රැකියා වෙළෙඳපොළේ අනාගතය

ඇමරිකානු මෘදුකාංග විශේෂඥයෙකු වන ජේම්ස් ක්‍රෝෆෝඞ් 2013 වසරේදී ‘ ඕබිටල් ඉන්සයිට්’ නම් සමාගම ස්ථාපිත කළ අවස්ථාවේ එම ආයතනය, කෘත‍්‍රිම බුද්ධිය ඔස්සේ ලෝකය තුළ දැවැන්ත විප්ලවයක් සිදුකරනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැත. රයිස්, සරසවියෙන් ගණිතය හා පරිගණක විද්‍යාව පිළිබඳ මූලික උපාධිය දිනාගත් පසු ඒ හා අදාළ ශාස්ත‍්‍රපති උපාධිය හෙතෙම ලබාගත්තේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙනි. විවිධ මෘදුකාංග නිපැයුම් සම්බන්ධයෙන් පේටන්ට් බලපත‍්‍ර 05කට හිමිකම් කියන ජේම්ස්, තම ආචාර්ය උපාධිය ටෙක්සාස් සරසවියෙන් දිනාගත්තේ ‘කෘත‍්‍රිම බුද්ධිය’ පිළිබඳ වන පර්යේෂණ පත‍්‍රිකා 15කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කරමිනි. ඉනික්බිති, ජාතික ගගනයාත‍්‍රා සහ අභ්‍යවකාශ පරිපාලන ඒජන්සියේ (නාසා) රොබෝ නිපැයුම් ඒකකයෙහි වසර 15ක් පමණ සේවය කළ ජේම්ස්, ගූගල් ආයතනයේ ඉංජිනේරු අධ්‍යක්ෂවරයා ලෙසද වසර ගණනාවක් සේවයෙහි නිරත විය.

