ජිප්සීස් නායකයා

මේ දිනවල ජනාධිපතිතුමා හවසට ගෙදර එන්නේ සරඹ පුහුණුවට ගිය ළමයෙක් වගේ කළු වෙලාය. ඒ දෙස බලාගෙන සිටි ජනාධිපතිතුමාගේ පූසා එතුමාට කීවේ මේ දවස් ටිකේ ඉස්කෝලවල ස්පෝට් මීට්, ළමයි දවස පුරාම ගිනි අව්වේ මාර කට්ටක් බොස් කන්නේ කියාය. හරි ඉතිං අපිත් ඒ කට්ටම තමා කන්නෙ කී ජනාධිපතිතුමාට පූසා කීවේ හැබැයි බොස් මෙච්චර කකුල් මාට්ටු දාලත් අලියා පිටේ ගහං ඉන්න කොල්ලො වේගෙ පාලනය කරලා නැහැ වගේ නේද කියාය. ජනාධිපතිතුමා දුරදිග කල්පනා කර බලා කීවේ ඔව් ඉතිං බරපතළම තත්ත්වයක් උදා වුණොත් බයිසිකල් රේස්වලදි වගේ මෑන්ගෙ කරේ අතදාගෙන තරගෙ ෆිනිෂ් කරලා දාන්න බැරියැ කියාය. පූසා යළි ඇසුවේ ඒත් බොස් පොහොට්ටුව පිටේ ගහං ඉන්න කොල්ලා කැකිරාවෙ සෙන්ට‍්‍රල් එකේ මුදලිහාමිටත් වඩා වේගෙන් දුවනවා පේන් නැද්ද කියාය. උඹට පිස්සුද කී ජනාධිපතිතුමා කවදහරි මුදලිහාමි වගේ ඇන ගහපු දිලිසෙන සපත්තු දාගෙන දුවන එවුන් පරාද කරන නියම මුදලිහාමි මම තමා කියා කීවේය.

මහන්සියට කෙටි නින්දකට වන් ජනාධිපතිතුමා පරාක‍්‍රම සමුද්‍රය උඩහා සීත මාලිගයට වල්අලි රිංගන්න හදනවා හීනෙන් දැක්කේය. ඒ ජාතියේ හීනයක් දුටු ගමන් එතුමා එක්කෝ බැඳුම්කර විවාදය ඉක්මන් කළ යුතු බව සිතයි. නැතහොත් අනූහය දෙනාම හෙට උදේ තම ගේ ඉදිරිපිට සරඹ සංදර්ශනයට වගේ ඇවිත් සිටගතහොත් හවුස් එකට කප් එක අරන් දෙන බව කියයි. මේ ජාතියේ ලොන්ත වැඩවලට හා කතාවලට අවුරුදු තුනක්ම ගෙවී ගොස් ගමේ ඡුන්දය කට ළඟට ඇවිත් තිබියදීත් හැට දෙලක්ෂය සමග සිටි සිවිල් සමාජයේ කවුරුවත් තමා සමග හිටගන්නට නොඒම ගැන එතුමා සෑහෙන්න අප්සට් ගිහින් සිටියේය. පූසා කාමරයට කර පොවන විට ජනාධිපතිතුමා හිටියේ කෙටි නින්ද කැඞී ඇඳ උඩ බගිටි ගගහාය. ඌ ජනාධිපතිතුමාට කීවේ අරුන්ගෙ ‘වෙනසක ඇරඹුමත්’ ටිකක් නැගලා යන පාටයි බුඞ්ඩිමතුන් ටික නම් මේ පාර ඒකට හොට දාලා තිබුණා කියාය. ටීවී එකේ මාත් ටිකක් දැක්කා කී ජනාධිපතිතුමාට පූසා කීවේ ප්‍රොෆෙසර් අමරකීර්තියි, ඩොක්ටර් නිර්මාලූයි මේ පාර බයිසිකල් රේස් පදින එවුන්ට වතුර ගහනවා වගේ වැඩක් ඕං එතන කර කර උන්නා කියාය. ජනාධිපතිතුමා විස්මිතව කීවේ ඒත් බං විප්ලවෙන් පස්සේ බෝල්ෂෙවික් කාරයො තමන්ට උදව් කරපු ස්වාධීන බුද්ධිමතුන්ටත් රිඹ යන්න නෙළුවා කියන කොටස ඔච්චර පොත් කියවන ප්‍රොෆෙසර්ට අහුනොවෙන්න විදියකුත් නැහැනෙ කියාය. පූසා කීවේ ඒ යක්කු ඔය ස්ටේජ් එකට නැග්ගයි කියලා බොස් ඔහොම පදනමක් නැති කතා හදන්න එපා කියාය. ජනාධිපතිතුමා කීවේ මට ඉතිං රැුවුල නැහැනෙ. යකෝ විප්ලවවාදී ව්‍යාපාර බලය ගත්තට පස්සේ පැසිස්ට් වෙනවා, එතකොට උන්ට සාහිත්‍ය, න්‍යාය වගේ දේවල් එක්ක මල පනිනවා කියාය. අපොයි අහිංසකයො කියා කම්පා වූ පූසාට ජනාධිපතිතුමා කීවේ ප්‍රොෆෙසර් ගැන නම් මට සහතික වෙන්න බැහැ. ඒත් ඩොක්ටර් නිර්මාල්ට නම් වෙඩි තියන්න එන එවුන්ව ටිකක් වෙලා එකල මෙකල කරගන්න පුළුවන් වෙයි කියාය. ඒ කොහොමද කියා ඇසූ පූසාට ජනාධිපතිතුමා කීවේ ඇයි ඉතිං මනුස්සයා එයාගෙ පැත්තෙන් අත කරකව කවා පැහැදිලි කිරීම කරන කොට මොනතරම් මිනීමරුවෙකුට වුණත් මොකද්ද යකෝ මේ කියන්න හදන හරුපෙ කියලා ටිකක් වෙලා හරි බලං ඉන්න හිතෙනවම තමයි කියාය.
ආයෙත් ජනාධිපතිතුමාට හීනියට නින්ද ගියේය. නින්දේදී එතුමා දුටුවේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා බුඞ්ඩිමතුන්ගේ වේදිකාවේම ගී ගයන අන්දමය. ජනාධිපතිතුමා නිදිමතේම පූසාට කීවේ මිනිහා ධර්මසිරිලා, වියන්ගොඩලා එක්ක රටකට ඕනෑ අපමණ මිනිහෙක් ‘ස්ටේජ්’ එකේ සිංදු කිව්වනෙ, මොකද්ද මේ මිනිහට වුණේ කියාය. කොයි කාලෙද ඔය කියන්නෙ කියා ඩෝන්ට් කෙයාර් ප‍්‍රතිචාරයක් දැක්වූ පූසාට ජනාධිපතිතුමා කීවේ ඇයි බං උඹ මැරිලා උපන්නා වගේ මගෙන් ඔහොම අහන්නෙ ගිය ජනාධිපතිවරණයේදී හැට දෙලක්ෂයක් මට ඡුන්දෙ දුන්නෙ ඔය යක්කුන්ගෙ කීම අහලනෙ කියාය. ඈ මොන හැට දෙලක්ෂය ගැනද ඔය කියන්නෙ කියා ඇසූ පූසාට ජනාධිපතිතුමා නප්පියටම තදවී මොකක් නමුත් කිව්වත් අඩ නින්දේ මුණු මුණුව නිසා එය නෑසුණේය. කේන්තිය නිවෙනකොට එතුමාට යළි ජිප්සීස් නායකයා පෙනුණේය. ‘දැන දැන වැරදි කරනවා’ නමැති ජනාධිපතිතුමාත් කැමති ජනප‍්‍රිය ගීතය ඔහු ගයමින් සිටියේය. ගමරාළගෙ එළහරකෙක්, හොරකම් කළ හරක් හොරෙක්… දුටු ගමයා කෑ ගැසුවා. ඒයි කවුද කවුද යකෝ මගේ හරකා අරං යන්නේ කියන විට ජනාධිපතිතුමාට සිංදුව ඇසුණේ වෙන විදියකටය.

