රාවය

විගණකාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව

විගණකාධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව

සරත් සී. මායාදුන්නේ
විශ‍්‍රාමික විගණකාධිපති සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී.

විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එ්මේ ප‍්‍රවෘත්තියක් ඉහළ ප‍්‍රමුඛත්වයක් සහිතව මාධ්‍යය මඟින් ප‍්‍රචාරණය වනු පෙනේ. විශ්වාසභංග යෝජනාවක් ගෙන එ්ම යන්නෙන් මාධ්‍යය අදහස් කර ඇත්තේ කුමක්ද යන්න අපැහැදිළි නමුත් විගණකාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුව මඟින් යම් පියවරක් ගත යුතු වන්නේ නම් ඊට අදාළ වන්නේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78(ආ) හි දැක්වෙන විවාද රීති විධිවිධාන වේ. එ් අනුව කි‍්‍රයා කිරීමේදී අනුගමනය කළයුතු නිශ්චිත විවාද රීති පිළිවෙළ එහි දැක් වේ. එසේ විධිමත්භාවයක් නොමැතිව යම් යම් දේශපාලන වාසි සඳහා රාජ්‍ය විගණනයට හානිකරව කටයුතු කිරීම දේශීයව හෝ ජාත්‍යන්තරව සිදු නොකෙරේ. 148 ව්‍යවස්ථාව අනුව ජනරජයේ රාජ්‍ය මූල්‍ය පිළිබඳව සම්පූර්ණ පාලනය පැවැත්වීමටත්, 42(2) ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයේ වගවීම ලබා ගැනීමටත්, පාර්ලිමේන්තුවට සහාය වන ව්‍යවස්ථාපිත යාන්ත‍්‍රණය වනුයේ 153 හා 154 ව්‍යවස්ථා විධිවිධානයන්ට අදාළ වන විගණකාධිපතිවරයාය. එ් සඳහා ඔහුට අවශ්‍ය ශක්තිය හා ආරක්‍ෂාව ලබාදෙනුයේ පාර්ලිමේන්තුවයි.

මාධ්‍ය පණිවිඩය තුළ ඇති යහපත් හා අයහපත් ප‍්‍රතිඵල යන දෙපැත්තම පිළිබඳව බුද්ධිමත් පාඨකයාගේ දැඩි අවධානය යොමුවීම අත්‍යවශ්‍යය. රාජ්‍ය විගණනයෙන් මතු කරන නිරීක්‍ෂණවලට ජනතා අවධානය තියණු ලෙස යොමුවීමට මෙබඳු අවස්ථාවලින් මනා පිබිදීමක් ඇති වීම අතිශයින් යහපත් ප‍්‍රතිඵලයකි. විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවලින් අති බහුතරය පාර්ලිමේන්තුවේ හෝ එහි කාරක සභාවල ගැඹුරු අධ්‍යයනයකට ලක් නොවීම බැරැරුම් ගැටලූවකි. එයට ඇති ප‍්‍රධානම බාධාව නම් සීමිත කාලයක් තුළ එම වාර්තාවලින් ආවරණය කළ හැකි වන්නේ ඉතාම සුළු කොටසක් පමණක් වීමය. එලෙස නිසි අවධානයක් නොලබන ඉතිරි සියල්ල කිසිදු ප‍්‍රමාණවත් ප‍්‍රතිඵලයක් ලබා නොදී පුස්තකාලවලට පමණක් සීමා වේ. විශේෂයෙන් බලයේ සිටින හෝ බලයේ සිටි දේශපාලකයන් තමාට සහ තම සහචරයන්ට අවාසිවන විගණන වාර්තා පසුපසට තල්ලූ කරමින් තමාට සහ තම සහචරයන්ට දේශපාලන වාසි ලැබිය හැකි වාර්තාවලට ප‍්‍රමුඛතාව ලබා ගැනීමේ උත්සාහයන් දැරීම තවත් ගැටලූවකි. මෙවැනි මාධ්‍ය අවධානයක් යොමු නොවූවේ නම් ”ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය” පිළිබඳව වර්තමාන විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට යොමු කළ බව පෙනෙන යොමුගත වාර්තාවද එලෙස සභාගත කර ඇති අනිකුත් බොහෝ වාර්තා මෙන් කිසිදු ජනගත වීමක් නොමැති නිෂ්කි‍්‍රය වාර්තාවක්ම විය හැකිව තිබිණ. කෙසේ වුවද මෙම වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව ඇතැමුන් මෙතරම් කලබල වීමම ජනතාවට විශාල පණිවිඩයක් දැනටමත් ලබා දී ඇත.

