රාවය

හොරු මැඩ ටැබ් දෙමු

හොරු මැඩ ටැබ් දෙමු

උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබීමෙන් ලංකාව සිය දරුවන්ට දක්වන සැලකිල්ලේ තරම පෙනී යයි. 2017 අයවැයෙන් මෙම යෝජනාව කැරුණේ සිසු දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීම ඔස්සේ දැනුම් කේන්ද්‍රීය සමාජයක් බිහි කිරීමේ මූලික පරමාර්ථය පෙරදැරිවය. අදහස පාරිශූද්ධ නම් ව්‍යාපෘතිය යට වෙනත් හරස් අරමුණු තිබිය නොහැකිය.

විශේෂයෙන්ම අතයට ගනුදෙනු තිබෙන්නට විදියක් නැත. මීට මාස හයකට පමණ පෙර ටැබ් පරිගණක ව්‍යාපෘතිය තුළ අත යට ගනුදෙනුවක් සිදුවීමට යන බව දැනගැනීමට ලැබුණි. ඒ කැදවා ඇති ටෙන්ඩර්වල දූෂිත තත්ත්වයක් හේතුවෙනි. එවර ජනමාධ්‍ය, විෂයභාර අමාත්‍යවරයාගෙන් මේ පිළිබදව කළ කරුණු විමසීමේදී පැවසුවේ තමා විදෙස්ගතව සිටි දිනවල ටෙන්ඩර්වල ප‍්‍රශ්නයක් ඇතිවී තිබෙන බවත් තමා වහාම එය නිවැරදි කිරීමට පියවර ගන්නා බවත්ය. එහෙත් මේ වන විට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රකාශ කර ඇත්තේ ටැබ් පරිගණක සදහා රු.බිලි. 4ක් වැය කිරීම අධික වියදමක් බවත් එම මුදල් නවීන පංති කාමර ඉදි කිරීමට යෙදවීම වඩා ඵලදායක බවත්ය. මෙම ව්‍යාපෘතිය යට අනිසි ගනුදෙනුවක් සිදුවන බව නිරීක්‍ෂණය කර එය නැවැත්වීමට පියවර ගැනීම අත්‍යවශ්‍යය. ඒ ගැන ජනපති ගත් තීරණය නිවැරදිය. එහෙත් ටැබ් පරිගණක සිසුන්ට හා ගුරුභවතුන්ට ලබාදීමේ කේන්ද්‍රීය අරමුණ ඉන් වියැකී යයි නම් දැනුම් සමාජය යථාර්ථයක් බවට පත්කර ගන්නේ කෙසේද? එමෙන්ම ජනපතිවරයා කියන නවීන පංතිකාමර පරිගණකවලින් වියුක්ත නම් ඒවා නවීන පංතිකාමර විය හැකිද? අනෙක් අතට දැනුම් සමාජයක් කරා යන අරමුණ ඉදිරියට දමාගෙන කිසියම් පාර්ශ්වයක් මූල්‍ය අවභාවිතයක යෙදෙන්නට අර අ`දිනවා නම් එය ගෝති‍්‍රක භාවිතයකි. සමාව දිය නොහැකි වරදකි.

බිලියන 4ක මුදලක් අවභාවිතයට එරෙහි වීම මහජන හිතකාමී පියවරක් වනවා සේම ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ ව්‍යාපෘතිය නතර කිරීමට තීන්දු කිරීම නොව ව්‍යාපෘතිය විනිවිදභාවයෙන් යුතු ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියක් ඔස්සේ කි‍්‍රයාත්මක කිරීමට කටයුතු සැලැස්වීමය. එනම් ආයතනික මජර බාධක බි`ද සිසු දරුවන්ට ටැබ් පරිගණක ලබා දීමට කි‍්‍රයා කිරීමය. මූල්‍ය අවභාවිතය නිසා සියලූ වැඩ නතර කිරීම මෙවැනි ප‍්‍රශ්නවලට පිළිතුරු නොවේ. මුදල් අවභාවිත කරන්නට සැලසුම් කළ පුද්ගලයන්ට එරෙහිව පරීක්‍ෂණයක් කළ හැකිය. හොරු නිසා වැඩ නතර කළ යුතු නැත. හොරු පරාජය කර වැඩ කිරීමෙහි කලාව ජනාධිපතිවරයා මෙතැන් සිට හෝ අභ්‍යාස කළ යුතුය. මේ පිළිබ`දව අධ්‍යාපන ඇමතිගෙන් ජනපතිට පළමුව කරුණු විමසා බැලිය හැකිය. ඇතිවූ තත්ත්වය නොවලහා ජනපතිට පැහැදිලි කිරීමත් ඇමතිවරයාගේ වගකීමකි. ප‍්‍රශ්න විස`දිය යුත්තේ ඒ අයුරින් මිස ව්‍යාපෘතිය වසා තැබීමෙන් නොවේ.

2016 වසරේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දීප ව්‍යාප්තව කරන ලද සමීක්‍ෂණයකට අනුව ජනගහනයෙන් 21.6%කට කවර හෝ පරිගණකයක් හිමිය. එම දෙපාර්තමේන්තුව පරිගණක සාක්ෂරතාව යනුවෙන් අර්ථ දක්වා තිබෙන්නේ වයස අවුරුදු 05 න් ඉහළ ඕනෑම අයකු වෙනත් අයකුගේ සහායෙන් තොරව පරිගණකයක් සරල ලෙස කි‍්‍රයා කරවීමට ඇති හැකියාව ලබා තිබීමය. එම මැනීම අනුව ලංකාවේ පරිගණක සාක්‍ෂරතාව 27.6%කි. ස්මාර්ට් දුරකථනය මෙම සංඛ්‍යා ලේඛනවලට අදාළ කරගෙන නැති අතර ඉදිරි වසරවලදී ස්මාර්ට් දුරකථනයත් එකතු කරගෙන එය ඩිජිටල් සාක්ෂරතාව ලෙස නාමකරණය කර මැනීමට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අදහස් කරගෙන සිටියි.

සැබැවින්ම පරිගණක සාක්ෂරතාව යනු විනෝද කටයුතු සදහා පරිගණක ඇසුරු කිරීමනොවේ. දැනුම ලබාගැනීම හා දැනුම බෙදාහැරීම සදහා පරිගණකය උපයෝගීතාවාදීව හැසිරවීමය. ලංකාවේ ශිෂ්‍ය ප‍්‍රජාව කැදවා ගත යුත්තේ එතැනටය. අයවැයෙන් යෝජනා කළ පරිදිම උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදිය යුත්තේ එහෙයිනි. මෙහි සිදුවන්නට ගිය මූල්‍ය අවභාවිතය නවත්වනවා සේම එම ව්‍යාපෘතිය නිවැරදිව කරන්නේ කෙසේද යන්න ගැන ජනපතිගේ අවධානයට යොමුවිය යුත්තේ එබැවිනි.