සම්ප්‍රදාය අතික්‍රමණය කළ ‘විප්ලවකාරී’ කෙල්ල – මැඩෝනා

පරිවර්තනය : වින්ද්‍යා සචිත්‍රි ගමගේ

“මිනිස්සු මාව හඳුන්වන්නේ මතභේදකාරී චරිතයක් ලෙසයි. ඒත් මම ජීවිතයේ කළ වඩාත්ම මතභේදාත්මක දෙය නම් ක්ෂේත්‍රයෙන් පිටමං නොවී එහි රැඳීසිටීමයි. මයිකල් ජැක්සන්, ටූපක්, ප්‍රින්ස්, විට්නි වගේම ඇමී වයින් හවුස්වුත් යන්න ගියා. ඬේවිඞ් බෝවින් ගියා. ඒත් මම තවමත් ඉන්නවා.”

මුල් අවධිය

ගායිකාවක්, රැඟුම්පාන්නියක් හා නිළියක් වන මැඩෝනා ලුයිස් වෙරෝනිකා සිකෝන්, සිල්වියෝ ටෝනි සිකෝන් සහ මැඩෝනා ෆොටින්ට දාව 1958 උපත ලැබුවා. ඇගේ පියා වන ටෝනි ඉතාලියෙන් ඇමරිකාවට සංක්‍රමණය වූවෙක්. ඔහු ඇමරිකාවේදී ඉංජිනේරු උපාධියක් ලබාගැනීමට සමත් වුණා. ප්‍රංශ කැනේඩියානු සම්බවයක් ඇති එක්ස් කිරණ තාක්ෂණවේදිනියක් මෙන්ම නාට්‍යාංගනාවක් ලෙසත් කලක් කටයුතු කළා. 1958 දී සය දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා ලෙස උපත ලද මැඩෝනා තම පවුලට හිතාදර සොයුරියක් වෙමින් තම ස්ත්‍රී ශෝභාව ප්‍රයෝජනයට ගනිමින් නිරන්තරයෙන් තමන්ට අවශ්‍ය දේ ලබාගැනීමට යුහුසුළු වුණා.

මව්පියන්ගේ ප්‍රබල කතෝලික විශ්වාස මැඩෝනාගේ ළමා කාලය තුළ ඇයට දැඩි බලපෑමක් ඇති කළා. “මගේ අම්මා ආගමික අන්තවාදිනියක් අපේ ගෙදර නිතර කතෝලික පූජකයන් හා මෙහෙණිවරුන් දක්නට ලැබුණා.” මේ නිසාම පසුකාලීනව ඇයගේ මතභේදයට තුඩු දුන් නිර්මාණ තුළ දක්නට ලැබුණා. බොහෝ කතෝලික සංකේත අතර තම මවගේ ශුද්ධ වූ හදවත් ප්‍රතිමාව, ඇය කුඩා කල උගත් පාසලේ මෙහෙණින්ගේ කල්ක්‍රියාව මෙන්ම ඇය සහ ඇගේ පවුලේ අය දිනපතා යාඥා කළ කතෝලික අල්තාරය ආදිය ඇතුළත් වුණා.

පවුලේ ශෝකාන්තය

මැඩෝනාගේ දිවියේ මුල් යුගයේ ඇයට දැඩි ලෙස බලපෑ හේතුවක් තිබුණා. ඇගේ මව සිය කුඩාම දියණිය කුස තුළ දරා සිටියදී පියයරු පිළිකාවන් ඇති බව දැනගත්තත් දරු ගැඹ මුළුමනින්ම මෝරන තුරු කල් බැලීමට සිදුවීම නිසා ප්‍රතිකාර පමා කිරීමෙන් රෝගය උත්සන්න අතට හැරුණ. මේ නිසා 1963 වසරේ 30 හැවිරිදි වියේ පසු වූ මැඩෝනාගේ මවට ලාබාල වියේදීම මෙලොවින් සමුගැනීමට සිදුවුණා. ඒ වන විට ඇයට යන්තම් අවුරුදු 5 පිරුණා පමණයි. මවගේ වියෝව මැඩෝනාගේ හිරිමල් වියට ප්‍රබල ලෙස බලපෑවා.
“පැකිලීමක් හෝ තැති ගැනීමක් නැතිව මට අවශ්‍ය දේ කීමට හැකි වුණේ අම්මා මා ළඟ නොසිටි නිසයි. අම්මලා ඉන්නේ දරුවන්ට හොඳ පුරුදු උගන්වන්නයි. මම ඒ කිසිම නීති රෙගුලාසියක් ඉගෙන ගත්තේ නැහැ.”

