රාවය

මහනුවර සිදුවීම හා රටේ අනාගතය

මහනුවර සිදුවීම හා රටේ අනාගතය

වින්ධ්‍යා ගමගේ / දිනී ජයසේකර /ඉදුනිල් උස්ගොඩආරච්චි

ඩිව් ගුණසේකර
රටට අපකීර්තියට ලක්වන සිද්ධියක්

මේ සමාජයේ ලොකු අසමානතාවයක් තියෙනවා. ඒ අසමානතාවය ගොඩ නැගෙන්නෙත් මේ ආර්ථික ගැටලූව මත. ඉතිං කෙටියෙන්ම කියනවනම් මේ සේරම ප‍්‍රශ්න ආර්ථිකය විසින් නිර්මාණය කරන ඒවා. ඒකෙදි ඔවුන්ට පේන්නේ නෑ මේවට හේතු මොනවාද කියලා. ඉතිං ඔවුන් කරන්නෙ ගන්න තියෙන කෙටිම උත්තරයට යොමු වෙන එක. ඒ කියන්නේ ගැටුම් ඇති කරගන්නවා කියන කාරණය. මිනිස්සු දන්නෙ නෑ සහ සාමාන්‍යය පුද්ගලයෙකුට තේරෙන්නෙ නැහැ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිවල තියෙන ප‍්‍රශ්නයක් නිසා තමයි මේ ආර්ථික ගැටලූ ඇති වෙන්නෙ කියලා. මුස්ලිම් මනුෂ්‍යයා මුදල් උපයනවාය ඒ නිසා අපේ ආර්ථිකය බිද වැටිලාය, කියන කාරණය මත තමයි මේ ගැටලූව උද්ගතවෙන්නේ. ව්‍යාපාරිකයෙක් වුණාම ඒ ඕනම කෙනෙකුගේ හිතක මෙවැනි අදහස් ඇති වෙනවා. ඒක සාමාන්‍යයි. එහෙත් මේ ප‍්‍රශ්නවලට මුල ආණුඩුවේ ප‍්‍රතිපත්ති. මේවා කෙරෙහි පුද්ගලයන්ගේ තියෙන නොදැනුවත්භාවය නිසා ඇතිවෙන ගැටලූ හේතුවෙන් ඔවුනොවුන් ගැටුම් ඇති කරගන්නවා. මේ සම්බන්ධව දැනුවත් වීමට මිනිස්සු උත්සහ දරන්නෙත් නැහැ. රජය විසින් එය මිනිස්සුන්ට පැහැදිලි කිරීමට උත්සහයක් දරන්නෙත් නැහැ. ඉතිං මිනිස්සුන්ට ඇතිවන ප‍්‍රශ්නවල ස්වභාවය ගැන පැහැදිලි තාවයකුත් නැහැ. ඒ නිසා පුද්ගලයන් ඉදිරියේ පේන්න තියන තම තමන්ගේ නිගමන වලට යනවා.

දැන් රටේ ණය අර්බුධයක් තියෙනවා. එහෙත් මේ ණය අර්බුදය මොකක්ද කියන කාරණාව සම්බන්ධවවත් මිනිස්සු දන්නෙ නැහැ හරියාකාරව. මේ ගැන ඉතා සරලව හිතුවට මේක බරපතළ අර්බුදයක්.මේ සියලූම ප‍්‍රශ්න හේතුවෙන් රට ඉස්සරහට ගෙන යන්න කිසිම පක්ෂයකට නොහැකියාව රට පාලනය කරන්න බැරිවෙනවා. ඒක මන්ත‍්‍රී වරු දන්නෙත් නැහැ. ඇමතිවරු දන්නෙත් නැහැ. රට දන්නෙත් නැහැ. මේ සම්බන්ධව රටේ කිසිදු කතිකාවක් තියෙනවද? නැහැ කිසිම කතිකාවක් නැහැ. මේ කිසි දෙයක් සම්බන්ධව කවුරුවත් කතාකරන්නේ නැහැ. අඩුම තරමේ ජනමාධ්‍යය තුළින්වත් පෙන්වන්නේ නැහැ. විරෝධතාව පමණක් ස්මතු කරල පෙන්වනවා. එයින් පුද්ගලයන් කුපිත වීමක් සිදු වෙනවා. එහිදී රට තව තවත් අරාජිකත්වයට යැමක් සිදු වන්නේ. මේ හැම දේකටම ආණ්ඩුව සහ දේශපාල පක්ෂත් සියල්ල වගකිව යුතු වෙනවා. මොකද රටේ දේශපාලන සංස්කෘතිය මේකට බෙහෙවින්ම බලපාන කරුණක් වෙනවා.

