රාවය

ප‍්‍රභාකරන් තුළත් උතුම් මිනිස් ගුණ තිබුණා

ප‍්‍රභාකරන් තුළත් උතුම් මිනිස් ගුණ තිබුණා

ගායක විකුම් හේරත්

හගුරන්කෙත මැතිවරණ කොට්ඨාසයේ ඈත එපිට දුෂ්කර ගමක ඉපිද ළමාවියේදී ළත් අසුරු කුසලතාවන් සංවර්ධනය කරගනිමින් කලා ලොවට පිළිපන් යෞවනයකු අපට මුණ ගැසිණ. ඔහු නමින් විකුම් පෙරේරාය.

වෘත්තියෙන් බැංකුකරුවකු වන විකුම් කැලණිය විශ් විද්‍යාලයේ ජනසන්නිවේදන විද්‍යාර්ථයෙකි. ගමෙහි සුන්දර්තවයත් කූජන තාදයෙනුත් ඇති පදම් සිය ළමා අවධියේදී විදගත් විකුම්ට සිය නිවසේ පැවති සංගීතමය පසුබිමද ගායකයකු ගීත රචකයකු වන්නට බලපෑ බව කියයි. තුරුණු වියට වන් ඔහු සිය සමාජීය අත්දැකීම් පදනම් කරගෙන අපි සිනාසෙමු නම් සංගීත සම්ච්චය එළි දක්වා ඇත.

‘‘මගේ පියා සංගීතයට ළැදි අයෙක්. ඔහුට සර්පිනාව, ජපන් මැන්ඩලීනය, ඩොල්කිය ඉතා හොදින් වාදනය කරන්නට හැකියාව තිබුණා. ඔහු මේවා වාදනය කිරීම ශාස්තී‍්‍රය වශයෙන් ඉගෙන ගත් අයෙකුත් නොවෙයි. ගමේ පිංකම් පොළේ. මගුල් ගෙදර තාත්තා නැති සංගීතයක් තිබුණේ නැහැ. ඔහුට ගායන හැකියාවකුත් තිබුණා. ඒ විතරක් නොවෙයි. ඔහුට මිහිරි හඬින් පිරිත් ගායනය කිරීමේ හැකියාව තිබුණා.’’

මේ පසුබිම නිසාම විකුම් ද සිව් හැවිරිදි වියේ සිට ඩොල්කියට සර්පිනාවට අතහුරුවන්නට ග සැලසුවේය.

‘‘මට පුංචි සන්දියේ සිටම තාලම්පොටෙන් පටන්ගෙන ඩොල්කිය, සර්පිනාව වාදනය කරන්න පුළුවන් වුණා. ඒත් ශාස්ති‍්‍රය විධියට නෙවෙයි. කනට හුරුව තිබුණ විධියට, පසුකලෙක ඕනෑම ගීතයක් වාදනය කරන්නත් හැකියාව තිබුණත් අදටත් මට ස්වර ප‍්‍රස්ථාර බලාගෙන වාදනය කරන්න බැහැ.’’

විකුම් ගායනයට පිවිසෙන්නේ ගමේ ගිහි පිරිත් කණ්ඩායමේ සාමාජිකයකු ලෙසින් සම්බන්ධ වීමෙන් අනතුරුවය. වයස අවුරුදු දොළහ වන විට ඔහු ගමේ පිරිත් කණ්ඩායමට නැතිවම බැරි සාමාජිකයෙකි.

පිරිත් ගායනය හුරු පුරුදු වුණ නිසාද කොහෙද මගේ ගීත ගායනය සිදුවෙන්නේ මධ්‍ය ස්වරයෙන්. ඒ ශාන්ත ස්වරයට මගේ ළැදියාවත් වැඩියි. විකුම් කියයි.

‘‘අද සමාජය විනාශ වෙලා සාරධර්ම කියන දේවල් නැත්තටම නැතිවෙන තැනට ඇවිත්. කොටින්ම කියනවා නම් තමන්ට තමන්වත් නැතිවෙලා ගිහින් කෙනෙක් තමන්ගේ ජීවිතය විහින්ම විනාශ කරගන්නවා නම් අපි කියන සංකල්පය ඉතිරි වෙයිද? මේ විනාශය ඔඩුගිහින්. එය යම්තාක් දුරකට හෝ නැවත ඇතිකරගත හැකි නම් මේ සමාජය යහපත් වේවි. මගේ ගී සමුච්චයෙන් මම උත්සාහ ගන්නේ පිරිහුණ සමාජය කිසියම් ආකාරයකින් සහජීවනයෙන් මිනිස්කමින් යුත් සමාජයක් කරන්නයි.’

මේ ගීතාවලියේ දුවිලි හැගුමන් කියන ගීතය එබන්දක්. දැන් බලන්න ගෙදරක පිංකමක් මංගල්‍යයක් දානමානයක් වුණහම ඉතිරි වුණ කෑම බල්ලන්ට අඬගහ ගහා දෙනවා. එහෙම කරන්නේ ඉතිරිවුණ කෑම විසිකරන්න තිබෙන ලෝභකමට මිසක බල්ලන්ට කෑම දෙන්න ඕනේ කියන අරුතෙන් නෙවෙයි. හැබැයි දානේ පිංකම ඉවරවෙලා සතියකින් බල්ලෙක් ගෙදරට ආවොත් තමන්ගේ කෑම පිගානෙන් බත් පිඩක් දෙන්නේ නෑ. බල්ලට ගහලා එළවනවා.

මිනිස්සු මේ සම්බන්ධයෙන් වුණත් සිද්ධ වෙන්නේ මේ විධියටම තමයි. වෙනස් විය යුත්තේ මෙයයි. වෙනස් කළ යුත්තේ මෙයයි.’’

ගී සම්මුච්චයේ උත්තම මිනිස්සු නම් ගීතය අරභයා විකුම්ගේ විග‍්‍රහ අපූරුය. විශිෂ්ටය.

ප‍්‍රභාකරන් තුළවුණත් උත්තම මිනිස් ගුණ තිබුණා කියන එක හැමෝම අතරට රැුගෙන යායුතුයි. ඒ කියන්නේ නරක යැයි සමාජ සම්මත මිනිසෙකු තුළත් උතුම් ගුණාංග තිබෙනවා. මෙය අප සමාජයට රැුගෙන යායුතුයි.