ගිනිඅවි ඝාතනවලින් සහ ප‍්‍රචණ්ඩත්වයෙන් කැඩපත්වන ඇමරිකාවේ සමාජ අර්බුදය

ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ඇමරිකාව අද

පසුගිය වසර 9 තුළදී ඇ.එ.ජනපදයේ සිදුවූ ගිනිඅවි සමූහ ඝාතන ලැයිස්තුව බිය මෙන්ම ඛේදජනකය. කොළරාඩෝහී කොළම්බියානු උසස් පාසලෙහි සිසුන් සහ ගුරවරුන් 13යි. 2009 ෆෝට්හුඞ් හමුදා මූලස්ථානයේ 13යි. 2012 සැන්ඩි හුක් මුලික පාසලේ 28යි. කොළරාඩෝ හි 2012 දී අව්රෝරා සිනමා ශාලාවේ 12යි.2015 කැලිෆෝනියාවේ බර්නිඩිනාහී 14යි. 2016 ඡුමකිැ රාත‍්‍රී සමාජ ශාලාවේ 49යි.ලාස් වෙගාස් සංගීත රාත‍්‍රියේ 58යි. පසුගිය 14 ෆොලොරිඩාහී පාක්ලන්ඞ් පාසලේ 17යි.

තවත් වසර 9ක් එහාට ගොස් 2000 සිට අද දක්වා ගත්විට ඇමරිකානු සමාජය මොනතරම් බිහිසුණුවීඇද්ද? ධනවාදී සමාජ අකෘතිය විසින් මොනතරම් වේගයකින් මිනිසුන්්ව නොමිනිසුන් කර ඇද්ද? ඉහත ගිනිඅවි ඝාතන පෙන්වනුයේ ඇමරිකානු ප‍්‍රචණ්ඩත්වයෙන් අංශු මාත‍්‍රයකි.2000-2017 අතරතුර මිනීමැරීම් 2 ලක්ෂ 70000: මත්ද්‍රව්‍යය අතිමාත‍්‍රකයින් ලක්ෂ 600000: සියදිවි නසාගැනීම් 650000: වැඩබිමේ මරණ 85000:සෞඛ්‍ය පහසුකම් මදවූ නිසාවෙන් වු මරණ 700000: පොලිසිය විසින් මැරූ ගණන 12000: ඇමරිකානු මෙක්ෂිකෝ සීමා පැනීමට ගොස් 27000: ලක්ෂ 22 ක් සිරගෙවල්වල: ලක්ෂ 47ක් පරිවාස සහ රජයේ සමාව බලාපොරොත්තුවෙන්: මෙම ලැයිස්තුවට ස`ු`ථ අපරාධ සහ ස්ත‍්‍රී දූෂණ මෙන්ම ළමා අපචාර අයත් නොවේ.එම ගණන්් තව ලක්ෂ 50ක පමණ අපරාධයන්ය.

ඇයි මෙහෙම වෙන්නෙ?

බෞද්්ධයින්ට සහ හින්දූන්ට උගන්වා ඇත්තේ මෙවැනි දෑ පෙර ආත්මයකදී කරන ලද අකුසල් හේතුවෙන් මෙම භවයේදී විපාක දෙමින් සිදුවූ අකල් මරණ ලෙස තේරුම් ගන්නා ලෙසය. මෙයින් කියන්නේ ෆොලොරිඩා පාක්ලන්ඞ් පාසලෙහි වෙඩි වරුසාවට ගොදුරුවූ 14 හැවිරිදි ඇලීසා සහ 15 හැවිරිදි ආරොන් ෆීස් ඔවුන්ගේ ඉහත භවයකදී කළ කර්මයක් ඔවුන්ට පලිසන් දුන් බවක්ද?.දේවවාදී ආගම් එවායේ අනුගාමිකයින්ට උගන්වා ඇත්තේ මේවා දේව කැමැත්තට සිදුවන බවටය.එනම් නිකලස් කෘස් නැමැති සාතන්ව එදින එම වෙලාවට පාසලට එවා අහිංසක පාසැල් සිසුන් 14ක් ඝාතනය කළේ දෙවියන්් විසිනි.කොහෙත්ම විය නොහැකිය. තවත් ජනප‍්‍රිය හේතුදැක්වීමක් නම් වැරදි තැන්වල වැරදි වෙලාවට සිටි නිසා සිදුවූ බවක.එනම් ඝාතනය වුණු ඇලීසා සහ මාටින් යන පාසල් දරුවන් හිටියේ වැරදි තැනකය.එසේම ඝාතනය වූ පාසලේ කී‍්‍රඩා ගුරුවරයාද හිටියේ වැරදි තැනකය. එනම් පාසල වැරදි තැනකි.ඔවුන් පාසලේ සිටියේ වැරදි වෙලාවකය.මේවා විහිථ තර්කයක් නොවේනම් මෝඩ පැහැදිලි කිරීම් වෙනුයේ මේවා යථාර්ථයෙන් ගව් ගණන් ඈත් හෙයිනි. ‘‘යකා සෙවිය යුත්තේ යකා සිටින තැන මිස යකා නැති තැන නොවේ’. ඇමරිකාවේ වේවා ශී‍්‍ර ලංකාවේ වේවා (වැලිකඩ සිරගෙදර 27) හෝ වෙනත් ඕනෑම රටක වේවා (1996 ඕස්ටේ‍්‍රලියාවේ පෝට් ආතර් 35 ක් ඝාතනය) ගිනි අවි ප‍්‍රචණ්ඩත්වයේ හේතු දැකිය යුත්තේ දේශපාලන බලජාල ව්‍යුහය සක‍්‍රීයව ඇති සමාජ කෝෂය තුළ මිස මිනිසුන් සිටින තැන්වල හෝ කර්මය තුළ නොවේ.

