හොරු පෙන්නා ඡන්දය සොරා ගැනීම

මේ මොහොතේ දුපතේ සියලූ දේශපාලන ග‍්‍රහයන් කැරකෙන්නේ බැඳුම්කර සිද්ධිය වටාය. මේ ඡුන්දයේදී කාගේත් කටගැස්ම වී ඇත්තේද එයමය. ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිනා දිය යුතු යැයි කියනුයේද බැඳුම්කර හොරුන්ට දඬුවම් දීමටය. මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන පොහොට්ටු වේදිකාවේද එකම සටන් පාඨය බැඳුම්කර සිද්ධියය. එජාපය බැඳුම්කරය අමතක කර ගම ඉල්ලන තැනට තල්ලූ වී ඇත. ජවිපෙ හැම වැසියාම තම සටන් පාඨ ගොඩට ගොඩ ගසාගෙන ඇත. හොරකම දූෂණය වන තරමට ජවිපෙට හොඳය. හොඳ සටන් පාඨය. මෙරට දේශපාලනයේ ප‍්‍රබල චරිත විවිධ රංගනයක යෙදෙති. ඒ අතර හිතාගන්නටත් බැරි තරම් තාත්වික රංගනයකට බැස ඇත්තේ ජනපති මෛත‍්‍රීපාලය. ඔහු සිතනුයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජයගත හැක්කේ එජාපයට පහර දී එජාපය පාගා දැමීමෙන් බවය. බැඳුම්කර සිද්ධියට අදාළ සියලූ අයට දඬුවම් දෙන බව සපථ කිරීම හරහා ඉබේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජයගනු ඇතැයි ඔහු තුළ කවුරු හෝ ජනිත කර ඇති විශ්වාසයය. එය මේ වනවිට ජනපතිගේ ඇදහිල්ලක් බවට පත්වී ඇත.

බැඳුම්කර හොරුන්ට දඬුවම් දිය යුතුය. ඒ ගැන කිසිදු විවාදයක් නැත. යහපාලන ආණ්ඩුව ආවේම හොරු අල්ලනවායැයි ප‍්‍රතිඥා දෙමිනි. ප‍්‍රබල මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එදා පරාජය කළේද මේ හොරු අල්ලන කතාව ජනතා හිත්වල කාවැදුණු නිසාය. රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරන්නට ජනතාව එදා ඡුන්දය දුන්නේ හොරු අල්ලන්නට නම් ඒ කුමන හොරුද? රාජපක්ෂ ආණ්ඩු කාලයේ හොරකම් නොවේද? වසර තුනක් ගෙවුණද යහපාලන ආණ්ඩුව ඇල්ලූ හොරු කවුරුද? අද වන විට බැඳුම්කරය ගැන ජනපති කියන විට හැෙඟනුයේ රාජපක්ෂලා හොරකම් කර නැත. හොරු සිටිනුයේ එජාපයේ බවය. ඒ න්‍යායම ප‍්‍රයෝජනයට ගනිමින් රාජපක්ෂලා අද වේදිකාවේ කෑමොර දෙනුයේ තමන් කිසිදු හොර, වංචාවක් නොකළ ගාණටය. මේ ආණ්ඩුවේ ජනපති මෙන්ම අගමැතිද එය සපථ කර ඇති සේය. එසේ නම් අවසානයේ කියවෙනුයේ සෑම හොරෙක්ම ඡුන්ද වේදිකාවට අවැසි පිටපත් බවද? එදා රාජපක්ෂලාගේ හොර ඇල්ලීම අද වේදිකාවට නොගැළපෙන්නේ එය වසර තුනක් ගතවී කටේ තබන්නට බැරි තරමට පිලූණු වී ඇති නිසාය. අලූත් කතාව බැඳුම්කර සිද්ධියය. ඡුන්දය අවසානයේ මෙයද කාගේ හෝ කතාබහට ලක් නොවන මාතෘකාවක් වනු නියතය. රාජපක්ෂ හොරුන් ආරක්ෂා කළේ ජනපති සහ අගමැතිය. එබැවින් මේ හොරකම්ද පොහොට්ටු කට්ටිය ඡුන්දයෙන් පසු කතා නොකරනු ඇත. ජනතාවට නැවත හොර කතා මේ හොර නඩයෙන්ම අහන්නට ලැබෙන්නේ දේශපාලන වේදිකාවල පමණි.