මෙම ලිපියේ වඩාම වැදගත් කොටස වන යොමුගත වාර්තාවේ අන්තර්ගතය ගැන සඳහන් කිරීමට පෙර මතුව ඇති කරුණුවල අයහපත ගැනද කෙටියෙන් වුවද සඳහනක් කළ යුතුය. ලබා දී ඇති පණිවිඩය පිළිබඳව ගත යුතු සාධාරණ පියවර ගැනීම පසෙක තබා, පණිවිඩය ලබාදෙන පණිවිඩ කරු විනාශ කිරීමේ අරමුණක්ද මෙහි වේ නම් එය සැබැවින්ම අයහපත්ය. අප මෙහිදී අවබෝධ කරගත යුත්තේ රාජ්‍ය විගණනය දුර්වල කිරීමේ සැබෑ වාසිය ලබනුයේ කවුරුන්ද යන වගය. සැබෑ වාසිය ලබන ඔවුුන් නම් අනිවාර්යයෙන්ම දූෂකයන්ද, දූෂකයන් වෙනුවෙන් පෙනී සිටින ඔවුන්ගේ එ්ජන්තවරුන්ද, දූෂකයන්ගේ ආධාර උපකාර ලබන්නන් හා ඔවුනගේ අන්ධ භක්තිකයන්ද වන බව පැහැදිලිය. එසේම විගණකාධිපති වරයාට එරෙහිව එල්ල කරන ඕනෑම ප‍්‍රහාරයකින් දිවයින පුරා විසිරී සිටින සෑම විගණන නිලධාරියෙකුගේම කාර්ය සාධනයට හා එ් එ් ආයතන තුළ ඔවුනගේ වැඩ කිරීමේ ශක්තියට දරුණු හානියක් වන බවද ඉන් වාසිය උකහා ගැනීමට ඉහත කී කණ්ඩායම අනිවාර්යයෙන්ම සැදී පැහැදී උත්තේජනය ලබා දෙන බවද මෙම කරුණට අදාළ හැම පාර්ශ්වයම වටහා ගත යුතුය. දූෂකයන් හා ඔවුනගේ එ්ජන්තවරු නිරන්තරයෙන් බලා සිටිනුයේ රාජ්‍ය විගණනයට හා එ් සඳහා දහසක් දුෂ්කරතා මැද විශාල කැප කිරීම් කරන විගණන නිලධාරීන්ට අසීරුතාවක් ඇති කිරීමේ අවස්ථා උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගැනීමටය. විගණන පණත නොපමාව බලගන්වන බවට ජනතාව වෙත සහතික දී බලයට පත් වී විගණන පණත පමා කිරීමේ හා කප්පාදු කිරීමේ කටයුතු වලින් දූෂණ කි‍්‍රයාවලියට ආරක්‍ෂාව සලසා ගත්තවුන්ට එරෙහිව තියුණු ජනමතයක් ප‍්‍රකාශ වී ඇති මේ මොහොතේ රාජ්‍ය බලය ලැබීමට සූදානම් වන්නන්ද එම අවස්ථාව ලැබීමටද පෙර සිටම රාජ්‍ය විගණනය බිය ගැන්වීමට සැරසෙන්නේ නම් එය බරපතළ අයහපතකි. රාජ්‍ය විගණනය ශක්තිමත් කරනු වෙනුවට දුර්වල කිරීමේ අතීත කි‍්‍රයාකාරකම් යළිත් පණගන්වා සුපුරුදු මාවත නැවතත් තෝරා ගන්නා බවට පණිවිඩයක් එයින් මතු වන්නේ නම් එයද සැබවින්ම බැ?රුම් විනාශකාරී අයහපතක් වනු ඇත.

