රාවය

සංවාදයේ අවසානය

සංවාදයේ අවසානය

රාවය ගැන ලියවුණු සංවාදයට අවශ්‍යයෙන්ම ඇතුළත් විය යුතු කරුණු කිහිපයක් ගැන ලියන කෙටි සටහනකින් ඒ ගැන කරන සංවාදය මා අවසන් කරන්නට අපේක්ෂා කරමි.

රාවය නමැති නෞකාව නිර්මාණය කළේද, එහි සුක්කානම හැසිරවූයේද මා වුවත් ඒ කාර්යයේදී මට විවිධාකාරවලින් ආධාර කළ පිරිසක් සිටියහ. සේවකයන් අතර ඉතාමත් හැඟුම්බර ආකාරයකින් උදව් කළ අය සිටියේය. පාඨකයන්ගෙන් ලැබුණු සහායද අතිවිශාලය. ඔවුහු පුවත්පත මිලදී ගැනීමෙන් පමණක් නොව, අදහස් පළකිරීමෙන්ද සහාය වූහ. වෙනත් ආකාරවලින් සහාය දුන් අයද සිටියේය. එයාර් වයිස් මාෂල් හැරී ගුණතිලක පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ කාලයේදී මට ශක්තිය ලබාදීම සඳහා රාවයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ක‍්‍රියා කළේය. සුරංජිත් හේවාමාන්නගෙන් හා ලාල් පියසේනගෙන් ලැබුණු සහායද අතිවිශාලය. හේමසිරි ප‍්‍රනාන්දු හා වරුණ කරුණාතිලකද කවදාවත් අමතක කළ නොහැකිය. සමහර ඡුායාරූප ශිල්පීන් ඔවුන්ගේ එකතුව රාවයට පරිත්‍යාග කළ අවස්ථා තිබුණි. ප‍්‍රසන්න හෙන්නායක, ශ‍්‍රියන්ත වල්පොළ ඒ අය අතරින් ප‍්‍රධානය. රාවයට විවිධ ආකාරවලින් ආධාර කළ තවත් බොහෝ අය සිටියේය. ඒ සියලූදෙනාට මගේ ගෞරවයද, ස්තූතියද හිමිවිය යුතුය.

මා රාවය පාලනය කළේ ඒකාධිපතියෙකු හෝ වැඩවසම් අධිපතියෙකුගේ ස්වරූපයෙන් යැයි කියන කතාව මා පිළිගන්නේ නැත. පුවත්පතේ කර්තෘ ගැන කරන විවේචනයන් රාවයේ පළකරන සම්ප‍්‍රදායක් ඇති කළේ මාය. එවැනි සම්ප‍්‍රදායක් ලෝකයේ වෙනත් කවර පුවත්පතක හෝ ඇතැයි මම විශ්වාස නොකරමි. ජනරංජන කර්තෘ ධුරයට පත්කරනු ලැබුවේ 2012දීය. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඔහු රාවය පුවත්පත වැරදි පීල්ලකට මාරු කරන තෙක්ම ඔහුගේ කිසිම කාර්යයකට මා ඇඟිලි ගැසීමක් කර නැති අතර ඔහු ඒ බව අවස්ථා ගණනාවකදීම ප‍්‍රකාශ කර තිබුණි. අභ්‍යන්තර යුද්ධය අවසන් අදියරයට ගමන් ගනිමින් තිබෙන අවස්ථාවේදී කර්තෘ මණ්ඩලයේ පිළිගත් ප‍්‍රතිපත්තිය බවට පත්ව තිබුණේ දැඩි යුද විරෝධී ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියා කිරීමය. එය මගේ හිතට එකඟ නොවූ දෙයක් වූ අතර මම ලීවේ ප‍්‍රභාකරන්ගේ බෙදුම්වාදී යුද්ධ ව්‍යාපාරය යුද්ධමය වශයෙන්ම පරාජය කළ යුතුයි කියන ස්ථාවරයක පිිහිටාය. මා ඒ ස්ථාවරයේ ඉඳිමින් පුවත්පතට ලීවා මිස යුද්ධය පිළිබඳව පවත්වාගෙන ගිය කර්තෘ මණ්ඩල ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමට බලය පාවිච්චි කරන තැනකට ගියේ නැත.

