‘පද්මාවත්’ භාරතය පුරා දැල්වූ ජාතිවාදයේ ගිනි සිළුව

සම්පත් බණ්ඩාර

කලා කෘතියකට එරෙහිව ජාතිවාදය යොදා ගැනීම අතිශය බිහිසුනු ප‍්‍රතිඵල ගෙනදෙන කි‍්‍රයාවලියකි. පසුගිය ජනවාරි විසිපස් වැනිදා සිට ඉන්දියාව ඇතුළු රටවල් රැසක ප‍්‍රදර්ශනය කරන ලද සන්ජේ ලීලා බන්සාලිගේ ‘පද්මාවත්’ චිත‍්‍රපටයට එරෙහිව ඉන්දියාවේ ප‍්‍රාන්ත රැසක පැතිර ගිය ෆැසිස්ට් ජාතිවාදී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැුල්ල වත්මන් ඉන්දියාවේ විද්‍යාමාන ශිෂ්ටාචාරමය හා ආධ්‍යාත්මික පිරිහීම මොනවට සනිටුහන් කරයි.

දීපිකා පඩුකෝනේ විසින් නිරූපණය කරන පද්මාවතී රැුජිනගේ භූමිකාව හින්දු ජනතාවට අපකීර්තියක් ගෙනදෙන බව පවසමින් දිල්ලි, හරියානා, රාජස්ථාන්, උතුරු ප‍්‍රදේශය, මධ්‍ය ප‍්‍රදේශය හා ජම්මු කාශ්මීර ප‍්‍රදේශවල පැතිර ගිය උද්ඝෝෂණය හා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැල්ලේ පෙරමුණ ගනු ලැබුවේ ලෝකේන්ද්‍ර සිං කල්වි නායකත්වය දෙනු ලබන ‘කර්ණි සේනා’ නම් හින්දු අන්තවාදී සංවිධානයයි. චිත‍්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා දියත් වූ මේ විරෝධතා රැුල්ලේදී අන්තවාදීන් විසින් වෙළෙදසැල් හා වාහන රැුසක් ගිනි බත් කරන ලද අතර, පාසල් ළමුන් ගමන් ගත් බසයකටද නින්දිත ප‍්‍රහාරයක් එල්ල කරන ලදී. සන්ජේලීලා බන්සාලිගේ හෝ දීපිකා පඩුකෝනේගේ හිස ගෙනැවිත් දෙන අයෙකුට විශාල මුදලක් ත්‍යාග ප‍්‍රදානය කරන බවට එක් අන්තවාදී සංවිධානයක නායකයකු ප‍්‍රකාශ නිකුත් කළේය. අන්තවාදීන්ට පාලක භාරතීය ජනතා පක්‍ෂයේ සෘජු හා වක‍්‍ර සහයෝගය ලැබෙන බවට චෝදනා එල්ල විය. ප‍්‍රචණඩ කි‍්‍රයා හා උද්ඝෝෂණ නිසා ලැබුණු අති දැවැන්ත ප‍්‍රසිද්ධිය චිත‍්‍රපටයට වෙස් වලාගත් ආශිර්වාදයක් බවට පත්ව තිබේ.

පද්මාවතියෙන් නැගුණු ජාතිවාදයේ ගිනි දැල් භාරතය පුරා බුර බුරා නැගෙද්දී එය ඉන්දීය චිත‍්‍රපට ඉතිහාසයේ සියලූ අලෙවි වාර්තා බිද හෙළමින් ලොව පුරා අති සාර්ථක ලෙස තිරගත වෙමින් තිබේ. එය පළමු සතිය තුළ ඉන්දියාව හැර චීනය ඇතුළු අනෙකුත් විදෙස් රටවලින් ඉපැයූ මුදල ඩොලර් මිලියන දොළහකි. එය ඉන්දීය චිත‍්‍රපට ඉතිහාසයේ නව වාර්තාවකි. විරෝධතාකරුවන් කි‍්‍රයාත්මක වූයේ ඉන්දියාවේ පමණක් නොවේ. ‘රාජ්ජුත් සමාජ්’ නමැති සංවිධානය චිත‍්‍රපටය එංගලන්තයේ ප‍්‍රදර්ශනය කිරීම තහනම් කරන ලෙස එරටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය.

