රාජ්‍ය පාලනය සහ බෙල්ල බේරා ගැනීම

ප‍්‍රියන්ත ලියනගේ

මෙම රචනය ලියවෙමින් තිබෙන මොහොත වන විට එය ‘යහපාලන’ ආණ්ඩුවේ මළ ගමක පෙර ම`ග ලකුණු ද පෙන්වමින් තිබෙයි. ඇමතිකම් දරන්නට පමණක් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග එක්ව සිටි සුසිල් පේ‍්‍රම්ජයත්, ඩිලාන් පෙරේරා, ජෝන් සෙනෙවිරත්ත, ඇතුළු ශී‍්‍රලනිපයේ බහුතරයක් මහින්ද දෙසට ‘ගමනේ යා’ කියමින් දැනටමත් දකුණු කකුල පෙරට තබාගෙන සිටිති. ඒ ගැන නම් අපට අරුමයක් නැත. ඒ මන්දයත් සිරිසේන ජනාධිපතිවරයා නොදැන සිටියාට මේ අය හැමදාම බලාගෙන සිටියේ ‘මහින්ද සම`ග නැගිටින්නට බව අප කල් තියාම දැන සිටි බැවිනි. අපට ඇති අරුමය නම්, මේ බලපෑමේ, ප‍්‍රබලකම නිසා හෝ තමන් ලද පරාජයේ ප‍්‍රබලකම නිසා හෝ ඔවුන්ට උඩ ගෙඩි දෙමින් සිරිසේන ජනාධිපතිවරයා ද සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 96 දෙනාම තමන් සම`ග සිටින්නේ නම් නිමල් සිරිපාල ද සිල්වාව අගමැති කරමින් තමා ශී‍්‍රලනිප ආණ්ඩුවක් හදන්නට සූදානම් බව කීමය.

මෙය ඔහුට පක්ෂය තුළින් එන බලපෑම නිසා යැයි කියා හෝ ‘යහපාලනයක්’ කෙරේ හෝ සිරිසේන ජනාධිපතිවරයා කෙරේ විශ්වාසය තබාගෙන සිටි මිනිසුන්ට වුව සිත හදාගත නොහැක්කේ යැයි අපට සිතේ. අප එසේ කියනුයේ සිරිසේන ජනාධිපතිවරයා මැතිවරණ බල පොරය පැවැති මුළු කාලය පුරාමත් වරින් වර තමන්ගේ ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වය ඉලක්ක කරමින් මැතිවරණ වේදිකාවෙ සහ වෙනත් අවස්ථාවලත් විටින් විට කී කතා සිහිපත් වෙද්දීය. බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හා රවී කරුණානායක මුදල් ඇමති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වරින් වර කළ කී කතා සිහිපත් කර ගැනීම ඔබට ප‍්‍රමාණවත් වනු ඇත. මේවා ජනාධිතිවරයා විසින් නොකළ යුතු ප‍්‍රකාශ යැයි අප නොකියතත් තමන්ගේම ආණ්ඩුවේ අගමැතිවරයා ඉලක්ක කරමින් මැතිවරණ මොහොතක දී කරන එවන් ප‍්‍රකාශ වාසි සලසනුයේ තමන්ට නොව තමන්ගේ ආණ්ඩුවේ ප‍්‍රධාන ප‍්‍රතිවාදී මහින්ද පාර්ශ්වයට බව තේරුම් ගැනීමට ජනාධිපතිවරයාට මොළේ කළදක් තිබිය යුතුව තිබිණි. බලයේ බලය ගැන දැන සිටි ජනාධිපතිවරයෙක් නම් සිරිසේන ජනාධිතිවරයා කළ යුතුව තිබුණේ එවැනි ආඩපාලි කියමින් ඇවිදීම නොව විධායක බලය සහිත ජනාධිපතිවරයා ලෙස එම කටයුතු වැළක්වීමට පියවර ගැනීමය. ඒ වෙනුවට ඔහු කියමින් ගියේ ඡුන්දයෙන් පසු සවර්ධන සංග‍්‍රාමය ද ඔහු අතට ගන්නා බවත් තමාගේ අත තිබෙනා කඩුව සියලූ හොරුන්ට එරෙහිව ඔසවන බවත්ය. අනතුරුව සිදු වූයේ මැතිවරණයෙන් ඔහුගේ බෙල්ලටම මරු පහරක් වැදීමය.

