අපට ජනතාව දඬුවම් දුන්නා

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ

පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය ගැන ඔබේ විග‍්‍රහය මොන කෙබදුද?

මේ මැතිවරණයේදී පැහැදිළිවම ජනතාව තීන්දුවක් දීලා තියෙනවා. එයින් හැගෙන්නේ අප 2015 මැතිවරණයට පෙර දුන්න පොරොන්දු අනුව දූෂිතයින්ට දඬුවම් දීලා නැති නිසා ජනතාව විශේෂයෙන්ම රජයට දඬුවම් කරලා තියෙනවා වගේම එක්සත් ජාතික පාක්‍ෂිකයින් විදියට ගත්තොත් වසර විස්සක් පුරා ඒ අයට තිබුණ ප‍්‍රශ්නවලට විසදුම් ලැබිලා නෑ. ඒ අතරේ දේශපාලන පළිගැනීම්, රැුකියා ප‍්‍රශ්න වගේ දේවලට අපෙන් සාර්ථක පිළිතුරු ලැබිලා නැහැ. මේවටත් විරුද්ධව ප‍්‍රතිචාරයක් විදියට තමයි මේ අය අපට විරෝධය දක්වලා තිබෙන්නේ. මෙතනදී අපිට පිළිගන්න වෙනවා මේ අයගේ ගැටලූවලට අපිට පරිපුර්ණ විසදුම් දෙන්නට නොහැකි වුණාය කියන එකත්.

සංවර්ධනය ගත්තොත් මම මගේ බල ප‍්‍රදේශය වන කුරුණෑගලට කෝටි 500ක විතර වැඩ කොටසක් කර තිබෙනවා. පාලම්, පාරවල්, කී‍්‍රඩා පිට්ටනි, පාසල් ගොඩනැගිලි, ප‍්‍රජා ශාලා වැනි ඉදිකිරීම් තමයි මෙහිදී අප කළේ. මෙහිදී එක දෙයක් කියන්න ඕනේ. එක ගමක් තිබුණා මේ ගමට ඔයක් හරහා ප‍්‍රවේශ වෙන්න පාලමක් අවුරුදු ගණනාවක සිට තිබුණේ නැහැ. මම පාලමකට අවශ්‍ය ප‍්‍රතිපාදන මට ලැබෙන ප‍්‍රතිපාදනවලින් ලබාදුන්නා. පාලම ඉදිකළාට පස්සේ ගමේ පන්සලේ හාමුදුරුවෝ කීවේ මේ මෙතෙක් කලක් දුෂ්කර කි‍්‍රයා කළ ගමේ අයට තවදුරටත් එසේ දුක් විදින්න වෙන්නේ නෑ කියලා. ඒත් පහුවදාම ඒ පාලම ඉදිකිරීම අපිට තිබුණා විවෘත කිරීමේ පුවරුව කඩලා විනාශ කරලා දාලා. ඔය විදියට තමයි සමහර අය ප‍්‍රතිචාර දක්වන්නේ. මේවා අපිට තේරුම් ගන්න බැරි දේවල්.

ආණ්ඩුව බලයට පත්වී වසර තුනක් ගෙවෙන තුරුත් ජනතාවට දැනෙන සංවර්ධනයක් කළේ නැහැයි කියන චෝදනාවක් තිබෙනවා නේද?

‘‘නැ අපි ගොවීන්ට පොහොර සහනාධාරය දුන්නා. හෙක්ටයාර් එකකට රුපියල් 25000 ගානේ. පාසල් දරුවන් වෙනුවෙන් ආරම්භ කළ සුරක්‍ෂා රක්‍ෂණ ක‍්‍රමය යටතේ විශාල පිරිසකට පිහිට ලැබෙනවා. එක් දරුවෙකු රුපියල් ලක්‍ෂ දෙක ගණනේ රක්‍ෂණය කර තිබෙනවා. පාසල් යන දරුවකු නොමැති පවුල් සංඛ්‍යාව ඉතාම අඩුයි. ඇත්ත වශයෙන්ම මේ ම`ගින් විශාල පිරිසකට ප‍්‍රතිලාභ හිමිවෙනවා. මේවා ගමට හරියාකාරව සන්නිවේදනය වෙලා නැහැ.