 

අපරාධකරුවන් මානසික ලෙඞ්ඩුලූ

 

හතරවැනි සහ ජනප‍්‍රියතම හේතු පහදාදීමෙන් කියැවෙනුයේ මේ ඝාතකයින් මානසික ලෙඩුන්ය යන්නය. මෙම ඝාතනය කළ ෆොලොරිඩාහී 19 හැවිරිදි නිකොලස් කෘස්ව ඇමරිකානු රජය සහ පොලිසිය එදිනම හැදින්වූයේ මානසික ආතතියකින් පෙථණු අයෙකු ලෙසය. 19 වියැති නිකොලස් කෘස්ව පමණක් නොව ලාස් වෙගාස්හි දී විනාඩි 10ක් තුළ 59 දෙනෙකු ඝාතනය කළ 64 වියැති ස්ටීවන් පැඩොක් වද ඇමරිකානු ජනාධිපති ට‍්‍රම්ප් හැඳින්වූවේ මානසික ලෙඩෙකු ලෙසය. ගිනි අවි ව්‍යාපාරිකයෝ සහ රිපබ්ලිකන් පාක්ෂිකයින්ද ඝාතකයාව හැඳින්වූයේ එසේමය. සමහර පර්යේෂණ වාර්තා ද මෙම අර්ථකතනය සනාථ කළෝය.ගිනි අවි ඝාතන ඝාතකයින්ගේ මනෝ විකලතාව සහ සහ විශාදිය නිසා සිදුවන බව 2015 වැන්ඩර්බල්ට් විශ්ව විද්‍යලයේ කරන ලද පර්යේෂණයකින් හෙළිවි ඇතැයි ඇමරිකානු ජන සෞඛ්‍ය පිළිබඳ ඇමරිකානු සගරාව 2015 පළකොට ඇති බවට විශාල ප‍්‍රචාරණයක් දෙනු ලැබුවේ මනෝවිද්‍යාත්මක න්‍යායට විද්‍යාත්මක පදනමක් දීම සදහාය.-ඇමරිකානු ගිනි අවි ජාවාරම්කාරයින් සහ පාලක පංතිය විශේෂයෙන් ගිනි අවි ඝාතන පුද්ගල මනෝවිද්‍යාවට ලඝු කිරීම ගැන කෙසේනම් ප‍්‍රසාද නොවී සිටීද?. මෙම කරුණු ඔප්පු කිරීම සදහා පමණක් ෆ්‍රෙයිඩියානු විධික‍්‍රමය අනුව යමින් සුපුරුදු පරිදි ඝාතකයාගේ අතීතයෙන් විවිධ කරුණු සොයා උද්ගාමී ලෙස ඉදිරිපත් කිරීමට තරම් අධිකාරීන් යුහුසුථ වූහ. මෙසේ කිරීම පද්ධතියට අලූත් නොවේ.

බහු-මිනිස් ඝාතනයන්ට පමණක් නොව තනි පුද්ගල ඝාතනවලට පවා හේතු වශයෙන් බොහෝවිට හුවා දක්වාඇත්තේ තුවක්කුකරුගේ මානසික අක‍්‍රමිකතාවන් සහ ඔහුගේ ආභ්‍යන්තරික අර්බුදයයි. ජෝන් කෙනඩි ඝාතක ඔස්වල්ඞ්, ඩොනල්ඞ් රේගන්ගේ කුණු තක්කාලි ප‍්‍රහාරක, ජෝර්ජ් බුෂ්ට සපත්තුවකින් දමා ගැසු ඉරාක මාධ්‍යවේදි අල් ෂයීඞ් ආදීන්ව හදුන්වා දුන්නේ මානසික ලෙඩුන් ලෙසය. 1948දී මහත්මා ගාන්ධිව ඝාතනය කළ නාතුරාම් ගොඞ්සේවද මුලින්ම හැදින්වූයේ එලෙසය. එහෙත් ඔහු ගාන්ධිව ඝාතනය කළේ මනෝවිද්‍යාත්මක හේතුවක් උඩ නොවේ. ඝාතනය කළේ ඔහු ගාන්ධිගේ සාමවාදය (pacifism) සහ අහිංසාවාදය (non-violence) තුළ ව්‍යාජත්වයක් දැක එය හෙළාදුටු නිසාත් ගොඞ්සේ අති දක්ෂිණාංශික වීමත් නිසාය. මෙය සමාජ සහ සංස්කෘතික සහ දේශපාලනය හා සම්බන්ධ කරුණක් මිස ගොඞ්සේගේ රෝගී මානසිකත්වය පිළිබද කරුණක් නොවේ. අශීස් නන්දි සිය At the Edge of Psychology (1991) පොතින් මෙම කරුණ සැකයෙන් තොරව ප‍්‍රතිපාදනය කර ඇත. 1963 කෙනඩිව ඝාතනය කළේත් ඊට වසර 2 කට පසු 1965 දී මැල්කම් ඞ සහ ඊට වසර 3 කට පසු 1968දී සිවිල් අයිතිවාසිකම් ක‍්‍රියාකාරී මාටින් ලූතර් ඝාතනය කරන ලද්දේත් මානසික රෝගීන්ද?

