රාවය

පළාත් පාලන මැතිවරණ: වටම ගිහින් ගෙටම

පළාත් පාලන මැතිවරණ: වටම ගිහින් ගෙටම

ජනාධිපති සිරිසේන වටම ගිහින් ගෙටම ආවේය. සතියක් පුරා ඇල්ලූ කුරුමාණම් අවසානයේදී වැඩකට නැති විය. වික‍්‍රමසිංහ ආණ්ඩුවට මක්ක වුනත් මට මක්කැයි කියා සිය අගමැති පුටුව රැුක ගත්තේය. රාජපක්ෂ අගමැතිකරන බවට ශපථ කළ පොහොට්ටු පක්ෂය එම ඉලක්කය අතහැර දමා නිල විපක්ෂය ලෙස පිළිගන්නැයි ඉල්ලා සිටී. එහෙත් විපක්ෂ නායක ලෙස නම් කර ඇත්තේ රාජපක්ෂ නොව දිනේෂ්ය. අපේක්ෂිත ජයග‍්‍රහණය ළ`ගටවත් යාගත නොහැකි වූ බැවින් ජනතා විමුක්ති පෙරමුණ තව දුරටත් 2020 ආණ්ඩු බලය ලබා ගැනීම ගැන කතා කරන්නේ නැත.

සම්මුති ආණ්ඩුව දිගටම පවතිනු ඇතැයි පක්ෂ දෙකේ ප‍්‍රධානීහු බදාදා පාර්ලිමේන්තුවට කිව්වෝය. එහෙත් ලිඛිත ගිවිසුමක් නැත. ඇමැතිකම් රැුකගැනීම හැරුණ විට එක්ව සිටින්නේ කුමන අරමුණකටද කරන්න යන්නේ කුමක්ද කියා කියා රට්ටු දන්නේ නැත. අඩුම වශයෙන් එක්ව සිටින දෙපාර්ශවයවත් දන්නේද කියා දන්නේ දෙවියෝ පමණි. යන හෝ එන බව කී කිසිවකු ඇවිත් නැත.

පළාත් පාලන මැතිවරණයෙන් රටේ දේශපාලන බලය අල්ලා ගත්තේයැයි උඩගිය රාජපක්ෂ පිරිවර දැන් පොළවට පහත් වී තිබේ. හිතූ තරම් පළාත් පාලන ආයතන රාජපක්ෂට නැත. දැන් රාජපක්ෂටද සිරිසේනට සහ වික‍්‍රමසිංහට මෙන්ම තමන්ට වූ දේ ගැන සිතන්නට කාලය එලඹ තිබේ. ජනාධිපතිවරණයකින් සියයට 51ක ඡුන්දයක් ලබා ගැනීමට රාජපක්ෂ සනුහරේ කවරකුටවත් බැරි බව දැන් පැහැදිළිය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට රාජපක්ෂ පිරිවරද කැමැතිවනු ඇත්තේ ඒ නිසාය. රාජපක්ෂවරුන් කෙරෙහි බියෙන් පසුවන දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාවන්ගේ ජන්ද නොසළකා බලය ලබා ගැනීමට ඇති එකම ක‍්‍රමය වනු ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් පමණක් පැවැත්වීමයි. එවිට පොදු අපේක්ෂකයකුගෙන් වැඩක් නැත. රාජපක්ෂ ලබා ගත් ඡුන්ද සිරිසේන සහ වික‍්‍රමසිංහ ලබාගත් ජන්දවලට වඩා අඩුය යන තර්කයේ වටිනාකමක් ඇත්තේ ජනාධිපති තරඟයක් පවතින්නේ නම් පමණි. ඊටත් වඩා දැන් ඉතින් පොදු අපේක්ෂකයකු සෙවීම නොමළ ගෙදරකින් අබ සෙවීම හා සමාන වනු ඇත.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන්නේ ආසන මට්ටමින් නම් රාජපක්ෂ ගොඩය. එබැවින් මොන කතා තිබුණත් විධායක ජනාධිපති ක‍්‍රමය හෝ මනාප ක‍්‍රමය වෙනස්වනු ඇතැයි සිතීම ඉතා දුෂ්කරය. අන්තිමේදී යලිත් වරක් වටම ගොස් ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව කරාම පැමිනීම ඉතිහාසයේ සරදමක් විය හැකිය.