සමහර දේශපාලකයෝ ඉන්නවා මේ ගැටුම් පාවිච්චි කරනවා ඔවුන්ගේ බලය පවත්වාගැනිමට සහ ඔවුන්ට බලයපිහිටුවා ගැනීමට යන කරුණූ දෙකම නිසා.

දැන් මහනුවර ප‍්‍රශ්නේ ගත්තාම ඒක ඉතාම නරක තත්ත්වයක්. නමුත් මහනුවර සිද්ධිය පමණක් නෙවේ මට ලැබිල තියෙන ආරංචි අනුව අතරින් පතර තියෙනවා වාර්තා නොවුණු කටකතාවලින් පමණක් ආරංචි වුණ සිද්ධිනුත්. සිංහල දෙමළ කෝලහලයක් වගේ නෙවෙයි මුස්ලිම් කියන්නේ. මොකද මොවුන් මුළු රට පුරාවටම ඉන්නවා. සිංහල ජනතාව සමග සහජීවනයෙන් හැම දිස්ත‍්‍රික්කයකම ඉන්නවා. එහෙත් දෙමළ ජනතාව ඉන්නෙ උතුරු නැගෙනහිර, වතුකරයේ නැතිනම් කොළඹ දිස්ත‍්‍රික්කයේ පමණයි. අනිත් කාරණාව ජාත්‍යයන්තරව මුස්ලිම් රාජ්‍ය විශාල සංඛ්‍යාවක් තිබෙනවා. අනෙක් පැත්තෙන් ශ‍්‍රී ලංකාව ජාත්‍යයන්තර වශයෙන් අපකීර්තියට පත් වෙනවා.

වෙන උත්තරයක් නැති නිසානේ හදිසි නීතිය ක‍්‍රියාත්මක කළේ. 1983 අත්දැකීම් අනුව මිනිසුන් සුමානයක් යනකන්ම මරාගත්තා. ජනාධිපති ක‍්‍රියාත්මක වුණේ පෙරහැර ගියායින් පස්සේ. එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. මොකද මැරිච්ච මිනිස්සුන්ට පණ අද්දන්න බැහැනේ. මේ ප‍්‍රශ්නෙදිත් ආණ්ඩුවේ සියලූ දේශපාලන පක්ෂ සමග සාකච්ඡුා කරලා එකගතාවයකට එන්න ඕනේ. ආණ්ඩුව තනියම කටයුතු කරලා හරියන්නේ නැහැ. මොකද මේක ජාතික ප‍්‍රශ්නයක්. මෙවැනි ප‍්‍රශ්න ඇතිවන හේතුවලට විසදුම් සොයාබැලිය යුතුයි. ආර්ථික ප‍්‍රතිපත්ති එක තැන පල් නොකර ඉදරියට ගෙන යා යුතුයි. නැතුව පොලිසිය ඉදිරිපත් වෙලා කිපදෙනෙක්ට ගුටි බැට ප‍්‍රහාර එල්ල කරයි කියලා මේ ප‍්‍රශ්නය විසෙදන් නැහැ.

 

ඇගිල්ල දිගුවන්නේ ආණ්ඩුවට
පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිළ

රටක ජනතාව නීතිය අතට ගන්නේ නීතිය කි‍්‍රයාත්මක කරන බලධාරීන් පිළිබ`දව විශ්වාසය නැතිවුණ විටයි. ආණ්ඩුව පක්ෂග‍්‍රාහීව කි‍්‍රයාත්මක වේවි. ආණ්ඩුව කි‍්‍රයාත්මක නොවේවි කියන විශ්වාසයකදී තමයි ලෝකයේ ඕනෑම තැනක ජනතාව යුක්තිය ඉටුකිරීම අතට ගන්නේ.