අප මේ කියනුයේ රාජපක්ෂ සමයේ එක් සිද්ධි දාමයකි. ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ගැනය. ඔහු ගාමිණී සෙනරත්ය. ඔහු ගැන පසුගිය කාලයේ නොයෙක් කතා අසන්නට ලැබුණි. එහෙත් මේ එජාපයේ පිහිටෙන්ම අද කිසිවක් නොවූ ගාණට ඔහු වෙසෙන්නේය. ජනපතිට බැඳුම්කරය පමණක් නොව මේවාද සෙවිය හැකිය. එයට මේ ගමේ ඡුන්ද දිනන තෙක් සිිටිය යුතු නැත.

සෙනරත් කතා පුවත

හිටපු ජනපති රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් හිටි හැටියේම කෝටිපතියකු බවට පත්වූයේ විනිමය වංචා නිසා බවත්, ඔහුට එරෙහිව නඩු පවරන බවත් යහපාලන ආණ්ඩුව 2015දී කීවේය. කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහිව නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කළ බී වාර්තාවක සේයාරුවක්ද එකල ඉංග‍්‍රීසි පුවත්පතක් පළ කළේය. එම වාර්තාවට අනුව ගාමිණී සෙනරත්ට නඩු පවරනුයේ 2006 අංක 5 දරන මුදල් විසුද්ධිකරණ පනතේ රෙගුලාසිවලට අනුවය. එම බී වාර්තාවේ අංකය වන්නේ B/25389/1/15/2BH.එම බී වාර්තාව අනුව ගාමිණී සෙනරත් ඉතා කෙටි කාලයක් ඇතුළත ඇදහිය නොහැකි තරම් විශාල ධනයක් රැුස්කරගෙන ඇත.
රාජ්‍ය පරිපාලන සේවයට අයත් සාමාන්‍ය නිලධාරියකු වන ගාමිණී සේදර සෙනරත් නමටත් ඔහුගේ බිරිඳ වන තෙන්නකෝන් මුදියන්සේලාගේ කුමාරි ගීතා ගුණසේකරගේ නමටත්, ඔහුගේ පුතාගේ නමටත් ඇති චංචල නිශ්චල දේපළවල වටිනාකම කෝටි 75 ඉක්මවති. මෙහිදී කිවයුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ ඔහුගේ හා පවුලේ අයගේ නමින් ඇති නිවාස හා දේපළවල වටිනාකම් හා බැංකු ගිණුම්වල වටිනාකම් පමණි. එහෙත් මේවාට අමතරව ඔහුට තව රහසිගත ගනුදෙනු බොහෝ ඇතැයි ආරංචිය.

මහින්ද හා මිතුරුවීම

ගාමිණී සෙනරත් ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ සාමාන්‍ය නිලධාරියෙකි. ඊට කලින් ඔහු විවිධ දෙපාර්තමේන්තු හා ආයතනවලද ප‍්‍රධානියා ලෙස කටයුතු කර ඇත. ඔහු මහින්ද රාජපක්ෂ මහතාට කිට්ටු වන්නේ 2009 වසරේදීය. ඒ අතිරේක ලේකම්වරයෙකු ලෙසය. ඒ විශ්වාසය මත පසුව ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩලය ප‍්‍රධානියා බවට පත්විය. එපමණක් නොව 2013 පෙබරවාරි 14 වැනිදා සිට මහජන බැංකුවේද සභාපති විය. ඉන්පසු ඔහු ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි සභාපති තනතුරටද පත්විය. මහින්ද රාජපක්ෂ මහතා ගාමිණී සෙනරත් කෙරෙහි තැබූ විශ්වාසය ඉබේම ගම්‍යය. 2010 මැයි සිට බැංකු හා රක්ෂණ සමාගම්වලට පත් කළද ඔහුට ඒ සඳහා අවශ්‍ය ආර්ථික හා මූල්‍ය කටයුතු ගැන විශේෂඥභාවයක් නොවීය. හුදු රාජපක්ෂ පක්ෂිභාවයම ඊට හේතුවිය. කොටින්ම ඔහුගේ පශ්චාත් උපාධිය ඇත්තේ පරිගණක විද්‍යාවටය.

