කඩුවට බෙල්ලම යයි

උපාලි කොළඹගේ

වර්තමාන යහපාලන ආණ්ඩුවේ ප‍්‍රධාන පක්‍ෂ දෙක වන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දී දැඩි ලෙස පසුබෑම දැනටමත් දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ පුළුල් කතා බහකට ලක් වෙමින් පවතී. ඇතැම් එ.ජා.ප පාක්ෂිකයන් එජාපය යාන්තම් ජාම බේරාගත් බවට වූ අර්ථ විරහිත වාගලංකාරයකින් ස්වයං වින්දනයක් ලැබුවද ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට ඒ අල්ප වූ ඉඩ කඩවත් විවරව නොපවතී.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ලැබුවේ අන්ත පරාජයකි. එක්සත් ජාතික පක්‍ෂයේ පරාජයද ඊට වඩා වෙනස් වනුයේ මද වශයෙනි. අපි කැමති වුණත් නැතත් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ මෙම මැතිවරණයෙන් පැහැදිලි ජයග‍්‍රහණයක් හිමිකර ගත්තේය. එම පක්ෂයේ නිල නොවන නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. ජී.ඇල්. පීරිස් හෝ මහින්ද ශී‍්‍රලනිප අනුශාසකයකු යන්න දැන් වලංගු නැත.

මහින්ද පාර්ශ්වය ලැබූ සියලූම ඡුන්ද ශී‍්‍රලනිප ඡන්ද අටුව කඩා ලබාගත් ඡුන්ද බවද ඉතා පැහැදිලිය. සමහර විටෙක මේ ලිපිය පළවන විට මහින්ද රාජපක්‍ෂ ශී‍්‍රලනිපය තුළ යළි බලය තහවුරු කර ගෙන සිටිනවාද විය හැක. ශී‍්‍රලනිපය දිය කර හැරිය බවට වූ චෝදනාවෙන් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ගැලවිය හැක්කේ ද සිය කැමැත්තෙන් ම එවැන්නකට එකග වීමෙන් පමණි.

කෙසේ වුවත් වසර 03ක් තිස්සේ කඩුව වනමින් සිටියා මිස මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉන් ගතයුතු වැඩය ගත්තේ නැත. දැන් ඔහු අත්විදිනුයේද එහි අනිටු ප‍්‍රතිඵලය. හොරු ඇල්ලිය යුතු වෙලාවේ එය මගහැර සිටියේ ද ශී‍්‍රලනිප ඡුන්ද කුට්ටියට ලොල්වය.

අවසානයේ දේශපාලන වශයෙන් ආරක්‍ෂාව අයැද සිටීමේ තත්ත්වයට මෛතී‍්‍රපාල සිරිසේන මහතා පත්ව ඇතැයි කීවොත් එය නිවැරදි යයි සිතමි.
හොරු රකින චෝදනාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ට එරෙහිව ද බරපතළ ලෙස එල්ලවී තිබේ. එහෙත් අවසානයේ ඔහුද බුලත් කොළය ඉරා දැමීමට ගොස් තමන්ගේ කොලය ඉරා ගත්තේය. දැන් ඇගේද හලාගෙන ඇත.

මෙම පරාජයන් අයහපාලන ආණ්ඩුවේ පරාජයක් ලෙසය අප සලකනුයේ. මේ පිළිබදව විවිධ අර්ථකතන දැනට ඉදිරිපත් වෙමින් පවතී.
සාමාන්‍ය මහජනයා පවසනුයේ පසුගිය 3 වසර තිස්සේ ඇගට දැනට ඇසට පෙනෙන යමක් ආණ්ඩුව නොකළ බවය.

විද්වතුන්ගේ මතය යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 දාට පෙර දුන් පොරොන්දු ප‍්‍රමාණවත් අන්දමට ඉටුනොකළ බවය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත නොකිරීම මෙහිලා ප‍්‍රමුඛත්වයේලා ඔවුහු සලකති.

එමෙන්ම පසුගිය ආණ්ඩු කාලයේ විවිධ චෝදනාවන්ට ලක්වූවන්ට පරීක්‍ෂණ පවත්නා දඬුවම් නොකිරීමද යහපාලන ප‍්‍රධාන පාර්ශ්ව කරුවන් මහජන ආකර්ශනය අහිමි කර ගැනීමට හේතු වූ බව ඔවුහු කියති. මෙම අර්ධ සත්‍යයෙන් යුත් කරුණකි.

පුරවැසි හිමිකම් ගැන වැටහීමක් ඇති උගත් බුද්ධිමත් මධ්‍යම පන්තිය තුළ නම් ආණ්ඩුව ගැන කළකිරීමට ඉහත කී කරුණු ඉවහල් වූ බව පරම සත්‍යයකි.
එහෙත් බහුතර සාමාන්‍ය ජනතාව කෙසේවත් මීට ඉවහල් කරගත නොහැක. ඔවුන්ට රාජපක්‍ෂ රෙජීමයේ දූෂිතයන් හා අපරාධකාරයන් නො ඇල්ලීම ප‍්‍රශ්නයක් නම් මෙලෙස බුරුතු පිටින් ගොස් පොහොට්ටුවට ඡුන්දය දෙන්නේ නැත.

