ලුඩොවයික්ගේ උරුමය සහ ලක් සරසවියේ කාර්යභාරය

මෙහි පළ වෙන්නේ පසුගිය ජනවාරි 17 පේරාදෙණි සරසවියේ පැවැත්වුණු ඊ.එෆ්.සී ලූඩෝවයික් සමරු දේශනයේ අනුවාදයකි. එම දේශනය පවත්වන ලද්දේ ඉංගී‍්‍රසි භාෂාව හා සාහිත්‍යය පිළිබද ප‍්‍රකට උගතකු හා විශ්ව විiාල කීපයකම දේශකයකු වන ශී‍්‍ර ලංකා ඇමරිකානු ෆුල් බ‍්‍රයිට් කොමිසමේ විධායක අධ්‍යක්‍ෂ ජයතිලක මහතා විසිනි.

මෙම දේශනය දීර්ඝ උපුටා ගැනීම්වලින් හා විස්තරවලින් පිරී ගිය එකකි.

අප මෙහිදී සිදු කරන්නේ එම දීර්ඝ විස්තරය, උපුටා ගැනීම් බැහැර කොට දේශනයෙන් යම් කොටසක්, විශේෂයෙන්ම සිංහල සාහිත්‍ය විචාරයක හා නාට්‍ය කලාවට අදාළ කොටස් අනුවාදය කොට සිංහල පාඨකයා වෙත ඉදිරිපත් කිරීමයි.

මෙම දේශනයේ මාතෘකාව වන්නේ. .’The legacy of professor E.F.C Ludowyk and on overview of the promise and performance of the university of ceylon’ යන්නය.

‘‘මහාචාර්ය ඊ.එෆ්.සී. ලූඩොවයික්ගේ උරුමය සහ ලක් සරසවියේ කාර්යභාර්ය’’ තිස්ස ජයතිලක විසිනි.
අනුවාදය – චින්තන රණසිංහ

එවිලින් ෆෙඞ්රික් චාල්ර්ස් ලූඩොවයික් 1936 සිට 1956 දක්වා ලංකා විශ්ව විද්‍යාලයේ සහ ලංකා විද්‍යාල කොලීජියේ ඉංගී‍්‍රසි පිළිබද මහාචාර්යවරයා ලෙස කටයුතු කළේය. හෙතෙම ගාල්ලේ රිච්මන්ඞ් විද්‍යාලයේ විශිෂ්ඨතම නිපයුමකි. ඔහු ප‍්‍රාථමික හා ද්වීතීයික අධ්‍යාපනය ලැබුවේ එහිය. වසර දෙකක් වැනි කෙටි කාලයක් ඔහු කොළඹ වෙස්ලි කොලීජියටද සම්බන්ධව සිටියේය.

විශ්ව විද්‍යාල ජීවිතය

විශ්ව විද්‍යාලයේදී තරුණ ලූඩොවයික් ලෝග් ස්මිත් හා ඬේවිට්හසි යන මහාචාර්යවරුන්ගේ භාරකාරිත්වය යටතේ කටයුතු කළේය. ලන්ඩන් සරසවියෙන් ප‍්‍රථම පන්ති උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුව 1929 දී හෙතෙම කේම්බි‍්‍රජ් සරසවියේ පශ්චාත් උපාධි සදහා කටයුතු ආරම්භ කළේය. 1931 දී ඔහු තම පශ්චාත් උපාධිවලින් ප‍්‍රථම පන්ති සාමාර්ථය ලබාගත්තේ ශේක්ස්පියර් සදහා පරිනැමෙන ‘ ඕලඞ්හැම්’ ත්‍යාගය දිනා ගනිමිනි. එම යුගය වනාහී කේම්බි‍්‍රජ් සරසවියේ ඉංගී‍්‍රසි අධ්‍යයන කි‍්‍රයාවලියේ ඉතා වැදගත් වෙනසක් සිදුවූ කාල පරිච්ෙඡ්දයකි. එම වෙනස හදුන්වා දුන්නේ සියලූ විශ්ව විද්‍යාල ඉංගී‍්‍රසි පාඨමාලා සදහා ප‍්‍රබල බලපෑමක් ඇති කළා වූ එෆ්.ආර්.ලිවීස්, මෑත්ස්ෆීල්ඞ් ෆෝර්බස් හා අයි.ඒ. රිචර්ඞ්ස් යන තිදෙනාය.

