රාවය

ළං ළංව නිදන්නන්ගේ ස්මාරක

ළං ළංව නිදන්නන්ගේ ස්මාරක

එය කලබල නගරයක ඉතිරිව පැවති එක් සිසිල් සුවදායක පරිසරයකි. තුරු වියනත් ඒ සෙවනේ ළං ළංව නිදන්නන්ගේ ස්මාරක තදබදයත් හැරෙන්නට නගරයේ මිනිසුන්, රථ වාහනවලින් ඇති වූ තද බදයෙන් තොර වූ එය, රමණීය බිමකි. සැබවින්ම එය උද්‍යානයක් ලෙස සැලකිය හැකි වුවත් එලෙස සලකා එහි යාමට කිසිවකු ඉදිරිපත් නොවීම එක් අතරකට අවාසනාවක් ලෙස සිතුන ද එක් අතකට එය යහපත් යැයි සිතෙන්නේ එහි පරිසරයේ සුන්දරත්වය හා පවිත‍්‍රතාව තවත් කාලයක් ඉන් රැුකෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි බැවිනි. එහෙත් මේ රමණීය උයනේ සුන්දරත්වය ගැන කිසිත් නොදැකම මිනිසුන්ගේ කර මතින් දිනෙක එහි යාමට පෙර වරක් හෝ එහි පියවි සිවියෙන් තනිව ඇවිද යාම ආශ්වාදජනක වනු ඇත. මක්නිසාද යත් එය කලාගාරයකි, ඉතිහාස කතාවල සංක්ෂිප්තයකි, බොහෝ සහෘදයන් එක්ව නිදන මනරම් උයනකි. එහි අපූරු උයන්පල්ලන් ද සිටිති. එහි පවතින්නේ වෙනස්ම සංස්කෘතියකි. එහෙත් මේ කතාව එහි සුන්දරත්වය වැනීමට නොවේ. මෙවැනි ස්ථාන බොහොමයක් ලංකාවේ විවිධ ජනාකීර්ණ ප‍්‍රදේශවල පවා පිහිටා තිබේ. මේ ඉන් එකක් සිදු වූ සිදු වීම් කිහිපයක් සමග බැදෙන්නකි.

ඒ නත්තල් දිනට පෙර දින වූ බැවින් කුඩා දරුවන් අකාලයේම නින්දට වැටුණු ඇතැම් ස්ථාන වෙත පැමිණි පවුලේ සාමාජිකයින් එහි වූ ස්මාරක සරසා, නත්තල් ගස් තබා, විවිධ පාඨ සහිත පුවරු එල්වා තබා ගියහ. මොහොතකින් නත්තල් ගස්, වටිනා සැරසිලි හැර අනෙකුත් සැරසිලි පමණක් ඒ ස්මාරක ළග තනි රැුක්කේය. ‘‘අපරාදෙනේ, ඒ සැරසිලි ගෙවල්වල කරන්නේ නැතිව මෙහේ ගේනවා.’’ උයන්පල්ලෙකු තමාටම කියමින් යනු ඇසිණි.
එහි පියවර තැබුවේ කිසිදු ලිපියක් ලිවීමේ අරමුණින් නොවූවත් අතරමග හමු වූ තවත් උයන්පල්ලෙකුගෙන් ඒ බිම පිළිබද තොරතුරු විමසුවෙමි. ඔහු ඉතා උද්යෝගයෙන් තොරතුරු පැවසුවත් මද වේලාවක පසු නැවත පැමිණ ඇසුවේ ‘‘පත්තරේකින් නෙමෙයි නේද?’’ කියාය. පත්තරේකින් නම් තොරතුරු කියන්නේ නැද්දැයි ඇසූ විට ඔහු කීවේ, ‘‘මෙතැන කට්ටිය බයයි. තොරතුරු එළියට ගිහින් ප‍්‍රශ්න ඇති වෙයි කියලා ඒ අය කාටවත් තොරතුරු කියන්න කැමති නෑ.” කෙසේ හෝ ඔහු ස්ථානය පිළිබද ඉතිහාස කතා මෙන්ම ඒ හා බැදුණු විවිධ ජනප‍්‍රවාද, තැතිගත් අවස්ථා ආදී ගැන දොඩමළු වී වැඩකට යන බවක් පවසමින් තවත් සගයන් කිහිප දෙනෙකුට එක් වූයේය.

