රාවය

ආදරයේ සුවද රැදි ආදරෙයි මං

ආදරයේ සුවද රැදි ආදරෙයි මං

රුවන් ජයනාත්

ආදරෙයි මං ඇත්තටම ආදරනීයයි, මෑත කාලීනව යොවුන් ආදරය ගැන නිර්මාණය වූ බොහෝ චිත‍්‍රපට සමග සසදා බැලීමේදී චිත‍්‍රපටය පුරාම ආදරය ගලා හැලෙන ආදරණීය චිත‍්‍රපටයක් ආදරෙයි මං.

යොවුන් පේ‍්‍රමය සර්ව කාලීන තේමාවක් වුවත් මේ වන විට සමාජයේ ආදරය වර නැගීම බොහෝ දුරටම වෙනස් වෙලා. අද ආදරය දැනීම ආදරය විදීම වෙළෙද පාරිභෝගික භාණ්ඩයක් ගානටම රූපණය වෙලා. ආදරයේ හැගීම් ප‍්‍රකාශ කිරීමේ කළාපය සෙල් ෆෝන් එක අත්පත් කරගෙන. ආදරය සන්නිවේදනය කුඩා ී ඵ ී පණිවිඩයකට සහ මුහුණු පොතට සිමා වෙලා. දැන් ආදරය කිරීමේ කලාවක් සමාජය තුළ දක්නට නොලැබෙන අතර ඒ වෙනුවට ආදරය, රාගය බෙදා හදා ගැනීම දක්වා පමණක් සීමා වෙලා. ඒ කියන්නේ කෙල්ලයි කොල්ලයි අද යාලූවෙනවා හෙට කාමරයට යනවා අනිද්දා සම්බන්ධෙ ඉවරයි. සමාජය වේගයෙන් භෞතිකව වෙනස් වෙනකොට ඊට සාපේක්ෂව හැගීම් කලාපයන් වෙනස් වෙන්නේ එහෙමයි. මෙවන් වටපිටාවක් තුළ ආදරෙයි මං මෙම සමාජ යන්ති‍්‍රකබව අතික‍්‍රමණය කරමින් ආදරය හැගුම් නිර්ව්‍යාජව ප‍්‍රකාශ කරන නිර්මාණයක් ලෙස ඉස්මතු වෙනවා. ඒ නිසා ආදරෙයි මං යොවුන් පේ‍්‍රමය ගැන මෑත කාලීනව බිහිවූ හොදම සිනමා ප‍්‍රකාශනයක් ලෙස සළකන්න පුලූවන්.

මෑත කාලීන ව බිහිවූ ආදරය මාතෘකා කරගත් චිත‍්‍රපටවල දක්නට නොලැබෙන්නේම ආදරයයි. ආදරයේ විචිත‍්‍රභාවය ඉස්මතු කරන්න අමුතුවෙන් උපාය උපක‍්‍රම භාවිත නොකළත් මේ චිත‍්‍රපටයේ පුරාම ආදරයේ මිහිර ගලායනවා.