ලූඩෝවයික් සරසවි ඇදුරකු ලෙස

මෙම විශිෂ්ඨයන් තිදෙනාගේ බලපෑම ලබා 1932 ලංකාවට පැමිණෙන ලූඩොවයික් කොළඹ විශ්ව විද්‍යාල කොලීජියේ කථිකාචාර්යවරයකු ලෙස වැඩබාර ගැනීමට පෙර රිච්මන්ඞ් විද්‍යාලයේ කෙටි කලක් ඉගැන්වීය. 1936 දී ඔහු ඉංගී‍්‍රසි පිළිබද ප‍්‍රථම ලාංකීය මහාචාර්යවරයා බවට පත් වෙයි. ඔහු කේම්බි‍්‍රජිවලින් ආචාර්ය උපාධියක් ලබාගනියි. 1940දී හෙතෙම ශාස්ත‍්‍ර පීඨයේ පීඨාධිපතිවරයා බවට පත්වෙයි. මහාචාර්ය ධූරයේ වසර 20ක් සේවය කිරීමෙන් අනතුරුව 1956 දී එංගලන්තයට යෑම සදහා ඔහු ඉල්ලා අස්විය. මෙහිදී උත්ප‍්‍රාසාත්මක සිදුවීම වන්නේ ලූඩොවයික සහ ශී‍්‍රමත් අයවර් ජෙනිනේස් යන දෙදෙනාම එකම කාලයක පේරාදෙණිය හැරයාමයි. ගුරවරයකු හා විශිෂ්ට මනුෂ්‍යයකු ලෙස ලූඩොවයික්ගේ භූමිකාව පිළිබ`ද ඔහුගේ ශිෂ්‍යයෝ උත්කර්ෂවත් අන්දමින් සදහන් කරති.

ඈෂ්ලි හල්පේ, ඉයන් ගුණතිලක හා බර්නාඞ් සොයිසා

ඈෂ්ලි හල්පේ සදහන් කරන ආකාරයට ‘‘නිබන්ධකයන් අතර බෙහෙවින් අගය කළ හැකි හා බෙහෙවින් ඉල්ලූම් සහගත ගුරුවයා වූ ලූඩෝවයික්ය. ඉයන් ගුණතිලක තම කෘතියට පෙරවදනක් සපයමින් ‘‘අවංකත්වය, ආකර්ෂණීය බව, උපහාසාත්මක බව ආදියෙන් හෙබි ලූඩොවයික්ගේ භූමිකාව ගැන පවසයි. ගොඞ්පි‍්‍ර ගුණතිලක ලූඩොවයික්ගේ ඉගැන්වීමේ ශෛලීය පිළිබද සදහන් කරමින් පවසන්නේ නිර්මාණාත්මක ගැදියක හෝ පැදියක කොටසක් උපුටාගෙන කියවීම එහි තීරණාත්මක කි‍්‍රයාවලිය වූ බවයි.

ලූඩොවයික්ගේ බලපෑම විශ්ව විද්‍යාල පද්ධතියෙන් ඔබ්බට ද විහිදී ගිය බව පෙනේ. එම යුගයෙන් බිහි වූ විශිෂ්ඨ දේශපාලනඥයකු වූ බර්නාඞ් සොයිසා ජාතික දේශපාලනය උදෙසා ලූඩොවයික්ගේ දායකත්වය ගෞරවයෙන් සදහන් කරයි. ලූඩොවයික් කිසිදු දේශපාලන පක්‍ෂයක සමාජිකත්වය ලබා නොගත් නමුත් තමාගේ සුවිශේෂ නිරීක්‍ෂණය හසුවූ දේශපාන සිදුවීම්වලට ඔහුගේ දායකත්වය ලැබුණි.

සිංහල භාෂාව සාහිත්‍ය හා නාට්‍යය පෝෂණය කිරීම

මෙහිදී මා විශේෂයෙන්ම සදහන් කිරීමට කැමති වන එක් දෙයක් වන්නේ මෙරට සිංහල අධ්‍යාපනය විශේෂයෙන්ම සිංහල සාහිත්‍ය විචාරය සහ සිංහල නාට්‍යයේ පෝෂණය සදහා ලූඩොවයික් දැක් වූ දායකත්වයයි. එම යුගයේ ඇතැම් විචාරකයන් වැරදි සහගත අන්දමින් ලූඩොවයික් පිළිබද අදහස් දක්වා තිබේ. ඔවුන් පවසන ආකාරයට දේශීයත්වය පිළිබද අඩු මූල මණ්ඩල සහිත අයෙකි. එය වැරදි මතයක් වූ අතර එය නිවැරදි කිරීමට කාලය පැමිණ තිබේ. සිංහල ලේඛකයෙක් මෙන්ම විචාරකයන්ට ද ලූඩොවයික්ගේ බලපෑම ලැබී තිබේ. මේ පිළිබද ලූඩොවික්ගේ අවධානය යොමු වී ඇත.
‘සිංහල සාහිත්‍යයේ පෙරදිග අපරදිග ප‍්‍රශ්නය’ යන ලිපියේ හෙතෙම මෙසේ සදහන් කරයි.