මෙවැනි පුරාජේරු කතා නොකියා මෙරට සිටි වඩාත් ප‍්‍රගාමී මිනිසුන් ජනවාරි අට දුන් ජන බලයේ අරමුණ නිසි ලෙස වටහා ගන්නට ජනාධිපතිවරයා ප‍්‍රඥාගෝචර ව‍්‍රයේ නම් අද ඔහුට හෝ ඔහුගේ නායකත්වයෙන් පවතින ආණ්ඩුවට මෙවන් අකරතැබ්බකට මුහුණ දීමට සිදු නොවේ. එසේ වූයේ නම් යහපාලන මුට්ටිය මෙන්ම ඒ මුට්ටිය අස්සේ ඔළුව සිරකරගත් එළුවාගේ බෙල්ල ද බේරා ගනිමින් තමන්ගේ විධායක පොල්ල ද නොකඩාගෙන ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන තුරු ඔහුට සහ යහපාලනයට යහතින් රැුකෙන්නට ඉඩ තිබුණි.

මෙහිදී යහපාලන මුට්ටිට අස්සේ ඔළුව සිරකරගත් එළුවාගේ භූමිකාව නිරූපණය කෙරූ අගමැතිවරයා ප‍්‍රමුඛ එජාපය ද මීට හරි හරියට වගකිව යුතුය. සියලූ වැරදි එජාපය පිට පටවා 2020 දී තමන්ගේ තනි නායකත්වයෙන් ශ‍්‍රීලනිප ආණ්ඩුවක් සාදා ගන්නට පසුදුරුත්තේ සීතල සිහින දුටු ජනපතිවරයා මෙන්ම කිව් දේ නාහන වික‍්‍රමසිංහ අගමැතිවරයා ද පසු වූයේ ද 2020 තමන්ගේ තනි එජාප ආණ්ඩුවක් පිළිබද එවැනිම පසුදුරුත්තේ සීතල සිහිනයකය. එම තමන්ගේ තනි ආණ්ඩුව සැදීම ගමනේ් අගමැතිවරයාගේ මාර්ග සිතියම වූයේ මහින්ද මෛත‍්‍රී ගැටුම හරහා ශී‍්‍රලනිපය දෙකට කඩා දුර්ව කිරීමය. එනිසා රනිල් වික‍්‍ර‍්‍රසිංහ අගමැතිවරයා සිතුවේ මහින්දගේ පොහොට්ටු පක්ෂය සැදුණු විට එය තමන්ගේ ජයග‍්‍රාහී ගමනේ එක් ජයග‍්‍රාහී සැතපුමක් පසු කිරීමක් ලෙසය. එනිසා ඔහු කටයුතු කළේ ද තමන්ගේ 2020 ඉලක්කය වෙනුවෙන්, 2020 දී තමන්ට ප‍්‍රතිමල්ලවයකු ලෙස මුණ ගැසීමට නියමිත ශී‍්‍රලනිපය දුර්වල කිරීමේ තමන්ගේ අරමුණේ සෑහෙන දුරක් යනතුරු රාජපක්ෂ රෙජීමයේ චෝදනාලාභීන්ට නිරුපද්‍රිතව සිටින්ට හැකි වන සේ ඇල්මැරුණු විලාසයෙනි. එනිසා ඔහු ද හොරු ගැන, ඝාතකයන් ගැන, දූෂිතයන් කිය කියා සිටියා මිස ඔවුන් නීතිය හමුවට පැමිණවීමට උනන්දු නොවීය. ’යහපානලය’ තුළ නීතිය හා සාමය තිබූණේ ද වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ ළගම හිතවතෙකු වෙතය. ඊට අමතරව ව්‍යවස්ථාදායක සභාවේ බලය හිමි කැබිනෙට්ටුවේ බලසම්පන්නම ඇමති තනතුරු දැනට ද උසුලනුයේ ඔවුන්ය. එනිසා තමන් දුන් පොරොන්දු ක‍්‍රියාත්කම කිරීම වෙනුවෙන් වගනොවීමේ ප‍්‍රතිශතයෙන් සෑහෙන ප‍්‍රමාණයක් එජාපය පැත්තට තල්ලූ කරන්නට ශී‍්‍රලනිපයට හැකි විය. ඒ අතරම බැදුම්කර මගඩිය වැනි දේවල් සහ රවී කරුණානායක සාධකය වැනි දෑ එජාපය පැත්තට අයහපත් ලෙස බරවෙන තරාදියේ බර තවත් වැඩි කළේය.

