ජනවාරි 8 සහ පෙබරවාරි 10

නිර්මාල් රංජිත් දේවසිරි

2015 ජනවාරි 8 සිදු වූ දේශපාලන පරිවර්තනයේ ක‍්‍රියාත්මක අවසානය පසුගිය පෙබරවාරි 10 පළාත්පාලන මැතිවරණය සමගින් තීරණාත්මක අවසානයකට පැමිණ තිබේ. ඉදිරි සති කීපය තුළ දේශපාලන කරළියේ තීරණාත්මක වෙනසක් හදිසියේ සිදු නොවුණහොත් රාජපක්ෂවරු නැවත ආණ්ඩු බලය ලබා ගැනීම කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් පමණි.

දැන් අප ඉදිරියේ ඇති ප‍්‍රශ්නය වන්නේ 2015 ජනවාරි 8 සිදු වූ දේශපාලන පරිවර්තනය මේ තරම් කෙටිකාලීන එකක් වූයේ මන්ද යන්නයි. මීට මගේ ඉතාම කෙටි පිළිතුර වන්නේ එහි කෙටිකාලීන පැවැත්ම එම පරිවර්තනයේ ස්වභාවය තුළම ගැබ් වී තිබූ බවයි. දිගු කතාවක් කෙටියෙන් කියනවානම් ජනවාරි 8 සිදු වූයේ රාජපක්ෂ පාලනය විසින් ජනිත කර තිබූ විවිධ අසහනයන් එක් නිශ්චිත මොහොතක එක් දේශපාලන කඳවුරක් ලෙස සංවිධානය වීමයි. රාජපක්ෂ කඳවුර මෙන් එය අභ්‍යන්තර සංගතභාවයකින් යුක්ත එකක් වූයේ නැත. රාජපක්ෂ කඳවුර සමන්විත වී ඇත්තේ මූලික වශයෙන්ම මෙරට වාර්ගික-ආගමික බහුතරය වන සිංහල-බෞද්ධයාගේ දේශපාලන මනඃඍෂ්ටියට සාර්ථක ලෙස ආමන්ත‍්‍රණය කිරීමට ඇති හැකියාව මතයි. පශ්චාත්-නූතන සමාජ න්‍යායන්හි කියැවෙන ආකාරයට සමාජය” යනුවෙන් සාධනීය සමස්තයක් නොපවතින නිසා සිංහල-බෞද්ධ ජන ප‍්‍රජාව පවා එක් දේශපාලන ගොනුවක් තුළට සම්පූර්ණ වශයෙන් ගොනු කළ නොහේ. ඒ අර්ථයෙන් ගත් කළ සිංහල-බෞද්ධ දේශපාලන මනඃඍෂ්ටිය සාක්ෂාත් කරගත හැක්කේ සාපේක්ෂ අර්ථයකිනි. රාජපක්ෂවාදය යනු සාපේක්ෂ අර්ථයකින් සිදු වූ එකී සාක්ෂාත් වීමේ ප‍්‍රතිඵලයයි. නමුත් ඒ සාක්ෂාත් වීම සමඟ ම එහි නිෂේධය ද (negation) වර්ධනය වේ. ජනවාරි 8 යනු ඒ අනුව එම නිෂේධය යි.

