ගෝල්ඞ් කෝස්ට් ගමනට පෙර

පොදු රාජ්‍ය මණ්ඩලයී කී‍්‍රඩා උළෙලට යන ශී‍්‍ර ලංකා කණ්ඩායම තේරීම් වගකීම පංච පුද්ගල කණ්ඩායමකට බාර දීම සිදු විය. එම කණ්ඩායමේ ප‍්‍රධානියා සුනිල් ගුණවර්ධන මහතාය. සෙසු සාමාජිකයෝ ජෙනරාල් දයා රත්නායක, ඊ.ඒ.එෆ්.සී එදිරිසිංහ, අයි.පී විජේරත්න සහ සුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීන්ය.

මෙම කණ්ඩායමට පැවරූ වගකීම අනුව තෝරා ගත් පිරිස පිළිබද මාධ්‍ය දැනුවත් කොට තිබුණි. එනම් තෝරාගත් පිරිසේ කමිටු වාර්තාව කී‍්‍රඩා ඇමතිවරයාට ගිය මස අග ලබා දීමත් සමගය. එහිදී මෙම සංගමය බැඞ්මින්ටන්, පාපැදි, ජිම්නාස්ටික්, මේස පන්දු හා වෙඩි තැබිමේ ඉසව් හී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගී නොකිරීමට නිර්දේශ කර තිබුණි. මෙම කප්පාදු දෙස බලන කල පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට මුලදී 82ක් සහභාගි කරන බව ප‍්‍රකා්ශ වුවද එය 33 දක්වා අඩුවී ඇත. මෙය යහපත් ප‍්‍රවණතාවකි. එනම් පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙල යනු අපට සරල තරගාවලියක් නොවේ. අපගේ දක්‍ෂතා අනුව බලන කල මෙවර එකදු පදක්කමක් හෝ දිනතැයි අපගේ විශ්වාසයක් නොපවති. කමිටුව අවම වශයෙන් පදක්කම් 4 හෝ 5ක් අප දිනනු ඇතැයි විශ්වාසයක් පළකොට ඇත. එය කුමන නිර්නායක මත පදනම්ව කර ඇත්දැයි නොහැෙග්.

පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට යෑමට පරිසාධන මට්ටම් පෙන්වූයේ මංජුල කුමාර (උස) සහ හෙල්ල විසි කිරීම පිරිමි නියෝජනය වන සම්පත් රණසිංහය. සේසසෝ සියල්ල පිනට මෙන් යන අයය. මෙහිදී උස පැනීමේ ඉසව්ව ගැන කතා කරන විට මංජුල කුමාර යනු මෙරට නියෝජනය කරන වයස්ගතම මෙන්ම වැඩිම වාර ගණනක් ජාත්‍යන්තර තරග නියෝජනය කරන කී‍්‍රඩකයා විය යුතුය. එහෙත් ඔහුගෙන් පදක්කමක් බලාපොරොත්තු විය නොහැකිය. මීට පෙර සලකා බලන විට ඔහු මෙරටදී පරිසාධක මට්ටම් සපුරාලන මුත් එරටදී මීටර 2.16 හෝ 2.20 එහාට පැන ගත නොහැකි තත්ත්වයක පසුවේ. මෙරටදී මීටර 2.24 පනින මංජුලට අදාළ තරගවලදී ඒ කිට්ටුවටවත් ඒ මට නොහැක්කේ ඇයි? මෙරටදී මීටර 2.24 පනින ඔහු එම තරගවලදි මීටර 2.16 වත් පැන ගැනීමට නොහැකි වන්නේ කෙසේද? එරට මීටර 2.16 හෝ 2.20 මෙරට මීටර 2.24 වඩා උසද?

හෙල්ල විසිකිරීම වැනි ඉසව්වක් ගත්තද අපට ලේසි පහසු නැත. ලෝක මට්ටම් සමග බැලීමේදී අප සිටිනුයේ සෑහෙන පසු පසය. ඒ අනුව යම්තම් හෝ මෙරටදී හැකියාවන් පෙන්නු කී‍්‍රඩා ඉසව් දෙකෙන්ම අපට ජයගත හැකි ඉඩ පෙන මානයකටත් නැත. එවන් වටපිටාවක පදක්කම් 4 හෝ 5ක් කියනුයේ කෙසේද?

