ඊළමින් දෙන්නේ නොම්මරයක් විතරයි නමක්, නිළයක් නෑ

විනද්‍යා ගමගේ

ඔහු නමින් අජිත් බෝයගොඩ. හිටපු නාවික හමුදා කොමදෝරුවරයෙක්. ඉකුත් යුද සමයේ අවුරුදු 8කට ආසන්න කාලසීමාවක් එල්ටීටීඊ අත්අඩංගුවේ පසුවූ ඔහුගේ කථාව 2016 දී  A Long Watch නමින් පොතක් වශයෙන් පළ වුණා. තමාව අත්අඩංගුවට ගෙන යදමින් බැද සිටී සතුරා දෙසත්, තමා සමග සිරභාරයේ සිටි අනෙකුත් සොල්දාදුවන් දෙසත්, සිංහල, දමිළ ජන සමාජයන්හි දීර්ඝ කාලීනව සිදුවූ වෙනස් වීම් දෙසත් අත්අඩංගුවෙන් නිදහස් වූ පසු තමාට පලනොකිය පළා බෙදු ශී‍්‍ර ලංකා නාවික හමුදාව දෙසත් මානව දයාවෙන් යුතුව බලන්නට ඔහු අද පුරුදු වී ඇත. ඔහුගේ කතා බහ ඊට දෙස් දෙනු ඇතැයි අපගේ අදහසය මේ ඔහුය.

මිලිටරියේ හිටපු කෙනෙක් විදිහට මේ තරම් මානව දයාවත්, උපේක්‍ෂාවත් ඔබ තුළ ඇතිවුණේ කොහොමද?

මිලිටරිය කියන්නේ අපට උපතින් ලැබෙන දෙයක් නෙවෙයි. එයා අපි පසුකාලීනව පළදා ගන්න ආභරණයක්. යුද පුහුණුව ස්වභාවයෙන්ම මිනිසෙකු දර දඬු කරනවා. එහෙම නැතිනම් හමුදාවක් පවත්වාගෙන යන්න බැහැ. ඒත් පුද්ගලයෙකුට උපතින්ම මානවදයාව හා උපේක්‍ෂාව යම් පමණකට තිබෙනවා. අන්ධ භක්තිකයන් අන්ධ අනුගාමිකයන් නොවී ලෝකය දෙස බැලූවොත් මේ ගුණාංග ඇති කරගැනීමට අපහසු නැහැ. මම LTTE අත්අඩංගුවට පත්වූ මුල් කාලයේ මා නිවාස අඩස්සියේ සිටි නිවසේ මුරකරු මට ‘සූසූ’ කියලා කථා කරනවා. මම නෑසුනු ගානට ඉන්නවා. පස්සේ මට ‘අඩෝ’ කියලා කථා කලා. මට තරහා ඇවිස්සිලා මම කිව්වා ‘‘මට නමක් තියෙනවා. ඒකෙන් කථා කරන්න කියලා’ එවිට ඔශු කියු දෙයින් මම අහසින් පොළොවට වැටුණා. ‘‘ඊළමින් දෙන්නේ නොම්මරයක් විතරයි. නමක් නිළයක් නැහැ.’’ ඒ කතාවෙන් මගේ මිලිටරි උණුසුම නැති වුණා. එතැන් සිට වෙනදාටත් වඩා උපේක්‍ෂාවෙන් දේවල් දිහා බලන්න පුරුදු වුණා.

නාවික හමුදාවට බැදුනේ ඇයි?