අනෙක් අතට සමූහ ඝාතක 19 වියැති නිකොලස් කෘස්ව පමණක් නොව ලාස් වෙගාස්හි දී විනාඩි 10ක් තුළ 59 දෙනෙකු ඝාතනය කළ 64 වියැති ස්ටීවන් පැඩොක් වද ඇමරිකානු ජනාධිපති ට‍්‍රම්ප් හැඳින්වූවේ මානසික ලෙඩෙකු ලෙසය. ගිනි අවි ව්‍යපාරිකයෝ සහ රිපබ්ලිකන් පාක්ෂිකයින්ද ඝාතකයාව හැඳින්වූයේ එසේමය. සමහර පර්යේෂණ වාර්තා ද මෙම අර්ථකතනය සනාථ කළෝය.ගිනි අවි ඝාතන ඝාතකයින්ගේ මනෝ විකලතාව සහ සහ විශාදිය නිසා සිදුවන බව 2015 වැන්ඩර්බල්ට් විශ්ව විද්‍යාලයේ කරන ලද පර්යෙෂ්ණයකින් හෙළිවී ඇතැයි ඇමරිකානු ජන සෞඛ්‍ය පිළිබඳ ඇමරිකානු සගරාව 2015 පළකොට ඇති බවට විශාල ප‍්‍රචාරණයක් දෙනු ලැබුවේ මනෝවිද්‍යාත්මක න්‍යායට විද්‍යාත්මක පදනමක් දීම සදහාය.-ඇමරිකානු ගිනි අවි ජාවාරම්කාරයින් සහ පාලක පංතිය විශේෂයෙන් ගිනි අවි ඝාතන පුද්ගල මනෝවිද්‍යාවට ලඝු කිරීම ගැන කෙසේනම් ප‍්‍රසාද නොවී සිටීද? ඇමරිකානු දේශපාලනයේ අකාරාධිය ගැන හොදින් දන්නා අය මිනිස් ඝාතන මානෝව්‍යාධීන්ට ලඝු කිරීමට දරණ උත්සාහය දකිනුයේ හුදු දෘෂ්ටිවාදයක් ලෙස පමණිි.

එසේම මේ පුද්ගලිික හෝ සමූහ ඝාතන සියල්ලම ඝාතකයින්ගේ රෝගී මනෝ සැකැස්මට බැර කළ නොහැකි වනුයේ මෙම චර්යාවන් ඇමරිකානු ගොපලූ (cowboy) වෙඩික්කාර ඉතිහාසයේ සහ සංස්කෘතියෙන් ව්‍යුත්පන්නව විකාශනයව ඇති හෙයිනිි. එහි නූතන ප‍්‍රකාශනයක්ව ඇති හෙයිනි. මෙම නිගමනයට ඒමෙන් මානසික ආබාධ නිසා මිනීමැරුම් සහ සමූහ ඝාතන මානව ඉතිහාසය තුළ නොසිදූ බවක් හෝ නොසිදුවේය යන්නක් නොකියවේ. එහෙත් ඇමරිකාව තුළ ගිනි අවිවලින් පමණක් නොව මේසා විශාල වශයෙන් විවිධ මාදිලියේ ප‍්‍රචණ්ඩත්වයන්් ශීඝ‍්‍රයෙන් වර්ධනයව ඇත්තේ සමාජ අසමානතාව හේතුවෙනි. ඇති – නැති අය අතර පරතරය මෙන්ම දේශපාලන අධිකාරයේ මානව විරෝධී බල ජාලයන්ගේ ප‍්‍රකාශනයන් විසින් වර්ධනය කරන අසමතුලිතතාව ගිනිඅවි සමූහ ඝාතනයන්ට වගකිවයුතු එකම නොවෙතත් තීරණාත්මක සාධකයයි. සමාජ වසංගත පිළිබද විශේෂඳයෙකු වනR.Wilkinsonට අනුව ‘‘ප‍්‍රචණ්ඩත්වයේ නැගීම සහ සමාජ අසමානතාව අතර සහ – සම්බන්ධයක් (co -R.Wilkinson) ඇත. (Spirit Level: Why Greater Equality Makes Societies Stronger2009). ඇමරිකාවේ පසුගිය වසර දහය තුළ සිදුවූ ඝාතන රැල්ලට මීට වඩා ප‍්‍රබල වෙනත් කරුණක් සොයාගත නොහැකිය. ශ‍්‍රම විභජනය සහ පංති විෂමතාව උපක‍්‍රමශීලීව ’යටගසා’ ඒවා වනාහී කාල් මාක්ස්ගේ මනෝ භ‍්‍රාන්තීන් ලෙස සාර්ථකව හුවා දැක්වීමට ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා (The End of History 1992) වැනි ධනවාදයට සානුකම්පිත මතධාරීන් ලවා ලියා ජනගත කිරීමේ සංවිධානාත්මක දෘෂ්ටිවාදී ව්‍යාපෘතියක් මීට දශක කිහිපයකට පෙර ක‍්‍රියාත්මක වී තිබිණ. අර්බුදය උත්සන්න වීමත් සමග ෆුකුයාමා සහ ඔහුගේ නියෝජිතයින් අද කොහේ ගියාදැයි යන්නවත් සොයාගත නොහැකිය. කායික සහ සුක්ෂමව ඩිජිටල් තාක්ෂණයෙන් ශ‍්‍රම සුරාකෑමල විරැකියාව, සමාජ අසමානතාව සහ ආර්ථික ප‍්‍රශ්න අත්විදින රටවල ප‍්‍රචණ්ඩත්වය කැපීපෙනෙන ලක්ෂණයකි. බුදුන් වහන්සේ මාක්ස්වාදියෙකු නොවූවද එතුමන්ද ඍජුව සහ වක‍්‍රව මෙයම අවධාරණය කර තිබිණ. විල්කින්ස් ඉහත පොතින් සංඛ්‍යා සහිතව සහ තාර්කිකව පෙන්වා දුන්නේ මෙම නිරුවත් සහ තිත්ත ඇත්ත බව ලෝක සමාජවාදී වෙබ් අඩවියට (WSWS) පසුගිය 23දා සැපයූ ලිපියකින් එරික් පෙන්වාදෙයි.