එකිනෙකාට කර ගන්නා මෙම චෝදනා, ප‍්‍රතිචෝදනාවන් මැතිවරණයේ දී තමන්ගේ වාසියට කළමණාකරණය කර ගන්නට පොහොට්ටු පාටියේ මහින්දලා හොදින් සමත් වූ අතරම, දේශපාලනයේ දා කිසි දා තාර්කික නොවන ලංකාවේ බහුතරයක් මිනිසුන් වූ පොදු ජනයා සහ විශේෂයෙන් මහින්ද බැතිමතුන් කුප්පනා තවත් ප‍්‍රකාශයක් ඡුන්දයට ආසන්න දිනවල දී රනිල් වික‍්‍රමසිංහ මහතා කර තිබුණි. ඒ බරපතළ වංචා දූෂණ විමර්ෂණ පිළිබද ජනාධිපති කොමිෂමේ නිර්දේශ සිහිපත් කරමිනි. එනම්, එම කොමිෂම මහින්ද රාජපක්ෂගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇති බවය. ඇතැම් විට ඔහු එම ප‍්‍රකාශය කරන්නට ඇත්තේ බැදුම් කර වංචාවේ වගඋත්තර පාර්ශ්වය ලෙස එජාපය දෙසට එල්ල වන පීඩනය සමනය කර ගැනීමේ අදහසින් විය යුතුය. මින් සිදුවූයේ ද ඡුන්දයෙන් පසුව රාජපක්ෂගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරාවි යැයි බියපත් වූ රාජපක්ෂ හිතවාදීන් රාජපක්ෂව රැුක ගැනීම වෙනුවෙන් වැඩි වැඩියෙන් සක‍්‍රීය වීමය. මේ හේතුඵල සියල්ලේ ප‍්‍රතිඵලය වූයේ ආණ්ඩුව මහත් අසීරුතාවකට පත් කරමින් රාජපක්ෂලාගේ පොහොට්ටුව වැල්ලේ ද පිපීමය. මේ නිසා සිදු වූයේ ආණ්ඩුව ඇතුළේ වූ සීතල යුද්ධය දැන් එළිපිට කඩු ඇද ගන්නා තත්වයට කෙමෙන් පත්වෙමින් තිබීමය.

මෙය කෙසේවත් ආණ්ඩු මාරු කරනා මැතිවරණයක් නොවූව ද මේ මතු වී ඇති තත්ත්වයයෙන් උපරිම පයෝජන ගනිමින් දැන් රාජපක්ෂලාගේ අපේක්ෂාව වී ඇත්තේ ඉක්මනින් මහ මැතිවරණයක් ලබා ගැනීම දක්වා දුරට මේ අර්බුදය ඉදිරියට තල්ලූ කර ගැනීමය. මෛතී‍්‍රගේ ශී‍්‍රලනිපයේ සිටිනා මහින්දවාදීන් ද හවුල් කර ගනිමින් දැන් රාජපක්ෂලා ඊට අවශ්‍ය ගුලිය ද අඹරමින් සිටිති. එනම් එජාපය නැති තනි සන්ධාන ආණ්ඩුවක් සදන්නේ නම් ඊට ඇමති ධුර හෝ වගකීම් බාර නොගනිමින් තමන් සහය දෙන්නට සූදානම් බව පවසමිනි.

