අපේ දුර්වලකම් තිබුණා. ඒවා මගහරවා ගන්නවා

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්

ආණ්ඩුවක් විදියට ඔබතුමන්ලා අසාර්ථකයි කියලා ජනතාව තීන්දු කරලා හමාරයි. ඒ නිසයි ආණ්ඩුව ප‍්‍රතික්‍ෂේප කරලා කලින් ප‍්‍රතික්‍ෂේප කළ පිරිසක් පත්කරගන්නේ. ඒ අවිචාරවත් තීන්දුවට පාදක වන්නේ ආණ්ඩුවේ කි‍්‍රයාකලාපය. ඒ ගැන මොකද කියන්නේ.


මම පිළිගන්නවා අප තුළ අඩුපාඩු තිබුණ බව. ඒ්ත් අපි වැඩ නොකළාම නොවෙයි. අපි කළ දේවල් ජනතාවට හරි හැටි සන්නිවේදනය වුණේ නැහැ. පාසල් දරු දැරියන් වෙනුවෙන් ආරම්භ කළ සුරක්‍ෂා රක්‍ෂණාවරණය. මෙය විශාල වැඩසටහනක්. එනමුත් මෙය රටට ජනතාවට දැනුනේ නෑ. ඒ වගේම සමෘද්ධි වැඩසටහන තුළින් කලින් තිබූ සහනාධාර අපි දෙගුණ කරලා තිබෙනවා. හැබැයි මේක සැබෑ දුප්පත් මිනිස්සුන්ට ගියේ නෑ. තී‍්‍රවිල් තිබෙන වෙනත් වාහන තිබෙන අයටත් සමෘද්ධි සහනාධාර ලැබුණා. එතනයි වැරැුද්ද තිබෙන්නේ. ඒකටත් හේතුවක් තිබෙනවා. මේවාට සම්බන්ධ නිලධාරින් වැඩි දෙනා දේශපාලන පත්වීම් ලබපු උදවිය. ඒ අය අවුල් කළා. මේක වලක්වා ගන්න අපට නොහැකි තරමට ඒ නිලධාරිවාදය කි‍්‍රයාත්මක වුණා. එතන තමයි අපේ දුර්වලතාව තිබෙන්නේ. අනෙක අපි ගමේ මිනිස්සු ළගට ගියේ නෑ. ඒකට අපට අවස්ථාව ලැබුණේ අඩුවෙන්. ඒකත් අපේ බරපතළ දුර්වලතාවක්. මේ වැරදි අපට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ජනතාව අපට පාඩමක් උගන්වලා තිබෙන්නේ. හැබැයි පැහැදිළිවම කියන්න ඕනේ ජනතාව මුළුමනින්ම අපව ප‍්‍රතික්‍ෂේප කරලා නැතිය කියන එකත්. ඒ අයට අපට ඇගිල්ලෙන් ඇනලා පෙන්වලා දීලා තිබෙනවා අපේ දුර්වලකම්.


බලය ලබාගත් අය ඒ බලය ලබාගන්නේ සම්පූර්ණයෙන් ජනතාව නොමග යවලා. අපි ගෙනෙන්නට සූදානම් වූ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් රට දෙකට බෙදෙනවා. උතුරේ වෙනම රාජ්‍යයක් බිහිවෙනවා කියන බොරු බිල්ලෙක් ඒ අය රටට මවා පෑවා. රට දෙකඩ කරන විධියේ ව්‍යවස්ථාවක් ගෙනෙන්න අපි කවදාවත් එකග වෙළත් නෑ. එකග වෙන්නෙත් නෑ. මේ අය ගමේ ජනතාවට ජාතිවාදය නමැති විෂබීජය එන්නත් කළා. ඒ බොරුවට මිනිස්සු රැවටුණා. මෙන්න මේ මාර්ගයෙන් තමයි ඒ අය බලය ලබා ගත්තේ.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් ජනතාව අතරට ගෙනගිය ඒ වැරදි තොරතුරු නිවැරදි කිරීමේ යන්ත‍්‍රණයක් ඔබේ පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරක ක‍්‍රමවේදයේ තිබුණේ නැහැ නේද?


