Dunkirk

රසික ගුණවර්ධන

Dunkirk කියන්නෙ දෙවැනි ලෝක යුද්ධය අළලා කරපු ෆිල්ම් එකක්. මේක 2017 නිකුත් වෙන්නේ. ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන් කියනවා නම්, 1939 සැප්තැම්බර් මාසේ දී නාසි ජර්මනිය පෝලන්තය ආක්‍රමණය කරනවා. ඊට පස්සේ බි්‍රතාන්‍ය අධිරාජ්‍ය හා ප්‍රංශය ආර්ථික සම්බාධක එක්ක ජර්මනියට විරුද්ධව යුද ප්‍රකාශ කරනවා. 1940 මැයි 10 වෙද්දි ජර්මනිය සමත් වෙනවා බෙල්ජියම, නෙදර්ලන්තය හා ප්‍රංශය ආක්‍රමණය කරන්න. මැයි 21 වැනිදා වෙද්දි ජර්මනියේ පැන්සර් ටැංකිවල අනපේක්ෂිත හා ඒ කාලයට සාපේක්ෂව දියුණු තාක්ෂණය හමුවේ ජර්මන් හමුදා සමත් වෙනවා, බි්‍රතාන්‍ය (British Expeditionary Force (BEF) ) හමුදාව, බෙල්ජියම් හමුදාවේ ඉතිරි කොටසක් හා ප්‍රංශ හමුදා ඛණ්ඩ තුනක සෙබළුන් 400,000 ක් පමණ උතුරු ප්‍රංශයේ ඩන්කර්ක් වෙරළ හා වරායේ හිරකරන්න. මෙන්න මේ හිරවෙන සෙබළුන්ව බේර ගන්ඩ බි්‍රතාන්‍ය දියත් කරන මෙහෙයුම තමයි කතාවට පාදක වෙන්නේ. බි්‍රතාන්‍ය හමුදා ඉතිහාසයේ මහා කළු පැල්ලමක් ලෙස සනිටුහන් වෙන ඩන්කර්ක් ඛේදවාචකය යම්තාක් දුරට හෝ ආලෝකමත් කරන්නේ මේ සිවිල් වීරයන්. ඒ බව චිත්‍රපටිය අවසානයේ තහවුරු වෙනවා.
දේවන ලෝක යුද්ධය සාමාන්‍ය මිනිස්සුන්ට කොච්චර බලපෑමක් කළාද කියන කාරණාව මෙහි මනාවට ඉස්මතු කරනවා. ඒ විතරක් නෙවෙයි, සෙබලෙක් කියන්නෙ මිනී මරන්ඩ පුරුදු කරපු යන්ත්‍රයක් නෙවේ සෙබලා කියන්නෙත් ආදරය, කරුණාව කැටිකරපු මනුෂ්‍යයෙක් බවත්, ඔහු යුද්ධයකදි කොයි විදිහට රූපාන්තරණය වෙනවද කියන එකත් චිත්‍රපටිය ඇතුලෙදි කියනවා.
මේ චිත්‍රපටියෙ කතාව ගලාගෙන යන විදිහ, සිදුවීම් පෙළ ගස්වන විදිහ සාමාන්‍ය යුද චිත්‍රපටියකට වඩා වෙනස්. මේ චිත්‍රපටිය රේඛීයව ගලාගෙන යන චිත්‍රපටියක් නොවේ. මේක අග, මුල සහ මැද කලවන් කරපු චිත්‍රපටියක්. ඒක කලවන් කිරීම හරි අපූරුවට කතාවට ලස්සනක් එකතුකරනවා, ප්‍රේක්ෂකයට අරමුණක් නිර්මාණය කරනව. චිත්‍රපටිය පටන්ගද්දිම පෙන්වන පොළොවේ සිදුවීම අවසාන සිදුවීමට සතියකට විතර කලින් සිද්ධ වෙන දේවල්. මුහුදේ සිදුවීම් අවසාන සිදුවීමට දින දෙකකට කලින් සිද්ධ වෙන දේවල්. ඒ වගේම ගුවනේ සිදුවන දේවල් අවසාන සිදුවීමට පැයකට පෙර සිදුවන දේවල්.

මේ චිත්‍ර පටිය අධ්‍යක්ෂණය කරන්නෙ ලෝප්‍රකට සම්මානලාභී අධ්‍යක්ෂ “ක්‍රිස්ටෝපර් නෝලන්”. නිතර බටහිර චිත්‍ර පටි බලන කාටත් අමුතුවෙන් නෝලන් ගන කියන්ඩ දෙයක් නෑ. නොදන්න අයට නෝලන් ගැන මෙහෙම කියන්නන්, නෝලන් මේ වෙද්දි චිත්‍ර පටි දහයක් හදල තියනව එයින් අටක්ම IBDM හොඳම දෙසිය පනහ ඇතුලෙ තියනවා.!
ඔස්කා සම්මාන ලාභී මාක් රියලන්ස්, ටොම් හාඩි, ජැක් ලෝඩන් වගේ විශිෂ්ඨ නළු නිළියෝ රැසක් රංගනයෙන් චිත්‍රපටිය සඳහා දායක වෙනවා. ඒ වගේම 23 වන විචාරකයන්ගේ සම්මාන උළෙලේදී හොඳම සංස්කරණයට හිමි සම්මානය දිනාගන්ඩ මේ චිත්‍රපටිය සමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි 71 වැනි බි්‍රතාන්‍ය ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම සංගීතයට හිමි සම්මානයද, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී සම්මාන තුනක් ද 90 වන ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම රූප සහ හොඳම අධ්‍යක්ෂණයට ද හිමි සම්මාන වගේම විශාල සම්මාන ප්‍රමාණයක් හිමිකරගන්ඩ මේ Dunkirk සමත් වෙනවා. මේ වෙද්දි මේ චිත්‍රපටිය ඇමරිකන් ඩොලර් මිලියන 525.6 වාර්තාගත විදිහට උපයලා තියනවා.

මේක හොයාගෙන බලන්ඩ වටින චිත්‍රපටියක්. යුද්ධය මොනතරම් අනුකම්පා විරහිත ද? යුද සෙබළු මානුෂිකද? යුද්ධය මෙන්ම යුද සෙබළාද සිනමාව තුළ අපට මොනතරම් සමීපද? ඩන්කර්ක් හරහා අප කියවිය යුතු යථාර්ථය එය නොවේද?