පව්කාරී සහ නඩුකාරී

ශාන්ති දිසානායක

පොළොවේ සම යුද්ධයට නොදෙවෙනි අහසේ වැහි යුද්ධය බලා ඉන්නට නිස්කාංසුවක් ඇත්තේ මුත්තම්මාට පමණි. දෙවි දේවතා ගොල්ල එක්ක පයුරුපාසානය හැරුණු කොට උන්දැට මේ කොළණි ගෙයි ඒ හැටි වැඩක් පලක් නැත්තේය. ළමිස්සයෙක් නම් එක් එල්ලේ චෝදනා කරන්නේ මේ නාකි ගෑනි කේලාම් මල්ලක් කියාය. එකෙනෙහි උන්දෑ තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් අතහැර කඩවරයා හා මහසෝනා එක්ක අත්වැල් බැඳ ගනියි.
‘මේ කේලං කිව්වාරෑ මොකාටද බොල බොණ්ඩියේ මං කේලං කිව්වේරෑ මට වෙන වැඩක් පොලක් නෑනේ මෙතන කේලං කිය කියා ඇවිදින්ඩ…. යකෝ මුංගෙ දිවේ ගෙඩි දාන්නෙපැයි මේ කියන කඩප්පුලි කතාවලට…’
කළු හා දුඹුරු ළමිස්සියෝ මඟහැර ගියද රතු ළමිස්සිය බැල්ලක බුරා හැලෙන්නාක් මෙන් කට කියවන්නට පටන් ගනී.
‘ඇයි නැත්තේ…රෑ’ එදා අර මී තෙල් ගෙනියන්ඩ ආපු අයියා මගෙ අතිං ඇල්ලුවා කියලා මුත්තම්මා අපේ ලොකු අයියට කිව්වෙම නැද්ද..රෑ’
මී ඇට වැඩි වැඩියෙන් අහුලන්නට ඔට්ටු වෙන්නේ කෙල්ලත් කොල්ලාත් හැරුණු කොට කිරි අම්මා පමණි. වැට මායිමේ මී ගහ ගාවට යන්නට මුත්තම්මා අදිමදි කරයි.
‘මී ගහ යටට යනකොට මට මොකද්දෝ වෙනවා… ඇඟපොත සලිත වෙලා යනවා. අනේ අම්මාපල් මගෙ ඇස්ගෙඩි නිකං නිලංකාර වේගෙන යනවා… මී ගහ මුදුනේ ඉදං කවුරු හරි මගෙ දිහා බලාගෙන ඉන්නවා ඉන්නවා වාගේ දැනෙනවා මට’
කෙල්ල ඇස්ගෙඩි උළුප්පාගෙන කාගේ හෝ ඔඩොක්කුවක් අඩුම තරමේ ගවොම් සායක කොනක්, චීත්ත පටක් සොයන්නීය.
‘ඕං… ඕං… මේකි බයවුණා..’ යි පළමුව නොරිස්සුම පළ කරන්නී, අකාරුණික කළු ළමිස්සියකි…
‘බය වුණාද මගෙ වස්තුවේ..රෑ’යි අසමින් ආදරය පිරුණු බැල්මෙන් ඇය ඇකයට ගන්නී දුඹුරු ළමිස්සියයි.
‘බොරුවක් මුසාවක් හෙම නෙමෙයි බොලල්ලා… මී මල් පුසුඹත් මට කොයිමක් කරලවත් ඉවසන්ඩ බෑනේ… දිව විකාගෙන මැරෙන්ඩ හිතෙනවා ඒ පුසුඹට… ඒක තමයි පුසුඹ.. අප්පේ එහෙමත් පුසුඹක්….’
මුත්තම්මා සුපුරුදු පරිදි අතක් නිකටේ හොවාගෙන මීමල් පුසුඹත් සංසාරයත් එකට ගැටගසන්නට මාන බලයි.
