මම ඇමෙරිකාවට ආවෙත් මැජික් දොරකින් Mohsin Hamdi

සටහන – වින්ධ්‍යා ගම්ලත්

 

‘‘මං ආපහු පාකිස්ථානෙට යද්දි අවුරුදු නමයක පුංචි කොල්ලෙක්. ඒ 1980 දෙසැම්බර් මාසේ. ආරක්ෂාව ගැන එතරම් තැකීමක් නොතිබුණු ඒ සමයේදී ලාහෝර් ගුවන්තොටුපළට ආව මිනිස්සු තමන්ගේ පවුල් වල අය පිළිගන්න බලාගෙන හිටියා. ජිමී කාටර්ව පරද්දලා රොනල්ඞ් රේගන් ජයග‍්‍රහණයේ උණුසුම් භුක්ති වින්ඳ ඒ කාලේදී ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කරලා වසරක් ගතවීමේ සතුට භුක්ති විඳින්න සෝවියට් සංගමය සූදානම් වෙමින් හිටියා. ගිලී ගිය ඇස් දෙකක් තිබුණු ආඥාදායක ජෙනරාල් ෂියා උල් හක් පාකිස්ථානය පාලනය කළා. මට උර්දු අමතක වෙලා ගිහිං තිබුණා.

තමන්ගේ මව් භාෂාව අමතක වුණා යැයි පැවසීම විහිළුවක් වගේ. අවුරුදු දෙක වෙන්නත් කලින් මං හොඳට උර්දු කතා කළා. ඒ බව ඔප්පු කරන්න පුළුවන් සලකුණු තාමත් තියෙනවා. 1973 ගිම්හානයේදී සුල්ෆිකාර් අලි භූතෝ පාකිස්ථානයේ අගමැති වෙන්න ප‍්‍රචාරණ වැඩපිළිවෙළක් දියත් කළා.PTV එකේ යන ඔහුගේ කතා දකින මම මේසේ උඩ නැගලා රැස්වීම් වලදී ඔහු කතාකරන විදිය අනුකරණය කරනවා.

එක දවසක් කවුරු හරි කෙනෙක් මාව පිට්ටනියේ දී අල්ලගෙන බිම පෙරලන්න හැදුවා. ඒකෙන් බේරෙන්න මං දුවගෙන ගියා. අවසානේදී මගේ ඔළුව පැළිලා මගේ ඇස් දිගේ ලේ පෙරීගෙන ආවා. මගේ ඇස් මායිමට එන තෙක්ම ලේ වැටිලා තිබුණා.
හරියටම මේ සිද්ධියෙන් පස්සේ අවුරුද්දේදී ලාහෝර්වලට ගියා. නැවත ඇවිත් ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලෙට යාබද තැනක පදිංචි වුණා. මෙහි ගත කරපු එක දවසක සමනල්ලූ අල්ලන්න යන ළමයි රැුළක් එක්ක වැටිලා මාත් තරෙ`ගට දුවගෙන ගියා. ඒත්, අතරමඟදී ලිස්සලා ඇදවැටුණු මගේ හඬ ඇහිලා අම්මා මාව එක්කන් යන්න ආවා. අහළ පහළ ළමයි මාව වටකරගෙන සමච්චල් කර කර ඉද්දි මගේ අතින් ඇදන් ආව අම්මාගෙන් එක ළමයෙක් ඇහුවේිඑයා ආබාධිතයිද ?‘ කියලා.

‘නැහැ‘
‘ඉති, එහෙනම් එයාට හරියට කතාකරන්න බැරි ඇයි ?‘
‘එයාට පුළුවන්. ඒත්, එයා හරියට ඉංග‍්‍රීසි දන්නේ නැහැ‘ අම්මා ආයෙත් උත්තර දුන්නා.

