‘ශ‍්‍රී ලාංකික වාස්තු විද්‍යා ක්ෂේත‍්‍රයේ ආරම්භය සහ විකාශනය’

වරලත් වාස්තු විද්‍යාඥ – අනුර දයාරත්න

 

ශ‍්‍රී ලාංකික වාස්තු විද්‍යාවේ ඉතිහාසය සොයා යනවිට දැනට තිබෙන සාධක අනුව මෙහි ආරම්භය අනුරාධපුර යුගයටත් එහා දිව යන්නක්. ආර්යයන් මෙරටට එන්න කලින් මෙහි තිබුණු ගෘහ නිර්මාණ ශිල්පයක් ගැන ලිපි ලේඛනවල සඳහන් වෙනවා වගේම ආචාර්ය දැරණියගලගේ කැණීම් වලට අනුව එය ක‍්‍රි.පූ. 9 වන සියවස දක්වා පසුපසට යනවා. (ඉන්දියාවේ දැනට තියන පැරණිම ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ ක‍්‍රි.පූ. 6 වන සියවසට අයත්.)

වාස්තු විද්‍යාව මෙරටට ආවේ ක‍්‍රි.පූ. 3 වන සියවසේ. අදටත් ක‍්‍රි.පූ. 3 වන සියවසේ හදපු ගොඩනැගිලි වලින් ලෝකයේ ඉතිරිව ඇති එකම ගොඩනැගිල්ල ජේතවනය දාගැබ බව සඳහන් වෙයි. අවසානයට කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු හදපු මහනුවර මාලිගාවත් දෙමහල් ගොඩනැගිල්ලක්. ඉන් පසුව යුරෝපීය ආක‍්‍රමණයෙන් පසු තාක්ෂණය තව තවත් එකතුවෙලා යුරෝපීය අංග ලක්ෂණ සහිත වාස්තු විද්‍යාවක් ඒ 1800 පසු යුගයේදී නිර්මාණය වෙනවා. අදටත් කොළඹ ඇතුළු විවිධ ප‍්‍රදේශ වල යුරෝපීය වස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත ගොඩනැගිලි තිබෙන්නේ ඒ නිසයි. එමෙන්ම අනුරාධපුර සහ පොළොන්නරු යුගවල පැවති වාස්තු විද්‍යාව (Architecture) ඉතාමත් සංකීර්ණ ලෙස පාවිච්චි වී ඇති බවට අනුරාධපුර යුගයේ නගර නිර්මාණ සැලැස්ම අධ්‍යයනය කිරීමෙන් වටහාගත හැකියි.

ඉතිහාසය එවැනි සාධක සහිතව පැවතියත් වාස්තු විද්‍යාව වෘත්තියක් ලෙස ශ‍්‍රී ලංකාව තුළ ගොඩනැගෙන්නේ 1920 වසරේ සිට බව සඳහන් වේ. එනිසා මෙරට වාස්තු විද්‍යා ක්ෂේත‍්‍රයේ ආරම්භය සහ විකාශනය ගැන සොයා යන්නට මේ ලියුම්කරු උත්සාහ දරන්නේ මෙම මස 22 වන දින පැවැත්වෙන ශ‍්‍රී ලාංකික වාස්තු විද්‍යාඥයින්ගේ වාර්ෂික උත්සවය නිමිති කරගෙනය. 1920 වසරේදී එවකට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සංකීර්ණ වූ විෂයයක් වන වාස්තු විද්‍යාව විදේශීයව ක‍්‍රමානුකූලව හැදෑරීමක් සහිතව සිටි වාස්තු විද්‍යාඥයින්ගේ මූලිකත්වයෙන් ගොඩනැගෙන වාස්තු විද්‍යාඥයින්ගේ එකමුතුව 1957 දක්වා පැවති අතර එයට විදේශීය වශයෙන් සුදුසුකම්ලත් වාස්තු විද්‍යාඥයින් 20 දෙනෙකු පමණ සාමාජිකයින් වශයෙන් සිටි බවද සඳහන් වේ. ඉන්පසුව 1957 වසර වාස්තු විද්‍යා ක්ෂේත‍්‍රයේ නව පරිච්ෙඡ්දයක් ආරම්භ වූ වසරක් ලෙස සඳහන් කළහැක්කේ ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාව තුළ Ceylon Institute of Architects නමින් වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයක් ආරම්භ කරමින් එය වෘත්තියක් ලෙස රාජ්‍ය පිළිගැනීමට ලක්වූ ආයතයක් ලෙස ස්ථාපිත වූ නිසයි. 1957 සැප්තැම්බර් 17 වන දින ගාලූමුවදොර හෝටලයේදී ආරම්භ වූ එහි සියලූ සාමාජිකයින් එංගලන්තයේ අධ්‍යාපනය ලබා එරට වාස්තු වෘත්තිකයින්ගේ සංගමය ව Royal Institute of British Architects හි සාමාජිකත්වය ලැබූවන්ය. ඔවුන් සියලූදෙනාම එවකට ශ‍්‍රී ලංකාව තුළ විසූ ප‍්‍රවීණ මෙන්ම පළපුරුදු වාස්තු විද්‍යාඥයින්ගෙන් සුසුම් ලත් මෙහි සිටි සාමාජිකයින් අතර පසුකාලයේ ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමය මගින් රන් සම්මානයෙන් පිදුම් ලැබූ ප‍්‍රවීණ වාස්තු විද්‍යාඥයකු වූ ජස්ටින් සමරසේකර ද විය. ඒ අනුව එහි ප‍්‍රථම සභාපතිවත්වය දැරුවේ ටී.එන්. විනි ජෝන්ස් වන අතර වසරකට පසුව ඔලිවර් වීරසිංහ සභාපති ධුරයට පත්විය. සාමාජිකයින් 30කින් සැදුම්ලත් මෙම සංගමයට 1960 වසර වනවිට Royal Institute of  British Architects  ආයතනයේ පිළිගත් ආයතනක් ලෙස සහතික කරන ලදි.