‘රුක් දේවතාවෙක් වෙන්ඩැ… වෙන කවුද ඉතිං ඔය රූස්ස ගහේ ඉඳං බලං ඉන්නේ…’ කිරි අම්මා ඉඟිමරා කියයි.
‘රුක් දේවතාවුන් වහන්සේ වැඩ ඉන්නවනං ගහ ගාවට යන්ඩ හිත් දෙන්ඩ එපැයි. මේක එහෙමයි…?’ අහවල් විපිරියාසයද්දැ දෙයියෝ තමයි දන්නේ…’
’මළගිය පෙරේතයෙක්වත් එල්ලිලා ඉන්නවද දන්නෑ මී අත්තක…’
කෙල්ල ගැහෙන හදවතින් දුඹුරු ළමිස්සියගේ සායේ රැළි අතරේ මුහුණ සඟවා ගනියි.
‘කියන්ඩ බෑනේ මුත්තප්පා බැල්ම දාගෙන ඉන්නවද කියලා මැරිලත්….’
කළු ළමිස්සිගේ වචන දුන්නෙන් මුදා හළ ඊතල වාගේ මැහැල්ලගේ හෘදයේ ඇනෙයි.
‘හුස්ම ගද්දි මං කොරාපු පිනක් දහමක් ඇත්තේම නෑ තමා. හැබැයි හුස්ම ඩිංග පිට කෙරුවට පස්සෙං පහු අපි පිං දුන්නැද්ද එවුන්දැට මදි නොකියන්ඩ… පෙරේතයෙක් වෙලා උප්පාද වෙන්ඩ තරං පවක් අකුසලයක් කොරලා නෑ එවුන්දැ මේ සම්මජ්ජාතියේ…’
කඳුලක් පිසින්නී මුත්තප්පා මිය පරලොව යාමෙන් වැන්දඹුවක වූ මුත්තම්මායි.
දැනුදු හිමි බැතියෙන් අනූන මී මල් පුසුඹ පිළිකුල් කරන එකිය රතු ළමිස්සියගේ චෝදනාවෙන් කිපී සටනට අවතීර්ණ වෙයි.
‘ඒක කොහොමද කේලමක් වෙන්නේරෑ හා ඒකා උඹේ අතිං ඇල්ලුවේ නැද්ද…රෑ හෙන්දිරික්කාවේ මල් පිපෙන ජාමෙටත් ඉඳිකට්ටට නූල දාන මං දැක්කෙ නැද්ද ඒ අළුගුත්තේරුවා උඹේ අතිං අල්ලනවා.’
කිරි අම්මාගේත් මිණිබිරියගේත් වාදය නවතාලන්නට නොව අවුළුවාලන්නට මාන බලන්නේ කළු ළමිස්සියයි. පොත්ත රතු නඟාට ඇය කොයි කවදත් ද්වේෂ කළා විය යුතුය.
‘පෝයදා පන්සලේදී ඇබිත්තයත් ගලක හැප්පිලා වැටුණ මේකි දිහා හැරි හැරි බල බලා ගිහිල්ලා… අප්පේ දණිස් පොල්කට්ට ලෙලි ගියා දුකේ බෑ…’
රතු ළමිස්සිය රතුම රතු පාටින් දිලිහි දිලිහි කළු අක්කා එක්ක දබර කරයි.
‘ඉතිං ඒකට මං පලිදරෑ මං පලිදරෑ මං කිව්වාද ඒකාට මගෙ දිහා බලන්ඩ කියලා. වැටිලා මදි. කකුලත් කැඩෙන්ඩ තිබ්බේ… ඇබිත්තියා ඇබිත්තියා විදිහට ඉන්ඩ එපැයි. ආව මෙතන කෙල්ලො දිහා බලන්ඩ…’
රූප සෝභාවට සපුරා වෙනස් ඒ රළු පරළු කතා කෙල්ලගේ සිත් නොගනී.
