රාවය

ඔලිම්පික් ඡන්ද දූ ෂණ

ඔලිම්පික් ඡන්ද දූ ෂණ

ඔලිම්පික් නිලවරණය 23 වැනිදාට යෙදී ඇත. එහි ජයග‍්‍රහණය මේ වන විටත් රොහාන් ප‍්‍රනාන්දු පාර්ශවය දිනා අවසන්ය. ඔවුහු තරග වැදීමකින් තොරවම ජයගත් බව නොබෝදා මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් සන්දර්ශනයක් පෑහ. නිලවරණයට හිමි ඡුන්ද 31 න් 21 ක්ම ඔවුන් ලබා ගන්නා බව රොහාන්ගේ එකමතික තීන්දුවය.

මේ අනුව බලන කල නිලවරණයක් පැවැත්විය යුතු ද නැත. ජයග‍්‍රහණයක් පැවැත්විය යුතුද නැත. ජයග‍්‍රහකයෝ දැනටමත් තීන්දු වී ඇති බැවිනි.
* * *

ඔලිම්පික් නිලවරණයකට ළග තියාගෙන සුසන්තිකා කට ඇර ඇත. ඒ තමන් ඔලිම්පික් පදක්කමක් ජයග‍්‍රහණය කළද වත්මන් ඔලිම්පික් කමිටුව තමාට කිසිවක් නොකළ බවය. සුසන්තිකාට තකහනියේ මේ යටගියාට මතක් වන්නේ ඇයි? ඇය කී වරක් මේ කතාව කියා ඇද්ද? නැවත හදිසියේ මේ කතාව මතක් වනුයේ ඇයි? මේ ඇය රොහාන් පාර්ශ්වය වෙනුවෙන් කරන ප‍්‍රචාරක වැඩකි. සුසන්තිකාටෙ ම් මොහොතේ රොහාන් පාර්ශ්වයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කෑ ගසන්නට සිදුව ඇත්තේ තමන්ට මේ පාර්ශ්වයෙන් නොලද දේ රොහාන් පාර්ශ්වයෙන් ලබා ගන්නද? වැඬේ නරක නැත.

* * *
බැඞ්මින්ටන් සහ හොකී අතුරු කමිටු පවතින නිසා ඔලිම්පික් නිලවරණයට එම සංගම්වල පැරණි නියෝජිතයින් ඡුන්දය දීම නීත්‍යනුකූල නොවන බව කී‍්‍රඩා ඇමතිගේ අදහසය. එහෙත් ඔලිම්පික් කමිටු සාමාජිකයන් පවසා තිබුණේ ජාත්‍යන්තර මව් සංගමය නියෝජනය කරන එම පිරිස්වලට ඡුන්ද බලය හිමි බවය.

මෙහිදි කී‍්‍රඩා ඇමති නගන තර්කය වලංගු නොවන්නේ අතුරු කමිටු ජාත්‍යන්තර සංගම් පිළිනොගන්නා නිසාය. අනෙක් අතට අතුරු කමිටුවක් යනු තාවකාලික කමිටුවකි. එය නැවත නිලවරණයක් පැවැත්වීම සදහා පවත්වනු ලබන කෙටි කාලීන නිල මඩුල්ලකි. එය දේශපාලන පත්වීම් ජාලයකි. එවන් වටපිටාවක ඇමතිවරයා නගන තර්කය වලංගු නොවන බව කිව යුතුය. අනෙක් අතට අතුරු කමිටුවක් පත් කළේ නම් ඒ සැණින් ජාත්‍යන්තර සංගම් දැනුවත් කොට හිටපු නිල මඩුල්ල වලංගු නොවන බව පවසා ඔවුන් ඉවත් කළ බවත් වලංගු පිරිස් මේ අයයැයි දැනුවත් කිරීමේ වගකීම පවතී. අප මෑතකදී මෙන්ම අතීතයේද පුන පුනා මේ ගැටලූ පෙන්නුවද කී‍්‍රඩා ඇමතිවරු ඒවා ගණනකට නොගත්හ. මනිලාල් ප‍්‍රනාන්දු මහතා ජාත්‍යන්තරවම පාපන්දු කී‍්‍රඩාවෙන් තහනමට ලක් වූවෙකි. එහෙත් මෑතක් වන තුරුම ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු ලෙස ඔහු සිටියේය. මෙවර ඡුන්ද කාට දිය යුතුද යන්න පවා තීන්දු කරනුයේ ඔහුය. එලෙසම ඇතැම් නිලධාරීන් සංගමයෙන් ඉවත් වුවද ඔලිම්පික් උප සභාපති තනතුරුවලින් ඉවත් වී නොතිබුණි. මේ තත්ත්වයන් නිවැරදි කර ගන්නයි අමුතුවෙන් කිව යුතුද? එහෙත් ඒ කිසිවක් සිදු නොවුණි. අවසානයේ මෙවැනි ගැටුම් නිර්මාණය වන්නේ මුලදීම ඒවා නිවැරදිව ලිහා නොගන්නා නිසාය. ජාත්‍යන්තර මව් සංගම් පිළිගන්නා පුද්ගලයන්ට ඡන්දය දීමේ අයිතිය ඇත. එය අතුරු කමිටුව පත් කළේ තමන් යැයි කියා බලය ඇත්තේ තමන් පත්කළ අයට බව ඇමතිකීම විහිළුවකි. එබැවින් හොකී, බැඞ්මින්ටන් ඡුන්ද නීත්‍යනුකූල නැතැයි කිව හැකිද?
* * *