මේ ගැටුම ඉතාම සූක්‍ෂමව නිර්මාණය කළ දෙයක් විදිහටයි අපි දකින්නේ. අද රටේ පැතිරිලා තිබෙන මතය තමයි සිංහල අයෙකු මුස්ලිම් පිරිසක් විසින් මරා දැමීම නිසා මේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇති වුණා කියලා. ඒක වැරදි මතයක්. ඇත්තෙන්ම පුද්ගලයා මරා දැමූ පසු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතිවුණේ නැහැ. පොලීසිය වහාම කි‍්‍රයාත්මක වෙලා CCTV කැමරා ඇසුරෙන් පහරදුන් පුද්ගලයන් හදුනාගෙන ඔවුන්ව වහාම අත්අඩංගුවට ගෙන වහාම රක්ෂිත බන්ධනාගාර ගත කළා. ගැටුමට තුඩු දුන්නේ වෙනත් හේතුවක්. ඊට පසු දින නගරයේ තිබුණු කඩ මණ්ඩියේ කඩ 5ක් ගිනි ගන්නවා. එක කඩ 2ක් මුස්ලිම්, කඩ 3ක් සිංහල. ඒ නිසා කවුරුන් ඒ දේ කළාදැයි කවුරුවත් දන්නේ නෑ. පොලිස් ආරක්‍ෂාව යටතේ මේ කඩ මණ්ඩිය තිබියදී තමයි එයට ගිනි තබන්නේ. ඉන් පසුව මළ ගෙදර පැමිණෙන බස් රථයක සිටි 24 දෙනෙක්ව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. මළ ගෙදරට පැමිණෙන වාහනවලට එයට ඇතුලූවීමට ඉඩනොදී පොලීසිය කාගෙවත් බලපෑමක් නොතිබුණු අවස්ථාවේ නීතිය කි‍්‍රයාත්මක කළා. ඉන්පසුව කාගේ හෝ බලපෑමකට ගැටුමක් ඇතිකිරීම මේ අරමුණින් කි‍්‍රයාත්මක වී ඇති බව මේ ගැටුමේ වාසිය කාටද අත්වෙන්නේ? සමහරු කියනවා ඒකාබද්ධ විපක්‍ෂය දේශපාලන වාසි ස`දහා ජාතිවාදය අවුස්සමින් සිටිනවා කියලා.

ඒක වැරදියි. දැන් අපේ වෑයම විය යුත්තේ මුස්ලිම් ජනතාව දිනා ගැනීමයි. එසේනම් ජාතිවාදී ගැටුම්වලින් අපට අවාසියක් මිස වාසියක් නැහැ. මේ සිද්ධිය නිසා අගමැතිවරයාව ඉවත්කිරීම, එජාපයේ අභ්‍යන්තර කැරැුල්ල, විපක්‍ෂයේ විශ්වාසභංග යෝජනාව අතීතයට එකතු වුණා. බඩු මිල වගේ ජනතාව පෙළන ප‍්‍රශ්න අතීතයට එකතුවෙලා සිංහල හා මුස්ලිම් ජනතාව එකිනෙකා දෙස සැකයෙන් බැලීමටත්, අන් අයට සංහි`දියාව, ජාතික සම`ගිය පිළිබ`ද කථා පවත්වමින් රටේ අනෙක් ප‍්‍රශ්න යටපත් කරන්නටත් අවස්ථාව එළඹ තිබෙනවා. අගමැතිතුමා නීතිය හා සාමය අමාත්‍යාංශය තමන්ගේ යටතට ගත්තේ තමන්ව බේරාගන්නද කියන සාධාරණ ප‍්‍රශ්නය ඒ නිසා මතු වෙනවා.

මේ තත්ත්වය යූඑන්පීයට අලූත් දෙයක් නොවෙයි. රාජන් හූල් ලියූ ීරස ඛ්බන්Sri Lanka ( The arrogance of power: mtyhs,decadence and murder නම් පොතේ පෙන්වා දෙනවා 1983 ජුලි 13 වනදා හමුදා භට කණ්ඩායමක් බිම් බෝම්බයකට හසු වී මිය ගිය අවස්ථාවේ රට පුරා ඇතිවුණු ආණ්ඩු විරෝධය දෙමළ විරෝධයක් බවට සූක්‍ෂ්ම ලෙස එජාප ආණ්ඩුව යොමු කළේ කෙසේද කියා. මේ දේශපාලන වුවමනාවන් ස`දහා ජාතිවාදී ගැටුම් ඇති කිරීම පිළිබද අපකීර්තිමත් ඉතිහාසයක් යූඑන්පීයට තිබෙනවා. ඒ නිසා මේ පිළිබද වහාම ස්වාධීන පරීක්‍ෂණයක් සිදුකර වගකිව යුතු තැන් සොයා ගත යුතුයි.

සාමකාමීව තිබුණු තෙල්දෙණිය ලේවිලක්, ගිනි ගොඩක් බවට පත් කරන්න අවශ්‍ය ආකාරයට පොලීිසිය මෙහෙය වූයේ කවුද? කියා සොයාගත යුතුයි. ආණ්ඩුවේ ඉහළම නායකයන්ට මේ ගැන ඇගිලි දිගුවන නිසා ස්වාධීන පරීක්‍ෂණයක් සිදුවේවි යැයි අපි විශ්වාස කරනවා.