විශාල අර්බුදයක් ලෙස ඇතැම් මාධ්‍ය විසින් විග‍්‍රහ කරනු ලබන යොමුගත ‘‘ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය” පිළිබඳ විගණන වාර්තාව අධ්‍යයනය කළ විට එහි අන්තර්ගතය වන ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කෙතරම් භයානක හා අවදානම් තත්ත්වයකට ලක් වී ඇත්ද යන්න පිළිබඳව ඇඟ කිලිපොලා යන පණිවිඩයක් ලැබේ. මෙම වාර්තාවලට පාදක කර ඇත්තේ අනිකුත් වාර්තා වලදී මෙන්ම අදාල අයතන විසින්ම ඉදිරිපත් කළ තොරතුරුම විය යුතුය. එම ආයතන විසින් රාජ්‍ය විගණනයට ඉදිරිපත් කළ තොරතුරු සදොස් නම් එහි වගකීම එම ආයතන භාරගත යුතු වන අතර නිවැරදි තොරතුරු නොතිබීෙමි හා ඉදිරිපත් නොකිරීමේ චෝදනා වලටද එම ආයතන බැඳෙනු ඇත. එ් අනුව එම මාධ්‍ය ප‍්‍රචාර නිසා සැමගේම දැඩි අවධානයට මෙම වාර්තාව ලක් වීම තුුළින් වඩ වඩාත් පොදුජනතාවට අර්ථදායී වාර්තාකරණයකට රාජ්‍ය විගණනයට මෙමඟින් සාධාරණ උත්තේජනයක් ලබා දීමද බෙහෙවින් පැසසිය යුතුව ඇත.

මෙම ලිපියෙන් පාඨක අවධානයට යොමු කිරීමට අපේක්‍ෂා කරනුයේ විගණකාධිපති තුමා 2018.02.08 දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුාව නොව එතුමා එම සාකච්ඡුාවට පාදක කළ 2018.02.02 දින පාර්ලිමේන්තු වෙත සභාගත කිරීමට ලබා දී ඇති 154(6) ව්‍යවස්ථාව ප‍්‍රකාර වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ අරමුදල් යටතේ (VI) කොටසේ ‘‘ශී‍්‍ර ලංකා ජනරජ ගිණුම” පිළිබඳව සහ ‘‘ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය” පිළිබඳව වන විගණකාධිපති වාර්තාවන්හි ප‍්‍රධාන විගණන නිරීක්‍ෂණයන්ය. එයින් ”ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය” පිළිබඳව විගණකාධිපති වාර්තාවේ දැක්වෙන ප‍්‍රධාන විගණන නිරීක්‍ෂණයන් අට මෙසේය.

I) 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප‍්‍රකාශන ජනරජයේ මූල්‍ය ප‍්‍රකාශන ලෙස නම් කර තිබුණද, එ්කාබද්ධ අරමුදලේ ගනුදෙනුවලට පමණක් මෙම මූල්‍ය ප‍්‍රකාශන සීමා වී තිබුණි. එ් අනුව පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය ව්‍යවසායන් සහ ජනරජයට අයත් හෝ රජයේ පාලනය යටතේ පවතින වෙනත් ආයතනවලට අයත් ගනුදෙනු හා සිද්ධීන් සහ වත්කම් හා වගකීම් මෙම මූල්‍ය ප‍්‍රකාශනවලට ඇතුළත් කර නොතිබිණි.

II) විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප‍්‍රකාශනවලට අනුව, 2016 දෙසැම්බර් 31 දිනට රජය විසින් ගෙවීමට තිබූ මුළු දේශීය හා විදේශීය ණය ප‍්‍රමාණය ආසන්න වශයෙන් රු. ටි‍්‍රලියන 8.9 (රු. දශ ලක්‍ෂ 8,860,770)ක් වුවද, මූල්‍ය ප‍්‍රකාශනවලට අනුව, ගිණුම්ගත කර තිබූ මුළු වත්කම්වල වටිනාකම ආසන්න වශයෙන් රු. ටි‍්‍රලියන 1.1 (රු. දශ ලක්‍ෂ 1,087,255)ක් පමණ විය. මුළු ශුද්ධ ණය ගැනීම් ප‍්‍රමාණවත් ලෙස හා ඇස්තමේන්තුගත පරිදි ආයෝජන කාර්යයන් සඳහා උපයෝජනය නොකිරීම හා ඉන් ජනිත වන වත්කම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත නොකිරීම ආදිය මීට ආසන්න හේතුව වී තිබුණි.

III) රටේ ණය බර ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ යමින් තිබුණද, ඊට සාපේක්‍ෂව මූල්‍ය නොවන වත්කම් ඉහළ ගොස් නොතිබීම.

IV) රජය විසින් ලබා ගනු ලබන මුළු ශුද්ධ ණය වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් දෛනික අවශ්‍යතා (පුනරාවර්ථන ස්වරූපයේ වැය) සඳහා භාවිත කර තිබීම.

V) එ්ක පුද්ගල ණය ප‍්‍රමාණය අඛණ්ඩව වර්ධනය වීම.