‘‘ලාංකීය ඉංගී‍්‍රසි පිළිබද නිතර කියවෙන දෙයක් වන්නේ වසර සියයක් පමණ එය පාසල්වල භාවිත වුවත්, එම කුඩා පන්ති කාමර ඉංගී‍්‍රසි අධ්‍යාපනය සහිත ඒවා ලෙස හැදින්වූවන් සාහිත්‍යයේ නාමය ගෞරවනීය බවට පත් කිරීම සදහා එයින් ලැබුණේ ඉතා සුළු පිහිවහලක් බවයි. කෙසේ නමුත් මෙම විචාරය වැරදි සහගතය. ඉංගී‍්‍රසි බලපෑම සාර්ථක ලෙස සෙසුු බොහෝ ස්ථානවලට මෙන්ම සිංහල භාෂාවට හා සාහිත්‍යයට ද බලපා තිබේ. වෘත්තීය සිංහල ලේඛකයන් පිරිසක් ගොඩ නැංවීම සදහා එය මෙහෙවර ඉටු කර ඇති අතර ඉංගී‍්‍රසි බලපෑමට පෙර මෙබදු ලේඛක කණ්ඩායමක් මේ ආකාරයෙන් සිටියේ නැත.

සිංහල හා ඉංගී‍්‍රසි සාහිත්‍යය අතර අන්තර් පෝෂණයක් ඇති කිරීමෙහිලා ලූඩොවයික් තීරණාත්මක චරිතයක් විය. මුලදී මා සදහන් කළ ආකාරයට කේම්බි‍්‍රජ්වල තීරණාත්මක වෙනසක් වන යුගයේ එහි නැවුම් මතවාදවලට ලක් වූ ලූඩොවයික් එම බලපෑමෙන් යුතුව කි‍්‍රයා කළ බව පෙනේ. අයි.ඒ. රිචර්ඞ්ස් සමග බැදී ගිය භාවිත විචාරය සංකල්පය අවධාරණය කරමින් සාහිත්‍යය ඇගයීමට නූතන ක‍්‍රමවේද යොදාගැනීම මෙහිදී සිදුවිය. එෆ්.ආර්.ලිවීස් සහ ඔහුගේ සමකාලීනයන් සාහිත්‍ය විචාර කි‍්‍රයාවලිය සමග බැදී තිබූ මුල්කාලීන ප‍්‍රවේශ වෙනුවට භාවිත විචාරයට ආදේශ කළ අතර කවියක් නාට්‍යයක් හෝ නවකථාවක් වටහා ගැනීම සදහා පිටුව මත ඇති වචන සමීපව කියවීම මෙහිලා අවධාරණය කළේය. මීටපෙර සාහිත්‍ය විචාරයෙහි ලා කි‍්‍රයාත්මක වූ ප‍්‍රවේශය වූයේ නිර්මාණයේ ඵෙතිහාසික පසුබිම සමාජ ආර්ථික පසුබිම, ව්‍යාකරණය, වාග් විද්‍යාත්මක තත්ත්වය ආදිය වෙත අවධානය යොමු කිරීමයි.
30,40 දශකවල සිට 50 දශකයේ මැද භාගය දක්වා අයිවර් ජෙනින්ස් රොබර්ට් මාර්ස් වැන්නවුන් යටතේ මෙරට උසස් අධ්‍යාපනය ඉතා විශිෂ්ට ආකාරයෙන් පැවතුණි. ඉහළ බුද්ධිමය නිර්ණායක ආරක්‍ෂා කරගනිමින් නව දිශානතීන් වෙත ගමන් කිරීම එහිදී සිදුවිය. මේ වනාහී ලීත් ලූඩොවයික් ගුණපාල මලලසේකර, හෙක්ටර් පීරිස්, ඩොරික්ද සූසා, කෙත්බට් අමරසිංහ, එම්.ඞී. රත්නසූරිය, ඕ.එච්. ද විජේසේකර, එදිරිවීර සරච්චන්‍ද්‍ර, ඞී.ඊ. හෙට්ටිආරච්චි, ඉයන් ගුණතිලක, කේ.ඩබ්.ගුණවර්ධන නම බැරැරුම් බුද්ධිමය ඉදිරිපත් කිරීම් සරසවිය තුළ හා ඉන් පිටත සිදු කළ යුගයයි. ඔවුන් තමා අත්පත් කරගත් නව දැනුම තමා ලෝකය දුටු නව මාවත් මගින් වෙන ගමන් කළ අතර ඒ එම දැනුම ද්වීතියික පාසල්වල ගුරුවරුන් ආදීන් ඔස්සේ රටපුරා පැතිරී ගියේය. එහි ප‍්‍රතිඵලය වූයේ සාම්ප‍්‍රදායික ඥානය මත පදනම් වී පවතින හර පද්ධතිය ඒ ආකාරයෙන්ම පිළිගන්නා පිරිසක් වෙනුවට ඒවා ප‍්‍රශ්න කරන නව පරපුරක් බැහිවීමයි.