ලංකාවට මෙවැනි කී‍්‍රඩා ඉසව් ජය ගැනීම ලේසි පහසු නැත. එයට වුවමනා කිසිදු සැලැස්මක්, පහසුකමක්, පුහුණුවක් සතුව ඇතැයි නොපෙනේ. මංජුල කුමාර උපරිම දක්‍ෂතා පෙන්වන කල ඔහුව ඇමරිකාවේ රැුගෙන ගොස් එදිරිවිරසිංහම් මහතා පුහුණු පහසුකම් ලබා දුන් යුගයක්ද විය. එහෙත් එදා වර්ධනය කර ගත නොහැකි වූ ශක්‍යතා මංජුලට අද කෙසේ වගා කර ගනු හැකිද? අනෙක් අතට දශකයක වත් වැඩි කාලයක් උස පැනීම මංජුලටම සින්නවී ඇත. ඉසව්ව මංජුල පරදා වෙනකෙනකු ලබා නොගන්නා තැනක මෙරට මලල කී‍්‍රඩාවේ පෙන්වන අභිවෘද්ධිය කුමක්ද? සුසන්තිකා අද දිව්වද තවම ලංකාවේ ජයග‍්‍රහිකාව වීමට ඉඩ තිබුණි. එයින් කී‍්‍රඩාවේ දියුණුවක් වේද?

පාලිත ප‍්‍රනාන්දු මහතා සුගත් තිලකරත්න සමග සභාපති පුටුවට තරග කරන කල ඔහු කීවේ තමාට ඉහළ සැලසුම් තිබෙන බවය. ඒවා ජයග‍්‍රහණයෙන් පසුව කි‍්‍රයාත්මක කරන බවය. එහෙත් අප ඒ කිසිවක් අදටත් දුටුවේ නැත.

පිහිනුම් කී‍්‍රඩාවේ පහක් වෙනුවට තුනක් තෝරාගත් බව පංච පුද්ගල කමිටුවේ තීරණයය. එය පසුව වෙනස් වනු ඇත. මන්ද තුනක් වූ කල එය ලැබෙනුයේ විදෙස් පුහුණුව ලබන ළමයි තිදෙනාට පමණි. ඔවුහු ද්විත්ව පුරවැසියන්ද වේ.

ඒ අනුව බලන කල කාලයක පටන් පිහිනුම් අත්දැකීම් ලැබෙනුයේ විදේශිකයන්ටය. මෙරට සම්පත්වලට ඒ අවස්ථා නොලැබේ. එය අභාග්‍යයකි. සුදුසුකම් සපුරා නැති තැන යවන මේ අය මෙරට අයට වුවා නම් වඩා උචිතය. එබැවින් පිහිුම් කී‍්‍රඩාවෙන් තුනකට වඩා යැවීම කාලෝචිතය.

මෙවර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ සහ කී‍්‍රඩා ඉසව්වල කප්පාදුව අගේට සිදු කර ඇත. එයට නිලධාරින්ටත් යොදා ගන්නේ නම් මැනවිය. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 33ක් යන තැන නිලධාරින් යා යුත්තේ කොපමණද? එම කප්පාදුව කරනුයේ කවුද? අත්‍යවශ්‍යයෙන්ම විය යුත්තේද එයමය. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙන් දෙතුන් ගුණයක් නිලධාරීන් ඕස්ටේ‍්‍රලියා යන්නේ නම් මේ කී‍්‍රඩා කප්පාදුවේ පලක් නැත. මන්ද එසේ නම් නිලධාරින්ට වඩා කී‍්‍රඩකයන් යැවීම ඔවුන්ට අත්දැකීමක් හෝ වන බැවිනි.

හුදු සාප්පු සවාරි යෑමට නිලධාරීන් යවනවාට වඩා එය යහපතකි. පොදු රාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී මෙවර එක් පදක්කමක් හෝ දිනීම ලේසි පහසු නැත. ඒ බව දැන නිලධාරීන් බහුතරයක් රට යෑම නොමනාය. කී‍්‍රඩා ඇමතිවරයා නියතවම ඊට ද වැඩ බදිනු ඇත යන්න අපගේ හැගීමය.
සමස්ත කී‍්‍රඩාව දෙස බලන කල අප හැම අංශයෙන්ම පාහේ සිටිනුයේ පහළ අඩියකය. එබැවින් සහභාගීත්වයෙන් තොර වෙන යම් දෙයක් ලබෙතැයි අනුමාන කළ නොහැකිය. අප නියෝජනයට යන ඉසව් දෙස බලද්දී එය බෙහෙවින්ම අපට සපුරා ගත හැකි කඩඉම් නොවේ.