රාවය

මෝඩ කමෙන් මිදෙන්නට ආනයන මත බදු පැනවීම

මෝඩ කමෙන් මිදෙන්නට ආනයන මත බදු පැනවීම

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉදිරියේ දී සිය රටට ආනයනය කෙරෙන වානේ සඳහා 25%ක් සහ ඇලූමිනියම් සඳහා 10%ක් වශයෙන් ආනයන බදු අය කරන්නට තමා තීරණය කළ බව ප‍්‍රකාශයට පත් කළේ ය.

ජනාධිපතිවරයාගේ ට්වීටර් සටහනක මෙසේ දැක්වේ. ‘සියලූ ගනුදෙනුවල දී අප සිටින්නේ පරාජිත පාර්ශ්වයේ ය. අපගේ මිතුරෝ ද සතුරෝ ද අපගෙන් ප‍්‍රයෝජන ගනිමින් සිටිති. අපගේ වානේ සහ ඇලූමිනියම් කර්මාන්ත දැන් මැරිලා ය. මේ වෙනසකට කාලයයි. අමෙරිකාවේ උදාරම් බව නැවත ඇති කළ යුතුයි.’

ජනාධිපති ට‍්‍රම්ප්ගේ මේ කි‍්‍රයාපිළිවෙතට හේතු හතරක් දැක්විය හැකිය’යි බීබීසී හි ආර්ථික සංස්කාරක කමාල් අහ්මඞ් ලියයි.

1 වන හේතුව සිරස්තල ඇද ගැනීම ය. ආරක්‍ෂණවාදීන්ගේ හඩ කෙතරම් ශබ්ද නගන්නේ වුවත් ගෝලීය ආර්ථිකයේ වැඩි නැඹුරුව ඇත්තේ නිදහස් වෙළෙඳාම දෙසට ය. ලෝක වෙළෙඳ සංවිධානයේ දත්ත අනුව වෙළෙඳාමට සීමා පැනවීම් පිණිස ගනු ලබන කි‍්‍රයාමාර්ග මේ වනවිට අවම මට්ටමට පහත බැස ඇත. ඒ අනුව ආනයන බදු පැනවීම සිරස්තල ඇද ගැනීමට විනා අන් කිසිවකට නොවේ.

2වන හේතුව මෙහි ඇති දේශපාලන තර්කයයි. නිර්බාධ ආනයන නිසා දේශීය කර්මාන්තවලට දුර්දසාවක් ලබන බව අසත්‍ය නොවේ. එහෙත් නිදහස් වෙළෙ\මෙන් ලබා ගත් ආර්ථික ප‍්‍රතිලාභ විසරිත, දුරස්ථ සහ අපමණ ය.

3 හේතුව කෙටිකාලීන යථාව මෙය වීමයි. ජනාධිපති ට‍්‍රම්ප් අසන්නේ ගෝලීය වෙළදාම කියා දෙයක් ඇත්තේ කොහේ ද කියායි. නිර්බාධ වෙළෙදාමේ ඇත්තේ අසමමිතික බවකි. ඒ අසමමිතික බව ස්ථාපිත ව පවතින වෙළෙඳ පොළට වඩා අලූතින් පැන නගින වෙළෙඳපොළට හිතකර ය. ලෝක වෙළෙඳ සංවිධානයට අනුව ආරක්‍ෂණවාදී වැඩ පිළිවෙලක් ඇති කරන්නේ පපඩමක් වැනි පිපුමකි. අකාර්යක්‍ෂම කිහිප දෙනෙක් යල්පැනගිය හා අනාකර්ෂණීය නිශ්පාදන පාරිභෝගිකයන්ට ඉදිරිපත් කරති. ලොව අනෙක් රජ්‍යයන් ද සමාන පිළිවෙත් අනුගමනය කළහොත් ලෝක ආර්ථික කි‍්‍රයා මාර්ග පල්ලම් බසිනු ඇත.

4වන හේතුව අමෙරිකානු බල සම්පන්න ආධිපත්‍යය ලොවට පෙන්වීමේ උත්සාහයයි. ඔහු මේ කියන්නේ ‘අමෙරිකාව 1’ කියා නොවේත ‘අමෙරිකාව තීරණය කරයි’ කියා ය. ජනාධිපති ට‍්‍රම්ප් අවධාරණය කරන්නේ අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම් තිබුණත් ඒවා දැන් කි‍්‍රයාත්මත විය යුත්තේ අමෙරිකාවේ සිතැගිවලට අනුව බවය.

සංඛ්‍යා සටහනකට අනුව 2018 ජනවාරි මාසයේ අමෙරිකා එක්සත් ජනපදය ඇඩො මිලියන 2,100 වටිනා වානේ විදේශයන්ගෙන් මිල දී ගෙන ඇත. මෙයින් පැහැදිලි වන්නේ ඒ අනුව මසකට ඇඩො 500 ඉක්මවන බදු ආදායමක් ජනාධිපතිවරයා සිය භාණ්ඩාගාරයට ලබා ගන්නට අපේක්‍ෂා කරන බව ය. අමෙරිකා එක්සත් ජනපදයට වානේ සපයන්නේ කැනඩාව, යුරෝපා සංගමය, දකුණු කොරියාව, මෙක්සිකෝව, බ‍්‍රසීලය, ජපානය, තායිවානය, චීනය, රුසියාව සහ තුර්කිය යන රටවල් ය.