ජනවාරි 8 ව්‍යාපාරයේ පැවැති ආවේණික සීමාවක් වූයේ එයට, රාජපක්ෂ ව්‍යාපෘතිය පරාජය කිරීම හැර, එක් දේශපාලන කඳවුරක් බවට පත් වීමට තිබූ නොහැකියාවයි. එය සංවිධානාත්මක වශයෙන් සමන්විත වී තිබුණේ දේශපාලන ජනප‍්‍රජාවන් රැුසකට ආමන්ත‍්‍රණය කරනු ලබන සංවිධාන රැුසකිනි. මීට වෙනස් ලෙස රාජපක්ෂ කඳවුරට ප‍්‍රමාණාත්මක වශයෙන් අතිවිශාල වූ එක් දේශපාලන ජනප‍්‍රජාවකට (සිංහල-බෞද්ධයා) ආමන්ත‍්‍රණය කිරීමේ හැකියාව තිබුණි. මේ නිසා ජනවාරි 8 ව්‍යාපාරය මගින් පරිකල්පනීය වශයෙන් නිර්මාණය කෙරුණු දේශපාලන දැක්ම (මෙය සංයුක්ත වශයෙන් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් පැවැති සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ දස වැදෑරුම් දැක්ම තුළ ගැබ් වී තිබිණි.) සීමිත වශයෙන් හෝ සාක්ෂාත් කිරීමට සමත් දේශපාලන ගොණුවක් නොතිබිණි. ‘‘සිවිල් සමාජය” යන ගැටලූ සහගත පදයෙන් තමන්වම හඳුන්වාගනු ලැබූ පිරිසට මේ සඳහා වූ බලපෑමේ හැකියාව නොතිබුණි. එහි ප‍්‍රතිඵලය වූයේ ස්ථාපිත දේශපාලන ප‍්‍රභූ තන්ත‍්‍රයේම පිරිසක් ආණ්ඩුබලය ලබා ගැනීමයි. ඒ අය තුළ, තේරුම්ගත හැකි පරිදිම ජනවාරි 8 පරිකල්පිත අභිලාෂ නියෝජනය කිරීමේ අධිෂ්ඨානයක් කිසිසේත් නොතිබුණි. මේ නිසා ජනවාරි 9වන දින පටන් ම එම ආණ්ඩුව අපකීර්තියට පත් වීම ඇරඹිණි. 2018 පෙබරවාරි 10 මැතිවරණයෙන් ප‍්‍රකාශයට පත් වූයේ එම ක‍්‍රියාවලියේ පරිසමාප්තියයි.

මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙන්නුම් කෙරෙන, මෙහි දී සාකච්ඡුාවට ගැනීමට ඉඩ නොමැති, ඇඟවීම් විශාල ප‍්‍රමාණයක් ඇත. ඡුන්දය භාවිත කර ඇති ආකාරයෙන් එහි ඇතැම් ඇගවීම් නිරීක්ෂණය කිරීමට පුළුවන. ඉතා වැදගත් කාරණය වන්නේ රාජපක්ෂවරුන්ට ඡුන්දය ලැබීමේ රටාවේ විශාල වෙනසක් දක්නට නොලැබීමයි. කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ජනාධිපතිවරණයට සාපේක්ෂව 2015 අගෝස්තු මහමැතිවරණයේ දී කොළඹ අවට නාගරික මධ්‍යම පංතිය අතර රාජපක්ෂවරුන්ට අහිමි වූ ඡුන්ද ප‍්‍රමාණයක් නැවත ඔවුන්ට ලැබී ඇති ආකාරයක් පෙන්නුම් කිරීමයි. එය බෙහෙවින් තේරුම් ගත හැකි වර්ධනයකි. කෙසේ වෙතත්, රාජපක්ෂ ව්‍යාපෘතියට විරුද්ධව 2015 දී ලැබුණු ඡුන්ද පදනම වෙත ළඟා වීමට රාජපක්ෂවරුන්ට හැකියාව ලැබී ඇති බවක් නොපෙනේ. ඒසේ වුව ද එහි අනෙක් පැත්ත වන්නේ ආණ්ඩුබලයේ වැඩි කොටස හොබවන එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති තීරණාත්මක පරාජයයි.
මේ නිසා මෙම මැතිවරණ ප‍්‍රතිඵලය ඇත්ත වශයෙන්ම සැලකිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයේ පරාජයක් ලෙසටයි. 2015 අගෝස්තු මාසයේ එයට ආකර්ශනය කරගත හැකි වූ ඡුන්ද වලින් කොටසක් මෛත‍්‍රිපාල කඳවුරට සහ ජනතා විමුක්ති පෙරමුණට හැරී ඇති බව අනුමාන කළ හැක.