රජය ක්ෂණිකව මැදිහත් විය යුතුයි ජාවිඞ් යූසුෆ් සවුදි අරාබියේ හිටපු තානාතිපති සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ

ජාති, කුල, ආගම් පදනම් කරගත්ත සහ එකී සංකල්ප නඩත්තු කරමින් ඒ මත පවතින දේශපාලන පක්ෂ ශ‍්‍රී ලංකාවේ ගොඩනැගීම කියන එක ජාතික සංහිඳියාව පිළිබඳ රටේ තියෙන මේ අර්බුදයට මූලික සාධකයක් ද?

ලංකාව කියන්නෙ ඉතිහාසය පුරා මුළු ලෝකයට ම ආදර්ශමත් වුණ රටක්. මොකද මේ රටේ ප‍්‍රධාන ජන කොටස් හතරක් විතර වාසය කරද්දිත් අපිට පුළුවන් වුණා ඉතාමත් සහජීවනයෙන් ජීවත් වෙන්න. මේ සහජීවනය සිංහල රජ කාලේ ඉඳන්ම තිබුණු එකක්. කුඩා කුඩා පුද්ගලික ප‍්‍රශ්න තිබුණත් ඒ කාලය තුළ සමාජයක් විදිහට මුළු ලෝකයට ම ආදර්ශයක් වන මට්ටමට රටේ ජනතාව ජීවත් වුණා. ඇත්තටම ඒ සංහිදියාව බිෙදන්න ගත්තේ මෑත කාලයේ ඉදන්.

රට මේ තත්ත්වයට පත් වෙන්න ඔබ කියපු කාරණය යම්තාක් දුරට හේතුු වෙන්න පුලූවන්. ඒත් අපි දන්න මෑත දේශාපාලන ඉතිහාසය තුළ අපි අත්වින්ද අත්දැකීමක් තියෙනවා. ඒ තමයි මේ වගේ පක්ෂ බොහෝවිට සිංහල ජනතාව අතින් ප‍්‍රතික්ෂේප වුණ එක. අපිට මතකයි එක්දහස් නවසිය පණස්ගණන්වල ජාතික විමුක්ති පෙරමුණ කියලා මේ විදිහේ පක්ෂයක් තිබ්බා කේඑම්පී රාජරත්න මහත්තයාගේ. ඒ පක්ෂයට එක මැතිවරණයකදී පාර්ලිමේන්තු ආසන දෙකක් ලැබුණත් දෙවනුව ඒක සිංහල ජනතාව අතින් ප‍්‍රතික්ෂේප වුණා. පස්සෙ ඒ පක්ෂය නැතිවෙලා ම ගියා. ඒ වගේම සිංහල මහජන පක්ෂය කියලා පසුකාලීනව බිහිවුණු පක්ෂයටත් එහෙමම වුණා.

මෑත කාලයේදී බිහිවුණ ශ‍්‍රීලංකා බොදුබල සේනාවට අත්වුණෙත් ඒ ඉරණම. මේ අය ගිය මහ මැතිවරණයේදී දේශපාලන භූමියට පිවිසුණා. එහෙත් මිනිස්සු පැහැදිලිවම ඔවුන්ව ප‍්‍රතික්ෂේ‍්‍රප කරලා දැම්මා. ඒ නිසා ඒ වගේ දේවල් සිංහල සමාජය තුළ ප‍්‍රමාණවත් තරම් මුල් බැස්සෙ නෑ.

ඔබ කියන්නෙ සිංහල ජන සමාජය හා අනික් ජාතීන් මේ දේවල් දිහා බලන විදිහ තරමක් දුරට වෙනස් කියලද?