‘වැහි බිත්තර පුපුරන්ඩ ඔන්න මෙන්න. ඔය හනිහැඹේ නවත්තලා අව්වට දාපුවා ගෙට ගනිල්ලා’ යි කියනවා මිස කිරි අම්මා මේ කතා බතා ගහ පහදන්නට නොයයි. එහෙත් අකුරක් නෑර උන්දැගේ පපුවේ ඇලී ඇතුවා නිසැකය. හරියට ලාටු ගා ඇලෙව්වා වාගේ. එහෙත් කොයි වේලාවක හෝ රතු ළමිස්සියගේ සරුසාර කෙස් වල්ලෙං අල්ලා ඇත්ත ඇති හැටියෙන් දැනගන්නට උන්දැ පසුබට නොවෙන බවද නිසැකය.
‘කිව්වට අහන්නෑනේ යකෝ මේකා… අදත් චන්දරාගේ දිහා ගිහිල්ලා…’යි කෑකෝ ගසන කිරි අත්තාද පැයක් හමාරක් අඩව් අල්ලයි.
චන්දරාගේ කඩුල්ල පැනීම මේ ගෙයි ඉළංදාරින්ට තහනම් කර ඇත්තේ වරක් දෙවරක් නොවේ.
‘මිනිහා එල්ලිලා මැරුණෙත් ඒකිගෙ හොඳකමට වෙන්ඩැ. මීමැස්සො වාගේ කොල්ලො රෑ දාවල් දෙකේ කැරකෙන්නේ ඒකි පත්තිනි අම්මා හින්දා වෙන්ඩැ. තොපි එකෙක් හරි චන්දරාගේ කඩුල්ල පැන්නොත් කඩනව මං අඬු. ආයෙ දෙකක් නෑ.’
ගෘහ මූලිකයා ආලවක වෙස් ගත්තද ඒ විසේකාර වැන්දඹුවගේ ඉඟි බිඟි කොල්ලෝ කැන්දාගන්නට සමත් වන්නේ පුදුමාකාර ලෙසිනි.
‘අද නං මං කළුවගෙ කකුල් කඩනවා…’යි පාරම්බාන කිරිඅත්තා ගෙපිලේ ඇන තියාගන්නේ පත කිතුල් පොල්ලක් අතින් ගනිමිනි.
‘ඔහේ කොහොමද දන්නෙ ඒකා චන්දරාගෙ ගෙදර ගියා කියලා… ඔව්වා මේ මේකෙ එකාලට කට තියාගෙන ඉන්ඩ බැරුවට කියන කතා…’
කොයි වෙලාවෙත් කොල්ලන් සුද්ද කරන කිරිඅම්මා මේ හැන්ඳෑවේද කළු කොල්ලා වෙනුවෙන් පෙනී සිටියාය.
‘එක එකා කියන කතා නෙමේ ගෑනියේ… මගෙ ඇස් දෙකටම දැක්ක හින්දනේ…’
ඔහුගේ උගුරෙහි යමක් හිරවූයේත් ඇගේ ඇස්ගෙඩි එළියට පැන්නේත් එකම මොහොතේදීය.
කොල්ලා චන්දරාගේ කඩුල්ල පනින බව දකින්නට කොල්ලාගේ මහ එකාට ඒ පැත්තේ යාමට උවමනාවක් ඇත්තේම නැති බව දන්නා ගැහැනිය කවදාවත් නැතිව අඬා වැටුණි. කොණ්ඩා ගුලිය ලිහා වැටුණි. චීත්තය බුරුල් විය. කට වරද්දාගත් මිනිසා කට උත්තරයක් නැතිව බලා සිටියේය.
‘කාට කියන්ඩද දෙයි හාංදුරුවනේ මං මේ අවනඩුවරෑ අප්පේ මං විච්චි දෙයක්…’
නොසැලෙන ගිරිකුළ පවා සලිතව කඩා වැටෙන අයුරු දකිමින් කෙල්ල කඳුලක් හෙළුවාය.
