මම අඳින්නේ සංකල්පීය ප්‍රවේශයකින් – චිත්‍ර ශිල්පී ප්‍රගීත් රත්නායක

සංවාදය – කසුන් සමරතුංග.

චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත්
රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි අතුරන්නෙකි. අනවරත ධාවනයක
යෙදිය යුතු අතිශය කාර්යබහුල නිමේෂයන් හී දී පවා මඳක් හෝ ඉසිඹුලන්නට කුමක්
හෝ තැනක් අවැසිම ය. ඉදින් අපි, මේ තරුණ සිත්තරා සංවාදය පිණිස මොහොතකට
පත්තර පිටුවක් අබියස නතර කරවා ගත්තෙමු. මේ ඔහු අපට කී දෑ හි සංක්ෂිප්ත
සටහනයි.

ප්‍රගීත් රත්නායක ‘චිත්‍රය’ කියලා දකින්නේ මොකක්ද?

ඉතිහාසයට අනුව අවරුදු දහස්ගනනකට කලින් තමාගේ ජීවන අරගලයත් සමග
සම්බන්ධ වූ දඩයම කේන්ද්‍ර කරගනිමින් අභිචාර විධියක් (ritual) ලෙස පටන්
ගත් කලාව මේ වන විට කාලරෙඛීයව (Time line ) ගමන් කරමින් දැන් අප
සාකච්චා කරන “සමකාලීන” යැයි කියන මොහොත දක්වා ගමන් කරමින් සිටිනවා. මම
කලාව ලෙස නිර්වචනය කර ගන්නේ පවතින සමාජ තත්වයන්ට සවිඥානික වෙමින් කලාවේ
ඉතිහාසයත් එහි දැනුමත් යම් කිසි දෘෂ්ඨිවාදයක් ඇතුලේ සංකෘතික ගොඩනැංවීමක්
ලෙස ගැනීම. අප මේ පසුකරමින් සිටින සමකලිනත්වය පිලිබඳ ගොඩ නංවන ලද අදහස
තව දුරටත් තනි කෘතියකට එහා ගිය සන්දර්භීය අදහසකින් එසේත් නැතිනම්
වියමනක(Text ) තබා කියවන්නේ කෙසේද යන්න සොයා බැලීමක්. කෙනෙක්ට දැනුම පාදක
වස්තු විෂය ,සිද්ධි පාදක වස්තුවිෂය ,ආත්ම කේන්ද්‍රීය වස්තු විෂය ආදී
ශානරයන් (ක්‍රමවේදයක් )ඔස්සේ කලාකෘති නිෂ්පාදනය කිරීමේ අයිතිය මම බැහැර
කරන්නේ නැහැ. චිත්‍ර අඳිනවා කියන්නේ මට අනුව නම් සිහියෙන් කරන වැඩක්.

චිත්‍ර නරඹන අය ගොඩක් ඉන්නවා. නමුත් චිත්‍ර කියවන්න පුළුවන්
අය ඉන්නේ ටික දෙනයි. ලංකාවේ ‘චිත්‍ර සාක්ෂරතාවය’ ගැන ඔබේ අදහස මොකක්ද?