දූෂණ විරෝධී යහපාලනය වික‍්‍රමසිංහ විසින් අවුලට යවා තිබූ අතර පළාත් පාලන දේශපාලන සමීකරණය අංජ බජල් කළේ සිරිසේන විසිනි. සමහර විට සිරිසේනගේ කේවට්ට උපදේශකයින් දැන් අධෝ මුඛයෙන් සිනාසෙනවා වන්නටත් පුළුවන. ගොඩවෙදකුටත් හපන් කිලී මහාරජා සිය පණිවිඩකරුවා කර ගැනීමෙන් සිරිසේන නෑවේය. තවමත් ඔහු සිය ඇ`දුම් වේලා ගෙන නැත. කිලී මහාරාජාගේ මාධ්‍ය පිම්බීම්වලට රැුවටෙන ඕනෑම දේශපාලනඥයකුට හෝ සිවිල් නායකයකුට විය හැකි දේ දැන් යළිත් වතාවක් තහවුරු වී තිබේ.
කේවට්ට උපදෙස් නිසා ජනාධිපති මෛත‍්‍රීපාල තමාට තිබූ නම නැතිකර ගත්තේය. පක්ෂයක දේශපාලනය කතා දීම සහ විවෘත කිරීම් මගින් ගොඩ නැගිය නොහැකි බවට වූ විවේචන ජනාධිපති රශ්ණයෙන් ගිනිකණ වැටී සිටි සිරිසේනට ඇසුණේ නැත. දැන් ඔහු ඒ වෙනුවෙන් වන්දි ගෙවයි.

පෙනෙන විදිහට වික‍්‍රමසිංහගේ සැළැස්ම වන්නේ සිරිමා බණ්ඩාරනායක මෙන් මැරෙන තුරු පක්ෂ නායකත්වයේ සිටීම විය හැකිය.
අඩුම වශයෙන් අප වැනි පිරිස්වත් මෙම සියළු දෙනා පසුපස යාම අවසන් කිරීමට දැන් කාලය එලඹ තිබේ.

තෙවැනි අවකාශය

මෙම දේශපාලන සංදර්භය සහ පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල විසින් අපට පෙන්වන තවත් වැදගත් කාරණයක් තිබේ. එනම් සිරිසේන, වික‍්‍රමසිංහ සහ රාජපක්ෂ යනාදී දේශපාලනඥයින් කෙරෙහි කළ කීරීම එන්න එන්නම ඉහළ යනු ඇති බවයි. එම ස්වාධීන පුරවැසි පිරිස් ඇද ගැනීමට සමත් දේශපාලන ධාරාවක් අද මෙරට නැත.. එම හිඩැස පිරවීමට ජනතා විමුක්ති පෙරමුණ අසමත් බව පළාත් පාලන මැතිවරණය පෙන්වාලූ තවත් කරුණකි.
රාජපක්ෂ සහ ඔහු නියෝජනය කරන අන්තවාදී සහ අධිකාරවාදී දේශපාලනය පරාජය කිරීමට යැයි කියා සිරිසේනට හෝ වික‍්‍රමසිංහට සහාය දීමට සූදානම් නැති පුරවැසි පිරිස ලක්ෂ ගණනාවකි. එම පිරිස දිනා ගත හැකි වී නම් ජවිපෙට ලෙහෙසියෙන්ම පළාත් පාලන දේශපාලනයේ දුරස්ථ පාලකය වීමට තිබුණි.