 

නීතිය වහා කි‍්‍රයාත්මක කරන්න
අශෝක හදගම

රටේ මේ ඇතිවෙලා තියෙන තත්ත්වයේ වගකීමෙන් ආණ්ඩුවට ගැලවෙන්න බැහැ. අවුරුදු තිහක යුද්ධයකින් පස්සේ, නැවත එවැනි වාතාවරණයක් ඇති නොවන්නට කටයුතු කරන්න ඉතිහාසය අපට අවස්ථාවක් දුන්නා. ඒත් අපේ දේශපාලනය විසින් පැහැර හැරියේ ඒ අවස්ථාවයි. අද මේ ගිනිගන්නේ 2009 යුද්ධයෙන් පස්සේ රටේ තැන තැන අවුළුවමින් තිබුණු ගිනි පුපුරුයි. අපේ දේශපාලනයට පවතින්න පොළොවේ නොපවතින ඔලූවේ වැඩවසන සතුරෙක් ඕනෑ. ආයේ නැවත වතාවක් වාර්ගික ගැටුමක් ඇති නොවන තැනකට කටයුතු සලස්වන්න 2015 දී රටේ සියලූ ජනකොටස්වලට අයත් මිනිසුන්ගෙන් බහුතරයක්, එකමුතුව ජනවරමක් දුන්නා. ඒක ආණ්ඩුවට පැවරුණු වගකීමක්. මේ පැහැර හැර තියෙන්නේ ඒ වගකීමයි. අද බිම හැලෙන හැම ලේ බින්දුවකම වගකීම ආණ්ඩුව බාර ගන්න ඕනෑ.

දැන් අතීතය ගැන කතා කරලා වැඩක් නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණ තියලා වැඩක් නැහැ. ගැටලූව දාර්ශනිකව විසඳා ගන්න එක පස්සේ කරමු. දැන් මේ තත්ත්වය පාලනය කළ යුතුයි. දැන්වත් රටේ සාමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක කරන්න. සියලූම අන්තවාදීන් ට එරෙහිව කොන්දේසි විරහිතව නීතිය ක‍්‍රියාත්මක කරන්න. වාහනයක අනතුරක් වුණොත් පොලිසිය වෙනුවට මිනිස්සු නීතිය ක‍්‍රියාත්මක කරන්න හදනවා. අනතුර සිද්ධ වුණේ ජනවර්ග දෙකක් අතර නම්, එතනින් පස්සේ ඒක ජාතීන් අතර ප‍්‍රශ්නයක් කරන්නේ බාහිර පාර්ශ්වයක්. දේශපාලන වාසි සඳහා ජාති ආගම් වාදය වපුරන නින්දිත පුද්ගලයන් සහ ව්‍යාපාර වලට එරෙහිව ක‍්‍රියාත්මක කරන්න නීතිමය ප‍්‍රතිපාදන දණ්ඩ නීති සංග‍්‍රහයේ ඇති තරම් තියෙනවා. ඒවා ක‍්‍රියාත්මක කළේ නැහැ. ජාති වාදයේ පැලය රෝපණය කරන්න විතරයි ඕනෑ. රෝපණය වුණු පැලය වැඩෙන්නේ අදහා ගන්න බැරි වේගයකින්. පහුගිය කාලයේ අපේ ආණ්ඩු බලා හිටියේ ඒක වැඩෙන කල්. දැන්වත් තත්ත්වය පාලනය කරන්න. ඊට පස්සේ ඉදිරි වැඩ පිළිවෙළවල් කතා කරමු.