විශාල වශයෙන් නෙමෙයි. ඉතාම සුළු වශයෙන්. ඒ වගේ ම අපි අමතක කරන්න නරකයි මේ රටේ සුළු ජාතීන් බොහෝවිට ජාතික දේශපාලන පක්ෂ එක්ක සම්බන්ධ වෙලා වැඩ කළා අතීතයේ සිටම. ඒ අනුව ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයට කැමති මුස්ලිම් ජාතිකයා ඒ පක්ෂයටත්. එක්සත් ජාතික පක්ෂයට කැමති අය ඒ පක්ෂයටත් ඒ වගේම ලංකා සමසමාජ පක්ෂයට කැමති අය ඒ පක්ෂයටත් සහාය දුන්නා.

අසූ හයේදී ශ‍්‍රීලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය පක්ෂයක් හැටියට බිහිවුණාට පස්සෙ සහ ඉන් පසු අරං ගිය දේශපාලන වැඩපිළිවෙළ තුළ මේ මුස්ලිම් මිනිසුන්ගෙන් ඇතැම් අය ඒ දිහාවට පෙළඹුනා. එහෙත් පොදුවේ කියන්න පුලූවන් කාරණය තමයි මුස්ලිම් ජනතාවගෙන් වැඩි දෙනෙක් අදටත් ඒ පක්ෂ ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා ඡුන්ද ප‍්‍රතිඵල දිහා සියුම්ව බලද්දි පේනවා. ඒ අනුව අදටත් මුස්ලිම් ජනතාවගේ බහුතර ඡුන්දය හිමිවෙන්නෙ එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයට වගේ පක්ෂ වලට.

ඒ වගේම බැලූ බැල්මට කළින් කියූ වර්ගයේ පක්ෂ විදිහට පේන කම්කරු කොන්ග‍්‍රසය වගේ පක්ෂ හැදුණේ අරවගේ උවමනාවන් නිසා නෙමෙයි. කදුකර දෙමළ ජනතාවගේ ගැටලූ ප‍්‍රධාන පක්ෂ සමග සම්බන්ධ වෙලා විසදාගැනීමේ මූලික අවශ්‍යතාව නිසා. මොකද ඒ අය විශ්වාස කළා තමන්ගේ ප‍්‍රශ්න විසදගන්න පුලූවන් ශී‍්‍රලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂ වලින් විතරයි කියලා. ඒත් මේ විදිහේ පක්ෂ බිහිවුණාම සිංහල ජාතිවාදී පක්ෂ ඒ දේ ප‍්‍රයෝජනයට ගත්තා සිංහල ජනතාව තුළ සැකයක් ඇති කරන්න. මේ පක්ෂ වෙන්වෙනවා, මේ පක්ෂවලට වෙන අරමුණු තියෙනවා, මේ පක්ෂවලින් බෙදුම් වාදය ඇතිකරන්නයි හදන්නෙ වගේ මතවාදයන් තමයි ඒ අය සමාජ ගත කළේ.

මේ වෙලාවෙ ලංකාවේ ඇතිවෙලා තියෙන අර්බුදය ගැන ඔබ කොහොමද දකින්නෙ?

මුස්ලිම් ජනතාවට විරුද්ධව මේ විදිහේ වැඩපිළිවෙළක් ගෙනයෑම අද ඊයේ ඉදන් ඇතිවුණ එකක් නෙමෙයි. ඒක ටික කාලෙක ඉ`දන් පටන්ගත්ත එකක්. මං කළින් කිව්වා වගේ මුළු ලෝකයටම ආදර්ශයක් වෙන තරමේ සංහි`දියාවක් තිබුණ රට මේ විදිහට අගාධයට ගෙන යන්න යන්න පටන්ගත්තෙ යුද්ධය ඉවර වුණාට පස්සෙ. විශේෂයෙන් දෙදහස් දොළහෙදි විතර. ඒ අනුරාධපුරේ, දඹුල්ල වගේ තැන්වල මුස්ලිම් පල්ලිවලට පහර දෙමින්. ඒ කටයුත්තට බොදුබල සේනා වගේ සංවිධාන තමයි මූලිකත්වය දීලා වැඩ කළේ.