එතැන් පටන් Ceylon Institute of Architects ආයතනය ඉතාමත් උද්යෝගයෙන් මෙන්ම මහත් කැපකිරීමෙන් වැඩකරමින් ඉදිරියට ගමන් කළ අතර ක‍්‍රමයෙන් ශ‍්‍රී ලංකාවේ ඉහළ මධ්‍යම පාන්තිකයන් අතර වාස්තු විද්‍යාඥයින් පිළිබඳවත් වාස්තු විද්‍යාව පිළිබඳව සැලකිය යුතු පිළිගැනීමක් නිර්මාණය වෙමින් පැවතුණි.

අනතුරුව 1976 වසරේදී එවකට ඉදිකිරීම් ඇමති තනතුර දැරූ පීටර් කෙනමන් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ කෙටුම්පතක් අනුව ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය  (Sri Lanka Institute of Architects) ස්ථාපිත කරන ලදි. එතැන් පටන් පාර්ලිමේන්තුවේ නීතිගත කරන ලද වාස්තු වස්තු විද්‍යාඥයින්ගේ පනත අනුව මෙරට වාස්තු විද්‍යා ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහා කටයුතු කිරීමේ බලයත් මෙරට තුළ වාස්තු විද්‍යාඥයින් බිහිකිරීම සඳහා අධ්‍යාපන ආයතන පිහිටවීමේ බලයත් ශ‍්‍රී ලංකා වස්තු විද්‍යාඥයින්ගේ ආයතනය වෙත පවරනු ලැබීය.

කෙසේනමුත් මෙරට ප‍්‍රථම වාස්තු විද්‍යාව උගන්වන ආයතනයක් ආරම්භ වී ඇත්තේ කාර්මික පාඨමාලාවක් මරදාන කාර්මික විද්‍යාලයේ 1946දී සිසුන් 12 දෙනෙකුගෙන් ආරම්භ වූ පාඨමාලාවයි. එය වසර 20ක් පමණ පැවති අතර එහි ඉගෙනුම ලැබූ බොහෝ ශිෂ්‍යයින් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වූ බව සඳහන් වේ.

එයට පසුව ශ‍්‍රී ලංකාවේ වාස්තු විද්‍යාව උගන්වන ප‍්‍රථම අධ්‍යාපන ආයතනය වූ කටුබැද්දේ ප‍්‍රයෝගික තාක්ෂණ ආයතනය 1961දී ආරම්භ කරන ලද්දේ එංගලන්තයේ Royal Institute of  British Architects ආයතනයේ අනුග‍්‍රහය ඇතුව වන අතර විභාග පවත්වන ලද්දේ ඔවුන්ගේ බාහිර ශිෂ්‍යයන් වශයෙනි. වසර තුනක පාඨමාලාවක් වූ එය අවසානයේ Royal Institute of British Architects ආයතනයේ මධ්‍යම පරීක්ෂණය සඳහා පෙනී සිටීමේ අවස්ථාව ලබාදෙන ලදි. ඉන් අනතුරුව වාස්තු විද්‍යාව විශ්ව විද්‍යාල පාඨමාලාවක් ලෙස ප‍්‍රථමයෙන්ම ආරම්භවන්නේ 1959දී Ceylon university  commission එක මගින් කරන ලද නිර්දේශය අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ආරම්භ වූ school of Architecture පාඨමාලාවයි. කෙසේ නමුත් 1964 වර්ෂයේ සිට Royal Institute of British Architects (RIBA)  ආයතනයේ මධ්‍යම පරීක්ෂණය සමත් සිසුන් වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගියේ උසස් අධ්‍යාපනය සඳහා ශ‍්‍රී ලංකාව තුළ ආයතනයක් නොතිබූ නිසයි.

