පිහිනුම් ඉවරයි නීතිය අසරණයි

ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකා ධජය වැඩි වාර ගණනක් එසැවූයේ පිිහිනුම් ක‍්‍රීඩාවෙනි. ආසියා හා පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක‍්‍රීඩා උළෙලවලද ධජය ළෙල දුන් වාර විය. එවන් යටගියාවක් අභිමානයක් රැුඳී පිහිනුම් ක‍්‍රීඩාවට වර්තමානය වනවිට අත්ව ඇති ඉරණම කොතරම් ඛේදවාචකයක්ද? මේ වනවිට ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා පරිපාලනයම අර්බුදයක ගිලී ඇත.

එහෙත් ඒ අර්බුදය එළියට නොපෙන්වා වත්මන් නිලධාරීහු ජාමේ බේරා ගනිමින් සිටිති. මෙය නරක පූර්වාදර්ශයකි. තමන්ට පිනට ලැබෙන තනතුරු භුක්ති විඳිනු සඳහා ක‍්‍රීඩාව බිල්ලට දීම ක‍්‍රීඩකයා ජලයේ ගිල්වීම අනුමත කළ නොහැකිය. මේ තත්ත්වය අපි කොතෙක් කතා කළද එය නිවැරදි වීම මෙතෙක් සිදුවී නැත.

අර්බුදයේ මුල

මෙම අර්බුදයේ ආරම්භය වන්නේ සංගමයේ සභාපති සහ ලේකම් ඉල්ලා අස්වීමත් සමගය. කොළඹ පැවති දකුණු ආසියානු පිහිනුම් ශූරතාවලියේ මුදල් වැය කිරීම සම්බන්ධ ප‍්‍රශ්නයක් හේතුවෙන් ඔවුන් දෙපළ තනතුරු අතහැර යන තැනට තල්ලූ විය. මේ ශූරතාවලිය පවත්වන්නට අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන ගණනක් ලැබී තිබුණි. එමෙන් අනුග‍්‍රාහක ආයතනවලින්ද මිලියන ගණනක් ලැබී තිබුණි. ඒ ලද මුදල්වල එකතුව මිලියන 12ක් පමණි. එනම් එක් කෝටි විසි ලක්ෂයකි. මෙය සුළු මුදලක් නොවේ. මේ මුදල් සභාපති සහ ලේකම් විධායක සභාව දැනුවත් නොකර හිතුමතේ වියදම් කොට ඇත්තේ වෙනම කමිටුවක් පත්කරමිනි. මෙහි ඇති ප‍්‍රධානතම ගැටලූව එයට සංගමයේ භාණ්ඩාගාරික පවා සම්බන්ධ කර නොගැනීමය. පිහිනුම් සංගමයක් පවතිද්දී, විධායක කමිටුවක් ඇති කල වෙනම කමිටු කුමටද?

මේ තත්ත්වය මහා සභාවකදී ක‍්‍රීඩා සමාජ ප‍්‍රශ්න කොට ඇත. එහිදී මුදල් තත්ත්වය, විගණනය, අය-වැය ප‍්‍රශ්නවලට සභාපති සහ ලේකම්ට උත්තර නැතිවී ඇත. සංගම්වල පන්නරයෙන් විධායක කමිටුවද මේ ගැන සභාපති, ලේකම්ව ප‍්‍රශ්න කරන තැනට තල්ලූවීමත් සමග කාලය කාදමමින් ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ මාස හතරක් ඇතුළත සියලූ වියදම් විනිවිදව ලබාදෙන බවය. මාස හතර ගෙවුණු පසු සවිස්තරාත්මක මුදල් වියදම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් වනු වෙනුවට සිදුවන්නේ සභාපති ලේකම් අතුරුදන්වීමය. ගිණුම්වලට අමතරව ඔවුන්ගේ විදෙස් ගමන්ද ප‍්‍රශ්න කරන තැනට විධායකය තල්ලූ වී තිබුණි. ඒ කුමක් වුවත් අන්තිමේදී සභාපති, ලේකම් පැදුරටත් හොරා මාරු විය. සභාපති ති‍්‍රවිධ හමුදාව නියෝජනය කරන නිලධාරියෙකි. එහෙත් ක‍්‍රියාව තුළ විනයක් ඔහු පෙන්වා නැත. ඔහු අද විදෙස් ගතවී ඇත. ලේකම් මෙරට සිටියද පැත්තකට වී ඇත. එසේ නම් මේ තත්ත්වයට වගකියනුයේ කවුද?