රාවයේ 25 වැනි සංවත්සරයට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන්වනවාට රාවය කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු විරුද්ධ විය. අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසුව සම්පූර්ණ කළ යුතුව තිබෙන කාර්ය භාරයන් පිළිබඳව ලංකාවේ සියලූ දේශපාලන නායකයන් දායක කරගන්නා සංවාදයක් ආරම්භ කිරීමට මට අවශ්‍යව තිබූ අතර රාවයේ 25 වැනි සංවත්සරය ජාතික මට්ටමෙන් ආරම්භ කෙරෙන එම සංවාදයේ ආරම්භක වේදිකාව කරගත යුතුය යන්න මගේ මතය විය. එසේම එම සංවාදයට ජනාධිපති මහින්ද රාජපක්ෂද සම්බන්ධ කරගත යුතු බව මගේ මතය විය. එම අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධ කරගන්නවාට විරුද්ධ වූයේ කිහිපදෙනෙකු පමණක් වුවත් එම වැඩසටහනට පොදු එකඟතාවන් නොලැබේ නම් හා එකම පුද්ගලයෙකු හෝ විරුද්ධ වේ නම් මා එම වැඩසටහන ක‍්‍රියාත්මක කරන්නේ නැති බව ප‍්‍රකාශ කරමින් එම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම අවලංගු කරන ලදි. ඉන්පසුව මගේ සහභාගිත්වයෙන් තොරව කාර්ය මණ්ඩලය රැුස්වී මගේ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට පොදු එකඟතාවක් ඇතිකර ගනිමින් ඒ බව මට දැනුම් දුන්නේය. 25 වැනි සංවත්සරය සඳහා වන මගේ වැඩසටහන ක‍්‍රියාවට නගන ලද්දේ ඉන්පසුවය.

වෙන්න යන සමහර දේවල් කල්තියා දැකීමේ හැකියාවක් මට තිබුණි. එල්ටීටීඊයේ පරාජයද මම කල්තියා දැක්කෙමි. එහෙත් කර්තෘ මණ්ඩලයේ මතය ඊට මුළුමනින් වෙනස් විය. මාගේ මතය සනාථ වූ අතර ඔවුන්ගේ මතය බොරු විය. 2015 ඇතිවන ආණ්ඩු පෙරළිය ආශ‍්‍රයෙන් ඇතිවන දේවල්ද කල්තියා දැකීමේ හැකියාවක් මට තිබුණි. පොදු අපේක්ෂකයා පිළිබඳ සංකල්පයට මම මුලසිටම විරුද්ධ වූයෙමි. ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමය රාජ්‍ය ආයතන ක‍්‍රමයේ රාජ්‍ය සේවයේ ඇතිවී තිබෙන පරිහානියට පිළිතුරක් නොවන බව මගේ ස්ථාවරය වී තිබුණි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයද රට ආණ්ඩුක‍්‍රමය අවුල් ජාලාවක් බවට පත්කරන මෝඩ වැඩසටහනක් බව මගේ මතය විය. ඒ හැම දෙයක්මත් මේ වන විට සනාථ වී තිබෙන කාරණා ලෙස සැලකිය හැකිය. ඒ ගැන මා ලියන ලද දේවලට ජනරංජන අවහිර කළේ නැතත් මගේ එම නිරීක්ෂණ මත පිහිටා රාවයේ දැක්ම සකස් කරගත්තේ නම් රාවයේ ගමන් මග වෙනස් වන්නට සේ ම යහපත් වන්නටද ඉඩ තිබුණි. ඒ සඳහා අවශ්‍ය කරන විචක්ෂණභාවය ඔහුට නොතිබුණි. ඒ නිසා රාවය එම මෝඩ මතවාදයන් වෙනුවෙන් පෙනී සිටින පුවත්පතක් බවට පත්විය. දේශපාලන අර්ථයෙන් සමාජයට ආලෝකයක් ලබාදිය යුතුව තිබුණු අවස්ථාවක ඒ ආලෝකය ලබාදීමට රාවය අසමත් විය. එයද රාවයේ පරිහානිය කෙරෙහි බලපෑ වැදගත් සාධකයක් විය.