ඔව්, ඒක ඇත්ත! බලන අය වැඩියි .කියවන අය අඩුයි .බලන එක ලේසියි
.කියවන එක අමාරුයි .අපි පුහුණු කල යුත්තේ කියවීමයි .කලාව සම්බන්ධ දියුණු
අදහසක් ලෙස “ගොඩනැගෙන්නේ ගොඩනගන්නය ” යන ප්‍රවාදය ටිකක් දුරට විශ්ලේෂණය
කළහොත් තනිව කිසිදෙයක් සිදු නොවන බව පැහැදිලියි. කෘතිය ගොඩනගන්නගේ
සවිඥානිකත්වය මේ හා බැදී පවතිනවා. වියමනක තබා කෘතියක් කියවනවා යනු තව
දුරටත් කලාගාර අවකාශය ,සිනමාශාලා අවකාශය ,නාට්‍ය ශාලා අවකාශය ආදී ඒ අවකාශ
හරහා අතුල -පිට කියවීමයි .ඇතුල් කිරීමත් බැහැර කිරීමත් දේශපාලනිකයි .මේ
දෙක තුල එහා මෙහා යෑමේදී පැත්තකට ආන්තික නොවී කියවීමෙන් කලකෘතියේ
ව්‍යුහාත්මක තර්කනය අපට සොයා ගන්න පුළුවන් . යම් රූපයකට එහිම වූ අර්ථයක්
නැත .පිටතින් එයට ආරෝපණය කරන ලද සංස්කෘතික ,දේශපාලනික,ආර්ථික හා සමාජ
විද්‍යාත්මක ආදී ඇඳුම් අන්දවයි .එවිට මුලින් තිබු රූපයේ අර්ථය වෙනස් වේ
.අපට දෙවනුව හමු වනුයේ කලින් රූපය නොවේ .ඉන්පසු එයට අලුත් උපතක් ලැබේ .අප
අර්ථයක් ලෙස බාර ගන්නේ මෙන්න මේ පිටතින් අලවන ලද දෙයයි .භාෂාව ඔලුව ඇතුලේ
ව්‍යුහගත වුවාට පසුව මෙන්න මේ වෙනස්කම් කියවා ගැනීමට පුරුදු වීම තමයි
වියමනක තබා කලාකෘතියක් කියවනවා කියන්නේ .නැවත ඒ වියමන තව වියමනක් සමග
සම්බන්ධ වීමෙන් අන්තර් වියමනක් (inter textual )දක්වා ගමන් කරනවා .තව
දුරටත් කලාකෘති කියවීම වියමනක තබා කියවනවා කියන්නෙම මෙන්න මේ අතුල -පිට
කියවීමයි .හැම විෂයකටම සාක්ෂරතාවය ක් තියෙනවා වගේම චිත්‍ර කලාවටත් දෘශ්‍ය
සාක්ෂරතාවයක් (VISUAL LITRASY )තියෙනවා .පොල් කඩන මනුසයෙක් ඒක පුහුණු
කරන්න ඕනේ .මේක හැම විෂයකටම අදාලයි .මම විශ්වාස කරන්නේ මේ පුහුණුව තමයි ඊ
ලග මොහොත නිර්මාණය කරන්නේ .අපි හැමෝම යම්කිසි කතිකාවක ප්‍රතිපලයන්
.ඉතින් අපි හැමෝම යම්කිසි ව්‍ය්හුහයකට ඇතුළු වුනාම ඒ ව්‍යුහයේ ගුණයන් ඇඟට
එනවා අපි ඒවා කරපින්න ගන්නවා .චිත්‍ර අඳිනවා කියන ක්‍රියාවට ඇතුළු උනාම
එකේ ගුණයන් අපේ ඇඟට ආවම අපි හීන දකින්නේ එතකොට එකෙන් .එහෙම තමයි දෘශ්‍ය
සාක්ෂරතාවය හැදෙන්නේ .මට කියන්න ඕනේ උනේ අපේ දෘශ්‍ය සාක්ෂරතාවය පැත්තෙන්
අඩුවක් තියෙනනවා .ඒක මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ තියෙන අඩුවක් .

කියවන්න පුළුවන් චිත්‍ර අඳින අය ලංකාවෙ කොච්චරක් විතර ඉන්නවද?

ඉන්නවා නැත්තේ නෑ .එත් ජනප්‍රිය අර්ථයෙන් සංගීතය ,නාට්‍ය වගේ
දේවල් තරම් ලොකු එකක් නෙමෙයි .මම හිතන්නේ එහෙම තේරුමක් නැතුව පිරිස වැඩි
වන එකේ වටිනාකමක් නෑ .සාමාන්‍යයෙන් මට දෙමළ ලියන්න කියවන්න බැහැනේ ඒ මම
දෙමළ ආශ්‍රිත පුහුණුවක් නැති නිසා මම ඒ කතිකාවෙන් පිට නිසා .අපි ඒක
පුහුණු කලොත් ඒක කරන්න පුළුවන් .මම කියන්නේ හැමෝම කෘතිය ගොඩ නගන කෙනාගේ
මට්ටමටම කියවන්න පුළුවන් වෙන්න ඕනි කියල අදහසක් නෙවි .උපන් හැකියාවෙන්
චිත්‍ර අඳින්න බෑ .එකට පුහුණුවක් ,ඇසුරක්, කතිකාවක් ඕනි .