හමුදා රැුකියාවලට ඒකාලේ (හැත්තෑගණන්වල) හොද පිළිගැනීමක් තිබුණා. නාවික හමුදා නිළ ඇදුමටත් මගේ කැමැත්තක් තිබුණා. ඔය කාලේ වෙත්දී මම දෙවන වර උසස් පෙළ කරමින්, පාසල් කි‍්‍රකට් කණ්ඩායමේ නායකත්වයද දරමින් හිටියේ. යාළුවොත් පත්තරේ පළ වුණු දැන්වීමක් පෙන්වලා මට කිව්වා. ‘බෝයා උඹට හරියට ගැළපෙන රස්සාවක් තියනවා කියලා.’’ කොහොම හරි මුල් සම්මුඛ පරීක්‍ෂණය කිහිපයෙන් සමත්වුණා. අවසාන පරීක්‍ෂණයවෙලාවෙදී කාමරයේ තිබුණු සැඩ මුහුදක නැව් යන චිත‍්‍රයක් පෙන්වලා නේවි කොමාන්ඩර් ඇහුවා, මොනවද මේ ගැන හිතන්නේ කියලා. මම කිව්වා ‘‘පේන විදිහට මුහුද රළුයි කියලා.’’ ඔහු මට හිනාවෙලා කිව්වා ‘‘රළු බව ඉදිරියෙදි දැනගන්න ලැබෙයි.’’ කියලා.

සෙබළෙක් විදිහට මිනිසුන් මරලා තිබෙනවද?

සතෙක් මරන්න වත් මම තුවක්කු පාවිච්චි කරලා නැහැ. එක අතකට මට ඒකට අවස්ථාව නොලැබුණා වෙන්න පුළුවන්. අවස්ථාවක් ලැබුණත් මනුෂ්‍ය ජීවිතයක් නැති කරන්න තරම් දරුණු සිතක් මට නැහැ. ඒ ගුණය මට උපතින්ම ලැබුණු දෙයක්.

අනෙක් අය මිනිස්සු මරනවා දකිත්දී ඔබට ඇතිවුණු හැගීම විස්තර කළොත්?

මෙහෙමයි සිතා මතා මැරීම හා අවස්ථාව අනුව පණබේරා ගැනීමට මැරීම කියන්නේ දෙකක්. යුද්ධයේදී දෙවැනියෙක් ඉතුරු වෙන්නේ නැහැ. පළමුවැනියා පමණයි පණ බේරාගන්නේ. ඒ යුද්ධ කියන විනාශ කාරී කි‍්‍රයාවේ ලක්ෂණයක්. යුද්ධයෙන් කවදාවත් සාමයක් ඇති නොවෙන්නේ ඒකයි. මොකද යුද්ධයෙන් මුලින්ම විනාශ වෙන්නේ විශ්වාසය. දෙවනුව තමයි අනෙක් දේවල් නැති වෙන්නේ. තමන් කැමති හෝ අකමැතිවුණත් තමන්ගේ ජීවිතයට ආශාවක් තිබෙන්න නම් ඉස්සෙල්ලම කොකා තද කරන්න ඕනේ. ඉස්සර වුණු කෙනා දිනුම්. අනෙකා අඩි 6 පොළොව යට.
මිනිස්සු අත්අඩංගුවට අරගෙන නිරායුධ කරලා හිතාමතාම මරණවා කියන්නේ තව දෙයක්. විනය ගරුක හමුදාවක පුද්ගලයෝ වශයෙන් අපි බැ`දිලා ඉන්නවා අපි අත්අඩංගුවට ගන්න පුද්ගලයා ආරක්‍ෂා කරන්න. අපිට බැහැ හිතුමතේ මිනිස්සු මරන්න. එහෙම වුණොත් මහා විනාශයක් වෙනවා. ජිනීවා සම්මුතිය අනුවත් අපි බැදිලා ඉන්නවා නිරායුධ පුද්ගලයන්ට හිරිහැර හෝ මරණීය තර්ජන නොකිරීමට. එහෙත් කාලෙන් කාලෙට මේ දේවල් තමුන්ට වාසි සහගත වෙන ආකාරයට වෙනස් කරගන්න බවක් පෙනෙන්න තිබෙනවා.

LTTE ට යුද වදින්න තරම් ප‍්‍රශ්නයක් තිබුණද?