චන්ද්‍රිකා තාක්ෂණය

කෘත‍්‍රිම චන්ද්‍රිකාවක් යනු යම් ග‍්‍රහලෝකයක් වටා මිනිසා විසින් කක්ෂ ගත කරනු ලැබූ ආකාශ වස්තුවකි. පෘථිවිය වටා භූස්ථායි චන්ද්‍රිකා 03ක් ස්ථාපිත කිරීමෙන් පමණක් වුව, මුළු පෘථිවියම ආවරණය වන ආකාරයේ සන්නිවේදන ජාලයක් ගොඩ නැගිය හැකි බව 1995 වසරේදී ‘වයර්ලස් වර්ල්ඞ්’ සඟරාවට ලිපියක් ලියමින් අවධාරණය කර සිටියේ ආතර් සී. ක්ලාක්ය. කෙසේ වෙතත්, ලොව ප‍්‍රථම චන්ද්‍රිකාව වූ ‘ස්පුට්නික් 1’ සෝවියට් රුසියාව විසින් කක්ෂ ගත කරනු ලැබුවේ 1957 ඔක්තෝබර් 04 වැනිදාය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අභ්‍යවකාශ කටයුතු පිළිබඳ කාර්යාලයේ දත්තවලට අනුව 2017 අවසානය වන විට අභ්‍යවකාශය තුළ දක්නට තිබෙන කෘත‍්‍රිම චන්ද්‍රිකාවන්ගේ සංඛ්‍යාව 4635කි. එලොන් මස්ක්ට අයත් ‘ස්පේස් එක්ස්’ රොකට් සමාගම සහ කෘත‍්‍රිම ආකාශ වස්තු නිපදවන අනෙකුත් සමාගම් විසින්, චන්ද්‍රිකාවක් නිපැයීමේ හා කක්ෂ ගතකිරීමේ මිල, නව තාක්ෂණය හරහා, සෑහෙන දුරකට පහළ දමා ඇතිවග ජේම්ස් ක්‍රොෆෝඞ් නිරීක්ෂණය කළේ ගූගල් සමාගමේ සේවය කරන අතරතුරේදීය. පෘථිවිය වටා භ‍්‍රමණය වන දහස් ගණන් චන්ද්‍රිකා විසින් නිකුත් කරනු ලබන ඡුායාරූප හා ලක්ෂ සංඛ්‍යාත වූ තොරතුරු, කෘත‍්‍රිම බුද්ධිය මගින් විශ්ලේෂණය කොට ලොව තුළ විශාල පෙරැුළියක් ඇති කළ හැකියැයි ජේම්ස්ට සිතිනි. සංකීර්ණ ගැටලූ ගණනාවක් එකවර විසඳිය හැකි විශේෂ ගණිත රීති ක‍්‍රමයක් ඔස්සේ, මිනිස් මොළයේ ස්නායු සංඥා විධික‍්‍රම අනුකරණය කරමින්, පරිගණකයක් විසින් විවිධ දත්ත සාර්ථකව විශ්ලේෂණය කිරීම, ‘කෘත‍්‍රිම බුද්ධිය’ ලෙස හැඳින්විය හැකිය. ඒ ගැන ජේම්ස් අදහස් දක්වන්නේ මේ ආකාරයටය. ‘‘අප අවට ලෝකයේ තිබෙන විවිධ වස්තූන්, මනුෂ්‍යයන්ට වඩා හොඳින් හඳුනාගැනීමේ හා විශ්ලේෂණය කිරීමේ හැකියාව පරිගණකවලට සැබැවින්ම ලැබුණේ 2015 වසරේදීයි. අප අවට ඇති වස්තූන් බිලියනයක් වුව වෙන් වෙන්ව, නිවැරදිව හඳුනාගෙන ඒවාට ආවේණික විවිධ රටාවන් හා ගුණාංග සරලව වාර්තා කිරීමේ නිපුණතා විශ්මිත නිපුණතාව කෘත‍්‍රිම බුද්ධියට තිබෙනවා. අභ්‍යවකාශයේ භ‍්‍රමණය වන චන්ද්‍රිිකා විසින් ජනනය කරන තොරතුරු සමුදාය, මිනිසුන් යොදවා විශ්ලේෂණය කිරීම අපහසුයි. එහෙත් 2015න් පසු කෘත‍්‍රිම බුද්ධිය ලැබූ අසහාය සංවර්ධනයට පින්සිදුවන්නට, අද අපිට මෙකී චන්ද්‍රිකා තොරතුරු සම්භාරය, නිධානයක් මෙන් සියුම්ව හා වේගවත්ව උකහාගැනීමේ මහඟු අවස්ථාව උදාවී තිබෙනවා. අපේ සමාගම වන ඕබිටල් ඉන්සයිට්, ප‍්‍රථමයෙන්ම කළේ ලොව පුරා විසිරුණු ඉරිඟු වගාබිම්වල පින්තූර හා තොරතුරු, චන්ද්‍රිකා හරහා උකහාගෙන ඉරිඟු ගස්වල සරු, නිසරුභාවය හා ඒවායේ අනාගත ඵලදාව පිළිබඳව 100%ක් නිවැරදි දත්තයන් එක්රැුස් කිරීමයි. මේ තොරතුරු ගෝලීය වෙළෙඳපොළේ ඉරිඟු මිල උච්චාවචනයන් ගැන දැඩි අවධානයෙන් පසුවන තොග ගැනුම්කරුවන්ට විකුණා විශාල ලාභයක් ලබාගැනීමට අපට හැකිවුණා.”

සංශ්ලේෂී රේඩාර් තාක්ෂණය (SAR)