තමන්ගේ පින්සල් පහර ගැන ඔබට තියෙන්නේ මොන තරම් ආත්ම
විශ්වාසයක් සහ මොන වගේ තක්සේරුවක්ද?

මම චිත්‍ර අඳින්නේ සංකල්පීය (conceptual art )තැනකින් .ඒ
කියන්නේ තවදුරත් සමහර දේවල් පිහිටි ස්ව්රුපයෙන්ම ඉදිරිපත් කරනවට වඩා
.යම්කිසි දැනුමක් ඇතුලේ ගොඩනංවන්න සංකල්පීයව වෙහෙස වනවා .ඒක ටිකක්
වෙහෙසකර වැඩක් අපිට හිතන්න සහ practis කරන්න වෙනවා .මම උත්සාහ ගන්නේ
කොහොමද අඳින්නේ සහ මම මොනවද අඳින්නේ යන ප්‍රශ්නයට උත්තර හොයන්න.අපි
යම්කිසි මොහොතකදී චිත්‍ර කලාවේ ව්‍යාකරණ ඉගෙනගන්නවා .ඒක ඒ මොහොතේ අදාල
දෙයක් .ඒත් දිගටම ව්‍යාකරණ කරගෙන යන්න ඕනේ වෙන්නේ නෑ .ඒ උපකරණ පාවිච්චි
කරලා දේවල් ගොඩනගන්න ඕනි .ඉතින් මම මේ දේවල්වලට සවිඥානිකයි .මම ඒ
වෙනුවෙන් පෙනී ඉන්නවා සහ වගකියනවා .ඒ නිසා මම කරන වැඩේ සම්බන්ධව මට
තක්සේරුවක් තියෙනවා .

‘පැබ්ලෝ පිකාසෝ, ලියනාර්ඩෝ ඩාවින්චි, මයිකල් ආන්ජිලෝ, රෆායල්
සන්තිසියෝ.’ ප්‍රගීත්ට මේ හතර දෙනා ගැන වෙන වෙනම වාක්‍ය කීපයකින් දෙන්න
පුළුවන් කෙටිම නිර්වචන මොනවාද?

පිකාසෝ –
නුතන චිත්‍ර කලාවේ ජවසම්පන්න ශිල්පියා සහ සියවසේ මිනිස්සුන් 20 අතරේ එකම
චිත්‍ර ශිල්පියා .cubism ලොවට හඳුන්වා දුන් සහ දේශපාලනික සිත්තරෙක්
.අප්‍රිකානු වෙස් මුහුන්වල සහ නොදියුණු කලාවන්ගේ අභාෂයන් අත්හදා බැලූ
සිත්තරා .චිත්‍ර කළා ඉතිහාසයේ මගාරින්න බැරි landmarck එකක්.
.
ලියනර්ඩෝ –
කැමරාව බිහිවෙන්න පෙර මිනිස් සිරුර ඒ ආකාරයෙන්ම අඳින්න පුනරුද සමයේ බහු
විෂයාත්මක ශික්ෂණයකින් පුරෝගාමී වූ සිත්තරෙක් .සංගීතය ,ගණිතය,තර්ක
ශාස්ත්‍රය ,ඉංජිනේරු විද්‍යාව වගේ තාක්ෂණික විෂයන්ගෙන් චිත්‍ර කලාවට
දේවල් එකතු කළ සිත්තරෙක් .කලාවට “දිව්‍යමය ලස්සන ” හඳුන්වා දුන්නා
.මොනාලිසා ,අන්තිම බෝජන සංග්‍රහය සුඉශේෂ දෙකක් .මෘත ශරීරගාරවලට ගොස් මිනි
කපා මිනිස් සිරුරේ ව්යුහනය ගැන analayis කල කෙනෙක්.

අන්ජිලෝ –
චිත්‍ර හා මුර්ති ශිල්පියෙක් .දගලන ,අබැරෙන මිනිස් රූප පින්තාරු කලා
.මුර්තිවල ගුණයන් චිත්‍රවල දකින්න පුළුවන් උන .ත්‍රිමාණ ගතිය වගේ දේවල්
.ඒ නිසාමයි වසාරි නම් විචාරකය කියන්නේ මයිකල් ඇන්ජිලෝ පින්සලය ගල් කටුවක්
කළා කියල .ඩේවිඩ් සහ ආදම් සහ එව වගේ කෘති විශේෂ තැන් .සිස්ටයින් දෙව්
මැදුරේ සිතුවම් ලෝකයේ චිත්‍ර කලාවේ මාස්ටර් පීස් .acadamic කලාවේ
පුරෝගාමියෙක්.