මේ වසර තුන තුළ ජනතාවට දැනෙන සංවර්ධනයක් ආණ්ඩුවෙන් සිදු කිරීමට අපොහොසත් වුණයි කියන චෝදනාවට ඔබේ පිළිතුර කුමක්ද?

අපි සමෘද්ධි සහනාධාර දෙගුණ කළා. මහපොළ ශිෂ්‍යත්ව අධාරය වැඩි කළා. වැඩිහිටි දීමනාව රුපියල් 1000 සිට 2000 දක්වා ඉහළ දැම්මා. රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් දස දහසකින් ඉහළ දැම්මා. මේ දේවල් ජනතාවට දැනුණේ නැති එකයි ප‍්‍රශ්නය.

අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න නම් කර්මාන්තශාලා ඇති කරන්න ඕනේ. මෙතනදී ගැටලූවක් තිබෙනවා. ශ‍්‍රමයේ මිල වැඩියි. අමුද්‍රව්‍ය මිල ඉහළයි. හොද වෙළෙදපොළක් තිබෙන්න ඕනේ. ලංකාව කියන්නේ කුඩා රටක් විශාල ජනගහනයක් නෑ. එතකොට අපිට සිද්ධවෙනවා විශාල ජනගහනයක් සිටින චීනය ඉන්දියාව වැනි රටවල් සමග වෙළෙද ගිවිසුම් ඇති කරගන්න.

ඒ වුණත් ඒකට ඉඩක් නැහැ. ති‍්‍රකුණාමලය තෙල් ටැංකි 1938 හදලා ඉවර වුණේ. දැන් අවුරුදු අසූවක්. මේක නිකම්ම දිරලා යන්න දෙනවද? තෙල් ටැංකි ටික බදුදීලා අදායමක් ගන්නවද? ඒක කරන්න ගියහම තෙල් ටැංකි විකුණනවා කියලා කෑගහනවා. දැන් බලන්න මත්තල ගුවන්තොටුපළ අපට තිබුණේ ඒ සදහා ඉඩම බදු දෙන්න. ඒකෙන් අපට ආදායමක් එනවා. මේවට විස`දුම සියල්ල දේශපාලන පක්ෂ එකතුවෙලා හොයන්න ඕනේ.

එයත් ඔබේ ආණ්ඩුවේම දුර්වලතාවක් නොවෙයිද?

එක් ගමකට රජයේ නිලධාරීන් කිප දෙනෙක්ම සිටිනවා. කෘෂි පර්යේෂණ නිලධාරීන්, ග‍්‍රාමනිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ආදී වශයෙන්. එහෙත් මේ අයගෙන් වැඩි දෙනෙක් දේශපාලන පත්වීම්ලාභීන්. ඒ අය තමන්ට රැුකියාව දීපු පක්ෂයට වැඩි සැලකිල්ලක් දක්වනවා. මෙය අපේ සංවර්ධන කි‍්‍රයාවලියේදී විශාල ප‍්‍රශ්නයක් වුණා. නියං සහනාධාර බෙදා දීම් වගේ දේවලදී ඒවා නිසි ආකාරයට ඉෂ්ට වුණේ නැහැ.

පසුගිය රජයෙන් පොහොර රුපියල් තුන්සිය පනහකට ගොවින්ට දුන්නා. එනමුත් මේ රජයෙන් එය නවතා මුල්‍යමය සහනාධාරයක් දුන්නත් පොහොර බෙදා හැරීමේ රජයේ වැඩපිළිවෙල අවුල් වෙලා ගොවීන් අමාරුවේ වැටුණා. ගොවි ජනතාවගේ ඡුන්දය ප‍්‍රකාශ කිරීමේදී මේ තත්ත්වය රජයට අවාසිදායක ලෙස බලපා නැතිද?