අතිගරු ජනාධිපතිතුමනි, ඔබට පළාත් පාලන මැතිවරණයේ දී වැදුනේ බෙල්ල කොරවෙන පාරක් පමණි. පුළුවන් නම් එම ගුලියත් ගිලිනු මැනවි. එවිට ඔබට අමාරුවෙන් ඉතිරි වූ බෙල්ල ද ලෙහෙසියෙන් ම අහිමි කර ගැනීමට පුළුවන් වනු නියතය. මහින්දට සාපේක්ෂව ගත් විට ඔබ තමන් සතු විධායක බලය කිසිසේත් ම අයුතු ලෙස පරිහරණය නොකළ යහපත් මනුෂ්‍යයෙකි. එනිසා ළග සිටිනා කේවට්ට උපදේශකයන් මහින්දවාදීන් ඔබගේ බෙල්ල නැති වෙනවාට කැමති වුව ද අප ඊට අකමැතිය. ඒ නිසා මහින්දලා අඹරණ ඔය ගුලිය ගිල්ලෝතින් ඔබගේ බෙල්ල යන්නේ කෙසේ දැයි ඔබට කීම අප සතු යුතුකමක් යැයි ද අපි සිතුවෙමු. බැරි වෙලා හෝ මේ මොහොතේ ඔබ යහපාලනයෙන් ඉවත්ව මහින්දලා සහ ඔබව වට කරගෙන සිටින ‘මහින්ද සරණගිය’ පිරිසගේ බල පෑමට ඔබ එවැනි තීරණයක් ගතහොත් ඔවුන් මාසයක් හෝ වැඩිම වුවහොත් මාස දෙකක් ඇතැම් විට ඔබ සමග සිට කුමක් හෝ ලෙඩක් දාගෙන ඔබෙන් ඉවත්ව යනු ඇත. මන්ද, ඉක්මන් මැතිවරණයකට යාමේ ඔවුන්ගේ අවශ්‍යතාව දැනටමත් ප‍්‍රකාශ කර ඇති බැවිනි. ඔවුන් එලෙස ඉවත් වුවහොත් විට ඔබට රෙද්දක් ඇ`දි මිනිසකු ලෙස යළි රනිල්ලා දෙස ද බැලිය නොහැකි බැවින් ඔබට සිදු වනුයේ අකමැත්තෙන් වුව ද රට පත්වෙන අරාජක බවෙන් මුදවීමට මහ මැතිවරණයකට යාමටය. එවිට සිදුවනු ඇත්තේ පළාත් පාලන මැතිවරයේ දී ලද ප‍්‍රතිඵලයටත් වඩා වැඩි ප‍්‍රතිඵලයකින් එම මහ මැතිවරණයෙන් මහින්ද යළි බලයට ඒමය. එවිට 2015 ජනවාරි අට ජයග‍්‍රහණයෙන් පසුව ඔබ කළ ‘‘පැරදුනා නම් මට සහ මගේ පවුලේ සියල්ලන්නට සිටින්නට වෙන්නේ අඩි හයක් මහපොළොව යටය’’ යන ප‍්‍රකාශය යළි සිහිපත් කර ගන්නා ලෙස අපි ඔබට මතක් කරමු. ඒ සතා සතාම බව ඔබ නොදන්නේ වුව ද අපි ඉතා හොදින් දන්නා බැවිනි. ඒ නිසා ඒ ගැන සිහි තබාගෙන කටයුතු කිරීම රාජ්‍ය පාලනයට කෙසේ වෙතත් ඔබගේ බෙල්ල බේරා ගැනීමට ද ඉතාමත් වැදගත් වනු ඇත.

අතිගරු ජනාධිපතිතුමනි, අවසාන වශයෙන් මේ ටික පවසන්නේ ද ඔබ ගැන කිසිදු අහිතකින් තොරවය. සැබැවින්ම හිතවත්කමිනි. ඔබ ‘‘ජනතා සේවකයෙකු’’, ජනාධිපතිවරයෙකු වීමට හා දේශපාලනයට ඒමට පෙර ඔබ මුලින්ම රාජ්‍ය සේවයට පිවිස ඇත්තේ ග‍්‍රාමසේවකවරයෙකු ලෙස බව අප අසා ඇත්තෙමු. ඒ දිනවල ඔබේ අධීක්ෂණයට නතුව පවතින්නට ඇත්තේ ග‍්‍රාමසේවක කොට්ඨාසයක් හෝ දෙකක් විය හැකිය. එහි ඔබේ ඒ රාජ්‍ය සේවය ද ඉතා නිරහංකාරව සහ ඉතා පාරදුෂ්‍යභාවයෙන් යුතුව කරන්නට ඇති බවට අපට කිසිම සැකයක් නැත්තේය. එහෙත් රාජ්‍ය පාලනයට ඒ යහපත්කම විතරක් ප‍්‍රමාණවත් නොවන බව ද කනගාටුවෙන් වුව ද කියන්නට සිදුවනු ඇත. සාර්ථක රාෂ්ට‍්‍ර පාලකයකු වීමට නම් විචක්ෂණශීලී භාවය සහ ගතයුතු තින්දු නිසි වෙලාවට ගැනීම ද කළ යුතුය. ඔබ 2015 දී එවැනි නිසි වෙලාවේ දී නිසි නුවනින් එවැනි නිර්භීත තීන්දුවක් ගත්තෙකි. අප යළිත් එවැනි නිසි තීන්දු ගත හැකි රාෂ්ට‍්‍ර පාලකයෙකු ඔබ වෙතින් දකින්නට කැමැතිය.