ජනාධිපතිවරයාගේ මේ අදහස අනිවාර්යයෙන් ම කි‍්‍රයාවට නැංවෙනු ඇති බව ධවල මන්දිරයේ ජාතික වෙළෙඳ කවුන්සිලයේ අධ්‍යක්‍ෂ පීටර් නවාරෝ පැවසූ බව සීඑන්එන් වාර්තා කළේ ය.

එහෙත් දෙරට අතර වෙළෙඳ ගනුදෙනුවල දී අමෙරිකා ජනාධිපතිවරයාට අවශ්‍ය ලෙස කැනඩාවට හා මෙක්සිකෝවට බදු පනවන්නට නොහැකිි ය. ඊට හේතුව උතුරු අත්ලාන්තික නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් (නැෆ්ටා) අමෙරිකාව ඒ රටවල් හා බැඳී සිටීමයි.

‘නැෆ්ටා ගිවිසුම තිබෙන බව අප නොදන්නවා නොවෙයි. එහෙත් ඒවා කාලානුරූප ව වෙනස් විය යුතුයි. ’ නවාරෝ පවසයි.

ඊට අදාළ ව ට‍්‍රම්ප් සිය ට්වීටර් ගිණුමේ මෙසේ සටහන් තබයි. ‘මෙක්සිකෝව සහ කැනඩාව සමග වෙළෙඳ ගනුදෙනුවල දී අපට විශාල වෙළෙඳ හි`ගයක් ඇති බව පෙනෙයි. මේ වනවිට අප හඳුනා ගෙන ඇති පරිදි නැෆ්ටා යනු අමෙරිකාවට ඉතා අවාසි සහගත වෙළෙඳ ගිවිසුමකි. සමාගම් සහ රැුකියා අවස්ථා අලූතින් ස්ථාපනය කළ යුතුව ඇත. වානේ මත ආනයන බදු ඉවත් කළ හැක්කේ අලූත් නැෆ්ටාවක් අත්සන් කළොත් පමණි. කැනඩාව අපේ ගොවීන්ට හොඳින් සැලකිය යුතුයි. මෙක්සිකෝව මත්ද්‍රව්‍ය මෙහි එවීම නැවැත්විය යුතුයි’

කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පවසා ඇත්තේ මෙය මු`ඵමණින්ම පිළිගත නොහැක්කක් බවයි. ‘මෙය දේශ සීමාවේ දෙපැත්තට ම අවාසි සහගතයි. ඔවුන් අපට රිදවන තරමට අප ද ඔවුන්ට රිදවනවා’ කැනේඩියානු කර්මාන්ත ආරක්‍ෂා කරන්නට තමන් බැඳී සිටින බව ද අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

මේ සඳහා නැෆ්ටා ගිවිසුම සංශෝධනය වෙමින් පවතින බව රොබට් ලයිටයිසර් නමැති ධවල මන්දිර නිලධාරියා මාධ්‍යයට පවසා තිබිණි.
මෙක්සිකෝවේ ආර්ථික කටයුතු අමාත්‍ය ඉල්ඩෙල්ෆොන්සෝ ගුආජාර්ඩෝ පවසන්නේ ‘හොඳයි බලමු’ කියා ය. ‘මෙක්සිකෝව අනිවාර්යයෙන් ම මේ බදුවලින් නිදහස් විය යුතුයි. තමන්ගේ අභිප‍්‍රායයන්ට අනුව අමෙරිකාව නැෆ්ටා ගිවිසුම වෙනස් නොකළ යුතුයි. එහෙම වුණොත් අපටත් එකට එක කරන්නට සිදුවනවා.’

මත් ද්‍රව්‍ය චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍යවරයා කියන්නේ ඒවා කරන්නේ දෙපැත්තේ ම සිටින ජාවරම්කාරයන් නිසා තමන්ට පමණක් චෝදනා කිරීම නොකළ යුත්තක් බවයි.

බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, මේ කාරණය ගැන ජනාධිපති ට‍්‍රම්ප් සමග සාකච්ඡුා කළ බවත් බලවත් කණස්සල්ල පළ කළ බවත් ඩවුනිං වීදියේ අංක 10 කාර්යාලයය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය. එහෙත් අගමැතිවරිය ආයාචනාත්මක ඉල්ලීමක් ඉදිරිපත් කොට නැත. තමන්ට එක්සත් ජනපදයේ වෙළෙඳ ප‍්‍රතිපත්තිය සමග මුහුණට මුහුණලා සිටිය හැකි බවට ඇය විශ්වාසය පළ කොට ඇත. ‘අමෙරිකා එක්සත් ජනපදය බි‍්‍රතාන්‍යයේ විශාලතම වෙළෙඳ සහකරු ය. වාර්ෂිකව දෙරටම අනෙක් රටේ ගනුදෙනුවල යෙදෙන මුදල ඇඩො. බිලියන 500 ඉක්මවයි. මිලියනයකට අධික අමෙරිකානුවෝ බි‍්‍රතාන්‍ය සමාගම්වල සේවය කරති. එබැවින් ඔබ අප සමීප ව්‍යාපාර සහකරුවන් ලෙස කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන අතර එමගින් දෙපාර්ශ්වය ම ඒ කියන්නේ බි‍්‍රතාන්‍ය කර්මාන්තත් එක්සත් ජනපද ආණ්ඩුවත් තෘප්තිමත් කරන්නට කටයුතු කරනු ඇයි අපේක්‍ෂිත ය.’
එළැඹෙන මැයි මාසයේ බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමට අපේක්‍ෂා කරයි. ඉන් අනතුරුව එරට නිදහස් වෙළෙඳ පොළට පිවිසෙනු ඇත. එවිට වඩාත් ශක්තිමත් ලෙස ‘ට‍්‍රම්ප්ගේ වෙළෙඳ සටනට’ මුහුණ දෙන්නට තමන්ට හැකිවනු ඇති බව බි‍්‍රතාන්‍යයේ විශ්වාසයයි. එහෙත් ට‍්‍රම්ප්ගේ අපේක්‍ෂාව එවිට බි‍්‍රතාන්‍යය අබල වනු ඇති බවයි.

සිය වානේ නිශ්පාදනවලින් අමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කෙරෙන්නේ 15% පමණක් බැවින් එය එතරම් බලපෑමක් ඇති නොකරනු ඇති බව සිය විශ්වාසය බව යුරෝපා වානේ නිශ්පාදකයන්ගේ සංගමය පවසා ඇත.

අමෙරිකා එක්සත් ජනපදය සිය වානේ සහ ඇලූමිනියම් මත බදු පනවන්නේ නම් එරටින් යුරෝපයට ආනයනය කෙරෙන කාල් ඬේවිඞ්සන් මෝට බයිසිකල්, බෝබොන් විස්කි සහ ලෙවි ඇඳුම් මත ද බදු පැනවෙනු ඇති බව යුරෝපා සංගමයේ නිවේදනයක දැක්වේ.

ප‍්‍රතිචාර වශයෙන් ජනාධිපති ට‍්‍රම්ප් ට්වීට් කරන්නේ එසේ වුවහොත් යුරෝපයෙන් අමෙරිකානු වෙළෙඳ පොලට ගලා එන කාර් සඳහා ද බදු අය කෙරෙනු ඇති බවයි.

යුරෝපා සංගමය තමන් ගොනාට අන්දා ඇති බව ට‍්‍රම්ප්ගේ තවත් ට්වීටර් සටහනක දැක්වේ. ‘යුරෝපා සංගමය සිය ප‍්‍රදේශවල නිරත අපගේ සමාගම් මත බදු පනවන්නේ නම් ඒ රටවල සිට අප රටට නිදහසේ ගලා එන කාර්වලට ද බදු පනවන්නට අප සූදානම් ය. සැම වසරකම අමෙරිකා එක්සත් ජනපදයේ වෙළෙඳ හිගය ඩොලර් බිලියන 800කි. එයට හේතුව අපගේ අමනෝඥ වෙළෙඳ ගනුදෙනු හා ප‍්‍රතිපත්ති ය. අපගේ රැුකියා සහ ධනය අපි අපගෙන් ප‍්‍රයෝජන ගන්නා අනෙක් රටවලට වසරක් පාසා පරිත්‍යාග කරමින් සිටිමු. අමෙරිකා එක්සත් ජනපදයේ නායකයන් මොනවාගේ මෝඩයන් ද කියා ඔවුන් අපට සිනාසෙනවා ඇත.’

ජනාධිපතිගේ රිපබ්ලිකන් පක්‍ෂයේ දේශපාලකයන් කිහිප දෙනෙක් ම මේ කි‍්‍රයාවේ නැණවත් බව පිළිබඳ ව ට‍්‍රම්ප් විමසා ඇති අතර නැවත සලකා බලන ලෙස ඉල්ලා ඇත. ඔවුන්ගේ මතය වන්නේ මෙය අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය කෙරේ ද අහිතකර බලපෑමක් ඇති කරනවා විය හැකි බවයි.
මේ අතර ධවල මන්දිරයේ ප‍්‍රධාන ආර්ථික උපදේශක හැරී කොන් එම ධුරයෙන් ඉල්ලා අස්වන්නට තීරණය කළ බව ජනාධිපතිවරයා වෙත දැනම් දී තිබේ. කොන් ජනාධිපති ට‍්‍රම්ප්ගේ ඇරයුමෙන් එම තනතුර භාර ගන්නා විට ලෝක ප‍්‍රකට අමෙරිකානු මූල්‍යායතනයක් වන ගෝල්ඞ්මන් සැච් හි සභාපතිවරයා ව සිටියේ ය. තමාගේ උපදෙස්වලට පටහැනි ව ජනාධිපතිවරයා ආනයන මත බදු පනවන්නට අදහස් කිරීම සිය ඉල්ලා අස්වීමට හේතුව බව කොන් පවසා තිබිණි.