හේමසිරි දිනුම් කට්ටියම පරාදයි

නව වසරකට පසු පැවති ඔලිම්පික් නිලවරණයෙන් විසි වසරක්ම එය පාලනය කළ හේමසිරි ප‍්‍රනාන්දු මහතාම ජය ලැබීය. මෙවර නිලවරණයෙන් වත්මන් පාලන අධීකාරිය පරාජය කොට සිය ජයග‍්‍රහණය නියතවම තහවරු කර ගන්නා බව රොහාන් ප‍්‍රනාන්දු පාර්ශ්වය මුල පටන්ම කළ කී දේ අන්තිමට මල් වෙඩිල්ලක් සේ පත්තු වී නිවී ගියේය.
රොහාන් ප‍්‍රනාන්දු මෙවර නිලවරණයේ මනමාළිය වූ බව කිව යුතුය. එසේ නැතහොත් සුපර්ස්ටාර්ස් වූ බව කිව මනාය. ඔහුට කටු ඔටුන්න පැළ`දුවේ කවුද යන්න අප නොදනිමු. එහෙත් අතර ඩයන් ගෝමස්, පී‍්‍රතිරාජ් පෙරේරා, අනුර ද සිල්වා, එච්.යූ.සිල්වා මෙන්ම නිශාන්ත පියසේන ද සිටි බව නොරහසකි.
රොහාන් ප‍්‍රනාන්දුට මුලින්ම ඔලිම්පික් කමිටුවේ සභාපති ආශාව දැල්වූයේ හේමසිරි ප‍්‍රනාන්දුමය. ඒ ඔහුගෙන් පසු එම පුටුව රොහාන්ට දීමටය. එහෙත් රොහාන් පසුව සිතුවේ හේමසිරි ප‍්‍රනාන්දු කවුද රොහාන් ප‍්‍රනාන්දු හමුවේ කියාය. කිව යුත්තේ මේවා දේශපාලනික සෙල්ලම් බවය. අද දවසේ කවුද හරි කවුද වැරදි නොව සිතිය යුත්තේ වඩා සබ`දතා සහ ඒවා කළමනාකිරීමට සමත් කවුද ඔහු දිනන බවය.

රොහාන්ගේ දේශපාලන සගයන් පොහොට්ටු ව්‍යාපෘතියේ නියමුවන් නිසා පළාත් පාලන ඡුන්දය පොහොට්ටුව ජය ගැනීමත් සමග රොහාන් සිිහින මැව්වේද එවන් ජයක්මය. එය වෙනසකි. මෙය තවකෙකි.

රොහාන් හේමසිරි පාර්ශ්වයේ සිටියේ නම් අද සභාපති ඔහුය. එහෙත් ඔහු සහ ඔහුට ලණු දුන් නිකමුං හිතුවේ හේමසිරි යනු ඒ අයගෙන් බැබළුණු කෙනකු විනා ඒ අය ඔහුගෙන් නොබැබළුණු බවය. ඇත්තනම් මේ බොහෝමයක් දිස්නය වි තිබුණේ හේමසිරි ප‍්‍රනාන්දුට පින්සිදු වෙන්නටය. ඔහු සමග යා හැකි උපරිම ගොස් අවසානයේ රොහාන් පවා බැලූවේ තමන්ටද හේමසිරි කෙනකු විම මහ කජ්ජක්ද බවය. දැන් එය මහ කජ්ජක් බව ඔහුට ඕනෑවටත් වඩා වැටහෙනවා ඇත.