මේ සිද්ධියෙන් පස්සේ මාස ගාණක් යනතුරු මං කතා නොකර හිටියා. අම්මලා මේ ගැන කණගාටු වුණත් යථා තත්ත්වයට එන්න කාලයක් ගතවේවි කියලා හිතන්න ඇති. ටීවී එක ළඟට වෙලා චිත‍්‍ර අඳින්න, ලී බ්ලොක්වලින් ගොඩනැගිලි හදන්න අම්මා, තාත්තා මට ඉඩදුන්නා. ඉතිං, ඊට පස්සේ පුදුමෙට වගේ මං කතා කළා. හැබැයි, අසම්පූර්ණ වැකි වලින් ඇමරිකන් හුරුවට කතා කළේ ඉංග‍්‍රීසි‘‘

මේ පාකිස්ථානු ලේඛක Mohsin Hamid ගේ කතාවයි. 2017 පසුගිය බුකර් සම්මාන උළෙලේදී ඔහු රචනා කළExit West කෘතිය අවසන් වටයේ කෘති අතරට පැමිණෙනවා.එමෙන්ම, Mohsin රචනා කළ The Reluctant Fundamentalist කෘතිය ද 2007 වසරේ බුකර් සම්මානය වෙනුවෙන් නිර්දේශ වූ කෘති අතරට පැමිණෙනවා. Moth Smoke (2000) හාHow to Get Filthy Rich in Rising Asia (2013) ඔහු ගියූ කෘතීන් අතරට අයත්. ඔහු රචනා කළ The Reluctant Fundamentalist පසුබිම වන්නේ ඔහු වැනිම වුණු සංක‍්‍රමණිකයින්ගේ කතාවයි. සැප්තැම්බර් 11 ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාරය, ඉන්පසුව, එකල ඇමරිකාවේ වෝල් ස්ට‍්‍රීට් හි තක්සේරු සමාගමක රැුකියාව කළ පාකිස්ථානුවෙකු වුණු චංගීස්ට මුහුණදෙන්නට සිද්ධ වුණු කටුක අත්දැකීම් හා නැවත පාකිස්ථානයට පැමිණෙන ඔහු එහි කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන අතරතුරදී අත්විඳින අත්දැකීම් මේ කෘතියට පදනම් වී තිබෙනවා. මෙම කෘතිය මුද්‍රණයට පත්වෙන්නට පෙරාතුවම 2012 දී එය එනමින්ම සිනමා නිර්මාණයක් බවට පත්වන්නේ මීරා නායර්ගේ අධ්‍යක්ෂණයෙනුයි.

Mohsin සමග පැවති සම්මුඛ සාකච්ඡුාවකදී ද නැෂනල් සඟරාව ඔහුගේ Exit West නවකතාව ගැන වරෙක ප‍්‍රශ්න කරනවා. රැකවරණ හොයාගෙන තමන්ගේ රටෙන් වෙන රටකට යන යුවළකගේ කතාවක් වුණු මෙහි . සිටින චරිත, පුද්ගලයෝ හා සංවාද සත්‍ය වුවත් ඔවුන් එක රටකින් තවත් රටකට යන්නේ මැජික් දොරකිනුයි. මෙහෙම සත්‍යය ගැබ්වුණු කතාවක් සුරංගනා කතාවක් විදියට මවන්න හේතුවුණේ ඇයි දැයි යන්නට පිළිතුරු දෙමින්,

‘දොරවල් කියන්නේ පැවතීම යන්න මගේ අදහස වුණා. මං පාකිස්තානේ ඉද්දී එක්තරා අන්දමේ මැජික් දොරකින් වගේ ඇමරිකාවට ආවා. තමන් ජීවත් වන තැනින් නික්මිලා යන තත්ත්වයට කෙනෙක්ට පත්වෙන්න සිද්ධවෙන්නේ ඇයි ?. ඒ තුළ තියෙන වේදනාව, දුක, සංතාපය මොන වගේද ?. එතෙන්ට ගියාම ඔබේ ජීවිතේට සිද්ධවෙන්නේ මොකක්ද ?. ඇත්ත කතාව වෙන්නේ අපි හැමදෙනාම එක තැනකින් තව තැනකට යද්දී මේ වේදනාවට මුහුණපානවා යන්නයි.