පැමිණිල්ල

කෙසේ වෙතත් ආණ්ඩු මාරුවීමත් සමග හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ ගාමිණී සෙනරත්ට එරෙහිව පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙත් ගොනු කළමුත් ඉන් එහාට ඊට සිද්ධ වූ දෙයක් ආරංචි නොවීය. පැමිණිල්ල ඉදිරිපත් කළ පාර්ශ්වයද ඒවා මාධ්‍ය සංදර්ශනවලින් එහාට නොගෙනීය. එම පැමිණිල්ල මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාමිණී සෙනරත්ගේ යම් ප‍්‍රමාණයක ආදායම් සොයා ගත් අතර එයට බදු ගෙවා නැති බවද තහවුරු කරගෙන තිබිණි. ඒ අනුව ඔහු 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත උල්ලංඝනය කර ඇති බවට තහවුරු කර ගත්තේය.

මෙහිදී හෙළ උරුමයේ පැමිණිල්ල නොවන්නට මේ තරම්වත් ඔහු ගැන සමාජය නොදන්නා බව කිව යුතුය. 2013 සැප්තැම්බර් මාසයේ සිට 2014 දෙසැම්බර් 19 දක්වා ගාමිණී සෙනරත් තැනින් තැනට විශාල වශයෙන් මුදල් තොග ප‍්‍රවාහනය කළ බව පැමිණිල්ලට අනුව තහවුරු කරගත හැකිවිය. එහෙත් ඒවාට ඒකාබද්ධ විපක්ෂය විහිළු කළේ ඒවා රසකතා බව කියමිනි. හෙළිදරව් කරගත හැකි ප‍්‍රමාණය ඉතාම සුළුය. මේ මුදල් ඇදීම ඔහු විසින් 2012 සිටම කර ඇත. අනෙක මේ මුදල් බැංකුවලින් අද්දවා ඇත්තේ ඔහුගේ මුදල් භාර නිලධාරියා ලවාය. ඔහු ඞී.එම්.එස්. දිසානායකය. මේ සාක්ෂි අදද යහතින් තිබේ. එහෙත් ඒවා අමතක කොට දමාය. නොසොයන ගනුදෙනු බවට වසා තබාය. මේ යහපාලනයේ සොරු ඇල්ලීමේ අපූරු පිළිවෙතය. අල්ලනවා නම් හොරු අල්ලන්නට තිබුණේ බොහෝ කල්ය.

එකල කළ පරීක්ෂණ අනුව ගාමිණී සෙනරත්ට අයත් දේපළ නවයක වටිනාකම රුපියල් මිලියන 352ක් බව සොයා ගෙන තිබුණි. ඔහු ඒවා මිලදී ගත් ආකාරය කිසි ලෙසකින් තහවුරු කිරීමට අපොහොසත් වූ බවද වාර්තා වේ. මීට අමතරව සෙනරත් පවුලට සමාගම් 4ක් අයිතිය. ඒ ප‍්‍රින්ට් එක්සෙල් පෞද්ගලික සමාගම, රත්න මෙට්ල් පෞද්ගලික සමාගම, රත්න මුද්‍රණකරුවෝ හා ප‍්‍රකාශකයෝ යන සමාගම් හතර වේ. මේවායේ ලියාපදිංචි අංකPV65356, PV 1899,  PV 76309 සහ PC 550272 වේ. මේ සමාගම් පාලනය කර ඇත්තේ ඔහුගේ බිරිඳ, නැන්දනිය සහ පුතාය. ඔහුගේ බිරිඳගේ සහ පුතාගේ බැංකු ගිණුම්වල පමණක් තිබූ ශේෂය රුපියල් මිලියන 33.9කි. ගාමිණී සෙනරත් නමින් පමණක් බැංකු ගිණුම් 81ක් තිබූ බව වාර්තා වේ.