ඇමරිකාව වෙත මෙතෙක් හඹා ආ දරුණුම සුළි කුණාටුව වූ ‘හාර්වේ’, 2017 අගෝස්තු 17 සිට 2017 සැප්තැම්බර් 02 දක්වාම පැවතුණි. මෙයින් ඇමරිකානුවන් 107ක් මරණයට පත්වූ අතර 30,000ක් පමණ අවතැන් විය. ඇමරිකානු ඩොලර් බිලියන 124ක මූල්‍ය හානියක් සිදුකළ ‘හාර්වේ’ මෙතෙක් ඇමරිකාව මුහුණ දුන් භයානකම කුණාටුව සේ සැලකිය හැකිය. ජේම්ස් ක්‍රොෆෝඞ්ගේ ‘ඩිබිටල් ඉන්සයිට්’ සමාගම, අතිනවීන චන්ද්‍රිකා තාක්ෂණ ක‍්‍රමවේදයක් වන Synthetic Aperture Radar (SAR) යොදා ගනිමින් සුළි කුණාටුවට ප‍්‍රථම හාර්වේහි වලාකුළු රටා නිවැරදිව නිරීක්ෂණය කොට එය හඹායෑමට පැය 06කට පෙර ඇමරිකානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ක්ෂණික අනතුරු ඇඟවීමක් කළේය. සාම්ප‍්‍රදායික චන්ද්‍රිකා තාක්ෂණයට ඉටු කළ නොහැකි මෙකී කාර්යභාරයSAR මගින් සිදුකළ හෙයින් හූස්ටන්, ටෙක්සාස් වැනි නගරවලින් ඇමරිකානු වැසියන් ඉවත් කොට ‘හාර්වේ’ අතින් සිදුවීමට ඉඩ තිබූ මහා ජීවිත විනාශය වළකාලන්නට ජේම්ස්ගේ සමාගම සමත් විය. එමෙන්ම සිය බෝට්ටුවල රේඩියෝ සංඥා උපකරණ තාවකාලිකව ක‍්‍රියාවිරහිත කොට, ඇමරිකානු මූදු සීමාවේ රාත‍්‍රී කාලයේ හොරෙන් මාළු බාන සියලූදෙනාම SAR තාක්ෂණය යොදා අත්අඩංගුවට ගැනීම සඳහා ඇමරිකානු නාවික හමුදාවට සහාය වූයේ ‘ඔබිටල් ඉන්සයිට්’ය. ‘හාර්වේ’ නිසා හටගත හැකි ගංවතුර තත්ත්වයන් ගැන ඇමරිකාවේ රක්ෂණ සමාගම් දැනුවත් කොට, නිවෙස් හා ව්‍යාපාරික ස්ථානවල තිබූ එහා මෙහා කළ හැකි වටිනා භාණ්ඩ හා වාහන කල් ඇතුව ආරක්ෂා කරගැනීමට ඇමරිකානුවන්ට හැකිවූයේ ජේම්ස්ගේ නිවැරදි අනාවැකිවල පිහිටෙනි. කෘත‍්‍රිම බුද්ධිය හා SAR තාක්ෂණය මගින් ‘ ඕබිටල් ඉන්සයිට්’ අදහාගත නොහැකි තරමේ දියුණුවක් මතුදා අත්පත් කරගනු ඇතැයි නිවැරදිව දුටු ආයෝජකයෝ, 2016 ජූනි මාසයේදී එම සමාගම වෙත ඇමරිකන් ඩොලර් මිලියන 20ක්ද, 2017 සැප්තැම්බරයේදී තවත් ඩොලර් මිලියන 50ක්ද පිරිනැමූහ. චන්ද්‍රිකා කක්ෂ ගතකරන සමාගම්වලින්, චන්ද්‍රිකා තොරතුරු ඉල්ලා සිටීමේ වේගය හා ප‍්‍රවණතාව ඉහත පෙන්වා දුන් ආකාරයට ඉහළ ගිය නිසා චන්ද්‍රිකා නිපැයුම් ක්ෂේත‍්‍රය ගෝලීය වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 260.5ක් වැනි දැවැන්ත වටිනාකමකින් ප‍්‍රසාරණය වීම නොවැළැක්විය හැකිවිය. එහෙයින් නුදුරු අනාගතයේදී ලොව වැඩිම රැකියා සංඛ්‍යාවක් ජනිත වනුයේ මෙකී ක්ෂේත‍්‍රයන් තුළය. 2018 වසර තුළදී පමණක් චන්ද්‍රිකා නිපැයුම් හා මෙහෙයුම් ක්ෂේත‍්‍රයට අවශ්‍ය තාක්ෂණ ශිල්පීන්ගේ සංඛ්‍යාව 11,084කි.

SAR හි සමාජ – ආර්ථික බලපෑම

ඇමරිකානු සුපිරි වෙළෙඳ සැල්වල තිබෙන රථගාල් ී්ඍ තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කරමින්, ඒවායේ සුපුරුදු ගනුදෙනුකරුවන් කවුරුන්ද, අලූතෙන් එක්වන පාරිභෝගිකයන් කවුරුන්ද, දැනට ගනුදෙනු කරන අයගෙන් කොපමණක් වෙළෙඳසැල අතැර වෙන තැනක් බලා යනවාද යනාදී දත්ත, ව්‍යාපාර හිමිකරුවන්ට නිවැරදිව සපයා දැවැන්ත ආදායමක් උපයා ගැනීමට අද ඕබිටල් ඉන්සයිට් සමත් වී තිබේ. ගෝලීය පාම්තෙල් නිපැයුම වැඩිවන විට ඒ හා සමගාමීව බ‍්‍රසීලයේ කැලෑ කැපීම (පාම් වගාව සඳහා) ඉහළ යන බැව් නිවැරදි සංඛ්‍යාලේඛන මගින් හෙළිදරව් කළේද ජේම්ස් ක්‍රෝෆෝඞ්ය. මීට අමතරව පෘථිවි ගෝලය මතුපිටට ආසන්නව තිබෙන ජල මූලාශ‍්‍රයන් ගැන හරි තොරතුරු සොයා, අනාගතයේදී ජල හිඟයක් හටගන්නේ ලොව කුමන ස්ථානයන්හිද, ඊට පිළියම් යෙදිය යුත්තේ කෙසේද වැනි සංවාදයන් නව මානයකින් ආරම්භ කළේද ඕබිටල් ඉන්සයිට්ය. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන, කොටස් වෙළෙඳපොළ මිල ගණන්වල තොරතුරු, සමාගම්වල වාර්ෂික වාර්තා සහ ක්‍රෙඩිට් කාඞ්පත් භාවිතාව හා අදාළ දත්ත වැනි ඇසට හසුවන ප‍්‍රධාන ධාරාවේ දත්ත වෙනුවට චන්ද්‍රිකා තාක්ෂණය හරහා දේවල්වල හැසිරීම් රටා සියුම්ව හා නිවැරදිව හඳුනා ගැනීම නිර්වචනය කෙරෙනුයේ ‘විකල්ප දත්ත භාවිතය’ ලෙසිනි. විකල්ප තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ වටිනාකම 2016දී ඇමරිකන් ඩොලර් මිලියන 200ක් වූ අතර වර්ෂ 2020 වන විට එය ඩොලර් මිලියන 400ක් දක්වා ඉහළ යනු ඇත.