‘යමං යන්ඩ දේවාලෙට. වෙන කාට කියන්ඩද අපේ දුක…’
මුත්තම්මා කෙලින් කටින් හිටගෙන දියණීයට අණ කළාය.
‘මං… මං… ගියේ බෙහෙත් අවුසදයක් හොයාගෙන. එහෙම නැතුව ඔය අම්මලා දෝණියැන්දලා හිතන බහුබූත හිංදා නෙමේ…’
කිරිඅත්තා කවදාවත් නැතිව තතනයි. කටේ වචන වටේ පිටේ ඇතිවා වාගේ හතර අතේ හිස කරකවයි.
‘අවුසදේ‘..රෑ අහගන්ඩ එපා මගෙං අවුසදේ ගැන… මොන මහ ලෙඬේටද බෙහෙත් අවුසදේ හොයන්ඩ ගියේරෑ තටමලා නටවලා යංතං මුසාවාදයක් ගොතාගත්තා…’යි ඔහුට කඩා පැන්න කිරිඅම්මාගේ සාහසික වේෂය ඉවසාගත නුහුණු කෙල්ල ‘කිරියම්මේ’ යි මොර දුන්නාය.
මිණිබිරිය සමීපයෙහි සිටින බව උන්දැට සිහිපත් වූයේ ඒ හැඬුම්බර හඬ කන වැකෙත්ම විය යුතුය.
‘චන්දරාගේ වත්තේ බෙහෙත් අවුසද නැතෑවකාරෙට. අනේ සාදු… දැං ඉතින් ඔය කැලේ කොළේ හක්කලං කොරන්ඩ ඕන්නෑ… එක පිම්මට දුවන්ඩ බැරියැ චන්දරා ගාවට… මෙලහට එහෙම් පිටින්ම අවුසද උයනක් වෙන්ඩැ…’යි අවඥාවෙන් මුව ඇද කරමින් කී ගැහැනිය ඇහිපිය අග කඳුළු කැට එල්ලාගෙන ඉන්නා කෙල්ල දිහා බැලුවාය.
‘යමං යන්ඩ කෙල්ලෙ..’යි සුපුරුදු උදාරම් හඬින් කී කිරිඅම්මා කෙල්ලගේ අතක් ඩැහැගත්තාය. ඒ පහස සුවදායක නොවූවද මෙතෙක් වේලා අසරණව අනාථව හුන් ඇයට මහා අස්වැසිල්ලක් දැනිණ. වෙනදා මෙන්ම හරස් ප්‍රශ්න නොඇසූ කෙල්ල වෙනදා මෙන්ම සොම්නසින් උතුරායමින් කිරිඅම්මා පස්සෙන් වැටුණාය. උන්දැ පස්සෙන් වැටෙන්නට ඉඩ ලැබෙන්නේ නම් කොහේ යතත් කමක් නැත්තේය. අපායට වුවත් යන්නට ඇය ඉත සිතින් සූදානම්ය. උන්දැ එක්ක ඉන්නා අපායත් දිව්‍යාලෝකයක් වනවා නොඅනුමානය.
‘අලියට ගිනිහුල ඇල්ලුවහේ උfඔා්ය කොහෙද යන්නෙරෑ’
මුත්තම්මා මහ හඬින් කෑ ගසා ඇසුවාය.
‘බේත් අවුසදයක් හොයන්ඩ’
කිරිඅම්මාද ඊට නොදෙවෙනි හඬින් උත්තර දුන්නාය. ගිය ආත්මයේ විතරක් නොවේ උපනූපන් හැම ආත්මයකම ගණ්ඨාර පූජා කළ කරුමක්කාර ගැහැනුෟ
‘මොන බෙහෙත් අවුසදයක්ද…රෑ’
මුත්තම්මාගේ හf`ඞ් අප්‍රසාදයද විරෝධයද නොඅඩුව ගැබ්ව තිබිණ.