මා රාවයේ අයිතිකරුවා වුවත් මා ලබාගන්නා වැටුපට අතිරේකව මා රාවයෙන් අතිරේක ලාභ ප‍්‍රයෝජන ලබාගත්තේ නැත. මට රාවයෙන් ලැබෙන වැටුප සොච්චම් තත්ත්වයක තිබියදීත් මට ජීවත්විය හැකිවූයේ මගේ පොත්පත්වලින් මට ලැබුණු ආදායම් නිසාය. පුවත්පත් කතුවරයෙකු වශයෙන් මාගේ ජීවිතය කොතරම් කාර්ය බහුල වුවද මා නොකඩවා පොත් ලියන්නෙකු වශයෙන්ද ක‍්‍රියා කළෙමි. මා දුම්බීවේද, හවසට අඩියක් ගැසුවේද, කෙනෙකුට උදව් කළ යුතුම අවස්ථාවලදී උදව් කළේද පොත්වලින් ලැබුණු ආදායම නිසාය. විශ‍්‍රාම වැටුපක් නැතිව මා වර්තමානයේ ජීවත්වන්නේද ඒ නිසාය. මා රාවයෙන් ලැබෙන ආදායමෙන් පමණක් ජීවත් වන තැනකට ගියේ නම් මගේ ජීවිතය මුළුමනින් කාලකණ්ණි වන්නට ඉඩ තිබුණි. මොන හේතුවක් නිසා හෝ මගේ පොත් විකුණුනේය. ලියන ලද පරණ පොත් පවා අදත් විකිණේ. ඒ පොත් ලියන්නට මා යොදන්නට ඇති මහන්සියේ ප‍්‍රමාණය අතිවිශාලය. අවසානයේ ඒ පොත් මා පමණක් නොව රාවයද කිසියම් ප‍්‍රමාණයකට නඩත්තු කිරීමට හේතුවිය.

මාගේ කොටස් අයිතිය ගැනද මෙතෙක් නොකියන ලද දෙයක් කියන්නට මා කැමතිය. මාගේ කොටස් අයිතියෙන් කිසියම් කොටසක් විකුණා කිසියම් මුදල් ප‍්‍රමාණයක් මා ලබාගත් බව සත්‍යයකි. එය මා විසින් කරන ලද වරදක් ලෙස මම නොසිතමි. එහෙත් මගේ සියලූ කොටස් මා විකුණා නැත. තවත් සියයට 31ක් මට අයිතිය. ඒවා විකුණා අවසාන කාලයේ සැප විඳීමේ අදහසක් මට නැත. ඒවා හිමිකර ගැනීමේ බලාපොරොත්තුවක්ද මට මාගේ බිරිඳට හෝ දරුවන්ටද නැත. ඒවා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්තිය පිළිබඳ පැහැදිලි අදහසක් මට ඇත්තේය. රාවය අර්බුදයට ගිය අවස්ථාවකදී රාවයේ පැවැත්ම සඳහා සිය කැමැත්තෙන් රැුකියා අත්හැර ගිය කණ්ඩායමක් සිටිති. විශේෂයෙන්ම ඒ අය අතර දීර්ඝ කාලයක් සේවය කළ පුද්ගලයන් කිහිපදෙනෙකුද සිටින්නේය. මට තිබෙන ඉතිරි කොටස් අයිතියෙන් කිසියම් පංගුවක් ඔවුන්ට ලබාදීමට මම බලාපොරොත්තු වෙමි. ඒ ගැන මා මීට පෙර හිටපු සමාගම් ලේකම්වරයා සමගද කතා කර ඇත්තෙමි. දැනට නිකුත් කර තිබෙන කොටස් අයිතිය පිළිබඳ ප‍්‍රශ්න නිරාකරණය කරගන්නා තෙක් අලූත් දේවලට අත නොගසන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය. එම දුෂ්කර මොහොතේදී උපරිම කැපවීමක් කරන ලද ඒ සියලූදෙනාට දක්වන උපහාරයක් ලෙස එම යුතුකම ඉටු කිරීමට මම බලාපොරොත්තු වෙමි. ඉන්පසු ඉතිරි වන පංගුව දෙන්නට බලාපොරොත්තු වන්නේ පුනරුද ව්‍යාපාරයටය.
රාවය ලංකාවේ ගැඹුරු පරිවර්තනයක් ඇති කිරීමට හේතුවන මතවාදයක් පවත්වාගෙන ගිය වාර ප‍්‍රකාශනයක් ලෙස සැලකිය හැකි නම් එම මවගේ ගර්භාෂය තුළ අවුරුදු 30ක කාලයක් පෝෂණය වී බිහිවූ පුනරුද ව්‍යාපාරය එම මවගේ අතිජාත පුත‍්‍රයා ලෙස සැලකිය හැකිය. දැනටමත් පුනරුද ව්‍යාපාරයේ කොඳු නාරටිය බවට පත්ව සිටින්නේ රාවය පාඨකයෝය. ඒ මගින් මව හා දරුවා එකට එකතු කිරීමක්ද ඒ සමග දෙදෙනා අන්‍යොන්‍ය වශයෙන් බලාගැනීමක් හා පෝෂණය කිරීමක්ද සිදුවනු ඇත.