රාවය

පාපන්දු ලොක්කෝ පිනට වැටුප් ලබති

පාපන්දු ලොක්කෝ පිනට වැටුප් ලබති

සමීර රාජපක්‍ෂ

කී‍්‍රඩා සංගමයක සභාපති ලේකම් ධූරවලට තරග වදින්නට පෙර ඔවුන් රැුකියාවක නියැලෙන්නක්ද? එසේ නැතහොත් අදායමක් ඇති ව්‍යාපාරිකයෙක්ද යනවග සොයා බලා එවන් අයට තරග කිරීම සුදුසුකමක් ලෙස කි‍්‍රයාත්මක කළ යුතුය. නැතහොත් සිදු වන්නේ පාපන්දු සංගමයට වූ විනාශයම බව මතක් කළ යුතුය.

වත්මන් පාපන්දු සංගමයේ සභාපති කී‍්‍රඩකයෙක් වුවත් රැුකියාවක් නැති නිකමෙකි. එම සංගමයේ ලේකම්ද එසේමය. එබැවින් මේ දෙපළම අද පාපන්දුවට පැමිණ ඇත්තේ පාපන්දුව දියුණු කරන්නට නොව එයින් යැපීමටය. කී‍්‍රඩා සංගම් නිලතල යනු ඡුන්දයෙන් පත්වන ස්වේච්ඡුා තනතුරුය. ඒවායේ සිද්ධ වන්නේ ගරු කටයුතු තනතුරුය.

එහෙත් මේ පාපන්දු සංගමයේ නිකමෝ දෙපළ මෙතෙක් පැවති ඒ වටිනාකම් කැත කොට ජරා කළේය. ඒ පසුගිය සති අන්තයේ කුකුළේ ගම නිකේතනයක විධායක කමිටුව රැස් වෙමිනි. පාපන්දු සංගමයෙන් පිට රැස්වී තම බංකොළොත්භාවය වහා ගන්නා ප‍්‍රතිකර්ම සෙවීය. එහිදී විධායක කමිටුවේ කැමැත්ත මත සභාපතිට සහ ලේකම්ට දීමනාවක් ලෙස මාසිකව එක්ලක්ෂ පනස්දහස බැගින් දීමනා සම්මත කරගෙන ඇත.

මේ තක්කඩින් දෙපළටම රැුකියා නැත. එබැවින් පාපන්දු සංගමය රැුකියාව බවට පත්කර ගෙන ඇත. විධායක කමිටුව කිසිදු විරෝධතාවක් දක්වා නැති මෙම යෝජනාව සම්මත වීමත් සමග පාපන්දු සංගමයේ ප‍්‍රධාන තනතුරු ලක්‍ෂ ගණන් වැටුප් ලබන තනතුරු බවට පත්ව ඇත.

පාපන්දු සභාපතිව මුලින්ම ඔය තනතුරට ගෙනාවේ රංජිත් රුද්‍රිගු මහතාය. එකල ඔහු කළේ තම මුදලින් ඔහුව නඩත්තු කිරීමය. එම දෙපළ විරසක විමත් සමග සිටී ලිග් ප‍්‍රධානියා ඔහු නඩත්තු කරන තැනට තල්ලූ විය. එය දිගටම කළ නොහැකි බව වැටහීදෝ ඔහුම මෙම අපූරු යෝජනාව ගෙන එමෙන්ම පැහැදිලි වේ. දැන් ඔහු නිදහස්ය. එහෙත් පාපන්දු බිල්ලටම දී හමාරය. තව මාස කිහිපයකින් මේ දෙපළ මේ වැටුප මදි යැයි පවසා එය ලක්‍ෂ දෙකහමාරක් කර ගත හැකිය. එලෙස සිව් වසර ගෙවෙන තැන ලොකු වැටුපකින් කෙළවර වනු නියතය. ඉන්පසු මෙම සංගමයට එන ලේකම් සභාපතිවරු ඉහළ වැටුප් ලබන සාමාජිකයන්ය.

පාපන්දු සංගමය සුඛෝපභෝගී වාහනයක් මිලදී ගනුයේ විදේශයෙන් එන ජාත්‍යන්තර නියෝජිතයන් රැුගෙන යාමටය. අද එම වාහනය පාපන්දු සංගමයේ සභාපතිගේ නිල රථය බවට පත්වී ඇත. ඔහු ඒ සදහා ඉන්ධන වෙනුවෙන්ද සංගමයෙන් මාසික රුපියල් 50,000ක දිමනාවක් ලබා ගනී. ලේකම්ටද මාසිකව රුපියල් 50,000ක් ගෙවමින් රෙන්ට් එකට වාහනයක් ලබාදී ඇත. එහි ඉන්ධන දීමනාවද මාසිකව රු.50,000කි. මීට අමතරව දුරකථන බිල් ඇතුලූ වෙනත් දිමනාද ලබා ගනිති. එසේ පාපන්දු කී‍්‍රඩාවට ජාත්‍යන්තරයෙන් ලැබෙන මුදල්වලින් මෙලෙස නිකමුන් දෙපළක් නඩත්තු කරනුයේ ඇයි?

කී‍්‍රඩා සංගම් දියුණුව ශතපහක් නොදෙන ජාතික සංගමය පාපන්දු (බොල්) ලබා දීම හෝ කලක පටන් නොකරති. සංගමයේ රැුකියාව කරන අයගේ වැටුප් ශත පහකින් ඉහළ දමා නැත්තේ පාඩු බව පවසමිනි. එහෙත් මොවුන් ලක්‍ෂ එකහමාර දිමනා වැටුප් ලෙස හදා ගනිති.

කී‍්‍රඩා ඇමතිතුමා මෙවන් කි‍්‍රයා දෙස බලා දැඩි තීන්දු ගත යුතුය. වැටුපට නිලතල දරන තැනට කී‍්‍රඩා සංගම් තල්ලූ වුවහොත් කී‍්‍රඩාවේ තත්ත්වය මීට වඩා පරිහානියට යනු නොහැකිය. එය වහාම නැවතිය යුතුය. රැකියා නැති වූන් පන්නා දැමිය යුතුය. පාපන්දු සංගමය ගත් මේ අමන කි‍්‍රයා පිළිවෙත වෙනත් සංගම්වලටද බෝ වීමට පෙර නීතිය කි‍්‍රයාත්මක කළ යුතුය. එසේ නැතහොත් ඡන්ද ක‍්‍රමය නවතා සුදුසුකම් මත වැටුපට සංගම් හී නිලධාරීන් බ`දවා ගන්නා ක‍්‍රමයක් ස්ථාපිත කළ යුතුය. සංගම්වලින් නිලධාරීන් නඩත්තු කළ යුතු නැත. ඒවා ඇත්තේ කී‍්‍රඩකයා සහ කී‍්‍රඩාවේ නඩත්තුවටය. සංගම් හී තනතුරු දරන අයට සංගමයට යමක් කළ හැකි විය යුතුය.

පාපන්දුවේ මේ නරක ආදර්ශය වෙන කිසිදු සංගමයක් නොකරති. එය කළ යුතුද නොවේ. කී‍්‍රඩා ඇමතිවරයා මැදිහත් වී මේ තත්ත්වය අහෝසි කළ යුතුය. එය කී‍්‍රඩාවට කරන යහපතකි.