ඇත්තටම නැහැ. එහෙත් අපි ඔවුන්ව ඒ තැනට පත් කළා. ලංකාවේ එදා වගේම අදත් තිබෙන ගැටලූව තමා විරැුකියාව, ආදායම් මද වීම, බඩු මිල ඉහළයාම වගේ සමාජ, ආර්ථික ප‍්‍රශ්න. මේ ගැටලූවලට මූල බීජය එයයි. ඒක උතුරට වගේම දකුණටත් පොදුයි. මූල බීජයට පිළියම් නොකර මේ ප‍්‍රශ්නය විස`දීමට නොහැකියි. මේ ප‍්‍රශ්න තිබෙන තාක් කල්, ප‍්‍රභාකරන් හා විජේවීර විවිධ ස්වරූපවලින් මතුවෙනවා. මේ නිසා තමයි අපේ දේශපාලනඥයන්ට පැවැත්මක් තිබෙන්නේ. මේ රට සමාජ ආර්ථික ප‍්‍රශ්න නැතිව, සෞභාග්‍යමත්ව තිබුණා නම් දේශපාලනඥයෝ අවශ්‍ය නැහැ.

මම මෙහෙම කියනකොට ගොඩක් අය මගෙන් අහනවා කොටින්ට කිරි පොවනවද කියලා? ඒත් අපි මොහොතකටවත් හිතන්නේ නැහැ කොටි කියන්නේ අපිත් එක්ක හිටපු මිනිස්සු කොටසක් කියලා. ඔවුන්ව හරි මාර්ගෙට ගන්න නම් ඔවුන්ට කරුණා, දයාව දක්වන්න ඕනේ. රටක තිබෙන වැදගත්ම සම්පත මනුෂ්‍ය සම්පතයි. මනුෂ්‍ය සම්පත නැති නොකරගෙන යම් සම්මුතියකට එළඹෙන හැකි නම් තමයි වඩා වැදගත් වන්නේ.

බොහෝ දෙනෙක් කියනවා ප‍්‍රභාකරන් මරපු නිසා කොටි සංවිධානය විනාශවුණේ කියලා. අපි විජේවීරවත් මැරුවනේ. හැබැයි ඒකට බොහෝ දෙනෙක් දොස් කිව්වා ඔහු සිංහල නිසා. මේ ජේවීපී, එල්ටීටීඊ කැරලි දෙක ගත්තම අපි එක අර්ථකථනය කරන්නේ දෙවිදිහකට. එහෙත් මේ දෙකම අරමුණ හා කි‍්‍රයාවලිය අතින් සමානයි. අරගලයේ ස්වරූපය විතරයි වෙනස්. ජේවිපී සටන අපි දකින්නේ රාජ්‍ය බලය අල්ලා ගැනීමට කළ විමුක්තිකාමී සටනක් විදිහටයි. ඒගොල්ල ත‍්‍රස්තවාදී කි‍්‍රයා කළේ නැහැ කියන එකයි අපේ මතය වුණේ. බෙලි කපලා ගේට්ටු කණුවල දැම්මෙත්, ටයර් සෑයවල්වල පිච්චුවෙත් අපේ සිංහල කොල්ලෝ, කෙල්ලෝ.ඒ යුගයේ දකුණේ ජේවීපී කැරැුල්ල මැඩ පැවැත්වූ හමුදාවට අපි කිව්වේ ‘මිනී මරු හමුදාව’ කියලා. ඒ මොකද මැරුවේ අපේ කොල්ලෝ නිසා. අපේ කොල්ලෝ මරණකොට ‘මිනීමරු හමුදාව’ වෙනත් ජාතියක කොල්ලෝ මරණ කොට ‘රණවිරුවෝ’ වෙනවා. පසු කාලෙක ප‍්‍රභාකරන්ගේ බෙදුම්වාදී හීනයට ආකර්ශනය වුණේ රැුකියාවක්, අධ්‍යාපනයක් ලබාගන්න බැරිව පීඩනයට පත්වූ තරුණ කොටස්. ඇති හැකි දෙමළ ජනතාව රට දාලා ගිහින් දැන් බොහොම හොදින් වෙනත් රටවල ඉන්නවා. පසු කාලෙක ඔවුන්ට අමුතු නමකුත් වැටුනා ඩයස්පෝරාව කියලා. මේ නිසා දකුණේ හා උතුරේ නැගිටීම රදාපවතින්නේ එකම පදනමක් මත. දකුණේ කලබලකාලේ මිනීමැරුම් නවත්වන්න කියලා. දෙවියන්ට පොල් ගහපු අයම, උතුරේ යුද්දේ කාලෙදී බෝධි පූජා කරලා කියනවා, එල්ටීටීඊ සෙබළට කලින්, සිංහල සෙබළට කොකා ගහන්න පුළුවන් වෙන්න කියලා. මේ තමයි පසුගිය කාලය තුළ සිංහල හා දමිළ සමාජයේ වූ වෙනස් වීම. යුද්ධය සාධාරණීකරණ අය බොහොමයක් ඉන්නවා. අපේ වගකීම, ඔවුන් යුද්ධය සාධාරණීකරණය නොකරන තැනට ගෙන ඒමයි.