මේ සියල්ල දෙස බලන කල ගාමිණී සෙනරත් යනු මේ ගනුදෙනුවල රියදුරුගේ භූමිකාවම තව තැනක රඟපෑ බව පැහැදිලිය. එසේ නම් ගාමිණී සෙනරත් එකවර කෝටිපතියකු කළේ රාජපක්ෂ ආණ්ඩුවය. ඒ ඇයි? ඒ සියලූ හොරු අල්ලා ගැනීම ඇස් පියාගෙන වුව කළ හැකිව තිබියදී ඒ දේ යහපාලන ආණ්ඩුව නොකළේ ඇයි? මේ ගනුදෙනු නම් යට ගැසුවේ එජාපය බව ජනප‍්‍රියතම රහසය. ඒ ඇයිද යන්න සෙවීමත් ජනපතිට බාරය. මේ අනුව බලන කල ඉදිරියේදී ජනපතිට හොරු අල්ලනවා ඇරෙන්නට වෙන කළ හැකි කිසිම දෙයක් ඉතිරි නොවනු ඇත. ජනපති ෂර්ලොක් හෝම්ස් කෙනෙකු වන හැඩය. ප‍්‍රශ්නය වොට්සන් අගමැතිද යන්නය. මේ සියල්ල නාටක මිස වෙන කිසිවක් නොවේය.

බැඳුම්කර හොරු සමග සෙසු සියලූ හොරු යටපත් නොකළ යුතුය යන්න අපගේ හැඟීමය. දැන් සිදුව ඇත්තේ ජනපති ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ හොරු සියල්ල අමතක කොට එජාපයේ හොරු ඇල්ලීමය. ඒකාබද්ධයේ සිටින්නේද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයම කීමෙන් ඔවුන් ආරක්ෂා කරන බවය. ජනපති මෙන්ම අගමැතිද තරගයට හොරු ආරක්ෂා කරති. ඒ අතර තම පිරිස්වලට හොරා කන්නටද ඉඩ හරිති. මහින්ද රාජපක්ෂ මෙන්ම රනිල් වික‍්‍රමසිංහද, ජනපතිද, ගාමිණී සෙනරත්ලා යහමින් නිර්මාණය කරන බව කිව යුතුය. දැන් සිදුව ඇත්තේ හොරු අබිබවා මේ හොරු ප‍්‍රබලවීමය. ප‍්‍රශ්නය කිසිදු හොරකු නීතියට හසුනොවීමය. යහපාලන ආණ්ඩුවම ඒ සැම රැුක ගැනීමය.

මේ ගනුදෙනුවලට අදාළ සියලූ පුද්ගලයන් අද නිදැල්ලේය. ඔවුන් ලවා මේ ගනුදෙනුවල සියලූ විස්තර ලබාගත හැකිය. මේ ගාමිණී සෙනරත් පමණක් කළ ගනුදෙනුවක් නොවන බව පැහැදිලිය. ජනපතිවරයාට මේ හරහා ලොකු දැලක් එලා ගත හැකිය. සොර නඩයම අල්ලා ගත හැකිය. යම් හෙයකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වුවහොත් හොරු සැම නිදැල්ලේය. අදටත් නිදැල්ලේය. මේ හොරු පෙන්නා ඡන්දය සොරා ගැනීමකි.
ගාමිණී සෙනරත් සතුව තිබූ මිලියන 352ක දේපළ
1. අංක 42/2, ග්‍රෙගරි පාර, කොළඹ 07 (සුඛෝපභෝගී නිවස)
2. අංක 66, බදුල්ල පාර, නුවරඑළිය. (සුඛෝපභෝගී නිවස)
3. අංක 164/4, ජී.සී. පෙරේරා මාවත, අතුරුගිරිය. (කර්මාන්තශාලාව)
4. අංක 962, පන්නිපිටිය පාර, බත්තරමුල්ල. (ඉඩම හා ගොඩනැගිල්ල)
5. අංක 30, සුභද්‍රාරාම පාර, නුගේගොඩ.
6. අංක 462, ලියන්වල, පාදුක්ක.
7. අංක 125/4, පන්නිපිටිය පාර, බත්තරමුල්ල.
8. අංක 426, අතුරුගිරිය පාර, අරංගල (කර්මාන්තශාලාව)
9. බඳගිරි විලේජ් හොලිඬේ රිසෝට්ස්, හම්බන්තොට.