එසේම ලොස් ඇන්ජලීස් හී චර්යාලපරිණාමය සහ සංස්කෘතිය පිළිබද මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඩැනියෙල් ෆෙස්ලර් 2015 සැන් බර්ඩිනෝ ඝාතනයෙන් පසු කීවේ ‘ඇමරිකාවේ අපරාධ වැඩිවී ඇත්තේ ආදායම් අසමානතාව බවයි. කාර්මික වශයෙන් දියුණු රටවලින් ඇමරිකාව අසමානතාව පෙන්වන ප‍්‍රධානම රටවී ඇත. හේතුව ධනය සුථතරයක් මත සංකේන්ද්‍රයව තිබීමයි. අනුකම්පා විරහිත සූරාකෑමල ඇමරිකානු ජාතිවාදයල ලාභ පසුපස පමණක් හඔායන කෑදර ව්‍යාපාරිකයින්ල සමාජ ගැටලූ කෙරෙහි නොසැලකිල්ලල අසීමිත ආර්ථික ප‍්‍රශ්න සහ පවුල් ගැටලූ (ෆොලොරිඩා ඝාතක කෘස්ටද තිබූ බවට අනාවරණයවන)මිනිසුන්ව මනෝව්‍යාධියකට තල්ලූ කර තිබීම ඉහත මිනිස් ඝාතන සහ අපරාධවලට මුලික හේතුවයි.

ඇමරිකාවේ සමාජ අර්බුදය තීව‍්‍ර කරන දෙවැනි හේතුවක්ද ඇත. එනම් වසර 70ක් පුරා ඇමරිකාවෙන් පිට වෙනත් රටවල් කෙරෙහි ඇමරිකාව දක්වන ප‍්‍රතිපත්තියයි. මෙයද ඇමරිකානු දේශීය සමාජය අර්බුදයට යවන ප‍්‍රධාන හේතුවකි. ගිනිඅවි ප‍්‍රචණ්ඩත්වය සමග මෙම කරුණද සම්බන්ධය. එනම් ඇමරිකාවේ යුද උන්මාදයයි. වියට්නාමය සමග වසර 25ක් යුදවැද අවසානයේ පරාජිතව පසුබෑ මුත් ඉන් පාඩමක් ඉගෙන නොගෙන අද වන විටත් කරනුයේ රට රටවලට තම හමුදා ආධිපත්‍යය පැතිරවීම සහ ධනවාදී දෘෂ්ටිවාදය ආනයනය කිරීමයි.ඒ ඒ රටවලට ‘‘කඩාවදිනුයේ’’ ‘ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ යන ව්‍යාජලසටකපටල ආකර්ශනීය හේතුපාඨය ලෙලවමිනිල රටවල ස්වෛරීත්වය තුට්ටුවකට නොසලකමින් කඩාවැදුණු රටවල ඇමරිකාව එසවූ සාම ධජයක් නැත. ඒ වෙනුවට කළේ ඒ සියථ රටක්ම දේශීය වශයෙන් අසමගි කොට අස්ථාවර කිරීමය (උදා: ලිබියාවල ඉරාකය, ඇෆ්ඝනිස්ථානය, සිරියාව, යේමනය, පකිස්ථානය, සෝමාලියාව). මේ සියලූ රටකම ‘සමාධූත භූමිකාවෙන්’ බුරුතු පිටින් කළ සමූහ ඝාතනවල එකතුව ලක්ෂ ගණන ඉක්මවා ඇත. ඇමරිකානු ජනාධිපති ට‍්‍රම්ප් ‘America First’යනුවෙන් පුරාජේරුවට අද කීවද දේශීය සමූහ ඝාතන සහ විදේශීය මිනිස් ඝාතන ගත්විට ඇත්තටම ‘America First’යන්න බොරුවක් නොවේ.මේ විදේශ යුද උන්මාදය (උදා:උතුරු කොරියාව සමග ට‍්‍රම්ප්ගේ ඇති ආරෝව) නිසා සිදුවනුයේ රට තුළ ප‍්‍රශ්න උග‍්‍රවීමයි. දරා ගත නොහැකි මිනිසුන් සිහි විකල්ව මනෝව්‍යාධි ලෙස හැසිරෙති. ඇමරිකානු පියෙකු පව්ලටම වෙඩි තියා තමනුත් සියදිවි නසාගනු ලැබුවේ ජීවත්වීමට බැරිම තැනය. කොළරාඩෝ,ලාස් වෙගාස්, බර්නිඞීනෝ, කොලොම්බියන්, සහ ෆොලොරිඩාහී සමූහ ඝාතන ඒවා කළ මිනීමරුවන්ට සහ ඔවුන්ගේ මානසික අසහනයටම පැවැරිය නොහැක්කේ ඒවාට පිටින් සක‍්‍රීය දේශපාලන, ආර්ථික සහ සමාජ කරුණු නිසාවෙනි. මෙම කරුණු තීව‍්‍ර කිරීම සදහා ඇමරිකාවට සැලකිය යුතු ගිනිඅවි සංස්කෘතික ඉතිහාසයක්ද ඇත.