තවද අපේ පුරවැසියන්ගෙන් විශිෂ්ට පිරිසක් වූ ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, මකුලොලූව, චිත‍්‍රසේන හා අමරදේව, රවීන්‍ද්‍රනාත් තාගෝර් කළ විශිෂ්ට අධ්‍යාපනය ආයතනය වූ ශාන්ති නිකේතනයෙන් අධ්‍යාපනය ලබා අපරට තුළ සංස්කෘතික පුනරුදයක් ඇති කළ යුගයක් ලෙස ද එම යුගය හැදින්විය හැකිය. තවද එයට වෙනස් ආකාරයකින් වුවද මෙම යුගයේ 43 කණ්ඩායම යටතේ රිචර්ඞ් ගාබි‍්‍රයල්, මංජු ගී‍්‍ර, පෝ්ර්ජ් කී‍්‍රට්, ජස්ටින් දැරණියගල, ජෝර්ජ් ග්ලාසන්, හැරී පීරිස්, ලයනල් වෙන්ට්ඞ් වැනි කලාකරුවන් ද පහළ වූහ. ඔවුන්ගේ කලා කෘති නැවුම් අර්ථවත් ඒවා වූ අතර පෙරදිග හා අපරදිග යටිපෙළ අරුත් ඒ තුළ මුසු විය.

ලූඩොවයික් හා ධර්මසිරි රත්නසූරිය

ඉහත විස්තර කළ පසුබිම තුළ තරුණ සිංහල හා ඉංගී‍්‍රසි මහාචාර්යවරුන් දෙදෙනකුගේ ශාස්තී‍්‍රය එකමුතුවක සාර්ථකත්වය සිදු වූ බව දැකිය හැකිය. ඒ දෙදෙනා නම් පළමු වරට ඉංගී‍්‍රසි හා සිංහල මහාචාර්ය ධූර හෙබවූ ලූඩොවයික් හා ධර්මසිරි රත්නසූරියයි. මේ දෙදෙනාම ලංකා විශ්ව විද්‍යාලයට අයිති වූහ. ඔවුන් දෙදෙනාම තම අධ්‍යයන කටයුතු සිදු කර තිබුණේ එංගලන්තයේය. අමරදාස වීරසිංහ අපට පවසන ආකාරයට ලූඩොවයික් මෙන්ම ධර්මසිරි රත්නසූරිය ද සිතා ගැනීමට අපහසු තරමේ ජනපි‍්‍රයත්වය බැහැර කළ, නිරහංකාර හා පෞරුෂාත්මක භූමිකා හෙබවූහ. ලූඩොවයික් මෙන් පූර්ණ මෙහෙවරක් ඉටු කිරීමට පෙර රත්නසූරිය අකාලයේ මරණයට පත්වූවත් මෙරට නූතන සිංහල සාහිත්‍ය විචාරය සම්ප‍්‍රදාය සදහා පදනමක් නිර්මාණය කිරීමට රත්නසූරිය රගපැ භූමිකාව දන්නේ ඉතාමත්ම සුළු පිරිසකි. රත්නසූරිය හා ලූඩෝවයික් අතර සබදතාව බෙහෙවින් ප‍්‍රතිඵලදායී එකක් විය. ඔවුන්ගේ ශිෂ්‍යයන් අතර ද එබදු එකමුතුවකට මග පෙන්වීය. එම ශිෂ්‍යයන් අතර සිංහල විශේෂ උපාධි අපේක්‍ෂකයන් වූ එස්. ජී. සමරසිංහ, අමරදාස වීරසිංහ හා ධර්මසිරි ඒකනායක යන අයගේ සම්බන්ධය බලපෑම් සහගත විය. සිංහල උපාධි සදහා 1947 – 1950 කාලවකවානුවේ ඉදිරිපත් වූ ධර්මසිරි ඒකනායකගේ උප – විෂය වූයේ ඉංගී‍්‍රසිය.