අවසානයේ 1968 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයේ තාත්වික විද්‍යා පීඨය යටතේ වාස්තු විද්‍යාවේ විශ්ව විද්‍යාල පාඨමාලාව ආරම්භ කරන ලදි. මේ කාලය වනවිට ශ‍්‍රී ලංකාව තුළ වාස්තු විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද ගොඩනැගිලි බොහෝදෙනාගේ අවධානය ලක්වීමට පටන්ගෙන තිබුණු අතර මෙරට සිටි ප‍්‍රවීණ වාස්තු විද්‍යාඥයින් වූ ජස්ටින් සමරසේකර, ජෙෆ්රි බාවා, මිනට් ද සිල්වා, වැලන්ටයින් ගුණසේකර, උල්රිච් පෙලෙස්නර්, ක‍්‍රිස් ද සේරම්, ටර්නර් වික‍්‍රමසිංහ වැනි අයගේ නිර්මාණ ශ‍්‍රී ලංකාව තුළ ගොඩනැගුණු යුගය බවට පත්විය.

ඉන්පසුව 1972 වසරේ එය කටුබැද්ද විශ්වවිද්‍යාලයට රැුගෙන යන අතර එහි ආරම්භ වූ මොරටු විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨය තවත් පාඨමාලා රාශියක් දක්වා අද වනවිට වර්ධනය වී ඇත. එතැන් පටන් වසර තුනක උපාධි පාඨමාලාව විද්‍යාවේදී (Bs.c) නිර්මිත පරිසරය (Built Environment) ලෙස ප‍්‍රදානය කෙරුණු අතර එය එංගලන්තයේ  RIBAආයතනයේ අනුමැතිය ලත් උපාධි පාඨමලාවක් විය. ඉන්පසුව එක් වසරක ප‍්‍රායෝගික පුහුණුවකින් පසු නැවත මොරටු විශ්වවිද්‍යාලයේ වසර දෙකක පාඨමාලාවක් වූ විද්‍යාවේදී විශේෂඥ උපාධිය Ms.c (Architecture) ලබාගැනීමෙන් පසු නැවතත් වසරක ප‍්‍රායෝගික පුහුණුවකින් අනතුරුව ශ‍්‍රී ලංකා වසේතු විද්‍යාඥයින්ගේ ආයතනය (Sri Lanka Institute of Architects) මගින් පවත්වන පරීක්ෂණයෙන් සමත්වීම මෙරට පූර්ණ සුදුසුකම්ලත් වාස්තු විද්‍යාඥයකු (Chartered Architect) ලෙස සමාජ ගතවීමේ අවස්ථාව උදාවෙයි. සත්‍ය වශයෙන්ම 1972 වසර ශ‍්‍රී ලංකික වාස්තු විද්‍යා ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්ෂයක් සටහන් කළ වසර ලෙස හැඳින්විය හැකිය. 1972 වසරින් ආරම්භ වූ වාස්තු විද්‍යා පීඨය නිසා නිදහස් අධ්‍යාපනයේ දොරටු වාස්තු විද්‍යා ක්ෂේත‍්‍රයටත් විවෘත වූ අතර කොළඹ 7 ඉහළ ධනපති පන්තියට පමණක් සීමාවී තිබුණු වාස්තු ක්ෂේත‍්‍රයට ගම් නියම්ගම් වලින් පැමිණි සාමාන්‍ය මධ්‍යම පාංතික සමාජයට විවෘත වූ විෂයයක් බවට පත්විය.