නාවික හමුදාවේ හිටපු කෙනෙක් ලෙස ඔහොම කථාකරන්නේ එන්ජී ඕ ව්‍යාපෘතියකට හසුවෙලාද?

රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කරන්නේ සමාජ අසාධාරණකම් දුරු කිරීමේ අරමුණින්. එහෙම වුණත් සමහර ආයතන නිසි ආකාරයෙන් කි‍්‍රයාත්මක වෙනවද කියන එක ප‍්‍රශ්නයක්. එන්ජී ඕ එකක් සාමය වෙනුවෙන් මුදල් වියදම් කරනවා නම්, මුදල් අරගෙන හරි සාමය ගැන කථා කරලා, රට ගොඩගන්න පුළුවන් නම් එයින් අයහපතක් ඇති වෙන්නේ කාටද? ලෝකේ තියන ඉතාම ලාභදායී ව්‍යාපාරයක් වන අවිආයුධ ගනුදෙනුවල නිරත වෙලා ඉන්න අයට. ඒ නිසා සාමය වෙනුවෙන් කථා කිරීම සම්බන්ධව මට ලේබල් සීයක් ගැහුවත් කමක් නැහැ. එතැනටයි අපි මේ සමාජය ගෙන යා යුත්තේ.

ඇත්තටම ඔබ මෙහෙම තාපසයෙක් වගේ කථා කරන්නේ කොහොමද?

1991 වකවානුවේ මම සේවය කළේ යාපනේ කරෙයි නගර් දූපත් ආශී‍්‍රතව. ඒ ප‍්‍රදේශයේ කොටි අපිව කොටු කරගෙන සිටියා. එළියට බහින්න බැහැ මෝටාර් ගහනවා. පසුව ති‍්‍රවිධ හමුදාවම එක්වී එල්ටීටීඊ යෙන් බේරාගත්තා. එය සම්පූර්ණයෙන්ම මිනිස්සු නොමැරී සිදුවුණු කි‍්‍රයාන්විතයක්. දූපතේ ඉතිරිවෙලා සිටි දෙමළ ජනතාව පසුව යාපනය අර්ධද්වීපයට පැනලා ගියා. ඒ අතරතුර සිදුවූ දේවල් මං සියසින් දුටුවා. ඒ මිනිසුන්ගේ දේපොළ විනාශවෙලා, හරකා බාන විනාශ වෙලා, දමිළ ජනයා රත්තරන් වගේ තම වටිනා දේවල් තබන්නේ දෙවියන් පුදන කාමරයේ,සේප්පුවේ. මං දැක්කා හැම ගෙදරකම සේප්පුව කඩලා තිබුණා. ඒවා දැක්කම මට හිතුණා ඇත්තටම මේකද අපි යුද්දෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. ගෙයක් හදන්න කොතරම් කාලයක් යනවද? එහෙත් අපි එක නිමේශයකින් ඒ මිනිස්සු ජීවිත කාලයක් පුරා හම්බ කළ දෙවල් විනාශ කරලා, ඔවුන්ගේ වත්කම පොලිතින් බෑගයකට දාගත හැකි දෙයක් දක්වා සීමා කරනවා. මට මතක් වෙනවා අපි අතරින් වියෝවුණු ජෙනරාල් කොබ්බෑකඩුව මහත්තයා කියපු දෙයක්.