බොහෝ හඩ නගා විප්ලව කළවුන් නිහඩව නිසොල්මන්ව නිදන තුරු වියන් අතරින් ඇවිද එහි වෙනත් පෙදෙසකට පිවිසි විට මිත‍්‍රශීලී ලෙස යමෙක් ඈතින් අත වනනු පෙනුණි. ඒ පෙර තොරතුරු කී පුද්ගලයා හා තවත් කීප දෙනෙකි. ඔවුහු යම් වෙහෙසකර රාජකාරියක යෙදී සිටින බව පෙනුණි. ඒ අසලට ගිය විට ඔවුහු හාරමින් සිටි වළ දැක ගත හැකි විය. එය අලූත හාරන්නක් නොවීය. මගේ විමසුම් ඇස්වලට ඔවුහු ප‍්‍රතිචාර දැක්වීය. ” අද මරණයක් ගේනවා. ඒ අයට ඉල්ලූවෙත් මෙතැනමයි. මේ වළේ ඉන්න කෙනාගේ ගෙදරින් කවුරුවත් එන්නේ නෑ. මේක මෙතන දාලා අවුරුදු 3ක්. මරණය ගෙනා දවසේත් ආවේ පවුලේ අය විතරයි. ඒ නිසා අද අයත් මෙතැනම ඉල්ලන නිසා මේක අරන් මේ වළ හිස් කරලා අද ඒකට දෙනවා.’’ ඒ වළේ නිදමින් සිටින්නේ කාන්තාවක් බවත් ඔවුහු පැවසූහ. වසර තුනකට පෙර වුව ද එහි වැළලූ කාන්තාවගේ තොරතුරු පිළිබද ඔවුන්ට හොද මතකයක් තිබිණි. ඒ අවට වැළලූ අනෙකුත් අය පිළිබදව ද ඔවුන්ට විස්තර කළ හැකි වීය. එක් අයෙක් වළ හාරන අතර අනෙක් අය විවිධ කතාන්දර කිවූහ. විවිධ සිදුවීම් සිහිපත් කළහ. සාමාන්‍ය සමාජයේ සොහොන් බිමක් පිළිබ`ද විවිධ ගුප්ත අදහස් තිබුණ ද මේ කණ්ඩායමට එය අමුතු ස්ථානයක් නොවීය. ”භය වෙන්න ඕනෑ මිනිස්සුන්ටයි. මැරුණ අයට නම් භය වෙන්න ඕනෑ නෑ. බොරු කතා තමයි මේවා ගැන තියෙන්නේ.’’ ඒ ඔවුන් තුළ වූ අදහසයි.