කලක් තිස්සේ නිවසේ පාලිකාව ලෙස කටයුතු කරත්දී මැඩෝනාගේ පියාට මුණගැසුණු ජොඈන් පසුකලක ඇගේ කුඩම්මා බවට පත්වුණා. තමාට දැඩි ලෙස නීතිරීති පැන වූ කුඩම්මා සමග මැඩෝනා බොහෝ සෙයින් රණ්ඩු සරුවල් වුණා. පසුකලක ඇය කියා සිටියේ ජොඈන් තමාව නිවසේ කුඩා සහෝදර සහෝදරියන් බලාගැනීමට කොටු කළත් එම කාරිය ඇයට බොහෝ සෙයින් නීරස දෙයක් වූ බවයි. “මම අපේ ගෙදර ඇතුළේම නියම සින්ඩරෙල්ලා කෙනෙක් බවට පත්වුණා. එතකොට තමයි මම හිතුවේ මොනවා හරි කරලා මේ හැමදේකින්ම ගැලවෙන්න ඕනේ කියලා. මෙතෙක් කල් ඇඟ ආවරණය වන ලෙස ඇඳි ඇඳුම් වඩාත් නිරාවරණය වන ලෙස ඇදීමක්, සමලිංගිකයන් ගැවසෙන රහස් සමාජ ශාලාවල ගැවසීමෙන් මෙන්ම තම ආගමික පසුබිම තරයේ ප්‍රතික්‍ෂේප කිරීම තුළින් ඇය සමාජයේ ගතානුගතික හැදියාවන්ට එරෙහිව කැරලිගස්නියක් ලෙස ප්‍රචලිත වුණා.

“මගේ හිරිමල් වයසේ මට යාළුවෝ හදාගන්න හරිම අමාරු වුණා. සමාජයේ පැල් බැඳගෙන තිබූ නීති රීතිවලට අනුකූලවතාව නොදැක්වූ නිසා මගේ සම වයසේ අය මාව දැක්කේ ‘අමුතු’ කෙනෙක් විදිහටයි. අනෙක් හැම ගැහැනු ළමයෙක්ම කළ දෙයට ප්‍රතිවිරුද්ධ දේ කිරීමට මම නිතරම පෙළඹුනා. ඒ නිසා මා ‘පිරිමි විකර්ෂණය කරන්නියක්’ ලෙස ප්‍රසිද්ධියට පත් වුණා.

සංගීතය හා නර්තනය

එක් අතකින් ඇය කොතරම් අකීකරු අයෙකු වුවත් ඉහළ කාර්යසාධනයෙන් යුතු, පරිපූර්ණතාවය සොයායන්නියක් වුණා. පාසලේදී ඉහළම සාමාර්ථ ලැබූ ඇය, ඔල්වරසන් දීමේ කණ්ඩායමේ නායිකාවක් මෙන්ම මනා ශික්ෂණයෙන් යුතු නර්තන ශිල්පිනියක් වූ අතර ඇගේ දක්ෂතාවය නිසාම තම සමවයසේ සිසුන්ට වර්ෂාර්ධයකට කළින් උසස් පාසල අවසන් කිරීමට සමර්ථ වුණා. 1976 වන විට මැඩෝනාගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස පූර්ණ ශිෂ්‍යත්වයක් සහිතව ඇයට මිචිගන් විශ්ව විiාලයේ නර්තන වැඩසටහනට ඇතුළත් වීමට හැකිවුණා. 1977 දී මිචිගන් විශ්ව විiාලයේ උපාධි අපේක්ෂිකාවක්ව සිටි සමයේ ඇයට නිව්යෝක්හි ඇල්වින් ඇලේ නම් ඇමරිකානු නෘත්‍යශාලාවේ රංගනය සඳහා සති 6ක ශිෂ්‍යත්වයක් ලැබුණු අතර පසුව 1978 දී පෝල් යංග් නම් නර්තන වින්‍යාස ශිල්පියා සමග රංගනයේ යෙදීමේ දුලබ අවස්ථාව හිමි වුණා. ඉන්පසු තමා දෑ අවුරුද්දක් කරමින් සිටී උපාධිය පසක දැමූ මේ නැගී එන තාරකාව තම රංගන දිවිය ප්‍රගුණ කිරීමට නිව්යෝක් නගරයේ නතර වීමට සිතා ගත්තා.