මේක සංවිධානාත්මක වැඩක්
දඔර අමිල හිමි

මේක සංවිධානාත්මකව කරන වැඩක්. මේක සිංහල හෝ මුස්ලිම් අය අතර ගැටලූවක් නොවෙයි. මේ බලයට ඒම සදහා තමන්ගේ නරක ඉතිහාසය මකා දාන්නත් බලයට ඒම සදහා තමන්ගේ නොහැකියාවන් තිබෙන නිසාත් මෙවැනි ජාතිවාදයක් පාවිච්චි කරන්න ඒ අය උත්සාහ කරනබවක් තමයි පෙනෙන්නට තියෙන්නේ.මේක සමාජ මාධ්‍ය ජාලා හරහා පසුගිය මාස හත අටක තිස්සේ ඉ`දලා අපි දැක්කා. ඒ වගේම බලයේ ඉන්නා කාලයේත් දර්ගා නගරයේ දීත් අලූත්ගමදීත් අපි දැක්කා බොදුබල සේනා වැනි සංවිධාන හදලා ඒ ක‍්‍රියාවලිය තමයි ඒ අය කළේ. දැනුත් එයින් පාඩම් ඉගෙන ගන්නේ නැතිව ඒ අය නැවත මේ වැරදි මාර්ගයේ තමයි යන්නේ බලය ලබා ගැනීම ස`දහා ජාතිවාදය ඇවිලීමක්. ඒ නිසා විශාල ජීවිත ප‍්‍රමාණයක් විනාශවෙලා දේපොළ ප‍්‍රමාණයක් විනාශ වෙනවා. එය ඛේදවාචකයක්. මේකට රජයක් හැටියට කරන්න තියෙන්නේ වෙන දෙයක් නෙමෙයි, අනවශ්‍ය විධියට බණ කිය කිය ඉදලා හරියන්නේ නැහැ. ආගමෙන් කරන්න පුළුවන් දෙයක් මේකට නැහැ. මේකට කරන්න පුළුවන් එකම දේ තමයි නීතිය හරියට ක‍්‍රියාත්මක කරන එක. ඒ සදහා තමයි අපි යෝජනා කළේ හොරු අල්ලන්නත් කුඩු ව්‍යාපාර නැති කරන්නත්, ළමා අපචාර නැති කරන්නත්, ඒ ළමයින් මරා දමන අපරාධකරුවන් සමාජයේ නැති කරන්නත් ඒ වගේම මෙවැනි ජාතිවාදී ව්‍යාපාර නැති කරන්නත් ඒ හරහා සමාජජාලා වෙබ් අඩවිවල මතවාද ව්‍යාප්ත කිරීම මර්දනය කරන්නත් ඒ අයට අදාළ නීති ක‍්‍රියාත්මක කරන්නත් පුළුවන්. ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න කීවේ ඒ නිසයි. ඒ නමුත් එය ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ඔහු යටින් බලය රැුක ගැනීමත් අනාගත ඊනියා සිහිනවල ඉදගෙන ඞීල් දාලා තිබෙන බව පෙනෙනවා. ඒ අනුව ඔහු මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය හෝ අත්අඩංගුවට ගැනීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා කියලා කියන්නේ හොරු මිනීමරුවන් රකින කෙනෙක්. ඔහු තමන්ගේ පුද්ගලික න්‍යාය පත‍්‍රය ඉස්සරහට අරන් තියනවා මිසක රටට ආදරයක් ඇති බවත් පෙනෙන්නේ නැහැ.

ජනවාරි 8වන දා අපි කීවේ පොදු අපේක්ෂකයා ලෙස ජාතික ආණ්ඩුව පිහිටුවා විස`දගත නොහැකි ප‍්‍රශ්න විසද ගන්න ජාතික වශයෙන් ප‍්‍රතිපත්ති හදන්න කියලායි. ඔහු ඒ ප‍්‍රශ්න පැත්තකට දාලා සම්පූර්ණයෙන්ම හොරු වෙනුවෙන් මිනීමරුවන් වෙනුවෙන් ඉන්නවා. ඒ වගේම අද නීතිය ක‍්‍රියාත්මක කරන්න ඔහුට කිසිදු හැකියාවක් නැහැ. රට පාලනය කිරීමේ හැකියාවෙන් ඔහු සම්පූර්ණයෙන්ම අසමත් වෙලා තියනවා. ඔහු පිළිබද පුද්ගලික තරහක් අපිට නැහැ. ඒ නමුත් ඔහු ආර්ථිකය ගොඩනගන්න දෙන්නේ නෑ, ජාතික සමගිය ගොඩනගන්න දෙන්නේ නෑ, ජාතික ප‍්‍රශ්නය සැබැවින්ම විසදන්න දෙන්නේ නෑ, හොරු අල්ලන්න දෙන්නේ නෑ, හොරකම් කළ දේවල් ජාතික භාණ්ඩාගාරයට ගන්න දෙන්නේ නැහැ, මිනී මරුවන්ට අදාල දඩුවම් කරන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ. කොටින්ම නීතිය හා සාමය රටේ ස්ථාපිත කරන්න දෙන්නේ නැහැ. මේ හැම දේටම බාධා කරමින් කල්මරමින් ඔහු සිටිනවා. එය ඉතා පැහැදිලියි. ඔහුට බලය ලබා දුන්නේ අණ්ඩුවට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් විනාශකාරී බලවේග වළක්වා පොදු අරමුණු ජයග‍්‍රහණය කරවීමේ කාර්යභාරය කිරීම පමණයි. නව ව්‍යවස්ථාවක් ගෙනල්ලා ජාතික සමගිය ගොඩ නැගන ජාතික ප‍්‍රතිපත්ති තීන්දු කරන ඉතා පුළුල් ඉතා වැදගත් ව්‍යවස්ථාවක් සංශෝධනයට ඉක්මනින් යායුතු වුවක් ඒ කිසිවක් ඔහු කළේ නැහැ. ඒ නිසා ඔහු අදාළ ජාතික වගකීම සිදු නොකළ සමාජයට බොරු කළ අයෙක් හැටියට තමයි අද සමාජය සළකන්නේ.