‘‘යුද්ධය නතර කරන්න අවශ්‍ය නම් උතුරේ ජනයාගේ හදවත හා මනස අප දිනාගත යුතුයි.’’ ඒක නොකළා නම් යුද්ධය සදාකාලිකයි. ඔවුන්ගේ සේප්පු කඩලා, රත්තරන් බඩු හොරකම් කරලා අපි කොහොමද දෙමළ ජනතාවගේ හිත දිනාගන්නේ. විසෙන් විස නසනවා වගේ අපි අවසානයේදී යුද්ධය නිමා කළා කියලා සතුටුවෙනවා. එහෙත් ප‍්‍රශ්නාර්ථයක් තිබෙනවා අපි මේ භූක්ති වි`දින්නේ සැබෑ සාමයක්ද කියලා. දෙමළ සහෝදරයෝ කීප දෙනෙක්ට කථා කරලා බැලූවොත් තේරුම් ගන්න පුළුවන් ඇත්තටම කී දෙනෙක් දැනට මේ තිබෙන තත්ත්වය ගැන සැහීමට පත්වෙනවද කියලා.

අපි රණවිරුවෝ සමරනවා කියලා ගිය රජය සමයේ ආචාර පෙළපාළි ගිහින් භූක්ති වින්ද විජයග‍්‍රහණය ඇත්තටම මොකද්ද? මිනීමරලා අපිට සන්තෝෂ වෙන්න පුළුවන්ද? උතුරෙත් මව්පියෝ අඬනවා තම නැතිවුණු දරුවන් වෙනුවෙන්. එකම රටේ තැන් දෙකක අපි යුද්ධ සැමරුම් කරනවා. ඔවුන් මියගිය අය අණුස්මරණය කරද්දී, අපි යුද ජයග‍්‍රහණ සමරනවා. ඒ ආකාරයට සැබෑ සාමයක් ගෙන එන්න පුළුවන්ද? අළු යට ගින්දර වගේ දමිළ ජනයාට හිත්වල භීතිය, වෛරය තිබෙනවා. 1971 සිදුවූ ජේවීපී කැරැුල්ල නැවත 1980 ගණන්වලදී දෙගුණ තෙගුණ වෙලා සිදුවුණා. ඔවුන් පාර්ලිමේන්තුවේ හිටියා කියලා නැවත නැගිටීමක් ඇති නොවෙයි කියලා කියන්න බැහැ. ඔවුන්ගේ හිත්වල ඒ අදහස් තවමත් තිබෙනවා. ඒ වගේ තමයි එල්ටීටීඊයත්. අපි උතුරේ මිනිසුන්ට තහංචි දාලා, අනෙක් අයට නිදහසේ ඉන්න ඉඩ දීලා තිබෙනවා. මෙය බරපතළ මානව හිමිකම් උල්ලංඝනයක්. යුද්ධයට එහා ගිය අමානුෂිය කි‍්‍රයාවක්. ඒ තුළින් ඔවුන්ට බෙදුම්වාදයට එන්න නැවත පාර පෙන්වලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ අන්තවාදී කොටස් ඉන්නතාක් කල් කවදාවත් සම්මුතියක් ලැබෙන්නේ නැහැ. පෑනෙන්, කතිරෙන් ලබාගන්න බැරි අයිතිවාසිකම් තුවක්කුවෙන් ගත හැකියි කියන තැනට මේ සමාජය අපිව තල්ලූ කරලා තිබෙනවා.

ඩයස්පෝරාව කරන ඉල්ලීම් සාධාරණද?