ගිනිඅවි සංස්කෘතිය

ගිනිඅවියක් යම් සංදර්භයක් තුළ පාවිච්චි කිරීම හුදෙකලා ක‍්‍රියාවක් මුත් සහ එය වුවද ගිනි අවි සංස්කෘතියේම සමහරවිට ඵලයක් මුත් ගිනිඅවි සංස්කෘතිය වනාහී වඩා පුථල් වෙනස්ම ප‍්‍රපංචයකි.ගිනි අවි සංස්කෘතිය යනු ගිනි අවියේ භාවිතයේ ඉතිහාසය, එහි නිෂ්පාදනය, ප‍්‍රවර්ධනය, බෙදාහැරීම, ඒ කෙරෙහි දක්වන පක්‍ෂ-විපක්‍ෂ අදහස්, ජනතාව දරන ආකල්ප, වෙළෙඳපොළ, ඉල්ලූම, රජයේ පනත්, පිළිවෙත්, ඝාතන සංඛ්‍යා ලේඛන, නඩු විභාග සහ තීන්දු, ගිනි අවි වර්ග පිළිබඳ දත්ත සහ ගොදුරුවූ අයගේ පවුල්වල මානසිකත්වය සහ අනාගතය ආදී සියල්ලගේම එකතුවයි. ඇමරිකාවේ ගිනි අවි සංස්කෘතිකයට ශතවර්ෂ ගණනාවක ඉතිහාසයක් ඇත.අශ්වයින් සහ හරකුන් පුද්ගලික දේපොළවූ සමයේ ඒවා හොරුන්ගෙන් ආරක්ෂා කරගැනීම පිණිස තුවක්කු භාවිතයට ඒවායේ හිමි කරුවන්ට නීතිමය අවසර තිබීණ.එසේම එම දේපොළවල ආරක්‍ෂාව සදහා කොන්ත‍්‍රාත් පදනම යටතේ සේවයට ගත් ගොපල්ලන්ටද (cowboys)  පිස්තෝල භාවිත කිරීමට අවසර තිබිණ. කව්බෝයි උප සංස්කෘතිය සහ රතු ඉංදියානු දේශිය සංස්කෘතිය අතර ගැටුම්ද පිස්තෝල /තුවක්කු සංස්කෘතිය ඇමරිකාව තුළ මුල් ඇදීමට හේතුවූහ. එදා සිට අද දක්වා ඇමරිකානු සමාජය ගිනිඅවි මනෝආශාව (obsessed) ශරීරගත කරගත් ජාතියක් විය. එදා ද ප‍්‍රාදේශීය නීති නිලධාරියා අතින් සහ ගොපල්ලන්ගේ වෙඩි තැබීම්වලින් මිනිසුන් එකා දෙන්නා මැරුණු බව සත්‍යයකි. එහෙත් අද පිස්තෝල, තුවක්කු සහ අති නවීනතම (තත්පරයට උණ්ඩ 100ක් විහුදුවන) ගිනි අවි පාවිච්චි වනුයේ හරක් හෝ අශ්වයන් හොරුන්ගෙන් ආරක්‍ෂාකිරීමට හෝ පෞද්ගලික ආත්ම ආරක්‍ෂාවට හෝ නොව අහිංසක මිනිසුන් සමූහ ලෙස ඝාතනය ස`දහා සහ රටවල් විනාශ කිරීමටය. 2015 වසර තුළ පමණක් මසකට 1100 බැගින් පමණ 13000 ක් වෙඩි තබා මරා ඇත.