මේ චිත‍්‍රපටයේ මා නෙත ගැටුනු අනිත් විශේෂත්වය තමයි අපි දන්නා වට්ටෝරු ආදර කථාව අපි දන්නා ආකාරයටම ගලා ගියත්, එය නැවූම් අත්දැකීමක් ලෙස බෝරින් නොවී අවසානය තෙක් බලා හි`දින්නට හැකිවීමයි. එයට ප‍්‍රධාන හේතුව ලෙස මා දකින්නේ අධ්‍යක්‍ෂවරයා තම නිර්මාණයට පූර්ණ ලෙස අවංකවීමයි. අනික් කාරණය තමයි කැමරා කෝණ එම අවංකභාවය නොනැසෙන පරිදි ඉතා සංයමයෙන් ගොඩනැගීමයි. මෙම චිත‍්‍රපටයේ රූප පෙළෙහි ඇති විචිත‍්‍රත්වයේ නිර්ව්‍යාජභාවයට පි.යූ.ඞී පෙරේරාගේ රූප රචනයෙහි ඇති පරිනතබව බෙහෙවින් ඉවහල් වී ඇති බව ප‍්‍රකාශ කළ යුතුයි. තවද මෙම චිත‍්‍රපටයේ රංගනය ගැන විශේෂයෙන්ම ස`දහන් කළ යුතුයි. ආදරයේ සුන්දර බව රංගනය තුළින් මතු කර ගැනීමට අධ්‍යක්‍ෂවරයා සමත් වී තිබෙනවා. විශේෂයෙන්ම චතුරිකා පීරිස් ගේ මෙතෙක් අප නොදුටු රූපන හැකියාවක් මෙම චිත‍්‍රපටියේදී මතු වෙනවා. එහෙත් අධ්‍යක්‍ෂවරයාම රංගන ශිල්පියාත් වන විට මතුව අභියෝගාත්මක තත්ත්වය යටතේ ප‍්‍රගීත්ගේ රංගනය සමහර අවස්ථාවල අධිරංගනයක් බවට පත් වෙනවා. එයින් චිත‍්‍රපටයේ සුමට ගලා යෑමට බාධා පමුණුවනවා. රංගනයේ මෙම නොසලාකහැරිය හැකි මට්ටමේ දුර්වලතාව හෝ නොතිබුණා නම් මෙම චිත‍්‍රපටය පුරා රංගනය ප‍්‍රසස්ත මට්ටමක තියෙනවා. ඔහු ආචාර්ය සාලමන් ෆොන්සේකා යටතේ රංගනය හදාරා තිබෙන රූපණ ශිල්පියෙක් බව ඔහුගේ රංගනයෙන් මනාව ඉස්මතු වෙනවා.

මෙම චිත‍්‍රපටයේ මා හදුනාගත් පැහැදිලි දුර්වලතාව තමයි අපි කවුරුත් ආදරය කරන වික්ටර් රත්නායකයන් චිත‍්‍රපටයේ සෑම ගීතයක්ම ගායනා කිරීම. අපගේ අතීතකාමය වික්ටර් රත්නායකයන් හා බැදී තිබුණත් වික්ටර් රත්නායකයන් පේ‍්‍රම ගීතයේ පරමාදර්ශ රූපකයක් වුවත් එය ඉතා අනුචිත කි‍්‍රයාවක් ලෙසයි මට හැගෙන්නේ. මොකද මේ මොහොතේ තාරුණ්‍යයේ පේ‍්‍රමණීය හඬ සංකේතය වික්ටර් රත්නායකයන් නොවන නිසා, ගීත කිහිපයක් හෝ නවයොවුන් විය නියෝජනය කරන ගායකයෙක් හෝ කිප දෙනෙක් ගායනා කළා නම් චිත‍්‍රපටයේ ගීතවල තිබෙන ඒකාකාරී බව වළක්වා ගන්න ඉඩ තිබුණා. එය එසේ වුවත් චිත‍්‍රපටයේ පසු බිම් සංගීතය පේ‍්‍රමණීයයි. වික්ටර් රත්නායකයන් සත්සර ඔස්සේ පේ‍්‍රමයේ මිහිර විහිදුවාලනවා.

චිත‍්‍රපටයේ සංස්කරණය පිළිබද අවධානය මද බවයි පෙනෙන්නට තිබුණේ සිද්ධියකින් තවත් සිද්ධියක් රූපන ඡේදනය වන විට කොම්පියුටර් තිරයක් භාවිත කර තිබුණේ කුමක් නිසාදැයි පැහැදිලි නැහැ. එය චිත‍්‍රපටයේ අප තුළ ගොඩනගන මනස් චිත‍්‍රයක බලපෑම් කළා.

මේ සියල්ලම වඩා වැදගත් දේ තමයි මාධ්‍ය දර්ශනය නරඹපු අපේ සගයන් වඩා පේ‍්‍රමණීය වෙලා සිටීම. ආදරෙයි මං නිසා හැගුම් ඇවිලූනු වඩාත් පේ‍්‍රමණීය සැදෑවක් ගත කරන්න අවස්ථාව හැමදෙනාටම උදා වුණා.

ඔබත් ආදරයේ ගුණ සුවද ස්පර්ශ කරන්න කැමතියි නම් මං හිතන්නේ ආදරෙයි මං කියන්නේ පේ‍්‍රක්‍ෂක ඔබට හිමිවන ඉතා හො`ද අවස්ථාවක්.