බොහෝ මාධ්‍ය පවා උදව් කළේ රොහාන්ලාටය. එහෙත් ඒ කිසිවක් නියම දැක්මකට කි‍්‍රයා කරනු වෙනුවට රොහාන්ට දැන්වීම් සපයන්නන් විය. තමා සමග ඇත්තේ නියම මහත්වරු බවත් ප‍්‍රති පාර්ශ්වය හොරු බවත් රොහාන්ලා දිනෙන් දින මාධ්‍ය සංදර්ශන පවත්වමින් කෑ මොර දුන්හ. ඔහු යටතේ සිටි මහත්වරු කවුද? ඩයන් ගෝමස්ද? එච්.යූ. සිල්වාද? නිශාන්ත පියසේනද? තමන් යටතේත් හොර තක්කඩින් තබාගෙන අනෙකාට ඇගිල්ල දික් කිරීම විහිළුවකි. රොහාන් සිතුවේ තමන්ට අභියෝග කළ හැකි කෙරුමකු නැති බවය. එහෙත් පැරිචුට් එකකින් මෙන් සුබ‍්‍රමනියම් ගොඩ බෑවේය. එදා රොහාන් කෙනකු හදුන්වා දුන්නේ හේමසිරි කෙසේද? අද ඒ රොහාන් ඔහුටද අභියෝග කරන කෙරුමකු වූයේ කෙසේද? එලෙසම සුබ‍්‍රමනියම් නාමයත් රැුය කිහිපයකින් මෙරට කී‍්‍රඩාවේ ජනපි‍්‍රය නාමයක් බවට පත් කිරීමට හේමසිරි ප‍්‍රනාන්දු සමත් විය. මේ සියල්ල ඔහුගේම ප‍්‍රඩක්ෂන්ය. මෙහිදී හේමසිරි ප‍්‍රනාන්දු මහතාට කීමට තිබුණේ මම දැමු පරණ බඩු දින පරණය මෙන්න අලූත් බඩු යන්න පමණය.

කී‍්‍රඩා ඇමති මෙම භූමිකාවේදී කි‍්‍රයා කළේ රොහාන් පාර්ශ්වය දිනවන්න බව ප‍්‍රසිද්ධ රහසකි. එහෙත් ඇමතිවරයා තේරුම් ගත යුත්තේ මෙයද දේශපාලන ගේම්ම බවය. දේශපාලනය සරලව සිතීමෙන් වයඹින් වැඩිම මනාප ගත් කී‍්‍රඩා ඇමතිට මෙවර තම ආසනයවත් රැුක ගත නොහැකි විය එබැවින් කී‍්‍රඩා ඇමති කි‍්‍රයා කළ යුත්තේ කාගෙවත් පැති ගෙන නොව නීතිය අනුවය. අද ඔලිම්පික් නිලවරණය නීත්‍යනුකූල නැති එකක් පැවැත්වීම සම්බන්ධවය. අනෙක් අතට තමාම පත් කළ කමිටුව කි‍්‍රයා කළ ආකාරය ගැන තමා දොස් කියන්නේ නම් එයද වැරදිය. එහි යටි අරමුණ ඇති නොකියා කියනුයේ ඔවුන් කි‍්‍රයා කළ යුතුව තිබුණේ ඔහුට අවැසි ආකාරයට බවය. මෙහිදී දයාසිරිද හේමසිරිට පරාජය වී ඇත. එය තේරුම් ගත යුතුය. හැමෝම සිරිලා වුණාට සිරි අයියලා නොවන බවද වටහා ගත යුතුය. රොහාන්ලා දින්නානම් නිලවරණය නීත්‍යනුකූල වන්නට ඉඩ තිබුණි. පැරදුණ පසු එහි අවුල එමටය. අපිට නම් මේ කවුරු පත් වුවද කම් නැත. මන්ද මේ සැවෝම කලක් එකම පිලේ අයය බලය. සම්පූර්ණ ලබා ගන්නට ගොස් එක් පිරිසකට බලය සම්පූර්ණයෙන්ම නැති විය. ඇත්ත එයය. කී‍්‍රඩාව තුළ ඩයන්, එච්.යූ. නිශාන්තලා යනු කවුරුත් ගණන් නොගන්නා සිල්ලර කාසිය. ඔවුන් ලොකුවට සිතුවාට සද්දේ විතරය. කාසි සද්ද කළාට මුදල් නෝට්ටු ශබ්ද නොකරන බව සිතිය යුතුය. පරාජය වූ පසු පරාජය බාරගන්නා නිහතමානිවන්න. හො`දහෝ නරක හෝ දිනන අය දිනා ඇත. මන්ද පරාජය වූයේද හො`දම අය නොවන බැවිනි.