ඇදහිය නොහැකි තරමට තාක්ෂණික වගේම දේශපාලන වෙනස්කම් සිද්ධවෙද්දිත් අපිට දැනෙන්නේ මේ මොහොත විද්‍යා ප‍්‍රබන්ධයක් කියලා. අද එකිනෙකා එක්ක කතාකරන්නේ තිර හරහායි. එක තැනක ඉඳන් තවත් තැනකට යා හැකි දොරක් ඇරිලා තියෙනවා. ඇත්තටම, විද්‍යා ප‍්‍රබන්ධ කියන්නේ අපි මේ ජීවත්වෙන භාවාත්මක යථාර්තයටයි.
The Reluctant Fundamentalist කෘතිය ද Mohsinගේ නවකතා අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකරගන්නවා. වරෙක ඔහුට හමුවන දිගු කොණ්ඩයකින් හා නිල් පැහැ ඇස්වලින් යුතු ඇමරිකන් තරුණයෙකු පවසන්නේ, ‘‘මේ නවකතාවේ ඉන්නේ මම. ඉස්කෝලෙන් අයින් වෙලා වෝල් ස්ට‍්‍රීට් එකේ වැඩකළා. ජොබ් එකෙන් අයින් වෙලා යෝගා උපදේශකයෙක් වුණා‘‘ යන්නයි. ඔThe Reluctant Fundamentalistයනු හුදෙක් පාකිස්ථානයේ සිට නිව්යෝර්ක් වෙත පැමිණ නැවත පාකිස්ථානයට ගිය තරුණයෙකුගේ කතාව නොව මිල මුදල් සමග කරන ව්‍යාපාරික කටයුතු අතහැර ලිබරල් කලාව වැනි නිර්මාණාත්මක දේවල් සොයාගිය තරුණයෙකුගේ කතාව බව Mohsin වැටහී ඇත්තේ ද එවිටයි.

The Reluctant Fundamentalist කෘතියේදී ශිෂ්‍ය උද්ඝෝෂණයක් අතරතුරදී ඇමරිකන් ජාතිකයෙකුගේ වෙඩි පහරින් මරුමුවට පත්වෙන සමීර්ගේ දේහය අද්දර හිඳ ඔහුගේ මාපියන් වෙනුවෙන් චංගීස් පවසන මේ වැකිය හැබෑවටම Mohsin දකින හෙට දවසේ බලාපොරොත්තුව ද විය හැකියි.

‘‘හැඟීම් අපට ධෛර්යය ලබාදෙනවා. නිතරම හිනාවෙන් හිටිය අපේ අහිංසක සමීර්ට මේ කතාව ඇහුණොත් ඔහුත් ඊට එකඟ වේවි. සමීර් වෙනුවෙන් නොහඬා ඉන්නැයි ඔහුගේ මාපියන් අපෙන් ඉල්ලා හිටියා. දැනටමත්, ඕනෑවටත් වඩා කඳුළු මේ නිහඬ ගඟට ගලා ගිහිං තියෙනවා. තමන්ගේ පුතා වෙනුවෙන් පළි නොගන්නැයි, දෛවයට දෙස් දෙවොල් නොතබන්නැයි ඔවුන් අපෙන් ඉල්ලනවා. අල්ලා අපේ පුතාව ආදරයෙන් වැළඳගත්තා. දෑසින් වැගිරෙන ඔය කඳුළු පිහදාලා, ආඥාදායකයෝ-ප‍්‍රජා පීඩකයෝ නැති,ආක‍්‍රමණිකයෝ නැති හෙට දවසක් වෙනුවෙන් යාඥා කරන්න. මේ යාඥාවට ඔබේ ආදරණීයයන් ද කැටුව එන්න. කිසිකලෙක නොදුටු අමිල රැුස් විහිදුවන්නැයි – ඈතින් දිලිසෙන ඉරට කියන්න. අපේ ආත්මයේ සාරයෙන් හිරුට තවත් දීප්තිමත් වන අන්දම උගන්වමු.‘‘