සංස්කෘති බිහිවීම

1953 දී මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය සමරමින් සංස්කෘති සගරාව බිහි කිරීමට පුරෝගාමී වූයේ මේ තිදෙනාය. ඒ වනවිටත් ඒකනායක ලංකා සිවිල් සේවයට ඇතුලූ වී සිටියේය. ඔහුගේ ප‍්‍රධාන මෙහෙවර පරිපාලන සේවය වුවත් නූතන සිංහල සාහිත්‍ය විචාර සම්ප‍්‍රදායක් ස්ථාපිත කිරීම සදහා ඔහුගේ දායකත්වය විශාල විය. 1953 දී සංස්කෘති ආරම්භ වූ යුගයේ සිට 70 දශකයේ ආරම්භය දක්වා දේශීය සාහිත්‍ය ලෝකය පිළිබද එහි පුරෝගාමිත්වය විශිෂ්ට විය. සංස්කෘති සගරාව එංගලන්තයේ එෆ්.ආර් ලීවිස් ඇරඹු ‘Scrutiny’ සගරාව ඉටු කළ කාර්යයයට සමාන කාර්යයක් ඉටු කළ බව පෙනේ. විශේෂයෙන්ම 1932 – 1953 දක්වාත් ඉන් පසුවත් ඉංගී‍්‍රසි කථා කරන ලෝකය තුළ ‘Scrutiny’ සගරාව ඇති කළ බලපෑම සමානකමක් සංස්කෘති සගරාව මෙරට ඇති කළේය. මෙම සම්බන්ධතාවයේ වැදගත්කම 2009 දීම කේ.එන්. ඕ. ධර්මදාස තමා ලියූ ලිපියක සදහන් කරයි. 2011 අපේ‍්‍රල් සංස්කෘති සගරාවේ අමරදාස වීරසිංහ පෙන්වා දෙන ආකාරයට සිංහල හා ඉංගී‍්‍රසි සාහිත්‍යය විචාර සම්ප‍්‍රදායන් දෙක සමග ධර්මසිරි ඒකනාකයගේ සමීපත්වය දේශීය සම්ප‍්‍රදාය ශක්තිමත් කිරීම සදහා එක්වී අන්‍යෝන්‍ය පෝෂිත නව දැනුමක් නිර්මාණය කෙරුණි. මෙම බුද්ධිමය සබදතාවයේ සුවිශේෂ ප‍්‍රතිඵලය සංස්කෘති සගරාව මගින් මෙන්ම 2012 පළ වූ ධර්මසිරි ඒකනායකගේ ‘සාහිත්‍ය හා විචාර කලාව’ ග‍්‍රන්ථයෙන් ද දැකිය හැකිය.
1970 දී අමරදාස වීරසිංහ ඇමරිකාවට යාමත් සමග සංස්කෘති සගරාවට එහි ආත්මීය උපදේශකයා අහිමි විය. දශක තුනකට ආසන්න කාලයකට පසුව ලංකාවට පෙරළා පැමිණි වීරසිංහ නැවත සගරාව ඇරඹීමට යන්න දැරීය. එහිදී ඒකනායක වීරසිංහට විශාල ධෛර්යයක් ලබාදුන් නමුත් ඒකනායකගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය එයට හරස් විය. ශාරීරික ආබාධ මෙන්ම සිවිල් සේවය කෙරෙහි ඔහු තුළ වූ අප‍්‍රසන්නතාවද වයස 51 දී නිවාඩු යෑමට ඔහුට බල කළේය.

අමරදාස වීරසිංහ දුබල වීම හා සුසිල් සිරිවර්ධන උස්වත්ත ආරච්චිගේ පැමිණීම

2000වන විට වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ද ඉතා බරපතළ ආර්බුදකාරී තත්ත්වයකට පැමිණියේය. මෙහිදී ආචාර්ය උස්වත්තේ ආරච්චි හා සුසිල් සිරිවර්ධන මහතා ප‍්‍රමුඛව තරුණ ශාස්ත‍්‍රවන්තයන් කණ්ඩායමක් හා සාහිත්‍ය ලෝලීන් පිරිසක් වීරසිංහගේ සහායට පැමිණියෝය. මීට අමතරව 1953 සංස්කෘති ආරම්භ කළ අවස්ථාවේ සිට ධර්මසිරි ඒකනායක ඒ සදහා කළ වටිනා ලිවීම් පොතක් වශයෙන් පළ කිරීමට කටයුතු සම්පාදනය කෙරුණි. එහෙත් පළවීමට පෙර වයස 82දී ධර්මසිරි ඒකනායක අපෙන් සමුගත්තේය.

ධර්මසිරි ඒකනායකගේ විශිෂ්ඨ සාහිත්‍ය විචාර ලේඛන සමුච්චය වන ‘සාහිත්‍යය හා විචාර කලාව’ අවසානයේදී මුද්‍රණයෙන් එළියට පැමිණියෝය. ඒ 2012 දීය. එහි අඩංගු ලිපි අතර ලෙනාර්ඞ් වුල්ෆ්ගේ village in the jungle කෘතියේ ඒ.පී. ගුණරත්න කළ සිංහල පරිවර්තනයවන ‘බැද්දේගම’ මාර්ටින් වික‍්‍රමසිංහගේ කෙටිකතා, ඩබ්.ඒ. සිල්වාගේ අවිචාර සමය, සිරි ගුණසිංහගේ හෙවනැල්ල, එදිරිවීර සරච්චන්‍ද්‍රගේ මළගිය ඇත්තෝ සහ ඇන්ටන් චෙකොෆ්ගේ චෙරි උයන නාට්‍යයේ සිංහල පරිවර්තනය වූ චෙරි වත්ත ආදි පිළිබද ලියූ විචාර ලිපිද විය. ඊට අමතරව 1963 දී ලියන ලද විශිෂ්ට ආලෝචනා සහිත ලිපියක් වන ඉංගී‍්‍රසි විචාර කලාව හා සිංහල සාහිත්‍යය යන ලිපිය ද එහි ගැබ්වුණි. එහිදී ඒකනායක සර්වකාලීන සංස්කෘතීන් හරහා ගමන් කරන ආකාරය පෙන්වා දෙයි. එය විශිෂ්ට ආකාරයෙන් සිංහල සාහිත්‍යය අධ්‍යයනය සදහා ඉංගී‍්‍රසි සාහිත්‍යයේ විචාර මූලධර්ම යොදාගත් අවස්ථාවකි.