ගිනි අවි සංස්කෘතීය ඇමරිකානුවන් තුළ මොනතරම් තදින් මුල්බැසගෙන ඇද්ද යන්න තේරුම් ගැනීමට ‘‘ඇමරිකාව යනු ගිනි අවි සංස්කෘතියයි. ගිනි අවි සංස්කෘතිය යනු ඇමරිකාවයි” යන වාක්‍යයම ප‍්‍රමාණවත්ය. ඇමරිකානුවෙකුට ගිනි අවියක් නැතුව බැරිවාසේ පාලක දෙපාර්ශ්වයටම ගිනිඅවි සංස්කෘතිය සහ ගිනිඅවි නිෂ්පාදකයින් නැතුවම බැරිය.ගිනි අවි ඇමරිකානු සමාජයෙන් සහ වෙළඳ පොළින් ඉවත්කළ නොහැක්කේ ගිනි අවි නිෂ්පාදනය ඇමරිකානු දේශිය ආර්ථිකයේ ප‍්‍රධාන භූමිකාවක් කරන හෙයිනි. ගිනිඅවිවලට ඇමරිකාවේ හොඳ දේශීය ඉල්ලූමක්ද ආකර්ශනීය ජාත්‍යන්තර වෙළෙඳ පොළක්ද ඇත. ආයුධ නිෂ්පාදනයේ ප‍්‍රමුඛයා ඇමරිකාවය. ගිනි අවිභාවිතයේ ප‍්‍රමුඛයාද ඇමරිකාවය. ගිනි අවි වලින් සමූහ-මිනී මැරීමේ ප‍්‍රතිශත සහ සංඛ්‍ය ලේඛනවලට අනුව ඉහළම සම්මානයද ලැබෙන්නේ ඇමරිකාවටය. වසරකට සාමාන්‍යයෙන් 30000 කට එහා තුවක්කු මිනීමැරීම් සිදුවන්නේද ඇමරිකාවේය.මේ ලිපියෙහි වෙනත් තැනක ලීීවා මෙන් ඇමරිකාව මේ අතින් නම් First බව සමස්ථ ලෝකයම දනී.

ඇමරිකානු ව්‍යවස්ථාවේ 2වැනි සංශෝධනය සහ ජාතික රයිෆල් සංගමය (NRA)

ඇමරිකානු ව්‍යවස්ථාවට 1791 දී ‘2වැනි සංශෝධනයක් (2nd Amendment) ඈදුනි. එදා සිට අද දක්වා ඇමරිකාවේ අපරාධ සිතියමේ ස්වභාවය තීරණයකළේ මෙම සංශෝධනයයි. සරලව දැක්වුවහොත් පනත විසින් නීතිගත කළේ ‘‘ආත්මාරක්ෂාව සදහා සහ විනෝදාස්වාදය සදහා ගිනිඅවිි ළග තබා ගැනීමට සහ දැරීමට ජනතාවට අයිතියක් ඇත’’යන්නය. ගිනිඅවි සංස්කෘතිය තුළ විනෝදාංශය යනු ඉලක්කයට වෙඩි තැබීමේ තරගයයි නැතිනම් ක‍්‍රීඩාවයි. ඒ සදහා අවසර ලබාගතහැකිය. සතුන් මැරීමද ඇමරිකාව විනෝදාංශයක් ලෙස නීිතිගත කර ඇති නිසා ඒ මගින්ද ගිනිඅවි සතු කර ගැනීමට ජනතාවට නිතියෙන් අවසර ඇත. පෞද්ගලික ආරක්ෂාව සදහාද තුවක්කු ළග තබා ගැනීමට නීතිමය අවසර ඇත. ඇමරිකාවේ ජනගහනයෙන් අර්ධයකට වැඩි ප‍්‍රමාණයකට ගිනි අවි අවසර පත් ඇත.ව්‍යාජ අවසර පත් සහිත ‘කථ තුවක්කු’ද ලක්ෂ 150 ක් පමණ රට පුරා භාවිතයේ ඇත. සතුන් මැරීම මෙන්ම ඇමරිකානුවනට මිනිසුන් මැරීමද විනෝදාංශයකි. ඉලක්කයට වෙඩි තැබීම ක‍්‍රීඩා සොනරයට ඇතුල්කිරීමට අවශ්‍යනම් එය ‘ක‍්‍රීීඩා හෝ විනෝදාංශ පණතට’ ඇතුල්කිරීමේ වැරැද්දක් නැත. එසේ කළ හැකි තත්ත්වයක් තිබියදී එය ‘ගිනි අවි ළග තබාගැනීමේ අයිතිය පිළිබද පනතට’ ඇතුල් කිරීම ගිනිඅවි නිෂ්පාදක ධනපති පංතියේ අවශ්‍යතාව රැකීමට ගත් පියවරකි. ක‍්‍රීඩා සහ සතුන් මැරීමේ අවසරය මුවාවෙන් ගිනි අවි ජාවාරම ඇමරිකාවේ යසරගට කෙරේ.

