උළෙලින් පසු දිනන නාට්‍ය ගමට ගෙනියනවා

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප‍්‍රනාන්දු

මේ දිනවල පැවැත්වුණේ 2018 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටයයි. ඒ කටයුතු සිදු වූ ආකාරය ගැන පැවසුවොත්?

ලෝකයේ තිබෙන රටවල් දෙසිය හැට හයෙන් 46 වතාවක් රාජ්‍ය අනුග‍්‍රහයෙන් නාට්‍ය උළෙලක් පවත්වන එකම රට ලංකාව පමණයි. මේ වසරේ පැවැත්වෙන්නේ 46වන රාජ්‍ය නාට්‍ය උළෙලයි. පළමු වටයේ සහ දෙවන වටයේ තේරීම්වලින් පසු අවසාන වටය මේ දිනවල රාජ්‍ය නාට්‍ය උළෙල ලෙස පැවැත්වෙනවා. මෙවර වෙනත් වසරවලට වඩා කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය සදහා අයදුම්පත් ලැබී තිබුණා. පෙබරවාරි 15වන දා ආරම්භ වූ නාට්‍ය උළෙලේ 18 වන දා දක්වා දිනකට සිංහල කෙටි නාට්‍ය 3ක් දමිළ කෙටි නාට්‍ය 1ක් ලෙස දිනකට කෙටි නාට්‍ය 4ක් වේදිකාගත වීම සිදු වුණා. පෙබරවාරි 19 වන දා සිට 26 දක්වා අවසාන වටයට සුදුසුකම් ලැබූ දිගු නාට්‍ය වේදිකා ගත වීම සිදුවුණා.

මෙවැනි රාජ්‍ය උළෙලකට විනිශ්චය මණ්ඩලයක් තෝරා ගැනීම සරල කටයුත්තක් නොවෙයි. ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද?

අපක්ෂපාතී විනිශ්චය මණ්ඩලයක් සොයා ගැනීම ඉතාම අපහසු කරුණක්. ඒ නමුත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පැටි‍්‍රක් රත්නායක මහතා සභාපතිත්වය දරණ උපදේශක මණ්ඩලය සමග සති දෙකක් සාකච්ඡුා කිරීමෙන් පසුවයි විනිශ්චය මණ්ඩලයන් තෝරා ගැනීම සිදු වුණේ. එම විනිශ්චය මණ්ඩලයන් ඉතාම වගකීම් සහගත ලෙස ඒ කාර්යය ඉටු කරමින් සිටින බව පෙනෙනවා. මෙවර කෙටි නාට්‍ය සදහා විනිශ්චය මණ්ඩලයේ හත් දෙනෙකු සිටිනවා. අශෝක හදගම මහත්මයා සභාපතිත්වය දරන එම මණ්ඩලයේ දමිළ මාධ්‍යයේ විනිශ්චයකරුවන් දෙදෙනෙක් ද ඇතුළත් වෙනවා. දිගු නාට්‍ය සදහාත් මහාචාර්ය මංගලිකා මහත්මිය සභාපතිත්වය දරන හත් දෙනෙකුගෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් කටයුතු කරනවා.

බොහෝ අවස්ථාවල මෙවැනි උළෙල අවසානයේ විනිශ්චයන් සම්බන්ධයෙන් විවිධ විවේචන ඉදිරිපත් වෙනවා. එම විනිශ්චයන් අභියෝගයට ලක් වෙනවා.