හය වසරක් ඉන්න සිතී – සුප‍්‍රිම් කෝට් පිහිට පැතී… සරත් විජේසූරිය කෑගැසුවා… ඒයි කවුද කවුද ඔය දහනම වැනි සංශෝධනෙන් හය පහ වුණා මතක නැද්ද? කියා ඇසූ ඔහුට ජනාධිපතිතුමා කීවේ ”විධායකේ කොහෙද මා ළඟ — කෑල්ලයිනෙ අල්ලං හිටියේ” කියාය. ඊළඟට ජිප්සීස් නායකයා ”කිතුලක රාබොන්න හිතී මිනිහෙක් කිතුලකට නැගී අයිතිකරුට අසුවූවා.. ඒයි කවුද කවුද ඔය” කියන සේරම නෑසී ගොස් එකපාරටම ”අනූහයත් එක්ක හිටං ආණ්ඩුවක් හදනව මං” කියන ටික ඇසුණු ජනාධිපතිතුමා නින්දෙන්ම ගැස්සී බලනවිට සිංදුවේ ඉතුරු ටිකත් ඇසෙන්නට පටන් ගත්තේය. වියන්ගොඩත් කෑ ගැසුවා… ”ඒයි මොකද මොකද ඔය අපි කිව්වා නේද යහපාලනෙන් පිට පනින්න තහනම් කියලා” කියන තර්ජනය දැමූ ඔහුට පිළිතුරක් ලැබුණේ ”අනූහයම මගේ එවුන්නේ, ඒකයි හදමු කියන්නේ” යනුවෙනි. ඒ සිහින ලෝකය තුළම සිංදුව තවත් ඉදිරියට ගියේය. ”¥ෂණයට එරෙහි වෙච්ච අලූත් පෙරමුණක් හදන්න, ජනාධිපති ලෑස්ති වෙනවා… දුටු ‘ජනයා’ කෑගැසුවා. ඒයි… කවුද කවුද මේ අටෝගත්තු එකෙන් වැඬේ කරගන්නෙ නැතුව තවත් පෙරමුණු හදන්න යන්නෙ.

ඒ කවුරු කෑ ගැසුවත් ලේසියටත්, පාසුවටත් දැන දැන වැරදි කරනවා කියන ගීතයේ අන්තරා කොටස සිහිනය තුළ දිගටම ඇසුණේය.