ගාමිණී සෙනරත්ගේ අයථා මූල්‍ය ගනුදෙනු

 

* 2013.09.25 දින පෙ.ව. 11.00ට ගාමිණී සෙනරත්ගේ ඥාති සහෝදරයෙක් වන සුනිල් සේදර සෙනරත් ග්‍රෙගරි පාරේ නිවසේ සිට රියදුරු පෙරේරා පදවන ලද WPMI 4680 ජීප් රථයෙන් කාඞ්බෝඞ් පෙට්ටි 03ක් පුරවා මුදල් රැගෙන ගියා. තවද 2013.10.03 දින එම රථයෙන්ම ටියුලිප් කවරයක මුදල් පුරවා රැගෙන ගියා.

 

* 2013.11.09 වැනි දින රාත‍්‍රී 9.05ට පමණ රවි විජේරත්න නමැති කැසිනෝ හල් හිමියාගේ ග්‍රෙගරි පාරේ පිහිටි නිවසේ සිට චීන ජාතිකයන් හමුවී ඔවුන් පැමිණ KL 1824 දරන රථයේ තිබූ මුදල් පුරවන ලද කාඞ්බෝඞ් පෙට්ටි 05ක් ගාමිණී සෙනරත්ගේ දැනට ලේකම් කාර්යාලයට භාර දී ඇති KH 3937 දරන රථයෙන් රියදුරු උපාලි හා ආරක්ෂක අංශයේ සෙනෙවිරත්න අය විසින් ගාමිණී සෙනරත් සමග ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

* 2013.11.20 වැනි දින උදේ 9ට KM 1424 දරන බෙන්ස් රථයෙන් ප‍්‍රභාත් නානායක්කාර නමැති පුද්ගලයා පෝර බෑග් දෙකක් පුරවා මුදල් ග්‍රෙගරි පාරේ නිවසට රැුගෙන ආවා.

* එම බෑග් දෙක 2013.11.20 වැනි දින උදේ 10ට පමණ කුඩා බාලගේ විසින් රැගෙන ගියා.

*2014.02.19 වැනි දින අරලියගහ මන්දිරයේ සිට 301-9651 දරන රථයෙන් ගාමිණී සෙනරත්ගේ මුදල් භාර බණ්ඩාර විසින් ලොකු රෙදි බෑගයක් පුරවා මුදල් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ගියා.

* 2014.02.20 වැනි අතුරුගිරියේ ගාමිණී සෙනරත්ට හිමි පෝමේට් කර්මාන්තශාලාවේ සේවය කරන ප‍්‍රසාද් යන අය විසින් විනිවිද පෙනෙන සුදුපාට ටියුලිප් කවරයක ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට මුදල් එම කර්මාන්තශාලාවට රැගෙන ගියා.

* 2014.02.26 ගාමිණී සෙනරත්ගේ කාර්යාලයේ මුදල් භාර බණ්ඩාර විසින් 301-9651 රථයෙන් කළුපාට හම් බෑගයක පුරවා මුදල් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැුගෙන ආවා.

* 2014.02.28 වැනි දින උදේ 10ට පමණ ඉහත පෝමේට්, කර්මාන්තශාලාවේ වැඩ කරන ප‍්‍රසාද් විසින් මුදල් පිරවූ ලොකු කළුපාට බෑග් දෙකක් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසේ සිට ඉහත ෆැක්ටරියට ගෙන ගියා.

* 2014.03.03 වැනි දින රාත‍්‍රී 8ට පමණ රවි විජේරත්නගේ ග්‍රෙගරි පාරේ නිවසට ගොස් චීන ජාතිකයන් හමුවී ඔවුන් රැගෙන එන ලද පෙට්ටියේ මිලියනවලින් සටහන් කරන ලද මුදල් බහාලූ පෙට්ටි 6ක් රියදුරු උපාලි හා ආරක්ෂක අංකයේ සෙනෙවිරත්න යන අය විසින් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැුගෙන ආවා.

* 2014.03.14 වැනි දින ඉහත සඳහන් කාර්යාලයේ සේවක බණ්ඩාර විසින් මුදල් පුරවන ලද කළු පැහැති ට‍්‍රැවලින් බෑග් දෙකක් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ගියා.

* 2014.04.11 වැනි දින සවස 3.45ට ගාමිණී සෙනරත්ගේ කාර්යාලයේ මුදල් භාර බණ්ඩාර විසින් ගාමිණී සෙනරත්ගේ නිවසට මුදල් පුරවන ලද කළු පොඩි බෑග් දෙකක් සහ ලොකු බෑග් දෙකක් රැුගෙන ආවා.

* 2014.04.28 වැනි දින උදේ 10ට සුනිල් සේදර සෙනරත් විසින් KV 5270 දරන ජීප් රථයෙන් මුදල් පුරවන ලද ලොකු ට‍්‍රැවලින් බෑග් 01ක් සහ පොඩි ට‍්‍රැවලින් බෑග් 1ක් ගාමිණී සෙනරත්ගේ නිවසට රැගෙන ගියා.

* 2014.06.09 වැනි දින නීතිඥ අනුර චන්ද්‍රසිරි විසින් ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට රාත‍්‍රී 9ට පමණ මුදල් පුරවන ලද ටියුලිප් බෑග් 01ක් රැුගෙන ගියා.

* 2014.08.30 වැනි දින රවි විජේරත්නගේ ග්‍රෙගරි පාරේ නිවසේදී චීන ජාතිකයන් හමුවී මුදල් පුරවන ලද මිලියන 30, මිලියන 60, මිලියන 15, මිලියන 15 පිටතින් සඳහන් කළ කාඞ්බෝඞ් පෙට්ටි 4ක් ගාමිණී සහ රියදුරු උපාලි හා ආරක්ෂක අංශයේ සෙනෙවිරත්න යන අය විසින් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

* 2014.10.21 වැනි දින රාත‍්‍රී 11.30ට පමණ රවි විජේරත්නගේ නිවසේදී චීන ජාතිකයන් හමුවී මුදල් පුරවන ලද බණ්ඩල් අසුරන ලද පෙට්ටි 4ක් රියදුරු උපාලි හා ආරක්ෂක අංශයේ සෙනෙවිරත්න යන අය විසින් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

* 2014.11.01 වැනි දින රාත‍්‍රී 11ට රවි විජේරත්නගේ නිවසේදී චීන ජාතිකයන් හමුවී මිලියන 60, මිලියන 44, මිලියන 13, මිලියන 12 සටහන් කරන ලද මුදල් පිරවූ පෙට්ටි 4ක් රියදුරු අත්තනායක හා ආරක්ෂක තෙන්නකෝන් විසින් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

* 2014.11.19 වැනි දින රාත‍්‍රී 12.30ට පමණ රවි විජේරත්නගේ නිවසේදී WPKL 1824 කළුපාට ජීප් රථයෙන් පැමිණ චීන ජාතිකයන් හමුවී මිලියන 43 බැගින් සඳහන් කළ කාඞ්බෝඞ් පෙට්ටි 04ක් මිලියන 11 පෙට්ටි 01ක් මිලියන 20 පෙට්ටි 01ක් රියදුරු උපාලි හා ආරක්ෂක බණ්ඩාර විසින් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

* 2014.11.20 දින රාතී‍්‍ර 11.30ට 301-9156 කාර් රථයෙන් පැමිණි ගාමිණී සෙනරත්ගේ කාර්යාලයේ මුදල් භාර බණ්ඩාර විසින් අරලියගහ මන්දිරයේ සිට මුදල් පිරවූ ලොකු ට‍්‍රැවලින් බෑග් 02ක් ගාමිණී සෙනරත්ගේ ග්‍රෙගරි පාරේ නිවසට රැගෙන ආවා.