කටුක යථාර්ථය එයයි. සාමාන්‍ය මහජනයා අතරින් බහුතරයට නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන කිසිදු හැගීමක් නැත. තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද දන්නා අය උගත් පන්තිය අතරද සිටිනුයේ සුළු වශයෙහි.

මේවා නිකම්ම හිතලූ නොව පෞද්ගලික මට්ටමේ නියැදි පරීක්‍ෂණ මගින් උකහා ගත් දෙ ය. රාජපක්‍ෂ පාලන කාලයේ සිදු වූ මහා පරිමාන අපරාධ, වංචහා දූෂණ සිදුවූ බවට චෝදනා නැගුවේද වර්තමාන යහපාලන ආණ්ඩුවේ නායකයන්ය. රනිල් හා මෛතී‍්‍ර යන දෙදෙනාද සෘජුවම චෝදනා කළහ. එහෙත් ඔවුන්ට එරෙහි පරීක්‍ෂණ සිදු වූයේ මන්දගාමීවය. පරීක්‍ෂණ අවසන් කෙරුණු ලිපිගොනු හමස් පෙට්ටියේ බවට මෛතී‍්‍ර හා රනිල් පාර්ශ්ව දෙකම එකිනෙකා චෝදනා කරගත්හ.

මෙම තත්ත්වය මත සාමාන්‍ය ජනතාවට පැමිණිය හැකි පහසුම නිගමනය වූයේ මේ සියලූ චෝදනා අසත්‍ය හා දේශපාලන මඩ ගැසීම් යන්නය.
අපේ ජනතාවගේ කියවීමේ හා ලිවීමේ හැකියාව ඉහළ මට්ටමක තුබුණද දේශපාලන සාක්ෂරතාව අතින් ඉතා දිළි`දුය. අපේ ඇතැම් ජන කොටස්වල හැසිරීම තමිල්නාඩු ජනතාවගේ දේශපාලන හැසිරීමට සමානය. ඔවුනටසේම අපේ අයටත් නායකයා ආකර්ෂණිය පෙනුමින් යුතු විය යුතුය. පූසාරියකු තරමටම ආගම හා බැදී සිටිය යුතුය. අයිතිවාසිකමින් යමක් ලබා ගැනීමට වඩා දණ්ඩ නමස්කාර කර බලූ ගැති ස්වරූපයෙන් යමක් ලබා ගැනීමට ඔවුහු කැමතිය.

මෙවැනි දීන මානසිකත්වයෙන් යුත් අති විශාල පිරිසක් සිටින බව කීම පොදු ජනතාවට කරන අපහාසය කැයි නොසිතමි.

එමෙන්ම 2015 ජනවාරි 08 විප්ලවයට කර උර දුන් උගතුන්, කලාකරුවන්, ආදීන් ක‍්‍රමයෙන් දුරස්කර තැබීමට නායකයන් දෙදෙනොම කටයුතු කළ බව රහසක් නොවේ.

මෙම ඡුන්දයේ දී ඒ අයගේ සහාය නොලැබී යෑම තුළද විශේෂයෙන් එජාපයට පාඩුවක් සිදු විය.

මධ්‍යම පාන්තිකයාගේ බලවත් කලකිරීමට තව ප‍්‍රබල හේතුවක් වූයේ පක්‍ෂ දෙකේ අසමගියයි. අවම වශයෙන් නායකයන් දෙදෙනාවත් එක මතයක පිහිටා කි‍්‍රයා කළෝ නම් තත්ත්වය වඩා යහපත් වන්නට ඉඩ තිබිණ. මෙය ජනයාගේ කල කිරීමට මෙන්ම හාස්‍යයට හේතුවිය. මෙහි ප‍්‍රබලම වරදකරුවා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන බවද කිවයුතුය.

එතුමා කෙලෙහි ගුණ ආදී සදාචාර සීමා උල්ලංඝනය කරමින් සිටිනු දක්නට ලැබිණ. කඩුව වැනුවේ ශී‍්‍රලනිප දේශපාලන මාරුතයට අනුවය. එහෙත් අවසානයේ කැපී ගියේ එතුමාගේ බෙල්ලමය. බැදුම්කර චෝදනාව එජාපයට එල්ල කිරීමෙන් එජාපයට පාඩුවක් සිදු වුවත් ශී‍්‍රලනිපයට වාසියක් අත් වූයේ නැත.

ගෙදර ගිනි පිට දීමෙන් යළි සම්මුතිවාදී ආණ්ඩුව ගෙනයා නොහැකි තැනට පත්ව ඇත. රට අරාජික නොවී ආණ්ඩුවට ඉදිරියට ගෙන යෑමේ වුවමනාවක් ඇත්නම් දෙපාර්ශ්වය කළ යුත්තේ ප‍්‍රතිපත්ති රාමුවක් මත සම්මුතියකට එළඹීමය. එහෙත් බොහෝ විට සිදුවිය හැක්කේ ශී‍්‍රලනිපය යළි රාජපක්‍ෂ මහතා වෙත තල්ලූ වීමය.

හැම කළු වළාකුලකම රිදී රේඛාවක් ඇතිවාක් මෙන්ම මෙම පරාජයෙන් පසු මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිර්පාක්ෂිත ජනාධිපතිවරයෙකු වී ජනතා අපේක්‍ෂාවන්ට මුල් තැන දී කටයුතු කළ හොත් එය පරාජයෙන් ලැබූ ජයක් වන්නේය. අපේ පැතුමද එයයි.