හින්දු අන්තවාදී සංවිධාන රැසක් චිත‍්‍රපටය තහනම් කරන ලෙස අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටී අතර මෝදී ඒ සදහා ඉතිහාසඥයන්ගේ සහය පැතීය. ඉන්දියාවේ චිත‍්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය (LBFD) චිත‍්‍රපටයේ නම (පද්මාවතී) ඇතුලූ ප‍්‍රධාන නවිකරණයන් පහක් සිදු කරන්නේ නම් චිත‍්‍රපටය ප‍්‍රදර්ශනයට අවසර දෙන බව පැවසීය. මේ අනුව ‘පද්මාවතී’ පද්මාවක් වූ අතර නවීකරණයන් පහ සිදු කිරීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බර් පළමුවැනිදා තිරගතවීමට නියමිතව තිබූ චිත‍්‍රපටය ජනවාරි 25 තිරගත කෙරිණි.

‘පද්මාවත්’ චිත‍්‍රපටයට පාදක වී ඇත්තේ මලික් මොහමඞ් ජයසි විසින් 1540 දී රචනා කළ වීර කාව්‍යයකි. එය දහ හතරවැනි සියවස පදනම් වූ කතා පුවතකි. ජයසි තම වීර කාව්‍ය රචනා කරන්නේ ඉන් වසර දෙසීයකට පමණ පසුවය. එකල ලංකාද්වීප නම් වූ ලංකාවේ උපන් අතිශය සුරූපී පද්මාවතී ‘චිතෝර්’ පෞර රාජ්‍යයේ රජු රාජා රතන් සිං (හින්දු) විසින් විවාහ කරගනු ලබයි. පද්මාවතී රැුජිනගේ රූපශී‍්‍රය පිළිබද සැලවූ දිල්ලියේ සුල්තාන් වරයා වූ අලවුද්දීන් කිල්ජි (මුස්ලිම්) ඇය හිමි කර ගැනීම පිණිස මහා සංග‍්‍රාමයක් දියත් කරයි.

රතන් සිං හා අලවුද්දීන් කිල්ජි අතර ද්වන්ද සටනින් රතන් සිං ජයගන්නා නමුත් ඔහු විරුද්ධවාදීන් විසින් එල්ල කළ ඊ පහරවලින් මියයයි. තම ස්වාමියා සංග‍්‍රාම භූමියේදී මියගිය බව සැලවූ පද්මාවතී රැුජින ගින්නට බිලි වී සිය දිවි හානි කර ගනී. චිත‍්‍රපටයට පසුබිම් වූ කතා පුවත ඉතා සැකෙවින් එලෙසය.

චිත‍්‍රපටය තුළ පද්මාවතී රැජින උත්කර්ශයට නංවා තිබෙන අතර පතිවෘත්තාව සිය ප‍්‍රාණයටත් ඉහළින් රැුක ගත් ඇය වීරවරියක් බවට පත් කර තිබේ. ඇගේ සියදිවි හානිකර ගැනීම අපට සති පූජාව සිහි ගන්වයි.

පේ‍්‍රමයේ සුන්දරත්වය හා යුද්ධයේ කෘරත්වය එකට කැටි වූ දැවැන්ත නිෂ්පාදනයක් ලෙස ‘පද්මාවත්’ හැදින්විය හැකිය. ‘චිතෝර්’ පෞර රාජ්‍යය (වත්මන් එතෝර්ගාර්) අසල ඉදිවන දැවැන්ත සංග‍්‍රම භූමිය හා ඇතුන්, අසුන් සපිරි දැවැන්ත සංග‍්‍රාමය (1303 වසරේදී සිදුවූ බෙන්හර් වැනි දැවැන්ත හොලිවුඞ් චිත‍්‍රපට සිහි ගන්වයි. එහෙත් හින්දුවරුන්ට අපහාසවන කිසිවක් චිත‍්‍රපටයේ දක්නට නොලැබෙයි. ශී‍්‍ර ලංකාවේ ඇතැම් චිත‍්‍රපට ශාලාවල ප‍්‍රදර්ශනය කරන ‘3D’ තාක්‍ෂණයෙන් යුත් පිටපත් දුර්වල තත්ත්වයක තිබෙන බව පැවසිය යුතුය. වැල්ලවත්තේ සැවෝයි සිනමාහලේ වුවද පිටපත ගුණාත්මක අතින් දුර්වලය. එය චිත‍්‍රපටය රසවිදීමට බාධා ඇති කරයි.