ඔව් මාධ්‍ය ඇතැම් හාමුදුරුවන් පවා අපට මෙතනදී සහයෝගය දුන්නේ නෑ. ඒ අයගෙන් වැඩි දෙනෙක් ජනතාව මුලාකරණ වැරදි තොරතුරු තමයි ජනතාව අතරට රැුගෙන ගියේ සමාජ මාධ්‍ය ජාලාත් ඒ අයට සහායක් දුන්නා. මේ සියල්ලේ වාසිය ඒ අයට ලැබුණා. එසේය කියා මෙතනදී අපට අතපිහදාගන්න බැහැ. මේ ගැන දැන් අපි දැඩි අවධානයක් යොමුකරනවා. ඇත්තටම ජනතාව අපව මුළුමනින් ප‍්‍රතික්‍ෂේප කළේ නැහැ. ඒ අයගේ විරෝධය දැක්වූයේ අපේ වැරදි හදාගන්නයි. අපිත් ඒ මාවතේ ඉස්සරහට යන්න සූදානම්.

සම්මුති ආණ්ඩුව යන්න අර්ථ පූර්ණය කර නොගෙන ආණ්ඩුවේ පක්ෂ දෙක තම තමන්ගේ ගල්ගුහාවලට වැදිලා. ඒ ඒ පාට පාට කණ්ණාඩිවලින් බලමින් වැඩ කිරීම මේ අසාර්ථකත්වයට පාදක වුණ බව ඔබ පිළිගන්නවාද?


ඔව් මම පිළිගන්නවා. අප අතරේ කිසියම් වෙනස් කමක් තිබුණා. සාමුහිකව කටයුතු කිරීමේදී දුර්වලතාවන් තිබුණා දෙපාර්ශ්වයෙම එළියේදී දෙපාර්ශ්වයම විවේචනය කරන වාතාවරණයක් තිබුණා. එය හොද තත්ත්වයක් නොවෙයි. අපිට එය වලකා ගත යුතුව තිබුණා. එසේ නොවීමෙන් ජනතාවත් ඒ දිහා බැලූවේ වපර ඇහින්. ඒ නිසා තමයි ඔවුන් අපට පාඩමක් ඉගැන්වුවේ.


ආණ්ඩුව බලයට එන්නේ හොරු මිනීමරුවන් දූෂකයින් ගැන පවසමින් ඔවුන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කරන බවට මහා ඝෝෂාවක් කරමින්. එයත් පුස්සක් වෙලා. උදාහරණයක් විදියට ගත්තොත් ප‍්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සැකකරුවකු වන කර්නල් ශම්මිකුමාර රක්ෂිත බන්ධනාගාරයත් නිදහස් වූ පසුව රැුකියාව ලැබෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?


දූෂිතයින් අල්ලා දඬුවම් කිරීමේ වැඩසටහනක් මන්දගාමියි. ඒකට විවිධ හේතු තිබුණා. ඇතැම් නිලධාරීන්ගේ ප‍්‍රමාදය හා උනන්දුවක් නැතිකමක් මේවාට හේතු වුණා. ඉතින් දූෂිතයින් හොරුන් වංචාකරුවන් අල්ලා දඬුවම් කිරීමේ වැඩපිළිවෙළ මන්දගාමී වුණ එක ඇත්තක්. ඉදිරියේදී ඒ තත්ත්වය ම`ග හැරේවි. අපට වේගයෙන් වැඩකරන්න වේවි. අපට එතනට යන්න සිදුවෙනවා.


දූෂණය ගැන කතාකරමින් බලයට පැමිණි ඔබේ ආණ්ඩුවත් මහබැංකු වංචාව වැනි සිද්ධින්ට සම්බන්ධ වෙනවා විතරක් නොවෙයි. පිටිපන කොමිසම වැනි කොමිසන් දාලා එය වහන්නත් හැදුවා. ජනතාවගේ මේ චෝදනාවෙන් ඔබට ගැලවෙන්න බැහැ. ඒ ගැන ඔබේ අදහස?


මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්වෙනවා. එය වසා දමන්නට යනවා නම් අපිට එකෙදී සාක්ෂි දීම මග හරින්න තිබුණා. මමත් කොමිසමට සාක්ෂි දීමට ආවා. අපිටත් තිබුණා. සර්පයා කෑවා, නැත්නම් වෙනත් අසනීපයක් කියලා සාක්ෂි නොදී මගහැර ඉන්න. මම ඔය ගැන දැනුම් දෙනකොට හිටියේ කෑගල්ලේ. සාක්‍ෂි දෙන්න තිබුණේ ඊට පසුදින. අපි ප‍්‍රතික්‍ෂේප කළේ නෑ. සාක්ෂි දීම. අපිට ඕනේ නම් තිබුණා සෙනග රැගෙන ඇවිත් එතන ලොකු උද්ඝෝෂණයක් කරන්න. අපි එහෙම කළේ නෑ. නීතියට ගරු කළා. ඒ විතරක් නොවෙයි. අපි මුදල් ඇමතිවරයා පවා ඇමතිධුරයෙන් ඉවත් කළා. ඉදිරියේදීත් මේ විමර්ශන කටයුතුවලට සහය දෙනවා. වැරදිකරුවන් වෙන අයට නීතියෙන් දඬුවම් ලැබෙයි. අපි ඒවාට බාධා කරන්න යන්නේ නෑ.


පළාත් පාලන මැතිවරණය පවත්වා දින 10කුත් ගෙවිලා. තවම පළාත් පාලන ආයතන පිහිටුවලා නෑ. පළාත් පාලන මැතිවරණයත් අවුලක් නොවෙයිද?
ඔව් සමහර පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ප‍්‍රශ්න තිබෙනවා. පක්ෂ විපක්ෂ දෙගොල්ලම සමානව මන්තී‍්‍රධුර ගත් තැන තිබෙනවා. මේකට වගකියන්න ඕනේ ෆයිසර් මුස්තාපා ඇමතිතුමා. අපි කීව හදිස්සියේ මේ පනත ගේන්න එපා. කාලය අරගෙන හො`දට කල්පනා කරලා මේ වාගේ තීන්දු ගන්නකොට ගන්න ඕනේ කියලා. ඒත් ඇහැව්වේ නෑ. දැන් මේක අවුලක් බව පැහැදිළියි. එනමුත් එදු ඒක ගැන කියපුවහම ඒ අය ඇහැව්වේ නෑ. ප‍්‍රතිඵලය භූක්ති විදින්න සිද්ධවෙල තිබෙන්නේ අපි සියල්ලන්ටම ඒනිසා ඉදිරි මැතිවරණවලදී මේ අවුල ඇති වෙන්න ඉඩ නොතැබීමට අපට කටයුතු කරන්න සිද්ධ වෙනවා.


අපට බලය ලැබුණු පළාත්පාලන ආයතනවල සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් අපි වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා. එයට අමතරව වෙනත් පක්‍ෂවල සහායෙන් බලය පිහිටුවන්න පුළුවන් පළාත්පාලන ආයතන සම්බන්ධයෙනුත් සාකච්ඡුාකරමින් ඉන්නවා. ඉතා කෙටි කාලයක් තුළ මෙය සිද්ධ කරනවා.

සිදුවූ හානි වාගේම ආණ්ඩුවේ දුර්වලකම් මගහැරවාගෙන ඉදිරි කෙටි කාලය තුළ ජනතා හිතෛෂි මෙන්ම ජනතා ප‍්‍රසාදය දිනාගන්නා පාලනයක් ගෙන යන්නට පුළුවන් කමක් නැතේද?


අපි ජනතාවගෙන් ඈත් වුණා. ඒ නිසා අමාත්‍යාංශවල වැඩවලට මෙන්ම ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලූ විසදීමට වැඩි කාලයක් ගතකරන්නට, ජනතාවගේ ගැටලූ විසදන්නට පක්ෂයක් විදියට එක්සත් ජාතික පක්‍ෂය තීන්දුවක් අරගෙන තිබෙනවා. මම වුණත් මගේ ආසනය තුළ මින්පෙර ගත කළ කාලය ඉතා අඩුයි. ඒ දුර්වලතාව මගහරවා ගන්න මම කි‍්‍රයාත්මක වෙනවා. පසුගිය කාලය තුළ අපි රැකියා අවස්ථා ලබාදුන්නේ අඩුවෙන්. එකටත් හේතුවක් තිබෙනවා. සැළසුම් සකස්කරලා ඒවා කි‍්‍රයාත්මක වෙන කොට තමයි රැකියා අවස්ථා බිහිවෙන්නේ.
සම්මූතිවාදී ආණ්ඩුවක් විදියටත් ඉස්සරහට වඩා වගකීමකින් යුතුව සාමූහික ගමනක් යන්න වෙනවා. ඒ ගැනත් අපි දෙපාර්ශවයම කල්පනා කළ යුතුයි.