‘අංකෙංද…’
උන්දැ කිව්වේ කටට ආ අවුසදයක නමක් මිස ඇත්තටම එවැන්නක් වුවමනා වූ නිසා නොවනා බව කෙල්ලට පවා වැටහිණි.
‘උබෝය යන්නෙ ඒ වේසාවි ගාවට නං පිං සිද්ධ වෙයි ඔය කෙල්ල තියලා පලයං… නරිනාටක නටන්ඩ යන්නෙ…රෑ’
ඒ වචන ටික කිරිඅම්මාගේ දෙපය බැඳ රැහැනක් වූයෙන් කෙල්ල තිගැස්සුනාය. නැවත ගෙට රිංගාගන්නට ඇය කොහෙත්ම කැමති නොවන බව අමුතුවෙන් කිව යුතුදරෑ
අපෙ අම්මා කියන්නේ ඇත්ත තමා කෙල්ලේ… අරකිගෙ කෙස් වල්ලෙං අල්ලලා මූන බිම උලන්ඩ යනේකේ උඹ එන්ඩෝන්නෑ තමා මාත්තෙක්ක. උඹ පලයං ගෙට. පැණි ආප්පයක් ඇති වට්ටියෙං වහලා. මුල්ලකට වෙලා කාපං. ආයෙ ඒකෙ ඔය ඉන්නා හැත්ත බුරුත්තටම කන්ඩ දෙයක් නෑ. වෙලාවක හදලා දෙන්ඩ බැරියැ උස්මුරුත්තාවට එනකං හරි කාගෙන කාගෙන යන්ඩ…’
කිරිඅම්මාගේ වචන කන්දරාව හිස් අවකාශයේ පාව ගියා පමණි. ඒවා අහන්නට කෙල්ලත් හතර සීමාවේ නොහිටි නිසාය. උන්දැගේ රළු පරළු අතින් තමාගේ කෝටු බෝටු අත ගලවාගත් කෙල්ල මේ වනවිටත් මඟදෙපස සියඹලා කෝන් හා දඹ ගස් රාශියක් පසුකර හමාරය.
කුඹුරු යායේ ඉම ගොඩැල්ලක අටවාගත් පැල වෙත යන්නට කෙල්ල දැන සිටියාය. ඒ කළු මාමා එක්ක බයිසිකලයේ නැඟී ආ දවසක ඒ පැලත් ඔය කියන වල් වනචර චන්දරාත් කිසිවිටෙකත් නොමැකෙන පරිද්දෙන් ඇගේ කුඩා හෘදයේ ඇඳී ගිය බැවිනි.
රතු ළමිස්සියත් චන්දරාත් එක පෙළට හිටගත් කළ රාජකුමාරිකාවක හා දාගිය හේනේ වැඳිරිය සිහිපත් වනවා නොඅනුමානය.
කළුම කළු කැතම කැත චන්දරාගේ තරබාරු සිරුරේ විශාල පයෝධර දෙස කෙල්ල අප්‍රමාණ විමතියෙන් බලා සිටියාය. ඒවා උසුලාගෙන ඉන්නට ඇයට කොපමණ සවි ශක්තියක් තිබිය යුතුදැයි සිතන්නට තරමට කෙල්ලගේ විමතිය මහත් විය.
‘මං උකුණුදැත්තක් ඉල්ලාගෙන එන්නං… උඹ ඔය ටික ගෙදර පලයං…’
කළු මාමාට ඇය බයිසිකලයෙන් බැස්සවීමට තරමක වෙහෙසක් දරන්නට සිදුවිය.
‘බෑ… බෑ… මාත් එනවා මාත් එනවා…’යි ඇය බෑගිරි ගාන්නට වූ කළ ඔහු කමිස සාක්කුවට අත යවා කාසි දෙක තුනක් පිටතට ගත්තේය.