ඒ සිදුවීම් විතරක් නෙමෙයි, පහුගියදා අම්පාර වුණ සිදුවීම, මහනුවර සිදුවුණ සිදුවීම වගේ සිදුවීම් දිහා බැලූ බැල්මට පේන දෙයක් තමයි ඒවා සංවිධානාත්මකව සිදු කළ ඒවා කියලා. මේ දේවල් දිහා සියුම්ව බලද්දි පැහැදිලියි එක අතකින් මේවා එළඹෙන සිංහල අලූත් අවුරුද්ද අල්ලලා ඒ අයගේ ව්‍යාපරවලට පහර දෙන්න සිදු කළ සංවිධානාත්මක ප‍්‍රහාර කියලා. මට මතකයි දෙදහස් දොළහෙදි විතරත් කිිව්වා මුස්ලිම් කඩවලින් සිංහල මිනිස්සුන්ට කෑම දෙන්නේ කෙළ ගහලා කියලා. ඒ වගේ දේවල් කවුරුත් කරන්නේ නෑ.

ඒ වගේම මේ ප‍්‍රහාරයන් යට පවතින ආණ්ඩුව අස්ථාවරත්වයට පත්කරන සියුම් අරමුණක් තියෙන බවත් පැහැදිලියි. ඒ වගේම මේ ගැටුම් ඇතුළේ විශාල සංවිධානාත්මක ස්වරූපයක් තියෙන එකත් ඉතාම පැහැදිලියි. අම්පාර සිද්ධිය හො`ද ම උදාහරණයක්. සිද්ධියට මුල් වුණ පුද්ගලයා ආහාර ගන්නේ දොළහත් පහුවෙලා. ඒත් මධ්‍යම රාත‍්‍රියත් පහුවුණාට පස්සෙ සිය ගණන් මිනිස්සු එතනට ක්ෂණිකව එනවා. සාමාන්‍යයෙන් ගම්බද ප‍්‍රදේශයක මධ්‍යම රාත‍්‍රියේ මිනිස්සු නිදාගන්නවා. ඒ වගේ අවස්ථාවක මේ විදිහට ක්ෂණිකව මිනිස්සු ගේන්න බෑ. ඒත් මෙතනදි එහෙම ගෙනාවා. මේවා සංවිධානාත්මක දේවල් බව ඉතා පැහැදිලිව පේන්නේ ඒකයි.

මේ කියන ප‍්‍රචණ්ඩකාරී හැගීම් උත්සන්න කරන්න පහුගිය පළාත් පාලන ඡුන්ද ප‍්‍ර‍්‍රතිඵලයත් සාධක වුණා කියලා මතයක් තියෙනවා. ඒ පිළිබදව ඔබේ අදහස මොකද්ද?

මේ රටේ ජනතාව තුළ බෙදුම්වාදය පිළිබද බියක් ඇති කරමින් දේශපාලනය සිදුකිරීම දැන් කාලෙක ඉදන් තිබුණා. ඔබ කිව්වා වගේ පහුගිය පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය තුළ කැපිලා පෙණුනෙත් ඒ විදිහේ ව්‍යාපාරයක්.

රටේ සුළු ජාතීන් බෙදුම්වාදයක් කරා යනවා ය, ආණ්ඩුව ගේන්න හදන අලූත් ව්‍යවස්ථාවෙන් මේ රට දෙකට බෙදෙනවාය වගේ අදහස් තමයි එතනදි ප‍්‍රධාන වුණේ. කොටින්ම කියතොත් පහුගිය ඡන්ද ප‍්‍රතිඵලය ම ඒ විදිහේ අදහස්වල ප‍්‍රතිඵලයක්.