පොහොර අපේ රටට ගෙනෙන්නේ විදේශවලින්. පොහොර නිසිවෙලාවට අපේ රටට ආවේ නෑ. ඒකත් ප‍්‍රශ්නයක් වුණා. කලින් පොහොර මිටිය 550ට තිබුණේ. රජයෙන් දුන්නේ රුපියල් 350යි. ගොවියා අතින් රුපියල් දෙසීයක් යෙදවිය යුතු වුණා. අපි පොහොර ස`දහා හෙක්ටයාර් එකකට රුපියල් 25000ක් දුන්නා. එහෙත් මේ මුදල් ගොවියන් අතින් වෙන දේවල්වලට ඒ මුදල් වියදම් වුණ අවස්ථා තිබුණා. ඒ නිසා ඔවුන්ට පොහොර ගන්න සල්ලි හොයාගන්න විධියක් තිබුණේ නෑ. කොහොම වුණත් පොහොර හි`ගයක් තිබුණු බව අපි පිළිගන්නවා.

විශාල ඝෝෂාවක් සමග 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවත් මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවට යමක් දැනුණ බවක් ඡුන්ද ප‍්‍රතිඵලය දිහා බැලූවහම පෙනෙන්නේ නැත්ද?

ප‍්‍රභාකරන් කියලා තිබුණනේ සිංහලයට යම් දෙයක් මතක තිබෙන්නේ සති දෙකයි කියලා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නේ රටේ පුරවැසි සංවිධාන ඇතුලූව මහජනතාව විසින් කළ ඉල්ලීමක ප‍්‍රතිඵලයක් විධියටයි. අප 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් ලබාදී තිබෙනවා. ඒ අයිතිය භූක්ති විදීමක් දකින්න නැහැ.

ඔබ එහෙම කීවට 19 ව්‍යවස්ථා සංශෝධනය යටතේ කි‍්‍රයාත්මක විය යුතු ප‍්‍රසම්පාදන කොමිසම තවමත් කි‍්‍රයාත්මක තත්ත්වයේ නෑ. විගණන පනත වසර දෙකහමාරක් තිස්සේ හමස් පෙට්ටියේ, යෝජිත විගණන පනතේ විගණකාධිපතිවරයාට තිබූ අධිභාර පැනවීමේ බලය ඉවත් කරලා. සූදානම් කර තිබෙන්නේ අංග ඡේදනය කළ පනතක් ඒ ගැන මොකද කියන්නේ.

විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහම ඒ ඒ පක්ෂවලට පුළුවන් ඒ සදහා සංශෝධනය ඉදිරිපත් කරන්න. දුර්වලකම් අඩුපාඩු තිබෙනවා නම් ඒවා පෙන්වලා දිලා ඒවා නිවැරදි කරගන්න ඒ සදහා අපට කාලය තිබෙනවා.

බැදුම්කර වංචා චෝදනාව ගැන ඔබ මොකද කියන්නේ

මේ ගැන පත් කරපු ජනාධිපති විමර්ශන කොමිසම නිර්දේශ කරලා තිබෙන්නේ අයුතු ලාභයක් පර්පචුවෙල් ටෙ‍්‍රසරිස් සමාගම ලබාගෙන තිබෙන නිසා එය ආපසු ලබා ගත යුතු බවයි. ඒ නිසා එයට අධිකරණමය කටයුතු මාර්ගයෙන් කි‍්‍රයාත්ම විසදුමක් ලබාගත යුතුයි. ඒ සිදුවීම ගැන ජනතාව වුණත් අපට මේ ඡුන්දයේදී අපට එරෙහිව ඡුන්දය දීලා හො`ද දඬුවමක් දීලා තියෙනවා. පාඩමක් උගන්වලා තිබෙනවා.

ජනවාරි 8 වෙනිදාට පෙර තිබූ ප‍්‍රධාන ඉල්ලීමක් වන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මේ රටට හදුන්වා දීම යථාර්ථයක් වීම ගැන මොකද කියන්නේ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම දැන් යථාර්ථයක් බවට පත් කිරීම අමාරුයි. ඒකට ජනමත විචාරණයක් ඕනේ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඡන්දයක් ඕනේ. එැන්නක් කරන්න ගියොත් මේ රට බෙදන්න යනවා කියලා විශාල උද්ඝෝෂණයක් එන්න පුළුවන්. සමාජ ජාලා වෙබ් අඩවි වාගේ දේවල් පාවිච්චි කරලා ජනමතය වෙනස් කරාවි. දැන් රටේ තත්ත්වය වෙනස්. ජාතිවාදය ඉස්මතුවෙලා තිබෙන්නේ.