ප‍්‍රභාකරන් සමග එක් නොවී, රට හැරගිය දරුවෝ අද උස් මහත් වෙලා හොද තැන්වල ඉන්නවා. ඔවුන් සමග එකම මට්ටමේ සිටි, එහෙත් ලංකාවෙන් පිට නොගිය දෙමළ දරුවෝ අද වළ පල්ලේ. උතුර සශී‍්‍රක වුණා නම් මේ ඩයස්පෝරාවට ආයෙත් ලංකාවට එන්න වෙනවා. හේතුව ඔවුන් දැනට සිටින රටවල ඔවුන්ට තිබෙන්නේ තාවකාලික පුරවැසිකමක්. ඕනෑම වේලාවක එය ඉවත් කළ හැකියි. ඔවුන් ලංකාවට නෑවිත් එම රටවල සියලූ වරප‍්‍රසාද අත්වි`දින්න නම් ලංකාවේ යුද ගිනි ඇවිලිය යුතුයි. බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් ඔවුන් කළ උද්ඝෝෂණ අද ඊයේ ඇති වූ ඒවා නොවේ. මේ තත්ත්වයන්ට මුහුණදෙන්න මහකොමසාරිස් කාර්යාලය කලින් සිටම පියවර ගන්න තිබුණා. එහෙම වුණා නම් බි‍්‍රගේඩියර් පි‍්‍රයන්තට බෙලි කපන සලකුණු, සිංහයා පෙන්වීම් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සු බි‍්‍රගේඩියර්ගේ කි‍්‍රයාව වීරත්වයට නැංවුවත් හමුදා නිළ ඇදුම ඇදන් ඉන්නවා නම් අපි එහි ගෞරවය ආරක්ෂා කළ යුතුයි. අවිනීතව, හැ`ගීම්වලට ඉඩදීලා හැසිරෙන්න බැහැ. ඇත්තටම ඔහු ඩයස්පෝරාවේ කුපිත කිරීමට ලක්වෙලා. ඔවුන්ගේ උගුලට හසුවුණා. දැන් ඩයස්පෝරාව මේ සිද්ධියේ වීඩියෝ දර්ශන ලෝකය පුරාම ප‍්‍රචලිත කරනවා ඇති, ලංකාවේ වගකිව යුතු නිළධාරියෙක් මෙහෙම හැසිරෙත්දී, අපි නැවත ලංකාවට යන්නේ කොහොමද කියලා. මේ තමයි ඩයස්පෝරා නාට්‍යය. ශී‍්‍ර ලංකාවේ ඉන්න, මේ පිළිබ`දව දැනුවත් නැති බොහෝ දෙනා, බි‍්‍රගේඩියර්ගේ මේ කි‍්‍රයාව වීරත්වයක් ලෙස සලකලා, සමාජ වෙබ් අඩවිවල ඔහුව හුවා දැක්වුවා. ඒකෙන් අපේ රටට අපිම ලොකු හානියක් කරගන්නවා.

එල්ටීටීඊයට අයත් මිය ගිය අය සැමරීම ගැන මොකද හිතෙන්නේ?

ඇයි අපි සොහොන්වලට ගිහින් අපේ ආදරණීයයන් සමරන්නේ? ඒක බොහොම ස්වාභාවික දෙයක් මානුෂික අයිතිවාසිකමක්. ඒකට උතුර දකුණ කියලා වෙනසක් නැහැ. ගැටලූව එල්ටීටීඊ ලේබලය. ජේවීපී විරුසැමරුම හා මහා වීර සැමරුම අතර වෙනස මොකද්ද? ඇත්තටම මේවද අපි තිබෙන ප‍්‍රශ්න?

අප රට තුළ සංහිදියාවක් ඇති කළ හැකිද?