‘යමිං ගමන ආගිරිස් ආතගෙ කඩෙං හූනු බිත්තර ගනිං. පුහුල් දෝසිත් තිබ්බා..’
ඒ කාසි කීපයටද ඒ කතාවටද කෙල්ල මෙල්ල කරගන්නට පිළිවන් විය.
එහෙත් මේ මද්දහනේ චන්දරාගේ පැල වෙත දිව යන කෙල්ල නවතාගත හැකි අයෙක් නොසිටියේය.
කඩිමුඩියේ අටවාගත් බව පැහැදිලිව පෙනෙන පැල්පත අඳුරු ගුහාවක් බඳුය. ඊට රිංගන්නට මනාප නොවූ කෙල්ල ඒ වටා දිවගොස් පිළිකන්නට එබුණාය. හැළි වළං සෝදමින් හුන් ගැහැනිය ඇගේ පා ගැටෙන හඬ නොඇසුවාය. රාවණා කටුවෙන් වළං අතුල්ලන හඬ අඹ ගහේ සිට තොරතෝංචියක් නැතිව නද දෙන කපුටාටද බාධා කරයි.
ඉඳුල් වතුරින් අපවිත්‍ර වූ බිමට වඩා උඩ හොඳ බව සිතූ කෙල්ල කෝකටත් කියා අනෝදා ගසට නැග්ගාය. ගස් නැගිල්ලට ඇය කොතරම් ඇලුම් කළේද කිවහොත් මුත්තම්මා එක හෙළා කියා සිටියේ මී මිණිබිරිය ගිය ආත්ම හතක් තිස්සේම වැඳිරියක රිලවියක නොඑසේ නම් දඬු ලේනෙකු, අඩුම තරමින් ඉරි ලේනියක්වත් වී සිටියාට සැක නැති බවය.
‘චන්දරා… චන්දරෝ…’
කිරිඅම්මාගේ උච්ච ස්වරයෙන් තැතිගත් කෙල්ල අනෝදා අත්ත තදින් බදාගත්තාය.
‘අප්පේ ඇයි මේරෑ පණිවිඩයක් එව්වා නං මං එන්නැද්ද බුදු අම්මේ…’
විමතියද සොම්නසද එකවර විදහා පෑ ගැහැනිය දණි පනි ගා නැගිටගත්තාය. කෙල්ලගේ ඇස් ඇලුණේ එකෙණෙහි හැට්ට කර නොසඟවා හෙළිදරව් කළ ඒ යෝධ පියයුරු මතය. කට්ට කළු පැහැයේද වංගෙඩි සිරුරේද අඩුවක් වෙතොත් ඒ සියලු ඇද කුද අකා මකා දමන ඉන්ද්‍රජාලය ඒ තඩි තංගෙඩි මිස වෙන මොනවාදැයි කෙල්ලටත් නොසිතුණා නම් පුදුමය. ඇගේ කිරිඅම්මා තවත් කුපිත කරවන්නටත් එයම හේතු පාදක වූවා නිසැකය.
‘ඔව්වොව්.. පණිවිඩ ඇරලා කොහොම හරි ගෙන්නාගන්ඩම බඞ්ඩ… ඈ බොල පට්ට පඳුරියේ තිට ලැජ්ජාව කියලා නාමයක් ගෑවිලාවත් නැද්ද? අප්පලා පුතාලා දෙගොල්ලම රෙද්ද අස්සෙ දාගන්ඩ තිට අමු කැවිලද…?’
හැළි වළං ඇතිළි කුඩු පට්ටම් විය. ඉඳුල් දියෙන් නැහැවී නොනවත්වා පහර කාමින් වුව චන්දරා වචනයක් නොපැවසූවාය.
