කාය වර්ධනයේ ප‍්‍රමිතිකරණය

අද රටපුරාම කායවර්ධනාගාරය. (ජිම්)මේවා නිසි ප‍්‍රමිතියට තිබෙනවාද යන්න ගැටලූ සහගතය. එබැවින් කී‍්‍රඩා අමාත්‍යංශ මැදිහත්ව ඒවා නිසි ප‍්‍රමිතියකට සකස් කිරීම අගනේය. වටිනේය. එලෙස රටපුරා ජිම් ප‍්‍රමිතිකරණය කිරීමට කී‍්‍රඩා ඇමති ගෙන ඇති උත්සාහය ඉහළය. එය අගය කළ යුතුය. එවන් යහපත් කි‍්‍රයාව තුළද ගොම රිටි දැක ගත හැකි වීම අභාග්‍යයකි. කිරි කලයට ගොම බිදක් දැමීම ගැන කී‍්‍රඩා ඇමතිට අමුතුවෙන් කිව යුතු නැතැයි අපි සිතමු.

ජිම් ප‍්‍රමිතිකරණය කිරීම සදහා කී‍්‍රඩා ඇමති කමිටුවක් පත්කර ඇත. එම කමිටුවට වත්මන් කායවර්ධන සම්මේලනයේ සභාපති ලේකම් ඇතුළත්ය. ඊට අමතරව සජිත් ජයලාල් මහතාද ඇතුළත්ය. මේ අය ගැන අපට ගැටලූවක් නොපවතී. එහෙත් එහි අලෙයි ලීමා සිටිනුයේ කෙසේද? ඔහු ජීම් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි. අනෙක් පුද්ගලයා චන්දන අලූත්ගේය. කායවර්ධනය විනාශ කරන්න ආ පුද්ගලයෙක් බව මීට පෙර අප ලියද්දී ඇමති ඇසුවේ කවුද චන්දන මේ ඔහු නොදන්නා බවය. දැන් ඇමති චන්දන මහතාව දන්නවා ඇතැයි අපි සිතමු. කී‍්‍රඩා අමාත්‍යාංශයේ සිටින කී‍්‍රඩා කාබාසිනියකු වන වික‍්‍රමසිංහ චන්දනව එම කමිටුවට යෝජනා කරනුයේ ඇයි? මේවා අසන විටත් හිරිකිතය. වික‍්‍රමසිංහ චන්දනලාගේ පාඨමාලාවල කුලියට වැඩ කරන්නෙකි. ඔහු චන්දන මෙම කමිටුවට නිර්දේශ කරනුයේ රෙදි ඇදගෙනද? ඇමතිවරයාත් නොදන්නා ගාණට හා එහෙනම් චන්දනත් දාන්න කියන්නේ දේවල් නොදැනද? අපට කී‍්‍රඩා ඇමතිවරයා ගැන පැහැදීමක් ගරු කිරීමක් ඇත. එහෙත් මෙවැනි ළාමක වැඩ කරෙ ඒ ගෞරවය කෙළෙසා නොගන්නැයි අපි ඇමතිගෙන් ඉල්ලමු. චන්දන සහ අලෙයි ලිමා මේ ක්‍ෂේත‍්‍රයෙහිම ව්‍යාපාර කරන්නෝය. එබැවින් ඔවුන් හවුල් කරගෙන කරන ප‍්‍රමිතිකරණය කුමක්ද? හෙට දවසේ ප‍්‍රමිතිගත උපකරණ දෙන්නා නම් ඒ කොන්ත‍්‍රාත් මොවුන්ට බාර දෙන්නටද? අද කී‍්‍රඩා අමාත්‍යාංශය කෝටි ගණනක උපකරණ මිලදී ගන්නේද? අලෙයි ලිමාගේ උපදෙස් මතය. එය සාධාරණද? ඔහුට ඊට ඇති සුදුසුකම කුමක්ද? ව්‍යාපාර කිරීමද? මේ බිස්නස් කාරයන්ගෙන් තොරව ප‍්‍රමිතිකරණය කරන්නැයි අපි ඇමති ගෙන් ඉල්ලමු. නැතහොත් මෙවායේ ප‍්‍රමිතිය ගැන කතා නොකර සිටීම යහපත් බැවිනි. ඇමතිට මේ බව ලීවේ අවධානය පිණිස නොව කි‍්‍රයාත්මක වීම සදහා බවද කිවයුතුය. මන්ද කි‍්‍රයාත්මක නොවන අවධානයෙන් නැති බැවිනි.