සාහිත්‍යය හා විචාර කලාව ග‍්‍රන්ථයට ලියූ තම පෙරවදනේ සුසිල් සිරිවර්ධන පෙන්වා දෙන්නේ තරුණ ධර්මසිරි ඒකනායක මත සංවේදීතාවක් ඇති කළ ලූඩෝවයික් හා රත්නසූරිය යන දෙදෙනාගේ බලපෑමයි. සුසිල් සිරිවර්ධන මෙහිදී අවධාරණය කරන්නේ ධර්මසිරිගේ විශිෂ්ටතම රචනාව වන මෙම ලිපිය සදහා ඔහුගේ සංවේදීතාව සංවර්ධනය කරන ලද්දේ රත්නසුරිය හා ලූඩොවයික් යන දෙදෙනා බවය.

දැන් මගේ අවධානය යොමු කරන්නේ ලූඩොවයික්ගේ හා රත්නසූරියගේ ශිෂ්‍යයන් අතර පැවති තවත් අන්තර් සම්බන්ධයක් පිළිබදවය. ඒ ගනනාථ ඔබේසේකර හා අමරදාස වීරසිංහ අතර සම්බන්ධයයි. ලංකා විශ්ව විද්‍යාලයට ඇතුලූ වීමට පෙර හා ලූඩොවයික්ගේ බලපෑමට යටත් වීමට පෙර ඔබේසේකර අමරදාස වීරසිංහගේ සමීපතමයකු විය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් 1953 වන විට ඔබේසේකර සංස්කෘති සගරාව සමග සමීපව කටයුතු කළ අතර පේරාදෙණි සරසවියේ ඉංගී‍්‍රසි පිළිබදව ගෞරව උපාධිය නිම කරමින් සිටියේය. 2011 දී වීරසිංහ මේ පිළිබද සංස්කෘති සගරාවේ සදහන් කරයි.

2011 දී හයවන මුද්‍රණය නිකුත් කළ සෙල්ලම් ගෙය හෙන්රික් ඉබ්සන්ගේ Doll and House හි සිංහල පරිවර්තනය වූ අතර එය 1949 – 1950 අතර ඔවුන් දෙදෙනාගේ සාමූහික බුද්ධිමය ශ‍්‍රමයේ ඵලයකි. වීරසිංහ ගෞරව පෙරදැරිව පෙන්වා දෙන ආකාරයට Praetical Criticism යන සිංහල වචනයට භාවිත විචාරය යන නම යෝජනා කළේද ඔබේසේකර වන අතර 1954 දි සංස්කෘති සගරාවේ ‘විචාර මඟ යනුවෙන් විශේෂාංගයක් අරඹමින් සාමාන්‍ය පාඨකයා වෙත භාවිත විචාර සංකල්ප ගෙනයාමේ වැදගත්කම පෙන්වා දී තිබේ.

වල්පොල රාහුල හිමි සහ ලූඩොවයික්

පංති කාමරයෙන් පිටතට ද ගුරුවරයෙකු වශයෙන් ලූඩොවයික්ගේ බලපෑම ගලාගෙන ගිය ආකාරය පෙන්වා දිය හැකිය. විශ‍්‍රාමයෙන් පසුව එංගලන්තයේ වසන සමයේ පවා ඔහු ලියූ ඇතැම් ලේඛන මගින් පෙනී යන්නේ තමා උපන් රටට හා ජනතාවට තමා තුළ පැවති ආදරය. නැඹුරුම හා බලපෑම කිසිදිනක ඔහුගෙන් පළා නොගිය බවයි. ඉයන් ගුණතිලක පෙන්වා දී ඇති ආකාරයට තම මව්බිමේ ජනතාව සංස්කෘතිය ඉතිහාසය ආදිය පිළිබ`ද ලූඩෝවයික්ගේ උනන්දුව එහා සානුකම්පිත බව ප‍්‍රදර්ශනය කරන්නා වූ පොත් 3ක් තිබේ.