මෙය සමාජයට අහිතකර බවත් ප‍්‍රචණ්ඩත්වයට ඉණිමගක් බවත් සලකා එයට ව්‍යතිරේඛයන් හෝ උප-වගන්ති පසුව හෝ ඇතුල්කොට එය සංශෝධනය කිරීමට ඕනෑකමක් පාලකයින්ට නොතිබිණී. කරුණු අතර ප‍්‍රධාන තුනක් දැකිය හැකිය. (1) ඓතිහාසික ගොපලූ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමට ව්‍යාජව සහ අවස්ථාවාදීව කැපවීම (2) වාණිජ ව්‍යාපාරයක් ලෙස දේශීය සහ විදේශීය වශයෙන් අති සාර්ථකවූ ගිනි අවි සමාගම්වලින් ලැබෙන බදු ආදායම ඇමරිකානු ආර්ථිකයේ ජීවනාලිය වීම (3) රිපබ්ලිකන් සහ ඩිමොක‍්‍රටික් යන ඇ.එ.ජ යේ ප‍්‍රධාන පක්ෂ දෙකම තම ඡුන්ද ව්‍යාපාරයන්ට ගිනිඅවි ‘මුදලාලිලාගෙන් සමන්විත ‘ජාතික රයිෆල් සංගමයෙන්’ (NRA) මිලියන ගණනින් ආධාර ලබාගැනීම. මේ හේතූන් නිසා තම පුරවැසියන්ගේ ජීවිත අගයමින් ‘දෙවැනි සංශෝධනය’ සංශෝධනය කිරීමට පාලකයින්ට උවමනාවක් වුයේ නැත. හද සසල කරවන ඒක පුද්ගලල ද්විත්වලති‍්‍රත්වල චතූර් සහ පංච පුද්ගල ඝාතන වසර 200 කට වැඩි කාලයක් පුරා සිදුවුවද පාලකයන්ට වගක් හෝ නැත්තේ ඉහත ආර්ථික ප‍්‍රතිලාභ හේතුවෙනිලගිනි අවිවලට බිළිව මියැදුණු ඒ ඒ ප‍්‍රාන්තවල සුසාන භූමිවල සදහටම නිදන දහස් සංඛ්‍යාත අහිංසකයින්ගේ මෘත කලේබරයන් අපමණ ශාක්ෂීන් සපයද්දී ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මනුස්සකම ගැන ඉතින් මොන කතාද? මොන තර්කද? මොන විවාදද? යෝජනා කරන ලද විකල්ප මොනතරම් විහථද? මෝඩද? පසුගිය 14 වැනිදින ෆොලොරිඩා පාක්ලන්ඞ්හී සිදුවූ සමූහ ඝාතන හේතුවෙන් තෙරපූණු ජනාධිපති ට‍්‍රම්ප් ගේ විසදුම වූයේ (පාඨක ඔබ ඇමරිකානු ජනාධිපතිට හිනානොවනු ඇතැයි සිතමි) ගොදුරුවන අහිංසකයින් ගැන සලකා දෙවැනි සංශෝධනය සංශෝධනය කිරීම නොවේ. ඔහූගේ උපදේශය වූයේ පාසල් ගුරුවරුන්ට ගිනි අවි දිය යුතුය යන්නය. මේ යෝජනාවන් ට‍්‍රම්ප්ට ගිනි අවි මුදලාලිලාගෙන් ඩොලර් මිළියන ගණනින් ලැබෙනවාදැයි නොදනිමු. එහෙත් මෙම යෝජනාවම මොනතරම් ගිනි අවි මුදලාලිලාගේ ‘බිස්නස්’ ප‍්‍රවර්ධනය කිරීමක්ද? ට‍්‍රම්ප් ද හොද ‘බිස්නස්‘ කාරයෙකු බව ලෝකයම දනී. ලෝකයේ ධනපති ව්‍යාපාරිකයින් හැමදා සිටියේ එකටය. ලැග්ගේ එකම අත්තේය.කළේ එකිනෙකා ලවා පිටවල් කසා ගැනීමය.අනික් අතට ෆොලොරිඩාහී පාක්ලන්ඞ් පොලිසියේ යෝජනාව වූයේ ඝාතක නිකලස් කෘස් පාවිචිචි කළ AR-15 වර්ගයේම ගිනිඅවි ප‍්‍රදේශයේ පොලිසිවලට ලබාදීම ගැටලූවට තවත් එක් හොද විසදුමක් බවය.මේ වන විට සොහොනෙහි සමාදානයෙහි සැතපෙන පාක්ලන්ඞ් පාසලේ අහිංසකයින් 17 දෙනාට ට‍්‍රම්ප්ගේ සහ පොලිස් නිළධාරියාගේ මේ තකතීරු විකල්ප නොඇසීම එක අතකින් ඔවුන් ලැබූ වාසනාවකි.

සමාජ සංස්ථාවේ ස්වභාවය විසින් මිනිස් සන්තානයේ ස්වභාවය සකස් කරනවාය’යන මාක්ස්ගේ ස්ථාවරයට හොදම උදාහරණය අද ඇමරිකාවයි.අද ධනවාදී ලෝකයයි.ඇමරිකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ඉහත ආකාරයට මිනිස් ජීවිත නිරාපරාදේ විනාශවෙන්නේ නම් එම සමාජ අනීවාර්යයෙන්ම රෝගී සමාජ විය යුතුය.1982 සිට 2011 කාලය තුළ ඇමරිකාවේ දින 200කට වරක් සිදුවූ සමූහ ඝාතන අද සෑම දින 16කට වරක් අවම වශයෙන් ජීවිත 4ක හෝ 5ක් බිළිගනී.මේ සමාජය නිරෝගී සමාජයක්ද? වයස බාල මහලූ සහ විශේෂයෙන් තරුණයින් තුළ විරැුකියාව, අසහනය සහ මානසික ආබාධ ඇතිකොට එවැන්නන්ට ජීවිතයට ශූන්‍ය අගයක් දීම සදහා ගිනිඅවි විකිණීමට තරම් ඇමරිකානු සමාජය ඇමරිකානුවන් කෘර වූයේ කෙසේද? අහිංසකයින්ව බුරුතු පිටින් මැරීම සදහා අවසර දෙමින් ගිනිඅවි මුදලාලිලාගේ බැංකු ගිණුම් තරකිරීමට තරම් ඇමරිකානු පාලකයින් දරුණු වූයේ කෙසේද? එවුන්ට රැුකවරණය දීමට තරම් මොවුන් කුහක වූයේ කෙසේ්ද?

