රාවය

මෙරට රග්බි සලකුණ

මෙරට රග්බි සලකුණ

තරුණ කි‍්‍රකට් කී‍්‍රඩකයකුගෙන් මෙරට කි‍්‍රකට් වීරයකු පිළිබද විමසුව හොත් ඒ නම් අතර මුලින්ම කියවෙන නමක් වනුයේ කුමාර සංගක්කාරය. ඒ ගැන කිසිදු විවාදයක් නැත. ඒ තරමට සංගක්කාර තරුණ කී‍්‍රඩකයන් අතර පුරාවෘත්තයකි. එම පැනයට මෙරට නවක රග්බි කී‍්‍රඩකයෙකුගෙන් විමසුව හොත් ලැබෙන පිළිතුර ෆසිල් මරිජාය. එයද විවාදයක් නැත. මෙවර රගර් පිටියේ මරිජා යනු පුරාවෘත්තයකි. මේ අපූරු ශක්ති වන්තයා නොබෝදා සිය රග්බී තරගකාරීත්වයට සමුදුන්නේය.

වසර ගණනාවක් පුරා උපයාගත් වෙහෙසකර අත්දැකීම් තරගකාරීත්වයෙන් ඇත් කොට සිය නැගී එන අංකුරවලට දැනුම සේ පොම්ප කිරීම ඔහුගේ ඊලග උත්සාහයයි.

මහනුවර කිංස්වුඞ් විද්‍යාලයේ දීප්තිමත් රගර් කී‍්‍රඩකයකු වූ ෆසිල් මරිජා ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලබනුයේ 2003 වසරේදීය. පාසල් කී‍්‍රඩකයකු ලෙස මහනුවර කිංස්වුඞ් විද්‍යාලයට විශිෂ්ට සේවාවක් කළ ඔහු ජාතික රගර් කණ්ඩායමද සාධාරණය ඉටු කළේය. ඔහු සැබෑවින්ම මෙරට බිහි කළ සුපිරි රගර් කී‍්‍රඩකයෙකු විය.

මහනුවර නිත්තවෙල කී‍්‍රඩාංගණයෙන් රගර් අත්පොත් තැබූ ඔහු තරගකාරී රග්බී දිවියට සමු දෙන්නේද නිත්තවෙල කී‍්‍රඩාංගණයේදීමය. ඒ හැව්ලෝක්ස් කණ්ඩායමට එරෙහිව තරග වදිමිනි. එම තරගයෙන් මහනුවර කණ්ඩායම ලකුණු 30 – 28 ලෙස ජයගන්නා අතර ඊට මරිජාගේ උත්සාහක දිනුම් තුනක ලකුණුද ඇතුළත් විය දක්‍ෂතාවයෙන් තවමත් ඉහළ අඩියක සිටින ෆසිල් මරිජා නවක කී‍්‍රඩකයන්ට ඉඩ සලසමින් හැකියාවන් තිබියදීම රගර් තරගවලට සමුදෙන්නේ මහත්මා ගුණයද ප‍්‍රගණ කරමිනි. ඉතා විනය ගරුක කී‍්‍රඩකයකු වූ ෆසිල් සැබැවින්ම ඇදහිය හැකි කී‍්‍රඩකයෙකි.

2007,2008,2009 යන වසරවල දක්‍ෂතම කී‍්‍රඩකයා කිරුළ ෆසිල් මරිජාව හිමි වූයේ ඔහු සතු සුපිරි දක්‍ෂතා නිසාය. දේශපාලන හයියෙන් රග්බී කී‍්‍රඩකයන් වූ බොහෝ අයට මරිජාගේ අසලකටවත් ළංවන්නට නොහැකි වූ මුත් දේශපාලන හයියෙන් ඒ අය බැබළෙද්දී මරිජා සිය හැකියාවෙන් උපරිම තලයට ආවේය.

මරිජා කී‍්‍රඩාවේ තරගකාරීත්වයට සමුදී ඇත. එහෙත් රග්බී කී‍්‍රඩාවට ඔහුගෙන් ලද හැකි සේවාව උපරිමය. එය ලබා ගැනීමට මෙරට රග්බී පාලකයන් සමත් වේවායි පතමු.