ගැටලූව තියෙන්නේ ආණ්ඩුව මේ වැරදි මතවාදයන්ට එරෙහිව ප‍්‍රමාණවත් දැනුවත් කිරීමේ ව්‍යාපාරයකට ගියේ නෑ. ඒ බියගැන්වීම්වලට එරෙහිව ශක්තිමත් පැහැදිලිකිරීමක් රටට කළේ නෑ. අපිට මතකයි සසම්බන්ධන් මහත්තයා කීපවතාවක් ම කිව්වා අපි එකතුවන්නේ රට නොබෙෙ`දන ව්‍යවස්ථාවකට කියලා. අඩු තරමේ ඒ වගේ අදහසකට සමාජය තුළ වටිනාකමක් ලබාදෙන්න මේ අයට බැරි වුණා.

මේ රටේ සුළුජාතීන්ට එරෙහිව ජනතාවගේ මනසට කාවද්දලා තියෙන වැරදි සහගත අදහස දැන් අවුරුදු කීපයක ඉදන් ටිකෙන් ටික ඇති කරපු එකක්. ඒවගේ කාලාන්තරයක් තිස්සේ ඇතිකරමින් තිබ්බ වැරදි අදහසක් මිනිස්සුන්ගේ මනසේ තිබුණු නිසා තමයි මේ විදිහේ සිදුවීම් ඇතිවුණේ. දැන් බලන්න දිගන තෙල්දෙණිය සිද්ධිය. ඒක කිසිම ජාති බේදයක් සම්බන්ධ නැති පෞද්ගලික ගැටුමක්. වාහන අනතුරු සිදුවෙනකොට මේ රටේ රියදුරෝ ඕන තරම් ගහගන්නවා. එහෙම ගහගද්දි ඒ අයගේ ජාතිය හොයලා ඒක ජාතිවාදී ප‍්‍රහාරයකට ලඝුකරගන්නවා කියන එක විශාල ගැටලූවක්. එහෙම වෙන්නේ අර විදිහේ සැකයක් මිනිස්සු තුළ ඇති කරලා තියෙන නිසා.

ඔබ කියූ අයුරින් මේ මතවාදයන් නැති කරන්න රජය මුළ සිට අසමත් වීම ගැන විතරක් නෙමෙයි, ගැටුම් ඇති වුණ අවස්ථාවේදී රජයේ මැදිහත් වන ආකාරයත් ගැටලූසහගත බව අදහසක් තියෙනවා?

ඇත්ත. මේ වගේ වෙලාවක ක්ෂණිකව මැදිහත් වෙන්න රජයට වගකීමක් තියෙනවා. මේ විදිහේ සිදුවීමක් ඇතිවෙද්දි ඒ තත්ත්වය ක්ෂණිකව පාලනය කරලා වැරදිකරුවන්ට ඉක්මනින් දඩුවම් ලබා දෙන්න ඕන. එහෙම වුණාම මේ ප‍්‍රශ්නය තවත් තැනකට යන එක නතර වෙනවා.

මේ ගැටලූවලදී අපි දකින්නේ රටේ අනික් හැම තැනකදී වගේම ක්ෂණික තීන්දු ගන්න රජයට තියෙන නොහැකියාව. රටේ හැම කරුණකමට ප‍්‍ර‍්‍රමාද වීම මේ ආණ්ඩුවේ පොදු ලක්ෂණයක්. සෝභිත නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පටන්ගෙන රටේ පොදු මතයට සහ අපේක්ෂාව බවට පත්වෙලා තිබ්බ අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම කියන කාරණය දිහා බලද්දි උනත් ඒ දේ පේනවා.

මේ වගේ අවස්ථාවකදී පොලීසිය සහ හමුදාව වගේ දේවල් ක්ෂණිකව සහ අපක්ෂපාතීව හසුරවන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕන. අපි දැක්කා ජලය සම්බන්ධ සිදුවීමක් පාදක කරගෙන පහුගියදා තඹුත්තේගම ප‍්‍රදේශයේ ඇති වුණ කලහකාරී අවස්ථාවේදී පොලීසිය පුද්ගලයින් පණස්නව දෙනෙක් ව එවෙලේම අත්අඩංගුවට ගත්තා. ඒත් ඊට දවස් දෙක තුනකට පස්සේ ජාතිවාදී ස්වරූපයෙන් අම්පාරේදී ඇති වූ සිදුවීමේදී පස්දෙනෙක් විතරයි අත්අඩංගුවට ගත්තේ. ඒ ගත්තෙත් එවෙලෙම නෙමෙයි. මොකද පොලීසිය එන්ඩ ම වෙලා ගියා.