මේ අතරතුර ඇය තම ජීවිතයේ මුහුණුදුන් අමිහිරිම අත්දැකීමක් සිහිපත් කළා. “නිව්යෝක් මම හිතුව තරම් හොඳ නගරයක් වුණේ නැහැ, මාව දෑත් විදහා පිළිගන්න තරම් කාරුණික වුණේ නැහැ. “මගේ පිටට පිහියක් උළුක් කරලා ගොඩනැගිල්ලක මුදුනතට මාව ඇදගෙන ගිහින් අපහරණය කළා.” විසි හැවිරිදි වියේදී තමා මෙසේ දූෂණයට ලක් වූ අතරම තෙවරක් ඇය රැඳී සිටි නවාතැන සොරුන් බිඳ දැමු බවත් පැවසුවා. “මම දන්නේ නැහැ මොන හේතුවක් නිසාද මගේ නවාතැන් පොළට හොරු පැන්නේ කියලා. පළමු වතාවේ මගේ රේඩියෝ එක සොරකම් කළාට පස්සේ කිසිම වටිනාකමක් ඇති දෙයක් මා සතු වුණේ නැහැ.”

සතියට වරක් තම නවාතැනේ කුලී ගෙවීමට ඇයට සුළු රැකියා රැසක් කිරීමට සිදුවුණා. සිතුවම්කරණයේ යෙදෙන්නන් සඳහා ‘නග්න නිරූපිකාවක් වීම, රුසියානු තේ හලක වැඩ කිරීම සහ ඇමරිකානු නර්තන මධ්‍යස්ථානයක කටයුතු කිරීමට ඇයට සිදුවුණා. මේ අතර කැපී පෙනෙන රැකියාවක් වූ නග්න නිරූපිකාවක් වීම පිළිබඳව ඇය මෙසේ පවසනවා. “මා දිහා බලා සිටී අය දෙස මම නග්නව බලා සිටියා. පෑන් සහ අඟුරු කැබලිවලින් නිර්මාණය කිරීමට ඔවුන් සැනසෙන්නේ මිනිස් සිරුරේ යම් ස්වරූපයක් පමණක්ය යන තැනට ඔවුන් ගෙන ඒමට තරම් මා නිර්භීත වුණා.
1979 දී ඩෑන් ගිල්රෝයි සමග හාදවුණු මැඩෝනා ‘බ්රෙක්ෆ්ස්ට් ක්ලබ්’ නම් සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකාවක් වුණා. ගිල්රෝයි ඇයව ප්‍රංශ ‘වාඞ්විල් රිවීව්’ නම් රාත්‍රී භෝජනාගාර නෘත්‍ය ශාලාවේ ප්‍රධානියාට හඳුන්වාදීමෙන් පසු ඇය ප්‍රංශයේ කෙටි කාලයක් සමාජ ශාලා නර්තන ශිල්පිනියක් ලෙස (show girl) ලෙස කල් ගෙව්වා. මේ කාලයේදී ගයමින් නර්තනයේ යෙදීමේ සුසංයෝගයට ඇය දැඩි ලෙස ඇළුම් කරන්නට වුණා. 1980 වසරේ නැවත ඇමරිකාව බලා පැමිණි ඇය, ගිල්රෝයිගේ සංගීත කණ්ඩායමට ඩ්‍රම්ස් වාදිකාවක් ලෙස එක්වී පසුව එහි ප්‍රධාන ගායිකාව බවට පත්වුණා. මීළඟ වසර කිහිපය තුළදී ‘මැඩෝනා ඇන්ඞ් ස්කයි’, ‘ද මිලියනයාර් ඇන්ඞ් එමී’ නමින් තමන්ගේම සංගීත කණ්ඩායම් කිහිපයක්ම බිහි කිරීමට ඇය සමත් වුණා.