VI) සංශෝධිත අයවැය ඇස්තමේන්තුවට සාපේක්‍ෂව සත්‍ය මූල්‍යකරණය (අයවැය හිඟය පියවීම) අඩු වීම හා ඊට අනුරූපීව 2016 වර්ෂයේ අපේක්‍ෂිත මුළු ණය ගැනීම් පහළ යාම.

VII) මූල්‍ය ප‍්‍රකාශවලට ඇතුළත් කර නොමැති ණය ශේෂ පැවතීම.

VIII) උපලබ්දි වූ නමුත් ප‍්‍රතිපාදන නොමැතිවීම මත ගිණුම්ගත නොකළ විදේශ ණය පැවතීම.

ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳව රාජ්‍ය විගණනය වාර්තා කර ඇති නිරීක්‍ෂණ අතිශයින්ම බරපතළ බවත් එය රටේ ජනතාවට වසන් නොකළ යුත්තක් බවත් විවාදයකින් තොරව පිළිගත හැක්කකි. විශේෂයෙන්ම රජය විසින් ගෙවීමට තිබූ මුළු දේශීය හා විදේශීය ණය අගය ආසන්න වශයෙන් රු. දශ ලක්‍ෂ 8,860,770 ක් වන බවද ඉන් ගිණුම්ගත කර තිබූ මුළු වත්කම්වල වටිනාකම ආසන්න වශයෙන් රු. දශ ලක්‍ෂ 1,087,255)ක් පමණ වන බවද දක්වා තිබීම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුට පමණක් නොව නූගත් ගැමියෙකුට වුවත් සුළු කොට තැකිය නොහැකි කරුණකි. රු. බිලියන 7,800කට ආසන්න වත්කම් ගැන ගිණුම් සටහන්වල අනියතතාවක් වේ නම් එ් ගැන පාර්ලිමේන්තුව පමණක් නොව මුළු ජනතාවම දැනුවත් විය යුතුය. එලෙසම එ්ක පුද්ගල ණය ප‍්‍රමාණය මෙන්ම මූල්‍ය ප‍්‍රකාශන මඟින් සත්‍ය හා සාධාරණ තත්ත්වයක් අනාවරණය නොවන බව වාර්තා කර තිබීම විශාල අනියතතාවක් සනාථ කිරීමකි. එම වාර්තාවේ 5.1 ෙඡ්දය අනුව පසුගිය වසර කිහිපයකදී ලබාගෙන තිබූ, තවදුරටත් ගෙවීමට ඉතිරිව ඇති රු. බිලියන 826 ක් පිළිබඳව විගණන නියදි පරීක්‍ෂණ අනුව සොයා ගත් බව දක්වා ඇත. නියදියක් අනුව මේ සා විශාල අගයක් ගිණුම්ගතව නැති බව අනාවරණය වී ඇති අතර ගිණුම්ගතව නැති ප‍්‍රමාණය කෙතෙක්දැයි අනුමාන කිරීමටවත් නුපුළුවන. එයට අමතරව නීති, රීති හා රෙගුලාසි ආදියට අනුකූල නොවීමේ අවස්ථා ගණනාවක්ම එහි ෙඡ්ද අංක 8 යටතේ දක්වා ඇත. එහි ෙඡ්ද අංක 9 යටතේ නිරීක්‍ෂණ සම්පිණ්ඩනය ලෙසට (අ) සිට (ඌ) උප අංක වශයෙන් අර්ථවත් නිරීක්‍ෂණ හා නිර්දේශ ගණනාවක් දක්වා තිබීමද බෙහෙවින් අගය කළ හැක.

ජනතා අවධානයට ලක් වියයුතු 2017 මැයි 31 දිනැතිව මුදල් අමාත්‍යංශයේ ලේකම් තුමා ඇමතූ ‘‘ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික ජනරජයේ 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප‍්‍රකශන පිළිබඳව විගණකාධිපති වාර්තාව”ද ඉහත කී වාර්තාවට අමුණා ඇත. එහි විශේෂත්වය වනුයේ ”මෙම වාර්තාවේ 2.2 ෙඡ්දයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප‍්‍රමාණවත් හා උචිත විගණන ශාක්‍ෂි ලබා ගැනීමට මට නොහැකි ය. එ් හේතු කොටගෙන මෙම මූල්‍ය ප‍්‍රකාශන පිළිබඳව මම මතයක් ප‍්‍රකාශ නොකරමි.” ලෙසට දක්වා තිබීමය. සාමාන්‍ය ආයතනයක මෙන් නොව සමස්ත ජනරජ ගිණුම පිළිබඳවම විගණන මතයක් ප‍්‍රකාශ කළ නොහැකි තත්ත්වයට රාජ්‍ය යාන්ත‍්‍රණයේ ගිණුම් කටයුතුභාවය පිරිහී තිබීම දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද අති භයානක තත්ත්වයකි.