වැළලූ ලී පෙට්ටිය ඒ වන විට සම්පූර්ණයෙන්ම මෙන් දිරාපත්ව තිබුණි. එහෙත් සිරුර සම්පූර්ණයෙන්ම දිරා නොමැති විය යුතු බව ඔවුහු පැවසූහ. ‘‘දැන් සැටින් රෙදිවලින් මහන ඇදුම් නේ අන්දන්නේ. පෙට්ටියෙත් තියෙන්නේ සැටින් රෙදි. ඒ නිසා ඉක්මනට සිරුර දිරන්නේ නෑ.’’ ඔවුහු පැහැදිලි කළහ. ඒ වන විට සිරුර මතු වෙමින් තිබුණි. එහි නොසිටි තවත් පුද්ගලයෙක් එවිට එහි ආවේය. වළ තුළ වූ පුද්ගලයා පිටතට විත් ඉතිරි රාජකාරි ඔහුට පැවරීය. ඒ වන විට ද යන්තමින් මතුව තිබූ සිරුර ඔහු නිරාවරණය කිරීමට පෙර මා එතැනින් ඉවත් කරන ලෙස ඔහු දිගින් දිගටම අනෙක් අයට පැවසූ හෙයින් මදකට ඉවත් වූයෙමි. ඒ නමුත් විනාඩි පහක පමණ කාලයක් තුළ ඒ පුද්ගලයා ඉවත්ව යනු දුටු අතර අනෙක් අය ඔහු ගිය බවත්, බලන්න අවශ්‍ය නම් නැවත එන ලෙසත් සංඥා කළහ. ඒ වන විට යම් පමණකට දිරා ගිය සිරුර මතුව තිබූ අතර එය ඒ වන විට වළෙන් ගොඩට හෝ නොගෙන තිබුණි. අනෙක් පුද්ගලයා එම සිරුර මතු කළා පමණක්ද? ඔහු ඉතා ඉක්මනින් එතැනින් ඉවත්ව ගියේය. කෙසේ වෙතත් මරණයෙන් පසු කරන සියලූ සැලකිලි, සැරසිලි, සත්කාර කිසිවක් අර්ථාන්විත නොවන බව මේ උයන්පල්ලන් හොදින් දැන සිටියහ.

ඔවුන් කී ලෙසම නොදිරා පැවතුණු සැටින් රෙදි සිරුරේ දිරා යාමට ද හරස්ව තිබෙන බව පෙනෙන්නට තිබුණි. එක් අයෙක් දෑතේ ෂොපිං බෑග් දෙකක් ඔතාගෙන සිරුර ඉවතට ඇද ගත්තේය. දුර්ගන්ධය හැම අත හමන්නට විය. ඒ අසලම සොහොන් කොත් දෙකක් අතර වූ කුඩා ඉඩ තීරුවේ තවත් අයෙක් ඉතා කඩිසර ලෙස නොගැඹුරු වළක් කැපුවේය. අනෙක් පුද්ගලයා කිසිවකින් ආවරණය නොවූ දෑතින්ම නැවතත් සිරුරේ පහළ කොටසින් ඇදගෙන ගොස් එම කුඩා වළට සිරුර බහාලූවේය. අවපැහැ ගැනුණු සැටින් රෙදිවලින් තවමත් සිරුර ආවරණය වී තිබුණි. ඒ කුඩා තීරය වසා දැමූ ඔවුහු එක් අදියරක් නිමා කළෝය. එදින පැමිණෙන්නට නියමිතව තිබූ තැනැත්තා වෙනුවෙන් ඔවුහු ඇය නිදා සිටි වළ එලෙස පිරිසිදු කර තැබූහ. ‘‘අපි මහන්සි වෙලා වළ හෑරුවාට පස්සේ වෙන අය ඇවිත් සමහර වෙලාවට සල්ලි ගන්නවා. අපි හරියට බලාගෙන හිටියේ නැත්නම් එහෙම දේත් වෙනවා.’’ එලෙස ඔවුන්ට තිබූ තවත් ගැටලූ ද ඒ අතර පැවසීය. එමෙන්ම රැගෙන ඒමට නියමිත සිරුරු පිළිබදත්, වැළලූ සිරුරු පිළිබදවත් ඔවුන්ට වෙන් වෙන්ව හො`ද මතකයක් තිබුණි. ඒ බිමෙන් නික්ම යන්නට සැරසෙද්දී ඔවුහු නැවත එහි එන ලෙස ආරාධනා කළහ. ඈතින් ගස් සෙවනක වූ සොහොනක් මත උයන්පල්ලෙකු සුව නින්දක සිටිනු පෙනුණි.

මිය ගියවුන් සොදුරු උයනේ නිසොල්මන්ව සැතපී සිටියහ. ජීවමානවුන් එහි එහා මෙහා සක්මන් කළහ, විටෙක හොල්මන් කළහ.