‘බුදුන්ගේ පා සලකුණු’ (1958), ලංකාවේ කථාව (1962), ලංකාවේ නූතන ඉතිහාසය (1996) යනු ඒවාය. ආචාර්ය වල්පොල රාහුල හිමි පවන ආකාරයට ‘බුදුන්ගේ පා සලකුණ’ කෘතියේ කෙනෙකුුට දැකිය හැක්කේ මිනිස් වර්ගයා පිළිබදව බුදුන්ගේ හැගීම්වල ගැඹුරු ලූඩොවයික්ට ග‍්‍රහණය වූයේ කෙසේද යන්න පිළිබදව බවයි. තවද වල්පොල රාහුල හිමියන් පෙන්වා දී තිබෙන්නේ ‘‘බුදුන් වදාළ ධර්මය’’ නමැති තම සම්භාව්‍ය කෘතිය ලූඩොවයික්ගේ බලපෑම නොලැබුණේ නම් කිසිදිනක නොලියවෙන බවයි. උන්වහන්සේ මෙසේ පවසති.
‘‘ලූඩෝවයික් මට බල කළේය. මා පෙළඹුවේය., කපටිකම් පවා යොදමින් ලිවීම සදහා මා පෙළඹවීමට උත්සාහ කළේය. ඔහු ප‍්‍රථම පරිච්ඡ්දය කියවා සංස්කරණය කළ අතර දිගින් දිගටම ලියාගෙන යෑමට මා දිරිමත් කළේය. පරිච්ඡේද 8 ම ලිවීමට මා පෙළඹවීය. මේ පොත කියවන පාඨකයා මට නොව මාහාචාර්ය ලූඩොවයික්ට ස්තුති වන්ත විය යුතුය.’’

ලූඩෝවයික් හා සිංහල නාට්‍යය

ලූඩොවයික් හා සිංහල නාට්‍යය නම් රචනාවේ සරච්චන්‍ද්‍ර පවසන්නේ ‘සිංහල නාට්‍යය පිළිබද වාර්ෂික සටහන්වලදී ලූඩොවයික්ගේ නම ඉවත දැමිය නොහැකිය’ යන්නයි. සිංහල නාට්‍යය පිළිබ`ද ලූඩොවයික්ගේ මැදිහත්වීම සටහන් කරමින් කෙටියෙන් වූවද වැදගත් සටහනක් සරච්චන්‍ද්‍ර ඉදිරිපත් කරයි.
සිංහල නාට්‍ය විෂ්‍යයෙහි ලූඩොවයික්ගේ දායකත්වය අමතක කිරීමට හෝ (නොසලකා සිටීමට) මිනිසුන් නැඹුරු වන්නේ ඉංගී‍්‍රසි නාට්‍යය පිළිබදව ඔහුගේ කීර්තිය සියල්ල වසාගෙන පැතිරී ඇති බැවිනි. ලන්දේසි, බර්ගර් පෙළපතකින් පැමිණෙන ඉංගී‍්‍රසි මාහාචාර්යවරයකුට ‘‘සිංහල නාට්‍යයක් නිශ්පාදනය කළ හැකිය’’ යන විශ්වාසය තමන්ටම ඒත්තු ගන්නවා ගැනීමට මිනිසුන්ට අසීරුය. එහෙත් බොහෝ දෙනා නොදන්නා දෙයක් නම් ලූඩොවයික් කලක් තිස්සේ සම්භාව්‍ය සිංහල ඉගෙනගත් බවයි. එසේම සිංහලයන්ටත් වඩා සිංහල වූ ගාල්ලේ බර්ගර්වරුන්ට ඔහු අයත් වූ බවයි. ලූඩොවයික් කථා බහේ යෙදෙන සිංහල දැන සිටියා පමණක් නොව එහි සියුම් අරුත්ද වටහා ගැනීමේ හැකියාවෙන් යුක්ත විය. නාට්‍ය නිෂ්පාදනයෙහි දී ඔහු එම දැනුම යොදාගත්තේය.
මාහාචාර්ය සරච්චන්‍ද්‍ර හරහා අපට දැනගත හැකි දෙයක් වන්නේ මහාචාර්ය ලූඩොවයික් හා විශ්ව විද්‍යාලයේ නාට්‍ය සංගමය අතර පැවති අමනාපයත් එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඊට පෙර වසරවල කළාක් මෙන් 1945 දී ලූඩොවයික් නාට්‍යයක් නිෂ්පාදනය නොකිරීමත්ය. විශ්ව විද්‍යාලීය නාට්‍ය සංගමයේ අවාසනාවන්ත යුගය වාසනාවන්ත යුගයක් බවට පත් කරලීම සදහා ආචාර්ය ඞී.ජේ. විජේරත්න, ඒ.පී. ගුණරත්න හා මාහාචාර්ය එදිරිවීර සරච්චන්‍ද්‍ර යන තිදෙනා සිංහලෙන් නාට්‍යයක් කරන ලෙස ලූඩොවයික්ගෙන් ඉල්ලා සිටීමට තීරණය කළෝය. එම ආරධනාව නිහතමානී ලෙස ලූඩොවයික් විසින් ප‍්‍රතික්‍ෂේප කෙරුණේ අදාළ ඉලක්කය සපුරාලීමට තරම් සිංහල දැනුමක් තමා සතු නොවූ බව පවසමිනි. මේ ඉලක්කය සපුරා ලීමට ඔහු කොපමණ සිංහල දැනුමක් කුමන මට්ටමින් අවශ්‍යය. එය සපයා දිය හැකිය යන්න සහතික වීමෙන් ලූඩොවයික්ම ඒ සදහා පොළඹවා ගැනීම විජේරත්න, සරච්චන්‍ද්‍ර හා ගුණරත්න යන තිදෙනා සමත් වූහ. රංග සභාව මෙසේ උපත ලද අතර ඊඩින් ලූඩොවයික් මැතිනිය ද එයට සම්බන්ධ වූවාය.