සංහිදියාව අපේ රටේ වචනයට පමණක් සීමාවූ දෙයක්. මේ බෙදුනු දේශය ප‍්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට ඉතා දූෂ්කරයි. මොකද කිව්වොත් මතවාදමය වශයෙන් අප අතර විශාල දුරස්වීමක් තිබෙනවා. අපි එකිනෙකා පොඩි දෙයටත් කිපෙනවා. උතුරේ ඉන්න විග්නේෂ්වරන්ලා යමක් කියන කොට, දකුණේ ඉන්න නගුලේෂ්වරන්ලා කලබල වෙනවා. දකුණේ අයගේ කථාවලින් උතුරේ අය කිපෙනවා. එහෙම නැතිව එ කම අරමුණකට වැඩ කරනවා නම් භේද අමතක වෙනවා. එහෙත් ඔය රණවිරු සැමරීම් වගේ දේවල්වලින් අපි පසුගිය අතීතය ආයෙත් මතක් කරනවා. එල්ටීටීඊයේ සශී කුමාරන් වරක් මගෙන් ඇහුවා මේ අරගලය ගැන ඔබ මොකද හිතන්නේ කියලා. මම කිව්වා ඔබේ අරමුණට මම ගරු කරනවා. එහෙත් එය ළගා කරගන්නා ඔබ ගෙන ඇති ක‍්‍රමවේදය ගැන මට ලොකු ප‍්‍රශ්නාර්ථයක් තිබෙනවා කියලා. මම අත්අඩංගුවේ ඉන්න කාලේ තමයි 1996 කි‍්‍රකට් ලෝක කුසලානය පැවැත්වුණේ. ඒ වෙලාවේ බෙදුම්වාදියෝ වුණත් එල්ලටීටීඊය අපිට කි‍්‍රකට් තරග පෙන්නුවා. මුරලි, සනත් හොදින් සෙල්ලම් කරනවා කියලා සතුටු වුණා. අපි උපායශීලී වෙන්න ඕනේ. සංහි`දියාව ඇති කිරීමට, ජාතීන් එක්කාසු කරගැනීම සදහා, කී‍්‍රඩාව වැනි හැම දෙනාම පි‍්‍රය කරන දෙයක් තෝරාගන්න. පසුකාලෙක මට ඔහුව කොළඹදී හමුවුණා. පසුගිය කාලේ අප අතින් විශාල වශයෙන් විනාශකාරී දෙවල් සිදුවුණා. ඒවා ප‍්‍රකෘති තත්ත්වයට පත්කරන්න යමක් කළ යුතුයි, එවැනි වැඩ පිළිවෙළක් ඇත්නම් ඒවාට සම්බන්ධ වීමට කැමති බවත් මම ඔහුට පැවසුවා. එහෙත් තවමත් එවැනි අවස්ථාවක් ලැබුණේ නැහැ.

නැවතත් යුද්ධයක් ඇති විය හැකිද?

යුද්ධය නිමාවීමෙන් අවි ගැටුම විතරයි නතර වුණේ. වෙනස් මුහුණුවරකින් යුද්ධය තාමත් පවතිනවා. දැන් තිබෙන්නේ බල තණ්හාවෙන්, බලයට යුද වදින යුගයක්, මතවාදීව හා කි‍්‍රයාවන් තුළින් අනෙක් ජන කොටස් පාගාගෙන නැගිටීමට උත්සාහ කිරීමක්. ඒ නිසා ඉදිරියේදී යුද්ධයක් ඇතිවීමේ ලකුණු තිබෙනවා. පැවතුන හෝ පවතින රජය මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගෙන නැහැ. උතුරේ හමුදාව ඉවත් කරගත්තා කියලා යුද්ධයක් ඇතිවෙන්නේ නැහැ. හමුදාව ඉවත් කරගන්නා තරමට සාමය ළ`ගාවීම ඉක්මන් වෙනවා. උතුරේ ජනතාව පීඩනයට පත්වෙලා ඉන්නේ. ඒ අයට නිදහසේ හිතලා, මතලා, යන්න, එන්න වාතාවරණයක් ලැබුණොත් දැන් තිබෙන පීඩන වාතාවරණය ඉවත් වෙනවා. හමුදාව ඉවත් කළත් බුද්ධිඅංශ හොදින් කටයුතු කරනවා නම් කැළඹීම් අවස්ථාවක පෙරනිමිති ඇත් දැයි දැනගෙන ඒ අනුව කටයුතු කළ හැකියි. යුද හමුදාව රදවාගෙන මාර්ග බාධක දැම්මා කියලා යුද්ධයක් ඇතිවීම වලක්වන්න බැහැ. තහංචි දාන්න දාන්න මිනිස්සු ඒකට විකල්ප හොයනවා. උතුරෙට පෙට‍්‍රල් නොදුන්නම එළවළු තෙල්වලින් බයිසිකල් පැද්දා. මේ ගැන දැන්ම කල්පනා නොකළොත් යුද්ධයක් නැවත ඇතිවීම වළක්වා ගත හැකියි.

ආරක්‍ෂක අංශවලට මානුෂීය ඉගැන්වීමක් තිබෙනවාද?