දෙවැනි පියවර

ඉන්පසු උදාවන්නේ හොරු ඇල්ලීම වෙනුවට බලය ඇල්ලීමය. සභාපති ලේකම් ගිය පසු උප සභාපති කෙනකු බලයට එන අතර උප ලේකම්වරයා ලේකම් බවට පත්වීමය. මෙය බැලූ බැල්මට සරලව පෙනෙනමුත් මෙය සංකීර්ණ ගැටලූවකි. දැන් සභාපති වී ඇත්තේ විල්සන් මහතාය. ලේකම් වී ඇත්තේ මහින්ද ලියනගේ මහතාය. මොවුන් දෙපළම පුහුණුකරුවන්ය. අදටත් ඔවුන් පුහුණු කටයුතුවලද කිසිදු හිරිකිතයකින් තොරව රැුඳේ. මෙය සුළු කොට තැකිය හැකිද? ක‍්‍රීඩා පනතේ මෙන්ම එහි නව රෙගුලාසිවලද ඉතා පැහැදිලිව පෙන්වා දෙනුයේ ‘ඔහු දැනට ක‍්‍රීඩා කණ්ඩායමක හෝ ක‍්‍රීඩකයෙකුගේ පුහුණුකරුවකු වීම හෝ’ සංගමයක තනතුරු දැරීමට නුසුදුසු බවය.

එහෙත් පිහිනුම් සංගමයට මේ නීතිය අදාළ නොවන්නේ කෙසේද? නීති යනු පුද්ගලයාගෙන් පුද්ගලයාට ක‍්‍රීඩාවෙන් ක‍්‍රීඩාවට වෙනස් වන දේ නොවේ. නීතිය හරියාකාරව ක‍්‍රියාත්මක නොවීම ක‍්‍රීඩාවේ පිරිහීම වේගවත් කළ බව මේ කාරණාවලින්ද ඉතාම පැහැදිලිය.

විල්සන් හෝ මහින්ද පුහුණුකරුවන් පරිපාලනය දැරීම වැරදි යැයි නොදන්නේද? සභාපති, ලේකම් තනතුරු අත්හැරිය සැණින් ඒ තනතුරු ඔවුන් දරනුයේ කෙසේද? එය නීතිය ක‍්‍රියාත්මක කරන ක‍්‍රීඩා බලධාරීන් නොදැක්ක ගාණට සිටිනුයේ කෙසේද?

මේ දෙපළ හිස් පුටුවල හොරාට ඉඳ ගැනීම ක‍්‍රීඩා අමාත්‍යාංශයට නොදැක්ක ගාණට සිටිය නොහැකිය. අනෙක් අතට සභාපති ලේකම් කළ මුදල් වංචාව එතරම් දෙයක් නොවන තැනට අහකට කළ හැකිද? වත්මන් වැඩ බලන සභාපති සහ ලේකම් කරනුයේ මෙහිදී ඉහත සිටි නිලධාරීන් දෙපළට වඩා වංචාවකි. ඔවුන්ට අනුව හිටපු සභාපති සහ ලේකම් යටතේ වූ මිලියන 12ක මුදල් අවභාවිතාව හොරකමක් නොවේ. ඔවුන් කියනුයේ ”විශාල වරදක් වුණා. ඒකට විධායක සභිකයන්ගෙන් සමාවක් ලැබෙන්නේ නෑ. මොකද අපේ ගිණුමක් තියෙද්දී ශූරතාවලියක් වෙනුවෙන් වෙනම ගිණුමක් ඇරියේ ඇයි? කාගෙන්වත් මේ ගැන අහලා නෑ. නිලවරණයට ඉදිරිපත් වූ භාණ්ඩාගාරිකටත් නොසලකා කටයුතු කළා. ඒ දෙපළ ගිය විදෙස් සංචාර ගැන විධායක සභාව දන්නේ නෑ. එහෙම නිලධාරීන් අවශ්‍ය නොවන බව බහුතර මතය වුණා.” මේ වත්මන් වැඩ බලන ලේකම් මහින්ද ලියනගේ පුවත්පතකට කියූවකි.
එයින් ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලිය. මොවුන් ඉහළ හොරුන් අපූරුවට ආරක්ෂා කර ඇත. මේ ඇයි? මොවුන්ට බලයේ සිටින්නටය. මේ ප‍්‍රශ්නයට පිළිතුරු සොයන්නැයි ක‍්‍රීඩා අමාත්‍යාංශයට බලපෑම් කළේ නම් ක‍්‍රීඩා අමාත්‍යාංශය සභාපති, ලේකම් නැති තැන කමිටුවක් හෝ පත්කර මේ ගැන සොයන්නට ඉඩ තිබුණි. එහෙත් ඒ බව සඟවා ඒ තනතුරුවලට විල්සන් සහ මහින්ද පැමිණ ඉහත වංචාව වසා දමා ඇත. මහින්ද අදටත් සක‍්‍රිය ස්ථාන කිහිපයක පුහුණු කරන ප‍්‍රසිද්ධ පුහුණුකරුවෙකි. ඔවුන් දිවි ගෙවන්නේද පුහුණු රැුකියාවෙනි. විල්සන්ද මහින්ද තරම් නොවූවද සුළු වශයෙන් පුහුණුවේ යෙදෙන්නෙකි. එසේ නම් පනතේ ඉතා පැහැදිලිව සඳහන්ව ඇති කාරණයක් උල්ලංඝනය කරමින් ක‍්‍රියාකිරීම කොතරම් සදාචාරද? තමන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගණනාවකට පුහුණු කරන අතරතුර නිලතල දැරීම අනෙක් ළමුන්ට කරන අසාධාරණයක් මෙන්ම තමා යටතේ පුහුණු වන ළමුන්ට කරන වරප‍්‍රසාදයක් නොවේද? මෙය තේරුම් ගැනීමට බැරි තරම් මේ අය ළාමකද? වැඩිහිටි විල්සන් මෝඩද?