එනිසාම මධ්‍යම පාන්තික ජනතාව වාස්තු විද්‍යාව යනු කුමක්ද? ඔවුන්ගේ ස්වයං ලබාගත හැක්කේ කෙසේද යන්න සොයා යන්නට උනන්දු වන බව දක්නට ඇත. වර්තමානයේ මධ්‍යම පාන්තික සමාජයේත් බොහෝදෙනා තම නිවාස සැලසුම් කරගැනීමට වාස්තු විද්‍යාඥයින් සොයා යන්නේ නිදහස් අධ්‍යාපනයේ දොර කවුළු වාස්තු විද්‍යා ක්ෂේත‍්‍රයටත් විවෘතවීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. මෙසේ වාස්තු විද්‍යා ක්ෂේත‍්‍රය පිළිබඳ සමාජයේ ඇතිවූ උනන්දුව සහ දැනුවත්බව නිසාම වර්තමානයේ වාස්තු විද්‍යා අධ්‍යාපනයේ වගකීම දරන ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය විසින් 1986 වසරේදී ඔවුන්ගේම අධ්‍යායපන ආයතනයක් ආරම්භ කරන්නේ මෙරට තුළ තවත් වාස්තු විද්‍යාඥයින් බිහිකරලීමේ අරමුණින්. SLIA Part I, II, III,ලෙස වසර 7ක කාලසීමාවක් අධ්‍යායපනය ලබීමෙන් පසු ප‍්‍රායෝගික පුහුණුව ලැබීමෙන් ආයතනයේ පූර්ණ සාමාජිකත්වය ලබාගැනීමට අවස්ථාව උදාවෙයි. අද වනවිට 1500 ආසන්න පූර්ණ සුදුසුකම්ලත් වාස්තු විද්‍යාඥයින් Chartered Architects මෙරට තුළ වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකත්ව ලබා සිටින අතර ශ‍්‍රී ලංකාව තුළ ක්ෂේත‍්‍රයේ නියැලෙන වාස්තු විද්‍යාඥයින්ගේ සංඛ්‍යාව 1000කට ආසන්නය. මෙයට අමතරව තවත් පුද්ගලික වාස්තු විද්‍යාව උගන්වන ආයතන දෙකක් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙත්, මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේත් ආරම්භ කර ඇති අතර උසස් ප‍්‍රමිතියේ පාඨමාලාවක් පවත්වාගෙනයාම සඳහා එම ආයතනයන් විසින් ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනයේ අනුමැතිය ලබාගත යුතුය.

මෙවැනි ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලාංකික වාස්තු විද්‍යා ක්ෂේත‍්‍රය තුළ සිටින නිර්මාණශීලී වාස්තු විද්‍යාඥයින් (Architects)විසින් කරන ලද නිර්මාණ අද වනවිට මුළු ශ‍්‍රී ලංකාව තුළත් විදේශ රටවලත් දක්නට ඇති අතර විශේෂ ඇගැයීමට සහ සම්මානය පාත‍්‍රවූ සුවිශේෂ නිර්මාණද ඒ අතර වේ.

නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, කන්දලම හෝටලය, දකුණු මුහුදු තීරයේ මෙන්ම මෑතකදී ඉදිවුණු උතුරු නැගෙනහිර මුහුදු තීරයේ බොහෝ සංචාරක හෝටල් ව්‍යාපෘති ශ‍්‍රී ලාංකික වාස්තු විද්‍යාඥයන්ගේ නිර්මාණයන්ය, එමෙන්ම මෑතක සිට කොළඹ නගරයේත්, අනෙකුත් නගර මධ්‍යයේත්, ඉදිවන සුවිසල් මහල් නිවාස ව්‍යාපෘතිවල නිර්මාණ දායකත්වය වැඩි වශයෙන් ලබාදී ඇත්තේද ශ‍්‍රී ලාංකික වාස්තු විද්‍යාඥයින් විසින්ය.

විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය ප‍්‍රවීණ වාස්තු විද්‍යාඥ ජෙෆ්රි බාවා හැරුණුවිට, අතුල රණසිංහ, රත්නසිරි ජයසිංහ, මධුර පේ‍්‍රමතිලක, විනෝද් ජයසිංහ, සුජිත් මොහොට්ටි, චන්න දාස්වත්ත, පාලින්ද කන්නගර, සුසිල් ළමාහේවා, පිලිප් වීරරත්න වැනි අයද ජාත්‍යන්තර වශයෙන් නිර්මාණ කටයුතු කරන ලද වාස්තු විද්‍යාඥයන්ය. මොවුන් අතරින් අතුල රණසිංහ සහ රත්නසිරි ජයසිංහ විසින් ඕමාන් රාජ්‍යයේ නිර්මාණය කරන ලද මස්කට් ගුවන්තොටුපොළ සහ සලලා ගුවන්තොටුපොළද සුසිල් ළමාහේවා විසින් නිර්මාණය කරන ලද ‘ක‍්‍රව්නි ප්ලාසා’ හෝටල් සංකීර්ණයද, ජාත්‍යන්තර වශයෙන් අවධානය ලබා ගත් විශාල පරිමාණයේ ව්‍යාපෘතිය.
වර්තමානයේ මුළු දිවිය පුරා විසිරී සිටින වාස්තු විද්‍යාඥයින්ගේ විවිධ නිර්මාණ හෙට දවසේ මෙරට මෙන්ම ජාත්‍යන්තරයේත් සිය අනන්‍යතාවන් තහවුරු කරන බව නම් අවිවාදයෙන් සඳහන් කළ යුතුය.