රැකියා ජනනය

ඕස්ටේ‍්‍රලියාව තුළ කැණීම් කරන සියලූම දැවැන්ත සමාගම් ලෝපස් පැටවීම හා ප‍්‍රවාහනය කරනුයේ රියදුරු කෙනෙක් නොමැති, දුරස්ථ පාලකවලින් ක‍්‍රියාකරන විශාල ට‍්‍රක් රථ මගිනි. 2018 අවසන්වීමට ප‍්‍රථම, ඇමරිකාව රියදුරු නැති ට‍්‍රක්රථ කෘත‍්‍රිම බුද්ධිය ඔස්සේ නිපැයීමට නියමිතය. වසර 2020 වනවිට කෘත‍්‍රිම බුද්ධිය භාවිතයට ගැනීම හේතුවෙන් ඇමරිකාවෙන් තුරන්ව යන රැුකියා (ට‍්‍රක්රථ රියදුරු, විකිරණවේදී, ගණකාධිකාරී, ක්ෂණික ආහාර ඇණවුම්, ලිපිකරු වැනි) සංඛ්‍යාව මිලියන 1.8කි. එහෙත් කෘත‍්‍රිම බුද්ධි හා චන්ද්‍රිකා තාක්ෂණ ක්ෂේත‍්‍රය තුළ 2020දී ජනනය වීමට නියමිත රැුකියා ප‍්‍රමාණය මිලියන 2.3කි. 2015-2017 කාලය අතරතුර එංගලන්තය තුළ කෘත‍්‍රිම බුද්ධිය හඳුන්වාදීම හේතුවෙන් නුපුහුණු රැකියා ලක්ෂ 08ක් පමණ නැතිවී ගියේය. එහෙත් නව විකල්ප තොරතුරු තාක්ෂණ දැනුමෙන් හෙබි පුද්ගලයන් සඳහා ඉහත කී කාලවකවානුව තුළ පුරප්පාඩු මිලියන 3.5ක් එම රට ඇතුළත ජනනය විය. මෙම නව රැකියාවක වාර්ෂික වේතනය, පැරණි නුපුහුණු රැකියාවට වඩා ඩොලර් 13000කින් පමණ වැඩිවී තිබීම සුවිශේෂී තත්ත්වයකි. 1860දී ඇමරිකානු විද්වතුන් පිරිසක් එකට එක්ව, එතැන් සිට වසර 100ක් ගතවූ තැන නිව්යෝක් නගරය (එනම් 1960දී) අශ්ව බෙටිවලින් වැසී යනු ඇතැයි තීරණය කළේ, ජනගහනයේ වැඩිවීමත් සමග නගරය තුළ මිනිසුන් ප‍්‍රවාහනය කිරීම සඳහා මිලියන 06ක් අශ්වයන් අවශ්‍ය වෙතැයි ගණන් බැලූ හෙයිනි. එහෙත් ඊට වසර 40කට පසු, එනම් 1900දී ඇමරිකාව තුළ මෝටර් රථ නිෂ්පාදන සමාගම් 1001ක් ස්ථාපිත විය. තාක්ෂණික සංවර්ධනය ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත්කරන නිසා, අප රටේ සියලූ අධ්‍යාපන ආයතන යල්පැන ගිය පාඨමාලාවලින් මිදී නව තාක්ෂණය අනිවාර්යෙන්ම වැළඳ ගත යුතුය.