ක‍්‍රීඩා ඇමතිවරයාට ඇති කාර්ය බහුලත්වය මත මෙය මග හැරුණා විය හැක. එහෙත් ක‍්‍රීඩා බලධාරීන් මෙවැනි වැරදි ආදර්ශ හරහා හෑල්ලූ කරනුයේ ක‍්‍රීඩා පනත නොවේද? මේ මහත්වරු ඉතා හොඳ පුද්ගලයන් විය හැක. එහෙත් නීතියට ගරු කරන්න ඉගෙන ගත යුතුය. මේ අය මේ නීතිය නොදන්නවා නොවේ. එහෙත් කිසි තැකීමක් නොකරන බව පැහැදිලිය. ක‍්‍රීඩා බලධාරීන්ද මුනිවත රකින බව ස්ථිරය. මේ ක‍්‍රීඩා පරිහානියේ ලකුණුමය.
අද පිහිනුම් ක‍්‍රීඩාව ඇත්තේ කොතැනද? පිහිනුම් තටාක අද කොතරම්ද? පාසල් බොහොමයක පිහිනුම් තටාකය. පිහිනුම් පුහුණුකරුවන් මුදලාලිලා වී ඇත. ඔවුන් අද ලක්ෂ ගණන් මාසිකව උපයන පිහිනුම් මුදලාලිලා වී ඇත. අද පිිහිනුම් කියා කරනුයේ පිහිනන්නට ඉගැන්වීමය. ඒ ඇරුණු කොට ක‍්‍රීඩකයන් බිහිකිරීමක් නොවේ. පිහිනන්නට ඉගැන්වීම හොඳය. එහෙත් පිහිනුම් සංගමයක් ඇත්තේ රට වටේම මුහුද නිසා රටේ ජනතාවට පිහිනුම් ඉගැන්වීමට නොව දක්ෂ පිහිනුම් ක‍්‍රීඩකයන් බිහිකිරීමටය. ඒ කාර්යය මෑත කාලයේ පිහිනුම් සංගමයෙන් ඉටු නොවනම දේ වී ඇත. විල්සන්, මහින්ද, ජූලියන් මේ අය කොතරම් පිහිනුම් පුහුණු කඳවුරු පවත්වයිද? එහෙත් පිහිනුම් තරග ජයගත හැකි ජාත්‍යන්තරයට යා හැකි අය කෝ?

මහින්ද ලියනගේම මාධ්‍යයට අපූරු කතාවක් කියා තිබුණි. ”පහුගිය කාලේ පිහිනුම් ක‍්‍රීඩකයන් විදෙස් තරග ගණනාවක්ම ජය ගත්තා. කයිල්, මැතිව්, චෙරන්ත, අකලංක, මිචිකෝ, කිමිකෝ වගේ අය ජයග‍්‍රහණ අතරට පැමිණියා. ඒ එම ක‍්‍රීඩිකාවන්ගේ මවුපියන්ගේ තිබුණ කැපවීම මත. ඒ ජයග‍්‍රහණ ජල ක‍්‍රීඩා සංගමයේ හොඳක් නිසා වුණු දෙයක් නොවෙයි. පුහුණුකරුවන් කැපවී ගත්ත ජයග‍්‍රහණ.