ඉහත කී ජනරජ ගිණුම පිළිබඳ විගණන වාර්තාවේ 2.2.3 ෙඡ්දය යටතේ විදේශීය ණය දෙන ආයතන සමඟ රජය විසින් එළඹ තිබූ ණය ගිවිසුම් 7කට අදාළව 2016.12.31 දින වන විට ගෙවිය යුතුව තිබුණු රු. මිලියන 332,305 ණය ශේෂ මූල්‍ය ප‍්‍රකාශවල ඇතුළත් කර නොතිබුණ බවද, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පුද්ගල අනන්‍යතා ලේකම් කාර්යාලය ඉදිකිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු 04කින් ලබාගෙන තිබූ රු. මිලියන 7,808ක ණය මුදල හා රු. මිලියන 1,083ක ණය පොළිය හඳුනාගෙන නොතිබුණු බවද, මූල්‍ය ප‍්‍රකාශන අනුව වූ විදේශ ණය අවසන් ශේෂය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ 854-1 වාර්තාව සමඟ සැසඳීමේදී, ණය ගිවිසුම් 07කට අදාළ ශේෂවල රු. මිලියන 1,505ක වෙනසක් නිරීක්‍ෂණය වූ බවද වාර්තා කර ඇත. නියදි පරීක්‍ෂණ අනුව නිරීක්‍ෂණය කර ඇති ජනතාව දැනගත යුතු තවත් කරුණු ගණනාවක්ම එම වාර්තාවේද ඇතුළත්ය.

මෙම තත්ත්වය ජනතාවට හෙළිදරව් වීම දෙස ජනතාව බැලිය යුත්තේ දේශපාලන කෝණයකින්ද නැතහොත් ඊට වඩා පුළුල් ජාතික කෝණයකින්ද යන්න ජනතාව වටහා ගත යුතුය. මෙම වාර්තා වී ඇති කරුණු ජාත්‍යන්තර ප‍්‍රතිරූපයටද එමඟින් ජාත්‍යන්තර ගනුදෙනුවලටද අතිශයින්ම ප‍්‍රශ්නකාරී වන බව සැබෑය. ජාත්‍යන්තර ගනුදෙනුවලට බෙහෙවින් හානිකර විගණන වාර්තා වෙබ් අඩවිය ඔස්සේ ජනගත කිරීම ගැන විවිධ චෝදනාද එල්ල වනු ඇත. මේ තත්ත්වයට රට පත් කිරීමට වගවිය යුතු අතීත හා වර්තමාන පාර්ශ්වකරුවන් පණිවිඩය යටපත් කිරීමේ පහසුම මඟ ලෙස තෝරා ගනු ඇත්තේ පණිවිඩකරු වන රාජ්‍ය විගණනය විනාශ කිරීම හා දුර්වල කිරීමය. එහිදී සැබෑ ප‍්‍රශ්නය පසුපසට දමා යම් අතුරු කරුණක් සැබෑ ප‍්‍රශ්නය බවට පත් කරගන්නට යන බවක් මාධ්‍ය වාර්තා අනුව පෙනේ. යම් විගණන නිරීක්‍ෂණයක් දේශයට, යම් දේශපාලන පක්‍ෂයකට හෝ පෞද්ගලිකව තමාටම කෙතරම් හානිකර වුවද කිසිදු විගණනයකදී සත්‍ය විකෘත කර අසත්‍යය වාර්තා කිරීම හෝ නුදුටුවා සේ ගොළුවත රැුකීීම හෝ කළ නොහැක. නොකළ යුතුය. එසේ කිරීම ජාතික හා ජාත්‍යන්තර සම්මතයන්ට හා ආචාර ධර්මවලට පටහැනිය. කළ යුත්තේ විගණක නිහඬ කිරීම නොව විනිවිදභාවයක් සහිතව මූල්‍ය විනය තහවුරු කිරීමට රාජ්‍ය පාලකයන් තම නිලධාරීන්ට අවස්ථාව හා ශක්තිය ලබා දීමය. රාජ්‍ය මූල්‍ය පාලනය අර්ථවත් කිරීමය.