පොප් තරුවක් වීම

1981 වසරේදී ඒකල ගායන දිවියක් ඇරඹීමේ අරමුණින් ඇය කැමිලි බාබොන් නම් කළමනාකරු හා එක්වූ අතර එමඟින් ගායන වෘත්තියේ නියම මාර්ගයට පිවිසීමට ඇයට හැකියාව ලැබුණා. මෙතෙක් පුරුෂ පාලනයට නතුව තිබූ සංගීත ව්‍යාපාර ලෝකය සොයායාමටත් ‘ස්ටුඩියෝ බෑන්ඞ්’ එකක් අරඹමින් නැඟී එන තාරකාවක් ලෙස ‘හිප් විලාසිතාවන්’ හරහා මිනිසුන්ගේ අවධානය දිනාගැනීමටත් කැමිලි ඇයට බොහෝ සෙයින් උපකාර කළා. මැඩෝනාගේ සංගීත කණ්ඩායමක සංගීතඥයෙකු වූ ස්ටීවන් බේ මැඩෝනාගේ පළමු ජනප්‍රිය ගීය වූ ‘එව්රිබොඩි’ සඳහා පද රචනයෙන් දායක වූ අතර තම නොඉවසිලිමත් ව්‍යාපාර විලාශය නිසාම එම ගීය නිව්යෝක් සංගීත නිෂ්පාදකයෙකු වන මාර්ක් කමින්ස් වෙත ගෙන යාමට ඇය සමත්වුණා. කමින්ස් “සයර් රෙකෝඩිස්” ආයතනය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට මැඩෝනාට සහය විය. මෙලෙස ‘එව්රිබොඩි’ 1982 වසරේ නර්තන ගීත දර්ශක තුළ නොම්මර එකේ ගීතය බවට පත්වුණා.

මේ අතර ‘එව්රි බොඩි’ හි සාර්ථකත්වය මත පදනම්ව ‘මැඩෝනා’ නමින් දීර්ඝ ගීත ඇල්බමයක් නිෂ්පාදනය කිරීමට ‘සයර් රෙකෝඞ්ස්’ ආයතනය ඒත්තු ගැන් වීමට මැඩෝනා සමත්වූවා. සෙමින් නමුත් ස්ථාවර ලෙස සාර්ථකත්වයට පත් වූ මේ ඇල්බමයේ ‘බෝඩර් ලයින්’ , ලකීස්ටාර් සහ ‘හොලිඬේ’ වැනි ජනප්‍රිය ගීත අඩංගු වුණා. ටික කලක් ගතවෙත්ම රට පුරා සිටි ගැහැනු ළමයි මැඩෝනාගේ මෙන් වෙනස් වූ මෝස්තර නිර්මාණ අණුකරණය කරන්නට වුණා. ඇඟ විනිවිද පෙනෙන, කොටු වැඩ දැමූ තුනී මේස් වර්ගයක් වන ‘ෆිෂ් නෙට් ස්ටොකින්ස්’, ලේස් යට ඇඳුම්, ඇඟිලි රහිත අත්වැසුම් සහ විශාල කුරුස සුරුවම් මාල විලාසිතා මේ අතර කැපී පෙනුණි. ‘හොලිඬේ’ ගීතයේ ජනප්‍රියත්වය නිසාම ඇයට 1984 වසරේ ‘ඩික් ක්ලාඞ් ඇමරිකන් බෑන්ඞ් ස්ටෑන්ඞ්’ සඳහා ඉදිරිපත්වීමට අවස්ථාවක් ලැබුණු අතර එහිදී ඇය කියා සිටියේ ලෝකය පාලනය කිරීම තමාගේ මූලික අභිප්‍රාය බවයි.

ඇඟේ මේ තීව්‍රරතාව හා අධිෂ්ඨානය 1985 දී නිකුත් වූ ‘ලයික් අ වර්ජින්’ නම් ඇල්බමයෙන් මනාව ප්‍රචලිත වුණා. එය බිල්බෝඞ් දර්ශකයේ අංක එකේ ගීතය බවට පත් වූ අතරම නිකුත්කර මාසයක් යන්නටත් මත්තෙන් “ප්ලැටිනම්’ වාර්තාවක් තබමින් ඇල්බම මිලියනයක් අලෙවියක් වාර්තා කළා. මෙම ඇල්බමයේ ප්‍රධාන ගීතය වූ ‘ලයික් අ වර්ජින්’ නයිල් රොජගේ නිෂ්පාදනයක් වූ අතර එය මැඩෝනාගේ සර්වකාලීන දැවැන්තම පොප් ගීතය බවට පත් වූයේ ගීත දර්ශක තුළ සති හයක කාලයක් ජනප්‍රියතම ගීතය බවට පත්වෙමින් මේ ඇල්බමයට ඇතුළත් වූ ගීත අතර ‘මටීරියල් ගර්ල්’, ‘ද ටංග් ඉන් චීක්’ සහ ‘එන්ජල්’ ප්‍රමුඛත්වයක් ගත්තා.