 

* 2014.11.28 වැනි දින රාත‍්‍රී 9.30ට WPKM 0522 දරන රථයෙන් චීන ජාතික කාන්තාවන් දෙදෙනෙක් පැමිණ රවි විජේරත්නගේ නිවසේදී කිලෝ 50ක් පමණ බර මුදල් පුරවන ලද කාඞ්බෝඞ් පෙට්ටියක් ගාමිණී සෙනරත්ගේ නිවසට රැගෙන ගියා.

* 2014.11.25 වැනි දින ඉහත සඳහන් කාර්යාලයේ බණ්ඩාර විසින් මුදල් පුරවන ලද පෙට්ටි 04ක් ගාමිණී සෙනරත් විසින් ඔහුගේ නිවසට රැුගෙන ගියා.

*2014.11.26 වැනි දින රවි විජේරත්නගේ නිවසේදී චීන ජාතිකයන් හමුවී මුදල් පුරවන ලද පෙට්ටි 04ක් ගාමිණී සෙනරත් විසින් ඔහුගේ නිවසට රැගෙන ගියා.

*2014.12.02 වැනි දින උදේ 11.30ට පමණ සුනිල් සේදර සෙනරත්ගේ නිවසේ සිට කාඞ්බෝඞ් පෙට්ටි 01ක් සහ ට‍්‍රැවලින් බෑග් 02ක් මුදල් පුරවාගෙන රැගෙන ගියා.

*2014.12.03 වැනි දින උදේ 10.30ට පමණ වෝඞ් පෙදෙසේ පදිංචි මූර්ති විසින් ගාමිණී සෙනරත්ගේ නිවසේ සිට WPKN 9999 රථයෙන් කාඞ්බෝඞ් පෙට්ටියක් පුරවා මුදල් රැගෙන ගියා.

* 2014.12.05 වැනි දින WPKY 1243 රථයෙන් නීතිඥ අනුර චන්ද්‍රසිරි විසින් මුදල් පිරවූ බෑගයක් රැගෙන ගියා.

*2014.12.18 වැනි දින දහවල් 1.45ට සුනිල් සේදර සෙනරත් විසින් ගාමිණීගේ නිවසේ සිට KU 4766 දරන රථයෙන් මිලියන 13, මිලියන 16 පෙට්ටි 02ක් වශයෙන් මිලියන 24ක් ලෙස සඳහන් මුදල් පිරවූ පෙට්ටි 04 ගාමිණී සෙනරත්ගෙල් නිවසින් රැගෙන ගියා.

*2014.12.19 වැනි දින රාත‍්‍රී 8ට පමණ ගාමිණී සෙනරත්ගේ වාහන අංක KP 5610 ථයෙන් අරලියගහ මන්දිරයේ සිට ට‍්‍රැවලින් බෑග් දෙකක මුදල් රැුගෙන ගාමිණී සෙනරත් ඔහුගේ නිවසට පැමිණියා.

*2014.12.19 වැනි දින රාත‍්‍රී 10ට රවි විජේරත්නගේ ග්‍රෙගරි නිවසේදී චීන ජාතිකයන් හමුවී ඔවුන් පැමිණි WPKL 1824 රථයේ තිබූ මිලියන 200 ලෙස සටහන් කළ පෙට්ටි 07ක් ගාමිණී සෙනරත් විසින් ඔහුගේ නිවසට රැගෙන ගියා.

*2014.12.19 වැනි දින රාත‍්‍රී 10.30ට නන්දන ලොකුවිතාන විසින් මිලියන 30ක් හා 20ක් පුරවන ලද පෙට්ටි 02ක් ට‍්‍රැවලින් බෑග් 1ක් පුරවා මුදල් රැගෙන ගියා.

* මූලාශ‍්‍රය – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ල.