රාවය

ෆිෂ්වේල් මළගම

ෆිෂ්වේල් මළගම

මෝදර ‘ෆිෂ්ටේල්’’ කී‍්‍රඩා සමාජය ගැන අප මීට පෙර බොහෝ දේ බොහෝ වාරයක් ලියා ඇත . එහි එකම අරමුණ වූයේ මෙහි පාලන බලය ගෙන යන රොඞ්නි ද සිල්වා ගෙන් මේ කී‍්‍රඩා සමාජය බේරා ගෙන නිවැරදි දිශාවකට එය ගෙන යන පණිවිඩය දෙන්නටය. එහෙත් රොඞ්නිලාගේ පවුල් වාදයට එරෙහි කිසිවෙක් ඉදිරිපත් නොවිය. අද වනවිට එහි නරක විපාක ඇස් පනා පිට වි`දින්නට සිදුවන ඇත.

රොඞ්නි සහ පවුලේ බුදලයක් බවට පත්වී ඇති ‘ෆිෂ් වේල්’ පිහිනුම් කී‍්‍රඩා සමාජය පිහිනුම් ඇරෙන්නට වෙනත් දේවල් කරන කී‍්‍රඩා සමාජයක් බවට පත්ව ඇත. රොඞ්නිලා හැන්දෑවේ අඩි ගසන කතා සාප්පු දමන තැනක් බවට මෙය පත්විය. කොටින්ම මෙය ඊට උරුම අතීත ඉතිහාසයම වළ දමා නිකම්ම නිකම් ගුබ්බෑයමක් බවට පත්විය.

ෆිෂ්වේල් කී‍්‍රඩා සමාජය මෙරට ඇති පැරණිතම කී‍්‍රඩා සමාජය වේ. එහි ඉතිහාසය 1948 දක්වා දිවයේ. එවන් ඉතිහාසය සිට පැවතෙන මෙහි ඉතා වැදගත් නාමධාරී මහත්වරු නිලතල දරා ඇත. ඔවුන් මෙම සංගමය රටේ ඉහළ තැනකට ගෙනත් ඇත්තේ දක්‍ෂ පිහිනුම් කී‍්‍රඩක, කී‍්‍රඩිකාවන්ද බිහි කරමිනි. අද මේ තත්ත්වය අන්තයටම පිරිහී හමාරය. ඒ විනාශය ඇරඹුණේ රොඞ්නි එහි බලය ඇල්ලීමත් සමගය. පුහුණුකරුවෙකුගේ අත් අඩංගුවට පත්වූ ‘ෆිෂ් වේල්’ කී‍්‍රඩා සමාජය අද විනාශය මුඛයටම ගොස් ඇත. අද එම සංගමයේ සියලූ තනතුරු සිල්වලා අතේමය. දැන් එම සංගමය සහෝදර සමාජයක් වී ඇත. මෙවැනි බාල චරිත සමග තරග කරන්නට හෝ කිසිවකු ඉදිරිපත් නොවන්නේ තම නම්වලටද එය අගරුවක් බැවිනි. මේ නිසා සැවෝම මොවුන්ටම මෙම කී‍්‍රඩා සමාජය විනාශ කරන්නට ඉඩ දී නිහඬ වී ඇත.

මෙම ෆිෂ් වේල් කී‍්‍රඩා සමාජය නඩත්තු වූයේ එහි ඇති ‘බාර්’ එක හේතුවෙනි. කී‍්‍රඩාව වළපල්ලට ගියද අඩුම තරමේ කී‍්‍රඩා සමාජය නඩත්තුවට හෝ මේ බාර් එක ඉවහල් විය. මේ වන විට එම ‘බාර්’ ලයිසම ද තහනම් කර ඇතැයි පැවසේ. දැන් මෙහි සියලූ අයිතිය වරාය අධීකාරිය සියතට ගැනීමට පිඹුරු සකසමින් සිටී.

මෙහි ජන්මයක්. ඉතිහාසයක් නොදත් රොඞ්නිලා මෙය වරාය අධීකාරියට උගස් කර ඇත. දැන් එය සින්න වීමට ආසන්නය.

මෙම කී‍්‍රඩා සමාජය මුලින්ම ස්ථාපිතව ඇත්තේ ධීවර වරාය ඇතුළේය. පසුව 1960 දී මෙම ස්ථානයට පැමිණ ඇත. එකල මෙහි තිබි ඇත්තේ විශාල කළු ගලකි. කළු ගල මෙල්ල කොට මෙම සියලූ ඉදිකිරීම් කරනුයේ එකල මෙහි නියෝජිතයන්ගේ උත්සාහයෙනි.

එකල මෝදර වෙරළ කියනුයේ මේ ප‍්‍රදේශයටය. හැන්දෑවරුව මෙහි ජනයාගෙන් පිරී ඉතිරී ඇත. මේ ‘ෆිෂ් වේල්’ කී‍්‍රඩා සමාජය ද එහි වටිනාම සලකුණක් වී ඇත. පසුව එය අභාවයට යෑමත් සමග අසූව දශකයේදී නැවත එයට පණ ලබා දී ඇත්තේ එම ප‍්‍රදේශයේ පුද්ගලයන් සහ එක්ව විජිත ප‍්‍රනාන්දු මහතාය. එයට කළගුණ සලකුණ වස් ඔහුගේ නමද එක් ප‍්‍රදේශයක ලකුණු කර ඇත.

එහෙත් අද තත්ත්වය ඊට හාත් පසින්ම වෙනස්ය. මෙය වරාය අධිකාරියට රොඞ්නිලා උගස්කර ඇත. වරයා අධීකාරි මාන බලනුයේ මේ සම්පත තමන් සතු කරගන්නට ය.

මෙහි බාර් ලයිසන් අහෝසි කිරීමත් සමග මෙහි නඩත්තු බිංදුවටම වැටේ. දැනට හෝ මේ වෙන මිනිසුන් ඇදී ආවේ මේ බාර් එක නිසාය. මුලින්ම රොඞ්නිලා කළේ ‘ෆිෂ්වේල් ’ හි පිහිනුම් ඉතිහාසය අහෝසි කර එයි න් බිහිවන එකදු කී‍්‍රඩක කී‍්‍රඩිකාවක හෝ නැති කිරීමය. දැන් එම කී‍්‍රඩා සමාජයද විනාශකර ඇත. කිසිදු සැලැස්මක් දැක්මක් තබා රැුකියාවක් වත් නැති මෙයින් දිවි ගෙවූ රොඞ්නිලා කළේ වටිනා සම්පත් විනාශ කිරීමය. මෙම කී‍්‍රඩා සමාජ ගොඩ නැගුවේද මිනිසුන්මය. මේවා විනාශ කළේද මිනිසුන්මය. නිවැරදි මිනිසුන් නිවැරදි තැන්වල නොතැබීමේ විපාකය මෙබ`දුය. අවසානයේ එය අහිමි වන්නේ විශාල පිරිසකටය.

රොඞ්නිලා වැනි තක්කඩින් මේවා විනාශ කරන්න ඇරඹී කලම අප කීවේ මේවා රැුක ගන්නා ලෙසය. ඒත් කාටවත් ඊට ලොකු වුවමනාවක් නොවීය. වැදගත් මිනිසුන් රොඞ්නිලා සමග පෑහෙන්නටද නොගියේය. ඒ සැමහී විපාක අවසානයේ ඉතිරි කළේ ‘ෆිෂ් වේල්’ මළගමය. දැන් රොඞ්නිලාට සතුටු ඇතැයි අපි සිතමු.