රෆායල් –
architect කෙනෙක් සහ ලෝක පූජිත පුර්ව පුනරුද චිත්‍ර ශිල්පියෙකි
.ගෘහනිර්මනාත්මක අවකාශයන්ගේ දැනුම චිත්‍ර කලාවේදී උපයෝගී කර ගත්තා
.”ඇතන්ස්හි ගුරුකුලය “චිත්‍ර කලාවේ ග්ර්හානිර්මනාත්මක අවකාශයක තිබෙන
අවකාශය සහ පර්යාවලෝකනය මුදුන්පත් වූ තැනක් .අවරුදු 37 වගේ අඩු වයසකින්
ජිවිතයෙන් සමු ගත් නිසා අඩුවෙන් කියවුණත් රෆායල් ගැන ඒ වයසට ලෝක කළා
ඉතිහාසය ඇතුලේ මාස්ටර් කෙනෙක් .

ලෝකයේ චිත්‍ර කලාව එක්ක ලංකාවේ චිත්‍ර කලාව සංසන්දනය කරලා
බලන්න ඔබ කැමතිද? එහෙම බලද්දී මොනවද පෙන්නේ?

කැමතියි .ඒත් ඒක සපෙක්ක්ෂයි .මොකද විශ්වව්‍යපී කියන දේට වඩා මම
හිතන්නේ සන්දර්භියව එහෙමත් නැත්නම් කලාපීය අදහසකින් තමයි කලාව තේරුම්
ගන්නේ .ඒක ලෝකේ කොයි රටෙත් දැන් අදාල කාරණාවක් මම හිතන්නේ .සරලව කිවොත්
මේක ශ්‍රී ලාංකීය වෙන්නේ කොහොමද වගේ දෙයක් ඒ ඒ කලාපිය ලක්ෂණ\දැන් ගොඩක්
අය හොයනවා .මෙහෙම ගනිමු අබ්ස්ට්‍රච්ට් abstract expressinism වගේ දෙයක්
අපට වඩා යුරෝපියන් පුහුණු කරලා තියෙනවා .ඒකට අපට අයිතියක් නෑ වගේ ඒවා
ය්රෝපයට ඕනේ තරම් ඒවා තියෙනවා වගේ අදහසක් .කලා ඉතිහාසය ගොඩ නගන්නේ
යුරෝපියන් තමයි .අපි අපේ කතාව කියන්නෙත් එයාලගේ භාෂාවෙන් තමයි .කොහොමටත්
මම කියන්නේ තවදුරටත් universal කියන එක ටිකක් විතර ප්‍රෂනකරියි .නමුත්
අපි කලාපියව අපව හොයා ගන්න ගමන් දුපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න
වෙනවා .අපව කියව ගන්න සහ ස්ථානගත කර ගන්න ඒක වැදගත් .ලෝකයේ හතර සීමාව
ඉක්මවා ගිය නොයෙකුත් ආකෘතිකමය හා අවකාශමය ගොඩනැංවීම් ප්‍රකාශනයට යොදා
ගැනීමට හැකියාවක් ඇති බව අපට දකින්නටනම් මේ ගැන සිහියෙන් ඉන්න වෙනවාඅපේ
රටේ දක්ෂ සහ වටිනා චිත්‍ර ශිල්පීන් ඉන්නවා සහ හිටියා .දැන් බලන්න
චන්ද්‍රගුප්ත තේනුවර සර් වගේ කෙනෙක් ලංකාවේ යුද්ධය ගැන බැරල්වලින්
(barallism )දේශපාලන ප්‍රකාශයක් කරනවා .ඒක ජපානයේ ෆුකෝකා කෞතුකාගාරය
විසින් නිත්‍ය එකතුවට ගන්නවා .ඒක ලාංකීය ප්‍රකාශනයක් වගේම ලෝකයට අයිති
කලා කෘතියක් .