ඔව්, ගොඩක් වෙලාවට තරගවල දී විනිශ්චයන් සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් වෙනවා. ජයග‍්‍රහනය කරන අය සතුටු වෙනවා. අනෙක් අය විවේචනය කරන අවස්ථා තිබෙනවා. ඒ අයගේ පාර්ශවයෙන් එය සාධාරණයි. මොකද ඕනෑ කෙනෙක් තරගයකට ඉදිරිපත් කරන්නේ තමන්ගේ හොදම නිර්මාණය නිසා එසේ අපේක්ෂා කිරීම සාධාරණයි. ඕනෑම නිර්මාණයක් ඕනෑ නිර්මාණකරුවෙක්ට තමන්ගේ දරුවෙක් වගෙයි. ඒ නමුත් විනිශ්චයක් සිදු කිරීමේ දී එය භාර ගන්නවා ද නැද්ද කියන දේ ඒ ඒ සමාජය තුළ සිදු වන දෙයක්. හැබැයි, පසු ගිය කාලයේ එම විවේචනයන් ප‍්‍රමාණාත්මකව අඩු වුණා. විනිශ්චයේ දී ඉතාම ගැඹුරින් ඒ නිර්මාණ අධ්‍යයනය කර සාකච්ඡුා කර ඉතාම ස්වාධීන ලෙස ඒ විනිශ්චයන් සිදු කරන බව මම දකිනවා. ඒ වගේම මෙවර ලකුණු සහිත ලේඛණයක් තරගකරුවන්ට ලබා දෙනවා. යම් යම් නිර්ණායක තුළ විනිශ්චය මණ්ඩලය වෙන වෙනම ලබා දෙන ලකුණුවල සාමාන්‍යය ඇතුළත් එම ලකුණු සටහන දෙවන වටයේ දී විනිවිදභාවය වෙනුවෙන් තරගකරුවන්ට ලබා දීම සිදුවුණා. ඒ වගේම ඒ අවස්ථාවේ ඔවුන්ට විනිශ්චය මණ්ඩලය සමග කතා කිරීමටත් අවස්ථාව සැලසුණා. අපි අවසාන වටයේ දීත් ඒ අවස්ථාවන් ලබා දෙනවා. ඉස්සර එහෙම අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ නිසා පසුව විවිධ විවේචන ඉදිරිපත් වෙනවා. මෙයට අදාළ සියල්ල අපි ලේඛණ ගතකර තිබෙනවා. මේ රටේ තොරතුරු පනතක් තිබෙනවා. ඕනෑම මාධ්‍යයක් හෝ ඕනෑම පුද්ගලයෙක් එම තොරතුරු විමසුවහොත් ඒවා ලබා දීමට අපි බැදී සිටිනවා. ඒ නිසා ඒ සියල්ල විනිවිදභාවයක් සහිතව නාට්‍යකරුවන්ට ලබා දීම සිදු වෙනවා.

මෙවැනි තරග සදහා කොළඹින් ඉතා ඈත ප‍්‍රදේශවල සිටින කලාකරුවන්ට සහභාගී වීමේ ගැටලූ තිබුණා. විශේෂයෙන් උතුරු නැගෙනහිර කලාකරුවන් ඒ පිළිබද පැවසූ අවස්ථා තිබුණා.

වෙනත් අවුරුදුවල විනිශ්චය සදහා අදාළ දිස්ත‍්‍රික්කවලට විනිශ්චය මණ්ඩල ගියා. දිස්ත‍්‍රික්ක 25කට එකම විනිශ්චය මණ්ඩලයක් යාම ප‍්‍රායෝගික නොවුණු නිසාත්, ඇතැම් අවස්ථාවල විනිශ්චයකරුවන් දෙදෙනෙකු පවා ගිය අවස්ථාත් තිබුණා. යම් යම් ගැටලූ මතු වීමට ඉඩ තිබුණා. එහිදී සමහර නිර්මාණකරුවන්ට වේදිකා පහසුකම් තිබුණේ නැහැ. සමහර ස්ථානවල කුඩා පාසල්වල තමයි නාට්‍ය රගදැක්වීම සිදුවුණේ. එහි සමානාත්මතාවක් තිබුණේ නැහැ. ඊට විස=දුමක් ලෙස මේ වසරේ සියලූ නාට්‍ය ඉදිරිපත් කිරීම් සිදුවුණේ කොළඹ එකම වේදිකාවකයි, එකම විනිශ්චය මණ්ඩලයටයි. ඒ සදහා ඔවුන්ට පැමිණීම වෙනුවෙන් යම් දීමනාවක් ලබා දීමත් සිදු වුණා. ඒ නමුත් උතුරු නැගෙනහිර කලාකරුවන්ට කොළඹට පැමිණීම අපහසු බව දැන්වූ නිසා එම නාට්‍ය පමණක් එම ප‍්‍රදේශවලට ගොස් නැරඹීම සිදු වුණා. ඒ වගේම උතුරු නැගෙනහිරින් පැමිණෙන කලාකරුවන් නාට්‍ය නිර්මාණය කිරීමට ඉතාම කැමති නමුත් ඒ අයට ඊට අවශ්‍ය දැනුම නිසියාකාර ලෙස ලැබී නොමැති බවත් පෙනෙන්නට තිබෙන කරුණක්. ඒ නිසා පසුගිය කාලයේ ඔවුන් වෙනුවෙන් වැඩමුළු මාලාවක් පැවැත්වූවා. ඊට අමතරව අපි නවාතැන් පහසුකම් සපයන බව පවසමින් නාට්‍ය උළෙලේ නාට්‍ය නරඹන ලෙස ඔවුන්ගෙන් මෙවර ඉල්ලීමක් කළා. ඒ අනුව මෙවර ඔවුන් සරච්චන්ද්‍ර නාට්‍ය පාසලේ නවාතැන් ගෙන නාට්‍ය නරඹනවා. ඒ අනුව නාට්‍යවල ප‍්‍රමිතිය පිළිබදව ඒ අයට සැසදීමේ අවස්ථාවක් ලැබෙනවා. ඒ අය තුළ පුදුමාකාර කැපවීමක්, කලාවට දැවැන්ත ආශාවක්, ගෞරවාන්විතබවක් තිබෙන බව පෙනෙනවා. වේදිකාවට තිබෙන ආදරයත්, භාවනාවක් ලෙස කලා කටයුතු කිරීමත් ඒ අය තුළ දක්නට ලැබෙනවා.

