ජය ගැනීම සහ උඩ පැනීම

උන්නු හැටියට මළා මදැයි කියන්නා සේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල හිටි අඩියෙන් දැන් පැමිණ ඇති දුර බොහෝය. එහෙත් බංග්ලාදේශ කණ්ඩායම එක්දින ටෙස්ට්, විස්සයි විස්ස යන අංශ තුනෙන්ම පරදා ශී‍්‍ර ලංකා එන විට ඒ වෙනුවෙන් පෙනී සිටීම හරිය. ලෝක ශූරතාවය දිනූ තරම්ය.

එයින් පෙනී යන්නේ අපි පරාජයන් තුළින් හෙම්බත් වී සිටී තරමය. විශේෂයෙන්ම ජයග‍්‍රහණ හරහා වැඩිපුරම සතුටු වනුයේ කි‍්‍රකට් පරිපාලනයය. මෙම ජයග‍්‍රහණය හතුරුසිංහගේ විජ්ජාවක් ලෙස පෙන්වීමටද සමහරු වලිකති. එහෙත් හතුරුසිංහම කීවේ. මෙය තමාගේ නොව කී‍්‍රකඩකයන්ගේ ජයග‍්‍රහණයක් බවය.

ශී‍්‍ර ලංකා පිල බාරගෙන සතුරුයි ගෙන ගිය පළමු තරගාවලිය මෙයය. තරගාවලියක් බාරගෙන ගිය පලියට ජයගන්නේ ඔහුගේ පෙරළියක් නිසා යැයි හිතන්නේ නම් එය මුළාවකි. ශී‍්‍ර ලංකා පිලමේ පෙරළි පෑවේ බංගල්දේශ කණ්ඩායමට බව අප අමතක නොකළ යුතුය. එබැවින් ඕනෑවට වඩා උඩ පැනීම නොවටී. මන්ද ශී‍්‍ර ලංකා පිල ලෝක කුසලානය එක් වරක් ජයගෙන ඉන්පසු අවසාන වටයට කිහිප වරක්ම ආ කණ්ඩායමකි. එබැවින් එවන් අතීතයක් ඇති ශී‍්‍ර ලංකා පිල බංග්ලාදේශය පරාජය කොට මෙතරම් නැටීම විකාරයකි.