ජාතිවාදය (LBFD) නිරූපිත සිනමාවේ ඉතිහාසය වසර සියයක් ඉක්මවා අතීතයට දිවයයි. ජාතිවාදය සංවාදයට බදුන්වූ ලොව ප‍්‍රථම චිත‍්‍රපටය ලෙස සැලකෙන්නේ ඞී.ඩබ්ලිව් ගී‍්‍රෆිත්ගේ The Birth of a Nation (1915) චිත‍්‍රපටයයි. අනතුරුව The Jazz Singer (1927) වැනි නිර්මාණ තුළින් ජාතිවාදය සංවාදයට බදුන් කරන ලදී. එහෙත් ‘පද්මාත්’ කෙසේවත් මේ ලැයිස්තුවට ඇතුල් කළ නොහැකිය. එය හුදු ඵෙතිහාසික පේ‍්‍රම කතාවක් රැුගත් වානිජමය නිෂ්පාදනයකි.

පද්මාවත් දැවැන්ත නිෂ්පාදන වියදමක් දැරූ චිත‍්‍රපටයකි. එහි නිෂ්පාදන වියදම ඉන්දීය රුපියල් කෝටි 215 (බිලියන 2.15) ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 24කි. එය 2D, 3D සහ IMAX 3D තාක්‍ෂණයෙන් ප‍්‍රදර්ශනය කෙරෙන අතර එය නවතම IMAX 3D තාක්‍ෂණය අනුව ප‍්‍රදර්ශනය කෙරෙන ප‍්‍රථම ඉන්දීය චිත‍්‍රපටයයි. ඉන්දීය චිත‍්‍රපට ඉතිහාසයේ මෙහි නිෂ්පාදන වියදම දෙවැනි වන්නේ මේ වසරේ තිරගතවීමට නියමිත එස්. ෂන්කර් අධ්‍යක්‍ෂණය කළ 2.0 (ටූ පොයින් සීරෝ) දෙමළ චිත‍්‍රපටයට පමණි. 2.0 හි නිෂ්පාදන වියදම ඉන්දීය රුපියල් කෝටි 450ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 70 ඉක්මවයි.

‘පද්මාවත්’ චිත‍්‍රපටයට එරෙහි විරෝධතා හා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා දැන් කෙමෙන් පහව යමින් පවතී. අධ්‍යක්‍ෂ සන්ජේ ලීලා බන්සාලි විසින් ‘කර්ණි’ සේනා සංවිධානයේ සාමාජීකයන්ට තම චිත‍්‍රපටය නැරඹීමට ඇරයුම් කළ අතර, ප‍්‍රකට හින්දු ආධ්‍යාත්මික නායකයකු වන ශී‍්‍ර ශී‍්‍ර රවි ෂන්කර් චිත‍්‍රපටයේ හින්දු ප‍්‍රජාවට අපහාසවන කිසිදු සිද්ධියක් නැතැයි ප‍්‍රකාශ කළේය.

විරෝධතා නොපැතිරුණු මුම්බායි නගරයේ පැවැතී චිත‍්‍රපටයේ ප‍්‍රචාරක ඉසව් විරෝධතාකරුවන් සංවිධානාත්මකව යෙදවුවාදැයි සැක හිතෙන තරමටම නිර්මාණාත්මක මාධ්‍ය සංදර්ශන වැනිය. විරෝධතාකරුවන්ගේ ඝෝෂා මැද මෙවැනි ප‍්‍රචාරක ඉසව්වන්ට සිය සුඛෝපභෝගී මෝටර් රථවලින් පැමිණෙන දීපිකා පඩුකෝනේ, සන්ජේ ලීලා බන්සාලි, රන්වීර් සිං හෝ සහීඞ් කපුර් සිය මෝටර් රථවලින්ම ඝෝෂා මැද නිරුපද්‍රිතව පිටත්ව යන අයුරු අන්තර් ජාලයෙන් නැරඹිය හැකිය.

මේ අතර ප‍්‍රදර්ශනය ආරම්භ කරන තුන්වැනි සතිය වන විට චිත‍්‍රපටයේ ආදායම ඉන්දියාව තුළ පමණක් ඉන්දිය රුපියල් කෝටි හය ඉක්මවූ බවට පුවතක් ඇසෙයි. කලා කෘතියකට අදාළ ප‍්‍රචාරක උපක‍්‍රමයක් ලෙස ජාතිවාදය යොදා ගැනීම අතිශය බිහිසුණු ප‍්‍රතිඵල ගෙනදෙන කි‍්‍රයාවලියකි. එහෙත් මේ වානිජ්‍ය ලෝකයේ නොවිය හැක්කක් නොමැත.