නාට්‍යයක් වේදිකාගත කිරීමේ දී තාක්ෂණික සහාය ඉතාම වැදගත්. කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ ස`දහා එම සහාය ලබා ගැනීමේ පහසුව සැපයෙන්නේ කොහොමද?

නාට්‍ය උළෙලට පෙර වෙනත් වසරවලත් නිෂ්පාදක හමුවක් පැවැත්වෙනවා. එය මෙවරත් පවත්වා සියල්ල පිළිබ`ද සාකච්ඡුා කර එක`ගත්වයට පැමිණ තිබෙනවා. ඒ අවස්ථාවේම නාට්‍ය ස`දහා අවශ්‍ය තාක්ෂණික සහායන් ලබා දීමේ කටයුත්ත වෙනුවෙන් ටවර් රගහලේ ආලෝක, ශබ්ද ආදී තාක්ෂණික කටයුතු සිදු කරන නිලධාරීන් ඇතුලූ තාක්ෂණික කමිටුව සමග නාට්‍ය අධ්‍යක්ෂකවරුන්ට තාක්ෂණික අවශ්‍යතාවන් පිළිබ`දව සාකච්ඡුා කර ගැනීමේ අවස්ථාව සපයා දීම සිදු වුණා. ඉන් පසු යම් ගැටලූවක් මතුවුව හොත් එම කටයුතු බාරව කටයුතු කරන සහකාර අධ්‍යක්ෂවරයා දැනුවත් කරන ලෙසත් එයින් ද විස`දුම් නොලදහොත් මා වෙත ද දන්වන ලෙසත් දැනුවත් කිරීම් සිදු වුණා. එමෙන්ම ටවර් රගහල වෙත ගොස් එම තාක්ෂණික උපකරණ නාට්‍යකරුවන්ටම පරීක්ෂා කර බලන ලෙසත් උපදෙස් ලබා දීම සිදුවුණා.

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ දී කලාශිල්පීන් වෙනුවෙන් සිදුවන සුවිශේෂීතා මොනවාද?