ඒ නිසා මේ වගේ අවස්ථාවක පොලීසිය හා හමුදාව ක්ෂණිකව හසුරවන්න රජය කටයුතු කරන්න ඕන. ඒ වගේ අවස්ථාවල කටයුතු කරන ආකාරය ගැන පුහුණුවක් හරි මානසිකත්වයක් හරි ඒ අයට නැත්තං ඒක ගොඩනගන්න ඕන. කොහොම වුණත්, ප‍්‍රමාදය කියන ආණ්ඩුවේ මේ දුර්වලතාව නිසා සිදුවන හානිය ආපහු හරවන්න බැරි තරම් විශාල එකක්.

ඒ නිසා ආණ්ඩුවට මේ වෙලාවේ කෙටිකාලීන හා දීර්ඝ කාලීන ක‍්‍රියාමාර්ග රාශියක් තියෙනවා. කෙටිකාලීන පියවර තමයි මේ වගේ අවස්ථාවල පොලීසිය හා හමුදාව වගේ ආයතන නිවැරදිව හසුරවන එක. ඒ වගේම අපරාධ කළ අය සියල්ල අත්අඩංගුවට අරං සාමය ආරක්ෂා කිරීම. දීර්ඝකාලීනව කරන්න ඕන දේ තමයි ජාතිවාදය ඇවිස්සෙන මේ මතවාදයන් පරාජය කරන එක. දැන් උදාහරණයක් විදිහට ව`දපෙති ගැන සිදුවීම බලන්න. මේ ගැන රජයේ වෛද්‍යවරු හරි වෛද්‍ය සභාව හරි එහෙමත් නැත්තං වෛද්‍යවරුන්ගේ සංගමයක් මගින් හරි ඇත්ත අවබෝධයක් ජනතාවට දෙන්න රජයට පුලූවන්කම තියෙනවා ඉතා පහසුවෙන්ම. ඒ විදිහේ ක‍්‍රියාමාර්ග මගින් මිනිස්සුන්ගේ සිත් තුළ තියෙන බිය සහ සැක නැති කරන්න පුලූවන්. නමුත් ඒ වගේ දෙයක්වත් කරනවා පේන්නෙ නෑ.

කොහොම වුණත් අන්තිමට කියන්න තියෙන්නෙ ජාතිවාදය කියන එකෙන් කිසිම පුද්ගලයෙක්ට හොඳක් වෙන්නෙ නෑ කියන එක. ඒක අප් රටේ ඕනෑම පුරවැසියෙක් ම දන්නවා. ඒ වගේම රටක් විදිහට ඉස්සරහට යන්නත් ඒක විශාල බාධාවක්. අපි ජීවත් වුණු කාලයේම, එහෙමත් නැත්තං ගෙවීගිය අවුරුදු තිහ තුළදී ම අපි ජාතිවාදයේ අනිටු ඵල ඕනාවටත් වඩා අත්විඳලා තියෙනවා. නමුත් කණගාටුවට කාරණය වන්නේ අපි අවුරුදු තිහක් විතර අත්විඳපු ඒ ඛේදනීය ඉරණම ඉක්මනට අපි අමතක කරලා දාන එක. මිනිස්සුන්ගේ කල්පනාවන් මෙම් විදිහට වෙනස් වෙන්නේ ඇයි කියලා අපි ගැඹුරින් හොයන්න ඕන. ඒ කාරණය විමසන්න රටේ නායකයින්ට වගකීමක් තියෙනවා. ඒ වගේම පුරවැසියන්ටත් ඒ පිළිබඳ ව විශාල වගකීමක් තියෙනවා.