1985 දී මැඩෝනා තම ප්‍රථම ප්‍රධාන ධාරාවේ චිත්‍රපටය වන ‘ඩෙස්පරේට්ලි සීකිං සුසන්, හි රඟපාමින් චිත්‍රපටයෙහි නිළ ගීතය වන ‘ඉන් ටු ද ග්රූම්’ ගායනා කළ අතර එය ඇමරිකානු නර්තන ගීත දර්ශකවල අංක එකේ ගීතය බවට පත්වුණා. පසුව ඇය නිකුත් කළ තනි ගීතයක් වූ ‘ක්රේසි ෆොයූ’ ගීත දර්ශක තුළ නොම්බර එකේ ගීයක් බවට පත්වුණා. එයින් පසු ඇය තම ප්‍රථම සංගීත සවාරිය ‘වර්ජින් ටුවර්’ ආරම්භ කිරීමත් සමඟ ඇයගේ ගීත 17ක් එක දිගට බිල්බෝඞ් දර්ශකයේ පළමු ස්ථාන 10 අතරට පත්වුණා. මේ අතරේ ඇය තම මැඩෝනා සලකුණ නොමැකෙන ලෙස රසික හදවත්වල තබමින් ‘මිවුසික් විඩියෝ’ රැල්ලක් බිහි කළේ එමඟින් නිරන්තරයෙන්ම තම අනන්‍යතාවය ප්‍රතිනිර්මාණය කරමින්.

ඇගේ දිවියේ මීළඟ වසර 5ක කාලය සුළි සුළඟකට හසු වුනාක් බඳු ඉතා කාර්ය බහුල කාලයක් විය. 1985 අගෝස්තුවේදී රංගන ශිල්පියෙකු වූ ෂෝන් පෙන්ව විවාහ කරගත් මැඩෝනා ‘ෂැංග්හයි සර්ප්රයිස්’ (1986) චිත්‍රපටයට ඔහු සමග රංගනයෙන් දායකවිය.

මිළඟ වසර තුනදී ‘හුස් දැට් ගර්ල්’ (1987), බ්ලඞ්හවුඞ්ස් ඔෆ් බ්රෝඞ්වේ (1989) සහ ‘ඩික් ටේසි (1990) චිත්‍රපටවල එක දිගට රඟපෑමට ඇයට අවස්ථාව උදාවිය. ‘ඩික් ටේ්‍රසි’ හි නිළ සංගීත ඇල්බමය වූ ‘බ්රෙත්ලස්’ හි ඇතුළත් වූ ‘වෝට්’ හා ‘හැංකි පැංකි’ ගීත දර්ශක තුළ මුල් දහය අතරට පැමිණීමට අවස්ථාවක් උදාකළ අතර 1986 -1989 කාලය තුළ ‘ට්රූ බ්ලූ’, ‘හුස් දැට් ගර්ල්’ සහ ‘යූ කැන් ඩාන්ස්’, ‘ලයික් අ ප්‍රේයර්’ නමින් ගීත ඇල්බම් හතරක් නිකුත් කිරීමට සමත් විය.
“මා සැක කරන, මා ගැන පහත් දේ කියන, මගේ ජීවිතය අපායක් කළ, මට හැකියාවක් තිබුණේ ද, ඉදිරියට කවරදාක්වත් ඇතිවන්නේද ද. හා මා කිසිවක් නොකළ යුතුයැයි කී අයට අද මම කියා සිටින්නේ ඔබේ ප්‍රතිවිරෝධය විසින් මා බාධක බිඳගෙන ඉදිරියට ඇදෙන, ශක්තිමත් සටන්කාමිණියක් මෙන්ම අද සිටින මේ ගැහැනිය මේ දක්වා ගෙන ආ ඔබ සැමට ස්තුති කරන බවයි.

ඉතිරි කොටස ලබන සතියට