මෙරට දේශපාලනයෙහි සැබෑ තෙවැනි බලවේගයක් සඳහා අවකාශය දැන් පැහැදිළිය. එවැනි බලවේගයකට ආණ්ඩු බලයක් ලබා ගැනීම දුෂ්කර බව අප පිළිගත යුතුය. 2020 බලයට එන බව කියමින් ජවිපෙ ගෙන ගිය දේශපාලන ප‍්‍රචාරය, රාජපක්ෂ අගමැති කරවන බවට පොහොට්ටුව ගෙන ගිය ප‍්‍රචාරයට නොදෙවෙනිය. මන්ද යත් එය අතාර්කික සහ යථාර්ථවාදී නොවන නිසාය.

කල් පවත්නා තෙවැනි බලවේගයක් ආරම්භයේදී සහ මුලික වශයෙන් ගොඩ නැගෙනු ඇත්තේ දේශපාලන බලපෑම් ව්‍යාපාරයක් ලෙසය. එවැනි ව්‍යාපරයක් සමාජ සාධාරණය සහ වාර්ගික, ස්ත‍්‍රී- පුරුෂ සමානාත්මතාවය මෙන්ම පරිසර සංරක්ෂණය, අධ්‍යාපනය, සෞඛ්‍ය, මගී ප‍්‍රවාහනය වැනි පොදු මහජන සේවාවන් රැුක ගැනීම යනාදිය ද සිය අරමුණ සේ සළකනු ඇතැයි අප අපෙක්ෂා කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ දේශපාලන පංතිය විසින් හවුලේ පවත්වා ගෙන යන ප‍්‍රධාන දේශපාලන පක්ෂයන්හි දූෂිත භාවිතයන් හෙළිදරව් වීම 2015 ජනවාරි පෙරළීයේ වක‍්‍ර ප‍්‍රතිපළයකි. මෙම දේශපාලන පක්ෂ සියල්ලම පවතිනනේ ස්වකීය මඩිය තර කර ගැනීමටය.

රාජ්‍ය බලය නොමැති නමුත් පාර්ලිමේන්තු නියෝජනයක් ඇතිව, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහිත සමාජයක මහජනයා වෙනුවෙන් දිනා දිය හැකි බොහෝ දේ තිබේ. ජවිපෙ එක් දුබලතාවයක් නම් රාජ්‍ය බලය තමන් අතට ලබා ගැනීම සිය මූලික අරමුණ වශයෙන් පවත්වා ගැනිමයි. මහා ජනයාගේ එදිනෙදා ජිවිතයේ ප‍්‍රශ්ණ වලට එය අඩුවෙන් මැදිහත්වන්නේ ඒ නිසාය.

එවැනි තෙවන දේශපාලන ව්‍යාපාරයක් රටෙහි ඡුන්ද ප‍්‍රමාණයෙන් සියයට 8-10 දක්වා ලබා ගැනීම අරමුණු කළ යුතුය. සියයට 10ක් යනු සෑම දෙනෙකුටම එක් අයෙකි. එවැනි බලයක් කරා ළගා විය හැකි නම් දූෂණය සිය ආත්මය කරගත් මෙරට දේශපාලන පංතිය පසු බැස්සවීමේ ආරම්භයක් බවට එවැනි ව්‍යාපාරයකට පුලූවන් වනවා ඇත.

එම අවකාශය අල්ලා ගැනීමට ජවිපෙට තවමත් අවස්ථාව තිබේ. එහෙත් ඒ සඳහා ජවිපෙ දේශපාලනයේ සුසමාදර්ශී වෙනසක් අවශ්‍යය. ඒ සඳහා ජවිපෙ නූතනත්වය කරා පැමිණිය යුතු අතර 71 – 90 දක්වා වූ නොමේරු සහ බියකුරු දේශපාලනයෙන් මිදීමට අවශ්‍යය.

එවැනි ව්‍යාපාරයක් දියක් නොවන්නේ නම් ඡුන්දය ප‍්‍රකාශ කරන ප‍්‍රතිශතය එන්න එන්නම පහළ යන ඉමකරා අපි ගමන් කරමින් සිටිමු.