මාතර බුද්ධිකට

රජිදු කා්‍යශප

‘ශ‍්‍රී ලාංකේය දේශපාලනය අලූතින් ලියන්නට…’ යැයි පවසමින් තම ලිපි ශීර්ෂයේ සටහන් කර ගනිමින් දේශපාලන ගමනක් යන මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති තනතුරට පත්වීම සම්බන්ධයෙන් අප මීට පෙර ද සටහන් කර ඇත. අප එහිදී අවධාරණය කළේ ඔහු වෙත මෙම පත්වීම ප‍්‍රදානය කරනුයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තනතුර උපයෝගී කර ගනිමින් ක‍්‍රිකට් විනිසුරුවෝ නොහික්මුණු ගමනක් යන්නට පාර සකසා ගන්නට කරනු ලබන උත්සාහයක් බැව් ය. එය මේ වෙද්දීත් ක‍්‍රියාත්මක වේ.

එකී ක‍්‍රිකට් විනිසුරුවෝ එය ආරම්භයේ දී ම සඵත කර ගත් හ. කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී, නියෝජ්‍ය කතා නායක, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඔවුන් වෙත කාර්යාලයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දෙන්නේ ය. එම මුදල රුපියල් මිලියනයක් බැව් ය පැවැසෙණුයේ. මින් නොනැවතුණ ඔහු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය වෙත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හී නිල බලය ද ලබා දෙන්නේ යැයි ද පැවැසූ කතාවක් ද විණි.

ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරු සංගමයේ ලොකු, පොඞ්ඩෝ සේ ම නිල ඇදුම ඇගලා ගත් පමණින් තම කාර්යයන් ඉටුවෙතැයි සිතූවෝ ද චූන් වෙමින් අනෙකුත් ක‍්‍රිකට් විනිසුරු සංගම් දෙකේ කොළේ ලා දා තැන තැන කතා කළෝ ය. ඒත් මේ දක්වා එවැනි නිල බලයක් සම්බන්ධයෙන් තමන් වෙත කිසිදු දැනුම් දීමක් සිදුව නැතැයි, නොසලකා හැරෙතැයි පැවැසෙන ක‍්‍රිකට් විනිසුරු සංගම් නිලධාරීන් පවසති.

තිලංගගේ මේ කතාව ඉතා ඉක්මනින් ක‍්‍රිකට් ක්ෂේත‍්‍රය පුරා ප‍්‍රචාරය කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධිකගේ ක‍්‍රිකට් විනිසුරු මඩුල්ල කටයුතු කළෝ ය. ඒ අනුව තමන්ට මේ තත්ත්වය මත තරග නොමැති වේ යැයි බිය වූ කිහිප දෙනෙක් ම එකී කදවුරට පිවිසියෝ ය. ඒ ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ තරගාවලිය ආරම්භයේ දී ය.

මෙරට ප‍්‍රමුඛ පෙළේ විනිසුරුවෝ කිහිප දෙනෙක් ම මෙකී කදවුර ප‍්‍රතික්ෂේප කළෝ ය. ඇතැමෙක් වරදාන හා වරප‍්‍රසාද මත ඒ ක`දවුර හා අත්වැල් බැ`ද ගත් හ. ඇතැමෙක් කිසිදු පාර්ශ්වයක් නොගෙන ස්වාධීන වූ හ. කාරණා කටයුතු මේ අනුව වූවත් අදත් මේ සියලූ පාර්ශ්වයන් තරග කඩුලූ පිටුපස සිට ගනිති.

එහෙත් ගත්තා යැයි පැවැසූ එකී තීරණ තරගාවලිය ආරම්භයේ සුළි සුළගකට වඩා වේගයෙන් හමා ගිය ද ඊට පසුව එහි හා හූවක් නැත. දැන් නැවතත් මේ තත්ත්වය මතු වෙන්නේ පාසල් වාර්ෂික මහා ක‍්‍රිකට් තරග උණුසුමත් සමගිනි. බුද්ධිකගේ කණ්ඩායම නැවත කලබල වී ඇත්තේ මෙරට පැවැත්වෙන වාර්ෂික මහා ක‍්‍රිකට් තරග අතුරින් ප‍්‍රමුඛත්වයේ ලා සැලකෙන තරග කිහිපයක ම බලය තමන් වෙතින් ගිලිහී ඇති බැවිනි.

මේ ගිලිහී ඇති තරග කිහිපය තමන් වෙත ලබා ගැනීම සදහා ඔවුන් මේ වෙද්දී ඉතා සට කපට ආකාරයෙන් ක‍්‍රියාත්මක වෙමින් පවතින බවකි ආරංචිය. විශේෂයෙන් ම ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය ද ඈදා ගනිමින් ඔවුන් එකී පාසල් වෙත අනියත බියක් මුදා හැර තිබේ. ඒ ඊළ`ග පාසල් ක‍්‍රිකට් තරග වාරයේ දී ඔවුන් වෙත තරග විනිසුරුවන් ලබා නොදෙන හෝ ප‍්‍රශ්නයක් විය හැකි බවට වන තරවටුවකි. මේ තීරණය සංගමයේ තීරණයක් නොවන බවකි, එකී සංගමයේ ම නිලධාරීන් ම පවසනුයේ. එසේ වූව ද එකී පාර්ශ්වයේ නිලධාරීන්ගේ සිට ම එකී තරවටුව මේ වනවිට ප‍්‍රචාරය වෙන බවට පැවැසෙන කතා රාශියකි.

