ලෙස ආගම්වාදී, පොත් පුළුස්සමින් ‘ගුණයෙන් පිරිහුණු’ කලාවකට විරුද්ධ ව්‍යාපාරය මෙහෙය වන ෆැසිස්ට්වාදී ඒකාධිපතීන් ඇති කළ භයානක තත්ත්වයක් බව ඔහු පෙන්වා දේ මෙවැනි අයවලූන්ගේ පෙළඹවීම මත මතු වන සෑම නව කුසලතාවක්ම මැඩ පැවැත්වීම පමණක් නොව අතීතය ද කප්පාදු කර කිරීමට හේතු වන බව ඔවෙල් පවසයි. (මෙයට සාක්ෂි වශයෙන් ජොයිස්, ප්‍රෝටස් සහ ලෝරන්ස්ගේ නිර්මාණවලට එරෙහිව ඇමෙරිකාවේ ඇති වූ උද්ඝෝෂණ ඔවෙල් විසින් උදාහරණ ලෙස දක්වයි.) එතෙකින් නොනවතින ඔවෙල්, කර්කශ වගන්තියකින් මෙසේ පවසයි. ‘‘කලාකරුවා අන් අයගෙන් වෙනස් සුවිශේෂී පුද්ගලයෙකු වන විට බඩදරු මවකට මෙන් යම් තාක් දුරකට වගකීමෙන් තොරව හැසිරීමට ඔහුට ඉඩදිය යුතුවේ.’’

ඒ අතර, ඩාලිගේ නිරාචාරය Amorality නොසලකා හැරීම හෝ ඒ සදහා සමාව දීම අතිශය වගකීම රහිත හා කිසිසේත්ම සමාව දිය නොහැකි දෙයක් ලෙස ඔවෙල් තර්ක කරයි. ස්පාඤ්ඤයේදී ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීම, යුද්ධයේ ක‍්‍රෑරත්වය අත්විදීමට සිදුවීම 1944 වෙන්දීත් ඩාලි ෆැරැන්කෝ පක්ෂපාතී අදහස් සූරතල් කිරීම යන කාරණා හේතුකොට ගෙන මෙසේ ඔවෙල් දක්වන ප‍්‍රතිචාරය ‘‘තේරුම් ගත හැකි එකක් බව’’ ගාඩියන් පුවත් පතට ලියමින් ජොනතන් ජෝන්ස් සදහන් කරයි. තම මතය වඩා හොදින් නිදර්ශනය කිරීම සදහා ඔවෙල් ඩාලි තරම් මත භේදයට ලක් නොවූ පුද්ගලයෙකු සම්බන්ධ සිදුවීමක් පරිකල්පනය කරයි. එනම් හෙට දිනයේ සේක්ශ්පියර් පෙරළා මිහිමතට පැමිණ තමා ප‍්‍රතිනිර්මාණය කළ පි‍්‍රයතම චරිතය විසින් දුම්රිය මැදිරිවල දැරියන් දූෂණය කරනු දක්නට ලැබුන හොත් එය තවත් ඉදිරියට රැුගෙන යමින් නිර්මාණයක් කිරීමට අප ඔහුව උනන්දු කළ යුතු නැත. මන්ද ඒතුළින් ‘කිං ලියර්’ වැනිම වූ තවත් නිර්මාණයක් රචනා කිරීමට ඔහුට ඉඩ සැළසෙන බැවිනි.

වර්තමානයේ සිටින කලාකරුවන් දෙස මදක් අවධානය යොමු කරමු. ඔවුන්ගෙන් සමහරක් දෙනාගේ සාපරාධී කොල්ලකාරී, ප‍්‍රචණ්ඩකාරී අපවාදාත්මක කි‍්‍රයා, කලාවේ නාමයෙන් නොසලකා හැර ඇත. තවත් සමහරුන්ගේ හැසිරීම නිසා ඔවුන්ගේ අයහපත් චරිත පමණක් නොව යහපත් නිර්මාණ පවා කුණු කූඩයට දමා ඇත. මෙසේ කලා කෙතේ පුරෝගාමීන් හෙළා දකින ගතානුගතික අශ්ශීලයන්ගේ අන්තගාමීත්වය මග හැරීම එක් අන්තයක් වන අතර ඩාලි වැන්නවූන් කරන සියලූම දේ අනුමත කරමින් ඒවායේ සධාචාරය හා දේශපාලන සන්ධර්භය ප‍්‍රතික්‍ෂේප කිරීම තවත් ආයතයන්වේ. මෙසේ සධාචාරාත්මක දෝෂාරෝපණය හා සෞන්දර්යාත්මක බලපත‍්‍රය ලබාදීම යන සොයමින් ඔවෙල් ආකර්ශනීය හා ප‍්‍රසංශනීය ලෙස මැද මාවතකට පැමිණ ඇති බව ජෝන් තව දුරටත් ලියා තබයි. මෙම ආචාරධර්මානුකූල විවේචනය තුළින් ඩාලි වැනි අසාමාන්‍ය රසාඥතාවන් ඇති කලාකරුවන් අගය කරමින්, ‘‘ස්වයංකී‍්‍රයව අවබෝධයට පත් වූ ප‍්‍රගතිශීලීන් ලෙස සලකන කලා ලෝකය තුළ මුල් බැසගෙන ඇති උපකල්පනයට පහර ගසන බව ‘ආට් නෙට්’ හි චාලි ෆ්ලින්ට් ලියා දක්වයි. මෙලෙස අසාමාන්‍ය රසඥතාවන් ඇති මිනිසුන් වීරයන් ලෙස සමාජ ගත කිරීමට කලාකරුවන් තමන්ට ආදරය කරන සමාජය හුරු කිරීම තුළින් කලා උත්සව ආදිය සදහා මුදල් ප‍්‍රධාන කරන දියමන්ති පතල් කරුවන්, දියමන්ති හිස් කබල් මිලට ගන්නා ‘ගැස්ප්‍රොම් ’ ප‍්‍රකෝටිපතියන් මෙන්ම නූතනවාදයේ සිද්ධස්ථාන අභිභවනය කරන නිශ්චල දේපොළ මෝගල්වරුන්ද පිළිගැනීමට ලක්කරන්නැයි සමාජයෙන් වක‍්‍රාකාරව ඉල්ලා සිටීමක් වැනිය. මේ පිළිබදව ඔබ ඔබේ පෞද්ගලික නිදසුන් සමග විමසා බලන්නේ නම් මැනවි.