‘තී… තී… තිගෙ ගාය අරින්නං මං අද… දහපඳුරාවේ ඇවිදලා ඇවිදලා අපේ ගමටම ආවනේ තී අපේ කරුමෙටම…’
කිරිඅම්මාගේ සාහසික වේශයෙන් තැතිගත් කෙල්ල කළුකුම්බරීගේ දුක්ඛදායක ස්වරූපයෙන් කොතරම් තදින් දුක් වූයේද කිවහොත් ‘එපා… එපා.. අනේ ගහන්ඩ එපා… ගහන්ඩෙපා…’යි ආයාචනා කළාය.
‘බැහැපං… බැහැපං… බැහැලා දුවපං ගෙදර… වැරැද්ද හරිගස්සන්ඩ ඕන්නෑ මට. මේකිට දෙන්ඩෝනෑ වද තිස්දෙකම දීලා තමා මං ආපහු හැරෙන්නෙ…’
කිරිඅම්මාගේ දඬුවම බිහිසුණු වූ අතර ඉක්මනින් හමාර නොවීය. උන්දැ විත්තිකාරියට කටක් අරින්නට ඉඩ නොදුන්නාය. අතිශයින් අමානුශික වූවාය. අපරාදය, දඬුවම හෝ භීතිය යුක්තිය පිළිබඳව කිසිවක් නොදත් කෙල්ල අනෝදා අත්ත බදාගෙන වෙව්ල වෙව්ලා සිටියා පමණි. සිරිත් පරිදි ඇගේ ජංගි පොඩිය තෙමී ගියේය.
මහජන උනන්දුවට අදාළ විශේෂ වැදගත්කමක් සහිත වංචා දූෂණ හා අපරාධ නඩු ඉක්මනින් විභාගයට ගැනීම සඳහා පිහිටුවීමට යෝජනා කර ඇති විශේෂ මහාධිකරණවලට විරුද්ධවීම කවර අරථයෙන් ගෙන බැලුවද සාධාරණීකරණය කළ හැකිද?
නඩු ප්‍රමාදය රටේ මහජනතාව පීඩාවට පත් කරනවා පමණක් නොව යහපත් හා සාධාරණ සමාජයක් පිළිබඳව නීති ගරුක පුරවැසියන් තුළ දැල්වෙන අපේක්ෂාව සිඳ බිඳ දමන බවද අමුතුවෙන් කිව යුතු නැත. යුක්තිය පසිඳලීම ප්‍රමාදවීමද අපරාධ වර්ධනයට රුකුල් දෙන්නක් නොවේද?
විශේෂ මහාධිකරණ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ කණ්ඩායම දක්වන විරෝධය හුදෙක් තම තමන්ගේ ගැලවිජ්ජාව පිණිස මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවන බවද පැහැදිලිය. අනෙක් අතට දූෂණ වංචා හා අපරාධ පට්ට ගසමින් බලයට ආ යහපාලන රජයද තෙවසරක් මුළුල්ලේ එකී විමර්ෂණ ආදියට ඉබිගමනේ යන්නට ඉඩ හැර හිටිහැටියේ ඇහැරුණාක් මෙන් මෙබඳු පියවරක් ගැනීමද අවංකව සිදු කළේ දැයි සැක සහිතය. යම් යම් සාධනීය තීන්දු තීරණ හා අණපතන් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ප්‍රසාදය දක්වන අතරම බොහෝ කරුණු කාරණාවලදී දක්වන ඈලිමෑලි දුබල ගතියට අප්‍රසාදය හා විරෝධයද දැක්විය යුතුය. හොරුන් හා අපරාධකරුවන් හට දඬුවම් දෙන්නට යහපාලනයට වුවමනාවක් මෙන්ම හදිසියක්ද නැති බව ඕනෑවටත් වඩා තහවුරු වී තිබේ. ඒ පාපයේ බර මඳකින් හෝ සැහැල්ලු කරගන්නට නම් මේ විශේෂ මහාධිකරණය පිහිටුවිය යුතු බවට විවාදයක් නැත්තේය.