රාවය

අනුර පව්!

අනුර පව්!

මුළු රටම ආරාජිකව ඇති මොහොතක කී‍්‍රඩාව පමණක් සාර්ථකත්වය කරා යතැයි සිතීම මුලාවකි. ඉතා වටිනා මිනිසුන් තම යුතුකමක් කොට සලකා ස්වේච්ඡුාවෙන් තම අතේ ඇති මුදල් ද යොදවා ඉදිරියට රැුගෙන ගිය කී‍්‍රඩා සංගම් බොහෝමයක නිලතල පසුකාලීනව රැකියා විරහිතව නිකමුං අතට පත් වූයේ කී‍්‍රඩාවේද අවාසනාවටය.

කී‍්‍රඩකයා වෙනුවට සංගම් ප‍්‍රධානීන් වීරයන් වූ මෙකල එයට හේතු වූයේද කී‍්‍රඩාව නැතිභංගස්තාන වීම නිසාය. එලෙස කළ නිසාය. අපි ගිය සතියේ පාපන්දු සංගමයේ සභාපති, ලේකම් මාසිකව ලක්‍ෂ එකහමාරක දීමනාවක් ලබා ගැනීමට නියමිත බව ලියුවෙමු. මෙය තවත් මාධ්‍යයද කතිකාවට ගෙන තිබුණි.
දැන් ඒ අල්ල පනල්ලේ පාපන්දු සංගමයේ සභාපති කියනුයේ එවැනි යෝජනාවක් සම්මත වූ මුත් තමන් එලෙස ලබා නොගන්නා බවය. අපූරුය. මේ ගහට නැග්ග හේතුව තණ කොළ කපන්නැයි කියන පන්නයේ කතාය. මෙවැනි වංචනිකයන්ට අපූරු උත්තර ඇත. එහෙත් ඒවා ඊට වඩා වංචනිකය.

යෝජනාවක් ආ සැණින් එය අනුමත වන්නටත් පෙරම ඕවැනි යෝජනා අනවශ්‍ය බව කියන්නට කශේරුකාව ශක්තිමත් නැති සභාපතිවරයා දැන් සියල්ල හෙළි වූ කල තමාගේ නිරුවත දෑතින් වසාගෙන කොපමණ කලක් වසන්නද?

මේ පිළිබ`ද කී‍්‍රඩා ඇමතිවරයා අප සමග කිවේ තමන් වහාම එය නවතාලන බවය. එතැනින් යමක් වන්නට ඇතැයිද අපගේ විශ්වාසය. එසේ නොවන්න යන එන මං නැතිව ඉන්න සභාපති ලක්‍ෂ එකහමාර අත නොහරින බව විශ්වාසය. මෙවැනි කි‍්‍රයා කුමන සංගමයකවත් නොවිය යුතුය.

අනෙක් අතට අපි මීට පෙර පිහිනුම් සංගමයේ තනතුරු දරනුයේ පුහුණුකරුවන් බව දැනුම් දුන්නෙමු. එය කළ නොහැක්කකි. නීතියටද පටහැනිය. එසේ නම් එය තවමත් ප‍්‍රමාද වන්නේ ඇයි? ඇතැම් විට කී‍්‍රඩා ඇමතිවරයා මෙම තව කෙනෙකුට පැවරු කළ එය පැත්තකට විද යන්න නොදනිමු.

දයාසිරි ජයසේකර ඇමතිවරයා කී‍්‍රඩාව ගැන උනන්දු වන බව පෙනේ. ඊට සංගම්වල ශක්තිය අවැසිය. එය ලබා ගැනීමට නම් සංගම්වලට හොද දැක්මක් විනය ගරුක බවක් තිබිය යුතුය. කී‍්‍රඩා පනතට පිටින් කි‍්‍රයා කරන අය ඉන්නා තැන කී‍්‍රඩාවේ හො`ද ගමනක් තිබිය හැකිද? එබැවින් ඇමතිවරයා පිහිනුම් ගැනද නිසි අවධානය යොමු කළ යුතුය.

එමෙන්ම සුගතදාස කී‍්‍රඩාංගණය මෙන්ම දියගම කී‍්‍රඩාංගණයද ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රමිතියට සකස් කළ යුතුය. එසේ නැතහොත් මොන කයිවාරු ගැසුවද අපට යා හැකි දුර ඉතාම මදය.

මේ වසරේ හෝ හොද සැලැස්මකට අනුව ඉදිරියට යා හැකි නම් අපුරුය. එය කී‍්‍රඩාවේ නාමයෙන් අගනේය. වටිනේය.

කළ හැකි සහ කළ යුතු බොහෝ දේ ඇතත් වසර තුනක් ගෙවුණද? රට මෙන්ම කී‍්‍රඩාව පැත්තෙන් වුව වර්ධනයක් දැකිය නොහැකිය. එයින් පෙනෙනුයේ කී‍්‍රඩා ඇමතිවරයාද දුවනවා යැයි සිතුවද? එකතැන ඇවිදින බවය.