හයවන ශත වර්ෂය දක්වා අතීතයට විහිදී ගිය වටිනා ගද්‍ය හා පද්‍ය ආඛාන සම්ප‍්‍රදායක් සිංහලට පැවතුණ මුත් බරපතළ දේශීය නාට්‍ය සම්ප‍්‍රදායක් නොමැති වීම නිසා රංග සභාවේ පුරෝගාමීන් කළ දෙය නිවැරදි විය. ජයමාන්ත නාට්‍යය මෙන්ම ටවර්හෝල් සංගීත ය ද ප‍්‍රමාණාත්මක නොවූ අතර ඒවා හොදම මට්ටමේ දේශීය නාට්‍ය සම්ප‍්‍රදායක් පෝෂණය කිරීම උදව් නොකළේය. මෙබදු තත්ත්වයක් යටතේ මේ පිරිසට අවශ්‍ය වූයේ බරසාර සිංහල නාට්‍ය සම්ප‍්‍රදායක් ගොඩ නැගීමටය. දේශීය පේ‍්‍රක්‍ෂකාගාර සදහා උසස් විදේශීය නාට්‍යවල අනුවාද හා පරිවර්තන ඇති කිරීමට මෙහිදී උත්සාහ ගැනිණි.
ලූඩොවයික්ගේ නිර්දේශය මත ගොගොල්ගේ විවාහය නම් නාට්‍යය පරිවර්තනය කොට දේශීය පේ‍්‍රක්‍ෂකාගාරයට උචිත ලෙස සකසන ලදී. එහි සිංහල නම ‘කපුවා කපෝතියි’ නම් විය. එය 1945 අපේ‍්‍රල් 25 කොළඹ විශ්ව විද්‍යාලයේ ජෝර්ජ් රංග ශාලාවේදී වේදිකාගත වූ අතර සිංහල හා ඉංගී‍්‍රසි වේදිකාවේ ප‍්‍රධාන භූමිකා ගණනාවක් එම නාට්‍යයේ දී සාමූහිකව කටයුතු කළෝය.

කපුව කපෝතිවලින් පසුව ලූඩොවයික් සරච්චන්‍ද්‍ර සමග එක්වී රංග සභාවේ සම්පත්ද දායක කරගනිමින් මොලියර්ගේ ‘The Imaginary incalid’ නිෂ්පාදනය කළත් එය සාර්ථක නොවීය. කපුවා කපෝති නිෂ්පාදන කටයුතු දෙස බලා සතුටට පත් සරච්චන්‍ද්‍ර එම කාර්යයෙන් තමා බොහෝ සේ උගත් බව මෙසේ පවසයි.

‘ලූඩෝවයික් නාට්‍යයක් ඉදිරිපත් කිරීම බලා සිටීමෙන් මා ලදුයේ අතිශයින් පී‍්‍රතිජනක හා අමතක නොවන අත්දැකීමකි. පසුකාලීනව මගේ ජීවිතය තුළ ප‍්‍රායෝගිකව වැදගත් වන නාට්‍ය නිෂ්පාදන කි‍්‍රයාවලිය සදහා මට අවශ්‍ය වූ මූලික අධ්‍යාපනය ලබා දුන් අවස්ථාව එය බව හහ එකල වටහා නොගත්තේමි.’

1942 දී ලංකා විශ්ව විද්‍යාලය පිහිටුවීමේ කි‍්‍රයාවලියේ දී ද බොහෝ කටයුතු සදහා පදනම සැකසීමට ශී‍්‍ර මත් අයිවර් ජෙනින්ස් සහ ලූඩොවයික් තම දායකත්වය සැපයුවේය.