මෙවරත් රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප‍්‍රදානෝත්සවය ලෝක නාට්‍ය දිනයට සමගාමීව මාර්තු 27 නෙළුම් පොකුණේ දී පැවැත්වීමට නියමිතයි. රාජ්‍ය නාට්‍ය උළෙල එහි පැවැත්වෙන්නේ පසුගිය වසරේ සිටයි. ඊට පෙර වෙනත් ස්ථානවල එය පැවැත්වුවත් නාට්‍යකරුවන්ට, නාට්‍ය ක්ෂේත‍්‍රයට ගරු කිරීම සහ ඒ අභිමානය ලබා දීම ස`දහා එවැනි ස්ථානයක් අපහසුවෙන් හෝ ලබා ගෙන එය පැවැත්වීමට කටයුතු කරනවා. ඒ වගේම පසුගිය වසරේ සිට නිර්මාණ ස`දහා ලබා දෙන මුදල් ත්‍යාගවල වටිනාකම විශාල ප‍්‍රමාණයක් වැඩි කළා. හැබැයි එය නිර්මාණකරුගේ පැත්තෙන් ප‍්‍රමාණවත් නොවිය හැකියි. ඒ නමුත් කළ හැකි උපරිමයෙන් එය ලබා දීමට කටයුතු කර තිබෙනවා. අනෙක් සුවිශේෂී කරුණ තමයි, 2017 වසරේ ජයග‍්‍රහණය කළ නාට්‍යය සහ 2018 ජයග‍්‍රහණය කරන නාට්‍යය එම නාට්‍ය නිෂ්පාදකවරුන්ගේ කැමැත්ත විමසා අවශ්‍ය සියලූ වියදම් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් දරමින් මෙවර නාට්‍ය උළෙලින් පසුව මැයි සිට දෙසැම්බර් අතර පළාත් නවයෙහි වේදිකාගත කිරීමට බලාපොරොත්තු වෙනවා.

කලා කටයුතු සදහා තිබෙන බුද්ධිමය මණ්ඩලය ලෙස සැලකෙන කලා මණ්ඩලය සංස්කෘතික අමාත්‍යාංශයෙන් ගලවා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දීම නිසා අදාළ යාන්ත‍්‍රණය හා ප‍්‍රතිපාදන සංස්කෘතික අමාත්‍යාංශයේ තිබියදී බුද්ධිමය කොටස වෙනත් ස්ථානයක තිබෙන බවට කලාකරුවන්ගේ පාර්ශවයෙන් චෝදනාවක් තිබෙනවා.

1956 වසරේ සංස්කෘතික දෙපාර්තමේන්තුව ස්ථාපිත වූ පසු පැවැත්වූ පළමු රාජ්‍ය උත්සවය 1957 පැවැත්වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලයි. එහෙත් කලා මණ්ඩලය 1952 සිට පැවතුණා. උපදෙස් ලබා දීම, මග පෙන්වීම, විනිශ්චයන් කිරීම ආදී කලාව සම්බන්ධ තාක්ෂණික දැනුම දෙපාර්තමේන්තුව සතුව නොමැති නිසා ඒ කටයුතු සිදු වුණේ කලා මණ්ඩලයෙනුයි. 1956 සිට එයට මුදල් වෙන්වීම, කළමනාකරණය, පරිපාලනය යන කටයුතු සිදු වෙන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙනුයි. ඒ නිසා මේ දෙකොටස ගහට පොත්ත ලෙස බැ`දී දැවැන්ත සම්බන්ධයක් සමග ඉදිරියට ආවා. 2015 දී කලා මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම සිදු වුණා. හැබැයි එයින් පසුත් පෙර පරිදිම මේ දෙකොටසම එක්ව රාජ්‍ය නාට්‍ය උළෙලක් පැවැත්වුවා. එසේ කටයුතු කිරීම සදහා කිසිදු නෛතික ගැටලූවක් නැහැ. ඉන් පසු වසරේ සිට කලා මණ්ඩලය සංස්කෘතික දෙපාර්තමේන්තුව සමග එක්ව වැඩ කිරීමට එකග වුණේ නැහැ. අමාත්‍යාංශ දෙකෙහි අමාත්‍යවරු දෙදෙනාත්, ලේකම්වරු දෙදෙනාත් ඊට එකගත්වය පළ කර සිටියත් කලා මණ්ඩලය එයට එකග වුණේ නැහැ. ඒ හේතුව නිසා උපදේශක මණ්ඩල පත් කිරීම සිදු වුණා. ඒ නිසා මේ වන විට උපදේශක මණ්ඩලයෙන් උපදෙස් ලබා ගෙන මෙම නාට්‍ය උළෙලේ කටයුතු සිදු වෙනවා.