ජාතිකවාදය ඉක්මවූ පරිකල්පනයක් නැති සමාජයක්
මහාචාර්ය ලියනගේ අමරකීර්ති

මේ දිනවල සිදුවන දේවල් සදහා ඉතාම ඉක්මනින් මැදිහත් වී නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. දැන් ජාතිවාදය කියන දේ හැම සංස්කෘතියකම, හැම රටකම තියෙනවා. සබුද්ධික සමාජ නම් කරන්නේ එවැනි බලවේග දේශපාලනිකව පරාජය කර ඈත්කර තැබීමයි. දේශපාලනිකව ඈත්කර තබා පමණක් මදි, එවැනි බලවේගවලට අපේ ජීවිත විනාශ කරන්න බැරි මට්ටමට නීතිමය රැුකවරණය මනුෂ්‍යයින් සම්බන්ධයෙන් හදනවා. ඒ දෙකෙහිම එම බලවේග දේශපාලනිකව පරාජය කරීම අමාරු වැඩක්. ඒ සටනින් ලංකාවේ අපි තරමක් පරාජය වෙලා තිබෙනවා. පසුගිය මැතිවරණයෙන් වුණත් අපට පෙනෙන්නේ විශේෂයෙන් සිංහල සමාජය දේශපාලනිකව ඉන්නේ එවැනි ජාතිවාදී බලවේග එක්ක කියන දේ පෙනෙනවා. ජයග‍්‍රාහී කණ්ඩායමත් රට බෙදනවා, සිංහලයාට අනතුරක් තියනවා, සිංහලයා නැති වෙනවා ආදී සටන් පාඨ තමයි කියන්නේ. ඊට වඩා සියලූ දෙනාම ඇතුළත් කර ගන්නා, සියලූ දෙනාටම පිළිගැනීමක් ලැබෙන දේශපාලන පරිකල්පනයක් එතැන නෑ. එවැනි දේශපාලනිකව බලවේග පාලනය කරන දේශපාලන සටන් ඈත්කර තැබීමෙන් එම සටන යම් කිසි දුර්වලවීමක් වෙනවා. ඒ නමුත් රටේ බලය තිබෙන්නේ ජනාධිපතිට සහ අගමැතිටයි. ඒ අය සිදු කළ යුතුව තිබෙන්නේ සිංහලද, දෙමළද, මුස්ලිම්ද කවුරුවුවත් මෙවැනි දේවල්වලට සම්බන්ධවන්නන් නීතියේ රැුහැනට හසු කර බන්ධනාගාරගත කළ යුතුයි. මෙවැනි දේ සදහා දිරිගන්වන දේශපාලනඥයින්, සිවුරු ඇදගත් අය හෝ කවුරුවුවත් නීතිය හමුවට ගෙන ආ යුතුයි. මේ අවස්ථාවේ ආණ්ඩුවේ ප‍්‍රතිචාරය ඉතාම දියාරු බව බොහෝ විචාරකයින් පවසා තිබුණා. ආණ්ඩුව සැකසී තිබෙන බලවේග කිහිපයම මේ අවස්ථාවේ විශේෂයෙන් සිංහල ජාතිවාදීන් තරහා කරගන්නේ නැති තත්ත්වයක සිටින්නට උත්සාහ කරන බව පෙනෙනවා. තව ප‍්‍රශ්නයක් තමයි සිංහල දෙමළ මුස්ලිම් යන ප‍්‍රජාවන් තුනම සදහා ජාතිකවාදයෙන් එහාට ගිය දේශපාලන පරිකල්පනයක් අපට නැතිවෙලා තියනවා. දෙමළ ජනතාව ඒ අයගේ ජාතිකවාදී ව්‍යාපෘතිය පරාජය වී තිබෙන නිසා යම් කිසි පසු බෑමක ඉන්නවා. ඒ නමුත් සිංහල සමාජය යුද ජයග‍්‍රහණය සමග තිබෙන ජයග‍්‍රාහී උන්මාදයෙන් තවමත් සිතන්නේ මහජාතිවාදී, රණකාමී, ජාතිකවාදී දේශපාලන අනාගතයක් ගැනයි. මෙය රට විනාශය කරා ගෙනයන අපේ රටේ ඉතාම අවාසනාවන්ත දෙයක් විධියට මම දකිනවා. මේ අවස්ථාවේ ක්ෂණිකව කළ යුතු දෙය වන්නේ ජාතිවාදී හිංසන ක‍්‍රියාවල යෙදෙන සියලූ දෙනා කිසිම භේදයකින් තොරව නීතියට හසුකර ගැනීමයි. අනෙක් කරුණ මිනිසුන්ට ජාතිවාදයේම දිගුවක් වන ජාතිකවාදයෙන් එළියට යන දේශපාලන පරිකල්පනයක්, දේශපාලන මතවාදයක් ස`දහා රට සකස් කරීමයි. ඒත් ඒ දෙකම මේ ආණ්ඩුව කරන්නේ නැහැ. මේ ආණ්ඩුව එය සිදු කරන්නේ භයෙන් වගේ කියන දේ පෙනෙනවා. හැම ජාතියකම ජාතිවාදියෝ භය නැතිව පාරට බැහැලා දගලනවා. නුවර ඇදිරිනීතිය වෙලාවේත් මිනිස්සු පාරේ කලබල කළ බව ආරංචි වුණා. නීතිය ක‍්‍රියාත්මක කරන අය ජාතිවාදීන්ගේ හිත් රිද්දන්න බැහැ වගේ දෙගිඩියාවකින් සිටින බවක් පෙනෙනවා. මේවා දැන් තියෙන්නේ අදහස් ප‍්‍රකාශ කර විස`දන්න පුළුවන් තැනක නොවෙයි. එය සිදු කළ යුතු වන්නේ නීතියේ පාලනය තිබෙන අය විසිනුයි. සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියා නොබලා සියලූ ජාතිවාදීන් සිටිය යුතු වනනේ හිර ගෙවල්වලයි. එය මේ අවස්ථාවේ විය යුතු පළමු දේයි. එතැනින් එපිටට මිනිස්සු ජාතිවාදයෙන් ගලවා ගන්නේ කොහොමද කියන දේ පිළිබද සියලූම කථිකා කිරීමට සිදු වන්නේ නීතියේ ආධිපත්‍ය තිබෙන සමාජයක පමණයි.