ගොපලූ සමාජයේ හිතුමතයට රිසිසේ පාවිච්චි කළ පිස්තෝල සහ තුවක්කු සමස්ථ සමාජයටම (ගිනි අවි නිෂ්පාදකයින්ගේ තෙරපුමට සහ අවශ්‍යතාවට* නීතිය මගින් ඇමරිකාව විවෘත කළේ 1791 දී ඇමරිකානු ව්‍යවස්ථාවට ඇතුල් කළ දෙවැනි සංශෝධනය (22nd amendment) මත පදනම් වෙමිනි.මෙයින් ගිනි අවි ළග තබා ගැනීම පිණිස නීතිමය ප‍්‍රතිිපාදන සහිත අයිතිවාසිකම් පනත සම්මත විය. ආත්මාරක්‍ෂාව, සතුන් දඩයම, සහ ක‍්‍රීඩාවන් සදහා ගිනි අවි ළග තබා ගැනීම මිනිසාගේ අයිතියක්ය’ යන්න මෙහි පදනම විය.

පනත ඉහත අරමුණු ඉටුකරගැනීමට අවසර දෙන අතරම බුරුතු පිටින් මිනිස් ජීවිත බිලිිගැනීමට ඉඩදී ඇත්තේ හිතූ හිතූ පරිදි, හිතෙන හිතෙන අයට, හිතෙන හිතෙන වෙලාවට, ගිනිඅවි මිළට ගෙන හිතෙන හිතෙන අය ඝාතනය කිරීමට පනත ඉඩකඩ සපයා ඇති බැවිනි. නොඓසේනම් එදා සිට අද දක්වා මෙතරම් ජනසමූහයක් ඝාතනය වනුයේ කෙසේද? ඉහත තත්ත්වයන්ට සීමා පැනවීමේ උප වගන්තියක් හෝ දෙකක් ඇතුලත් නොවූයේ නීති සම්පාදකයින්ගේ නොසැලකිල්ල නිසා නොව තුවක්කු ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමේ එකම චේතනාවෙනි. ශතවර්ෂ 2ක් ගිය තැනේදීත් අදත් මෙම සංශෝධන කිරීමට පාලකයින් මැළිවීමෙන් මෙය සනාථවේ. ඇමරිකානු ජනතාවගෙන් කුමන ඉල්ලීමක් හෝ තෙරපුමක් ආවද තුවක්කු සංගමය සමග පවත්වන සම්බන්ධය නිසා ගිනි අවි විකිණීම සදහා වයස සීමාවක්් නීතිමය වශයෙන් අවධාරණය කළයුතු බවට රයිෆල් සංගමයට නියෝග දීමට ට‍්‍රම්ප්ට නොහැකිය. ආත්මා ආරක්ෂාව තමන් විසින්ම කරගතයුතුය යන්නෙහි අදහස රාෂ්ට‍්‍ර පාලන වගකීමෙන් රජය නිදහස් බවය. ස්ටීවන් පැඩොක් විසින් ලාස් වේගාස්වල විනාඩි 10ක් ඇතුලත 59 දෙනෙකු ඝාතනය කළේ ඔහුගේ ආත්මාරක්‍ෂාවට නොවේ. කෘස් ෆොලොරිඩාශි 17ක් මැරුවේ ඔහුගේ ආත්මාරක්ෂාවට නොවේ. තුවක්කුකරුවන් විසින් ඊනියා ආත්මාරක්‍ෂක ගිනි අවියෙන් වසරකට 25000ක් පරලොව යවනුයේ ඔවුන්ගේ ආත්මාරක්ෂාවට ඇතිවූ තර්ජන නිසා නොවේ.

රෝග වැළක්වීමට වඩා කළයුත්තේ රෝග නිවාරණය බව ඇමරිකාව නොදන්නවා නොවේ.එහෙත් ගිනිඅවි ව්‍යාපාරයක පූර්ණ නිවාරණයකට වඩා වැළැක්වීමට කටයුතු කිරීමෙන් ගැටලූව සමග කී‍්‍රී‍්‍රඩා කළ හැකි බවත් ජනතාව මුළා කළහැකි බවත් දන්නා නිසා විශාල අපරාධයකට පසු ඇමරිකාව කරනුයේ ඒ පිළිබද සතියක් දෙකක් මහා ඝෝෂාවක් කොට ගිනිඅවි පාලනය කිරීම සදහා ‘බොරු’ සහ නොකෙරෙන විකල්ප යෝජනාවල් කොට ඒවා කාලයට බාරකරමින් අමතකවී යාමට සැලැස්වීමය. ගිනිඅවි පාලනය වැනි ‘හිසේරුදාවට කොට්ට මාරුකිරීම’ වැනි මෝඩ සහ විහිථ ප‍්‍රතිකාරයන්ගෙන් නොවේ. ගිනිඅවි පාලනය නොව ගිනිඅවි මානව සමාජයෙන් හැකිනම් සදහටම තුරන් කිරීම යන කාරණය බැදී පවතිනුයේ එම මානවවිරෝධී නිෂ්පාදනයන් සජීවි කරනු ලබන ධනවාදි සමාජය අවසන් කිරීමෙන් පමණි යන ආස්ථානය හැරෙන්නට වෙනත් විසදුමක් මේ ගැටලූවට නැත.