මේ සියල්ලට පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධිකගේ නම ඈදී ඇති බැව් ඔහු නොදන්නවා ද විය හැකි ය. බුද්ධිකගේ ගුණ ම වනනා ඇතැම් ක‍්‍රිකට් විනිසුරුවෝ මේ කාර්යයේ ප‍්‍රමුඛයෝ වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික මේ තනතුරට පිවිසෙන්නේ අවස්ථා ගණනාවක දීම කරුණු කාරණා සලකා බලමින් බැව් ය තනතුර බාර ගැනීමේ දී ප‍්‍රකාශ කළේ. ඔහු අත්‍යවශයෙන් ම සලකා බැලිය යුතු කිසිදු කාරණයක් සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ බවකි අපට නම් හැගෙනුයේ. අප එසේ පවසනුයේ ඉහත කරණු සේ ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙතින් දඩුවම් නියම කළ විනිසුරුවෙක්ගේ ද`ඩුවම ඉවත් කිරීමට ද ඔහුගේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් කටයුතු කිරීමක් ගැන ද පවතින සාක්ෂි මත පදනම්ව ය.

මන්ත‍්‍රීවරයාගේ BPMP/2018/01/08/36 දරණ ලිපිය මගින් ඔහු තිලංග සුමතිපාල ක‍්‍රිකට් සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ අදාළ විනිසුරුවා විසින් කරනු ලැබූ ඉල්ලීම ගැන අවධානය යොමු කර ධනාත්මක, කඩිනම්, සාර්ථක ප‍්‍රතිචාරයක් අගය කරමි යැයි කර තිබූ ඉල්ලීම මත ය. මේ ඉල්ලා සිටීම ඔහු විසින් සිදු කරනුයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරු සංගමයේ සභාපති ලෙසින් නොව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙසිනි. අනෙක් අතට ඔහුගේ ඉල්ලීම වනුයේ ‘ධනාත්මක සාර්ථක ප‍්‍රතිචාරයකි.‘ ඒ මගින් මන්ත‍්‍රීවරයා අදහස් කරනුයේ දඩුවම නොසලකා හැර ඔහු සේවයේ නැවත පිහිටුවන ලෙස නොවේ ද?

බුද්ධික පතිරණ මන්ත‍්‍රීවරයාට මේ කාරණයේ දී තම සංගමයේ සාමාජිකයෙක්ගේ ප‍්‍රශ්නයකට සැබෑ ලෙසින් ම පෙනී සිටීමේ අරමුණක් තිබුණි නම් ඔහු කළ යුතුව තිබුණේ තම සංගමයේ ලිපි ශීර්ෂයකින් එකී ඉල්ලීම සිදු කිරීම ය. එහෙත් ඔහු විසින් ඔහුගේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද මත එකී ලිපිය යොමු කරනුයේ කුමන අරමුණක් පෙරදැරිව දැයි තේරුම් ගැනීම අපහසු නොවේ.

ශ‍්‍රී ලාංකේය දේශපාලනය අලූතින් ලියන්නට පැමිණි බුද්ධික පතිරණ මන්ත‍්‍රීවරයා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරු සංගමයේ කාරණා කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන්නට පෙළඹෙන්නේ එලෙසින් නම් සැබැවින් ම ඔහුගේ දේශපාලන භාවිතය සේ ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරු සංගමයේ භාවිතය ද ප‍්‍රශ්නකාරී වන්නේ ය.

මන්ත‍්‍රී බුද්ධිකගේ දේශපාලනය පසෙකින් තබමු, ඒ අපට මේ අවස්ථාවේ දී එය මේ පිටුවට අදාළ නොවන බැවිනි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරු සංගමයේ සභාපති ලෙසින් අලූත් ගමනක් යන්නට පැමිණියේ නම්, කේවට්ටයන්ගේ සහ කපටීන්ගෙන් තොර ගමන් තෝරා ගත යුතු බැව් අප අවධාරණය කරමු. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විනිසුරු සංගමයට අවශ්‍ය වූයේ බුද්ධිකගේ මන්ත‍්‍රී නිල නාමය ම පමණකි. බුද්ධික මන්ත‍්‍රීවරයා ද එය දැන හෝ නොදැන ඔවුන්ට ප‍්‍රදානය කර ඇත. එබැවින් ය, මේ අනෙකුන්ට තරවටු කරමින් යන ගමනක් නිර්මාණය වී ඇත්තේ.