වැරදිකරුවන්ට දඬුවම් නැති එක වරදක්
එම්. සත්‍යවේල් පියතුමා

මේ මොහොත වන විට ජාතිවාදය පමණක් නොවෙයි, ජාතිවාදය සහ ආගම්වාදය එකට ගමන්කරන්නා වූ මොහොතකයි අපි සිටින්නේ. මේ ජාතිවාදය පළාත් පාලන ඡුන්ද අවස්ථාවේත් අපි දකිනවා. වේදිකාවලදීත් අපට මේ කාරණය ඇසුණා. ඒ ජාතිවාදී ආගම්වලට ලැබුණු බහුතර ඡුන්දත් අපිට දකින්න පුළුවන් වුණා. ඒ තත්ත්වයේ සිට තමයි අම්පාර සහ මේ කලබල ඇති වුණු ප‍්‍රදේශ දක්වා කාරණා සිදු වන්නේ. අම්පාරේ කඩයක ඇති වූ ප‍්‍රශ්නය අපි දුටුවා. ආහාරයක හෝ එවැනි යම් ආපන ශාලාවක ප‍්‍රශ්නයක් තිබේ නම් පළමුව එය දැනුම් දිය යුතු වන්නේ සෞඛ්‍ය නිලධාරීන්ටයි. ඒ අය පසුව පොලීසිය සමග ගොස් එය පරීක්ෂා කිරීම සිදු වෙනවා. මෙතැන දී එවැන්නක් සිදු වුණේ නැහැ. ජාතිවාදීන් ආගම්වාදීන් නීතිය එතැන දී තමන් අතට ගන්නවා. එලෙස නීතිය තමන් අතට ගැනීම දක්වා ඔවුන් මේ මොහොත වන විට වර්ධනය වී තිබෙනවා. එසේ වර්ධනය වීමට අවුරුදු 30ක කාලයක් තිබූ යුද්ධයත් එක් හේතුවක් වෙනවා. ඒ යුද්ධයේ දී පොදුවේ අද බොහෝ දෙනා කියන්නේ දැන් දෙමළ අය මර්දනය කර අවසානයි, ඒ නිසා ඔවුන් පීඩා කරන්න හිතන්නේ නැහැ, ඔවුන්ට මට්ටු කර අවසානයි කියායි. දැන් මුස්ලිම් අයට විරුද්ධව මෙවැනි ජාතිවාදී ක‍්‍රියාකාරීත්වය ශක්තිමත් වී තිබෙන්නේ එවැනි තැනක සිටයි. දර්ගා නගරයේ සිදුවූ දේ පිළිබද අපි දන්නවා. එයට නායකත්වය ලබා දුන්නේ කවුද කියන කාරණය අපි හැමෝම දන්නවා. ඒ නායකත්වය දුන් අයට අද වන තුරු කිසිම දඩුවමක් හිමි වුණේ නෑ. පොලීසියෙන් අත්අඩංගුවට ගත් අය නිදහස් කරන ලෙස ඉල්ලා නැවත වතාවක් පාරට බැහැලා ඉන්නේ ඒ කණ්ඩායමයි. ඒ තරම් ජාතිවාදය ආගම්වාදයෙන් ශක්තිමත් වෙලා තියෙනවා. ඒ ශක්තිමත් වීමට එක්තරා විධියකට රටේ දේශපාලනය බලපානවා. ඒ දේශපාලනයට පහුගිය රජයත් පවතින රජයත් යන දෙකම වග කිව යුතුයි. අනෙක් දේ විශේෂයෙන් ආගමික නායකයින් මේ ජාතිවාදය සහ ආගම්වාදය පිළි`ද ආමන්ත‍්‍රණය කරන්නේ නැහැ. ඔවුන් තමන්ගේ පල්ලි පන්සල් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන දේ ගැන බලනවා මිස ජනතාවට ආමන්ත‍්‍රණය කරන්නේ නැහැ. මේ මොහොත වන විටත් මේ ආගමික නායකයින් සිටින්නේ කොහේද කියන ප‍්‍රශ්නයත් තිබෙනවා. මේ ආගමික නායකයින් තමන්ගේ ජනතාවට, රටට දෙන්නා වූ පණිවුඩය මොකක්ද කියන ප‍්‍රශ්නය තිබෙනවා. අනෙක් දේ තමයි මේ කලබල සිදු වූ ප‍්‍රදේශවල වූ සිදුවීම් ඉතාමත්ම සැලසුම්සහ ගතව සිදුවූ දේ බව හො`දින් පෙනෙනවා. මේ අවස්ථාවේ පොලිස් නිලධාරීන් ක‍්‍රියා කළ ආකාරය ගැනත් ප‍්‍රශ්න තිබෙනවා. සාමය ආරක්ෂා කීරීමට ගොස් තුවාල සිදුවූ පොලිස් නිලධාරීන් ඒ අතර සිටිනවා. ඒ අයට අපි ගරුකරනවා. හැබැයි ආගම්වාදීන් ජාතිවාදීන් ආරක්ෂා කරන නිලධාරීන් පිරිසකුත් ඒ අතර ඉන්නවා. හදිසි නීතිය පනවා තිබියදී නීති කඩකළා වූ සහ ආගම්වාදීන් ජාතිවාදීන් ආරක්ෂා කළ ඒ නිලධාරීන් පිරිසත් අත්අඩංගුවට ගත යුතුයි. දැන් සිදු වන්නේ සාමාන්‍ය ජනතාව අත්අඩංගුවට ගැනීමයි. මේ මොහොත වන විට නීති කඩ කළ අය කවුද කියන දේ හැමෝම දන්නවා. ඒ පිරිස අත්අඩංගුවට ගත යුතුයි. ඒ මගින් ජනතාවට මේ රජය කෙරෙහි යම් විශ්වාසයක් ඇති වෙනවා. මේ මොහොත වන විට මේ උත්සන්න වී තිබෙන්නාවූ ජාතිවාදය ආගම්වාදය මර්දනය නොකළොත් නුදුරු අනාගතයේ දී මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්නටත් දේශපාලනය කඩා වැටීමටත් ඉඩ තිබෙනවා. අපේ රටේ බොහෝ දෙනෙක් මැද පෙර දිග රටවල රැුකියාවල නියුතු වෙනවා. එක් පැත්තකින් ඒ අය යම් තීරණයක් ගැනීමට ඉඩ තිබෙනවා. ජාත්‍යන්තරය යුද අපරාධ පිළිබ`ද සාකච්ඡුා කරන මොහොතේ මෙවැනි අවුලක් ඇතිව තිබෙන නිසා මේ හරහා එම සාකච්ඡුාව වෙනුවට මෙයට ඉදිරියට පැමිණීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මේ අවුල් සහගත තත්ත්වය ඇති කිරීම ස`දහා යම් පිරිසක් දේශපාලනිකව සැලසුම් සහගතව මෙවැනි ජාතිවාදී කෝලාහලයකට සම්බන්ධව සිටිනවා කියන කරුණ පැහැදිලියි. අනෙක් අතර මෙය තවත් ව්‍යාප්ත වීමට ඉඩ තිබෙනවා කියන බියත් අපට තිබෙනවා. එයට ඉඩ නොදී මේ නීතිය හරියාකාරව ක‍්‍රියාත්මක කරන්නේ කෙසේද කියන කාරණය එම ප‍්‍රදේශවල සිටින දේශපාලනඥයන්ගේ සහ වගකිවයුතු සියලූ පුද්ගලයින්ට තිබෙනවා. ඒ වගේම හමුදාව සහ පොලීසිය මීට වඩා වගකීමෙන් මේ අවස්ථාවේ ක‍්‍රියා කළ යුතුයි. ආගමික නායකයින් මේ මොහොතේ පාරට පැමිණ හෝ තමන්ගේ ජනතාවට ධර්මයෙන් ජීවත් විය යුත්තේ කෙසේද කියන කාරණය පිළිබද යම් පණිවුඩයක් දිය යුතුව තිබෙනවා.