යුද්ධයෙන් පසු හමුදාව සිවිල් සමාජය සමග ගැටීම වැඩියි. ඒ නිසා හැම හමුදා නිළධාරියෙකුටම සොල්දාදුවෙකුම දැනගත යුතුයි. මානුෂ්‍යයන්ට තිබිය යුතු අයිතිවාසිකම් මොනවද ඒවා උල්ලංඝනය කිරීමෙන් අත්වන ප‍්‍රතිඵල මෙනවද කියලා. මම නාවික හමුදාවේ ඉන්න කාලේ විටින් විට රතු කුරුස සංගමයෙන් ඇවිත් එවැනි දැනුවත් කිරීම් කළා. එහෙත් දැනට එය සිදුවෙනවද කියලා මම දන්නේ නැහැ. විනය ගරුක හමුදාවක් ස`දහා මේ දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි.

ඔබේ පොත ගැන වචනයක් සදහන් කළොත්

A Long watch පොත 2016 මුද්‍රණ ද්වාරයෙන් පිටවුණා. මගේ නාවික හමුදා ජීවිතයේ විශේෂයෙන්ම එල්ටීටීඊ අත්අඩංගුවට පත්වුණු සමයේ මා මුහුණ දුන් අත්දැකීම් හා පසුකාලීනව සිංහල හා දමිළ සමාජයන්හි සිදුවූ වෙනස් වීම් මා දුටුව ආකාරයතමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ. දැනට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් හොද ප‍්‍රතිචාර ලැබෙනවා. මගේ කථාව රචනා කළ සුනිලා ගැනත් යමක් කිව යුතුයි. මගේ කතාව ඇසීමෙන් පමණක් නොනැවතී, මා රාජකාරිවල නිරත වූ , අත්අඩංගුවට පත්වූ ප‍්‍රදේශවලට පවා ගොස් ඇය මගේ කථාව සැබවින් සිදුවූ ආකාරයටම ලියූවා.

හමුදා ජීවිතයේ කලකිරීම් ඇතිවූ අවස්ථා තිබෙනවද?

කලකිරීම් ගොඩක් එහෙත් ඒවායින් සැලෙනවද ජීවිතය කියන්නට ඉගෙනගන්නවද ගන්නවද කියන එකයි වැදගත් මම එල්ටීටීඊ අත්අඩංගුවෙන් නිදහස් වෙලා, හමුදාසේවයට ඇවිත් ඉන් විශ‍්‍රාම යන තුරු කාලය කලකිරීම් බහුල කාලයක්. විශාල ලෙස අසාධාරණයට ලක් වුණා. මට නැවත රැුකියාව ලබා දුන්නත් නිශ්චිත රාජකාරි නියම කළේ නැහැ. මට ලැබීමට තිබූ උසස්වීම්, දීමනා සියල්ලම අහිමි කළා. ඒ නිසා වෙලාවකට හිතෙනවා ප‍්‍රභාකරන් සාධාරණයි, කියලා. මට අවුරුදු8ක් කන්න බොන්න දුන්නා. හාමතේ තිබ්බා නම් අද ජීවතුන් අතර නැහැ. එතනදී මානසික වද වේදනා ඇතිවුණත් ඒවා මං විද දරාගත්තේ යුදමය වශයෙන් මා සිටියේ හතුරෙක් යටතේ නිසා. එහෙත් තමුන්ගේ මිනිස්සුන්ගේ කෙනෙහෙලිකම්වලට ලක්වෙන විට ප‍්‍රභාකරන් සාධාරණයි කියලා හිතෙනවා. අත්අඩංගුවට පත්වීම සම්බන්ධව මට කීමට තිබූ සත්‍ය කථාව, ඔවුන්ගේ අපේක්‍ෂාවන් හා ගැළපුනේ නැති නිසා වෙන්න ඇති මට එහෙම සලකන්න ඇත්තේ. තවමත් මම මට නාවික හමුදා ජීවිතයේදී අහිමි වී ගිය වරප‍්‍රසාද ලබා ගන්න හුදෙකලාව සටන් කරනවා.