මහින්ද මේ කියන කතාව ඇත්තය. එතනදී පුහුණුකරුවන්ගේ කැපවීම යන්න පැහැදිලි මදිය. මන්ද මැතිව්, මිචිකෝ, කිමිකෝ, කයිල් යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතාවල රහස විදෙස් පුහුණුවය. ඒ අය විදෙස් පුරවැසිලාභීන්ද වේ. විදෙස් පුහුණුව ලබන ඔවුන් පදිංචි විදෙස් රටම නියෝජනය නොකරනුයේ ඒ රටවල ඔවුන්ට තැනක් නැති නිසාය. ඔවුන් තරගවලට මෙරටට පැමිණ මෙරට ක‍්‍රීඩා වීරයන් වී ඇත. ඇත්ත එයය. එය ඇරුණු කොට අපිට හේෂාන් උනම්බුවගෙන් පසු මෙරට දක්ෂයකු නිර්මාණය කරගැනීමට හැකිවීද?

මෙරට පුහුණුකරුවන්ගේ දැනුම මෙරට තරගවලට ඇති පදම්ය. එහෙත් මෙරටින් පිට ජයගැනීමට එය ප‍්‍රමාණවත් නොවේ. ඊට විදෙස් පුහුණුකරුවන්ගේ දැනුම අවැසිය. එවැනි දැනුම ලබාගැනීමේ හැකියාවක් මේ පිහිනුම් බලධාරීන්ට නැත. වුවමනාවක්ද නැත. ඔවුන් ඔවුන්ගේ රැුකියාව ලෙස පුහුණුව ලබාදෙමින් තනතුරුවල සිටිමින් නිකරුණේ බැබළෙති. එහෙත් පිහිනුම් ක‍්‍රීඩාව වළ පල්ලටම ගොස්ය.

අද ජාත්‍යන්තර පාසල්වල ළමුන් මෙරට පිහිනුම් ආධිපත්‍යය තියාගෙන ඇත. පිට පළාත්වල පිහිනුම් සංවර්ධනයක් දැන් නැති තරම්ය. සියලූ තරගාවලි කොළඹට සින්න වී ඇත. එදා පිහිනුම් කී කල අම්බලන්ගොඩ නම කියැවුණි. අද ඒ තත්ත්වයන් ගිලිහී ගොස්ය. ඒ පරිපාලනයට කිසිදු සැලැස්මක් දැක්මක් නැති නිසාය. පිහිනුම් සංගමයේ ලියාපදිංචි පිහිනුම් සංගම් 26ක් ඇති බව පැවසේ. එහෙත් ඒවායින් බිහිකරන ක‍්‍රීඩකයන් කොහිද?

පිහිනුම් ක‍්‍රීඩාවට මාපිය ඇඟිලි ගැසීම් වැඩිය. එය ඉදිරියේදී දෙගුණ, තෙගුණ වනු ඇත. එයට හේතුව සභාපති, ලේකම්, පුහුණුකරුවන් වීමය. හෙට දවසේ ලේකම්ගේ ළමයි දක්ෂයන් වුවද ඊට එල්ල වන චෝදනා එමට විය හැක. සභාපතිටද එසේමය. පුහුණුකරුවන් පරිපාලනය කිරීම වැරදිය. මහින්ද, විල්සන් දක්ෂයන් විය හැකිය. එහෙත් මේ කරන වැඬේ අන්තිම නරකය. එනම් සංගමයේ සැබෑ ස්වරූපය නොපෙන්වා හිස්වූ තනතුරු තමන් භාරගැනීමය. ඔවුන් පුහුණුකරුවන් ලෙස කරන ඒ ක‍්‍රියාව අන්තිම පහත්ය. ක‍්‍රීඩා නීතියක් ඇත. එය ක‍්‍රියාත්මක කරන අය ඇත. එහෙත් නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ ඇයි? මේ වැරදි ආදර්ශ සමස්ත ක‍්‍රීඩාවටම කරන අවැඩකි. මේ ප‍්‍රශ්නය නිවැරදි කරන්නට කල්ගියා හොඳටම වැඩිය. මෙවැනි සුළු කරුණකට ප‍්‍රතිකර්ම කළ නොහැකි නම් ක‍්‍රීඩාවේ පරිපාලනය ගැන කවර කතාද? නව නීති රීති රෙගුලාසි කුමකටද? නීති මත්තේ පහුගිය කාලය පුරා මරාගෙන මැරුණේ මන්ද? නීතිය ක‍්‍රියාත්මක වූයේ නම් අද වනවිට මේ සංගම් බොහොමයක ප‍්‍රශ්න මෙතරම් ව්‍යාකූල නොවන්නට ඉඩ තිබුණි. එහෙත් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පඩි කකා කාලය කන අය නොකරන්නේද ක‍්‍රීඩාවේ නීතිරීති ක‍්‍රියාත්මක නොකිරීමය. මේ වසරේවත් වෙනස් විය නොහැකිද?