රාවය

මධු මාධව පරයා

මධු මාධව පරයා

බණ්ඩාරවෙල – දියතලාව මාර්ගයේ කහගොල්ලේදී පෙබරවාරි මස 21 වැනි දින බස්රථයක බෝම්බයක් පුපුරා ගියේය. අතීත අත්දැකීම් බහුල මෙවැනි සිද්ධියක් මෑතකදී ඇසීම අමුත්තක්ය. ඇඟ හිරි වැටෙන පුවතක්ය.

මෙම බස් බෝම්බය නිසා දහනව දෙනකු තුවාල ලැබූ අතර ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව පැවසේ. මෙම තුවාලකරුවන් අතර යුද හමුදා සෙබළු හත්දෙනෙක් ගුවන් හමුදා සෙබළු පස්දෙනෙක්, සිවිල් පුද්ගලයන් හත්දෙනෙක් සිට ඇත. ඉන් කාන්තාවන් දෙදෙනෙක්ද වේ.
යාපනයේ සිට අලූයම 5.00ට පමණ බණ්ඩාරවෙලට පැමිණි පෞද්ගලික මගී ප‍්‍රවාහන රථය එම පිරිස අතරමගදී එනම් බණ්ඩාරවෙලදී දියතලාව කරා යන බස්රථයකට නංවා ඇත. මේ බෝම්බය පුපුරනුයේ එම බස් රථයේය. මේ නිසා පොහොට්ටුකාරයන් එකම තර්කය මේ නැවත කොටි නැගිටීමක් බවය. එනම් යාපනයෙන් ආ බසය නිසාය. මෙම බස්රථය යාපනයේ සිට ආවද එහි පැමිණ ඇත්තේ හමුදා සෙබළුන් සහ නාවිකයන්ය. එසේ නම් ඔවුන් දැන් කොටි බවට පත්වී ඇතිවා විය යුතුය. මන්ද පොලිසිය සැකකරනුයේ මෙම පිරිසේ කෙනෙකු අතර තිබූ අත්බෝම්බයක් පිපිරී ඇති බවය.

යාපනයේ බසයෙන් ආ නිසා බොරු බිල්ලන් නොමවා පරීක්ෂණ කළයුත්තේ හමුදා සෙබළුන් අත් බෝම්බ රැුගෙන යන්නේ කුමකට කියාය. තවමත් හුස්ම ගැනීම පවා කොටි මානසිකත්වයට පින්සිදුවන්නට කරගෙන යන රාජපක්ෂ චින්තනයට සහ ඊට ගෑවිච්චවුන්ට මෙය කදිම පිපිරිල්ලක් විය. ඒ අය මේ පිපිරුම ගත්තේ සදා අස්වැසිල්ලක් ලෙසටය. ඔවුන්ගේ හැසිරීමම ඊට කදිම නිදසුනකි.

මේ මුළු ඇඟ පුරාම ජාතිවාදී චින්තනය එන්නත් කරගෙන ඇති මධු මාධව අරවින්ද තම ෆේස්බුක් ගිණුමේ දැමූ පණිවුඩයකි.
පරයෙක් විපක්ෂ නායක කළ පවට අම්මපා කොටි ගහලා මදි තොපිට.
බෝම්බ පාලම් යට හමුවෙනවා. බස්වල පුපුරනවා.
රට කොටි ආවේස වෙලා.. පොහොට්ටුවේ නැගිටීම එක්ක ෆෙඩරල් සිහින ඉවර බව දැන පරයෝ කුපිත වෙලා.
උතුරේ පමණක් ඉන්න රටේම විපක්ෂ නායක මේ කොටියාට එතැනින් තිබ්බ යහපාලන ගොබිලන් සතුටු වෙයල්ලා.
අන්න බස් බෝම්බේ වගකීම අරන්.. බස් රථයේ සිට අතුරුදන් වූ එකා කෝ.
බස් එකේ සිට අතුරුදන් වූ එකා හොයපන්…

ගෙනාපු එකා අතුරුදන් වූ යාපනේ මගියා නොවෙයි තුවාල වූ විරුවන් ගෙනාව බව හොයාගත්තේ මොකාද?
මේ මධු මාධව අරවින්ද නම් පරයා ලියූ සටහනය. මෙවැනි පරයන්ගේ කතා සත්‍යවන්නේ මේ පාලනයේ ඇති නෝන්ජල්භාවය නිසාමය. මධු මාධවට තමන් කැමති දේශපාලනයක් කළ හැකිය. එහෙත් මේ ගිනි ඇවිලීම් නොකළ යුතුය. රාජපක්ෂලා කොටි විනාශ කළේ නම් මධු මාධවලා මෙතරම් බියවන්නේ ඇයි? නැවත කොටි පැමිණියහොත් එහි වාසිය ඇත්තේද රාජපක්ෂලාටය. එබැවින් මේ බෝම්බවල පිටුපස තව රහස් තිබිය හැකිය. එබැවින් මේ සිද්ධිය සුළු සිද්ධියක් ලෙස නොසලකා කොටින්ම පොහොට්ටුවක් ලෙස නොසලකා ක‍්‍රියාකිරීම වටී. මන්ද පිපෙනුයේ මෙවැනි පොහොට්ටු බැවිනි.

මධු මාධව යනු රාජපක්ෂ චින්තනයේම ප‍්‍රතිඵලයකි. එබැවින් මේ ඒ සැමගේ මානසිකත්වයය.