රාවය

ඵලදායි වෘත්තීයවේදී ගුරු පෞරුෂයක් උදෙසා…..

ඵලදායි වෘත්තීයවේදී ගුරු පෞරුෂයක් උදෙසා…..

කමල් සිරිවර්ධන

අධ්‍යාපනය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – ප්‍රමුඛාචාර්ය – 1987-1991

 

“නූතන අර්ථයෙන් පාසල් අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ දුෂ්කරතා ඇතොත් ඒවාට මුහුණදෙමින් ඉදිරියට යෑමට අවශ්‍ය ආත්ම විශ්වාසය ඇති, තමන්ගේ අයිතිවාසිකම්වලට පමණක් සීමා නොවී අන්‍යයින්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන බහුත්වවාදී ආකල්පවලින් යුතු තමන්ගේ රටේ පමණක් නොව ඕනෑම රටක වැඩ කිරීමට සූදානම් ඒ සඳහා අවශ්‍ය දැනුම ඇති දේශීය වශයෙන් පමණක් නොව ලෝක මට්ටමෙන්ද හොඳ සංස්කෘතික පුරවැසියන් බිහිකිරීමය.”

වික්ටර් අයිවන් ,උපුටා ගැනීම පුනරුදයේ මාවත – 2017- පිටුව අංක 180 පරිච්ඡේදය – අධ්‍යාපනයේ අර්බුදය

මේ අනුව දරුවන්ගේ අධ්‍යාපනයට මගපෙන්වන ප්‍රධානතම සාධකයක් විය යුත්තේ වෘත්තියවේදී ගුරු සාධකය ස්ථාපිත කර ගැනීමයි. සාර්ථක ගුරු පිරිසක් ගොඩනැගීම අද ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය කොන්දේසියක් වී ඇත. ඒ කවර හේතූන් නිසාද? වර්තමාන ශ්‍රී ලාංකික සමාජ හරස්කඩ භූමිකාව කෙබඳුද? අද අපගේ පාසල් සංස්ථාවෙන් බිහිවෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අති මහත් බහුතරය;  අතිශය ආක්‍රමණශීලිවීම  අතිශයින්ම ආත්මාර්ථකාමීවීම  පවතින සමාජ හා දේශපාලන ක්‍රියාකාරිත්වය විෂයයෙහිලා දක්වන දැඩි අසංවේදීබව  සමාජ අපචාරයන්ට සහ දුරාචාරයන්ට බොහෝ විට ගොදුරුවීම  අඩුවැඩි වශයෙන් පාදඩමය වූ ගති ලක්ෂණ වලින් සන්නද්ධවීම අතිරේක වශයෙන් වැඩි පිරිස ජංගම දුරකථන ජාලයන් සම්බන්ධව දැඩි ලෙස ආශක්තවී, මානසික සුවය අවුල් කරගත් මානසික ආබාධිතයින්වීම ඔවුන්ගේ චර්යා රටාවලින් ප්‍රදර්ශනය වේ. පාසල් භූමිය තුළ මෙය වළක්වා ගත හැකි මාර්ග කවරේද? මූලික වශයෙන්ම, දැනුමෙන් සන්නද්ධ, කුසලතා පූර්ණ, මානව හිතවාදී ගුරු භූමිකාවකට දැඩි ලෙස ගිලන්ව ඇති අපගේ සමාජ සත්තාව සඳහා ඵලදායී රටක් වෙනුවෙන් නව නායකත්වයක් සැපයිය හැකිව තිබේ. සාර්ථක ගුරු භූමිකාවක් සඳහා තිබිය යුතු කොන්දේසි.  පාසලෙන් බිහිවන උපරිම දක්ෂතා ඇති පිරිස් ගුරු වෘත්තිය වෙත යොමු කර ගැනීම.  දැනට ක්‍රියාත්මක වන්නාවූ ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ගුරු අභ්‍යාසලාභී සැමටම අධ්‍යාපන සමාජ විද්‍යාව සහ එහි අන්තර්ගත සංරචක හා පර්යේෂණ තොරතුරු සම්බන්ධව ඉතා පු`ඵල් අවබෝධයක් ලබාදීම.  දරුවාගේ අධ්‍යාපන ප්‍රගතියට සෘජු ලෙස බලපාන විචල්‍යයන් වන (i) මව්පිය සාධකය (ii) සම වයස් කණ්ඩායම් (iii) සමාජ වටාපිටාව (iv) පවතින සමාජ බලවේගවල අන්තර් ක්‍රියාකාරී සම්බන්ධය සහ එම කරුණු දරුවා කෙරෙහි බලපාන අන්දම පිළිබඳව පු`ඵල අධ්‍යාපනයක්. (v) ළමා මනෝවිද්‍යාව පිළිබඳ පෘථුල අවබෝධයක් (vi) සමාජ මනෝවිද්‍යාව පිළිබඳ අවබෝධයක් (vii) ලෝක සාහිත්‍යය සහ ශ්‍රී ලාංකික සාහිත්‍යය පිළිබඳව පර්යාවලෝකනයක් ලබාදීම (ix) ඇමරිකන් විප්ලවය, ප්‍රංශ විප්ලවය, රුසියන්
ඵලදායි වෘත්තීයවේදී ගුරු පෞරුෂයක් උදෙසා…..
විප්ලවය හා චීන විප්ලවය පිළිබඳව අවබෝධයක් ලබාදීම. (x) මැග්නකාටා (1215) ප්‍රඥාප්තිය සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉතා සුවිශේෂි අධ්‍යාපනයක් ලබාදීම. (xi) ගුරු වෘත්තියට අභියෝගාත්මක වැටුප් ලබාදීම. ගුරු වෘත්තියට අධ්‍යාපන කළමනාකරුවන්ට වඩා වැඩි වැටුප් තල ලබාදීම, – මෙයින් සමහරක් වේ. සාර්ථක ගුරු වෘත්තියක් වෙනුවෙන් රට තුළ ඉතා සාධාරණ ගුරු මාරුවීම් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුව ඇත. වර්තමානයේ අප රටේ ක්‍රියාත්මක වනුයේ සමාජ වරප්‍රසාද මත පදනම්වූ ගුරු මාරු ප්‍රතිපත්තියකි. උදාහරණයක් මෙසේය. මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ගුරු පිරිස් වසර 20-25 දක්වා ජනප්‍රියයයි කියා ගනු ලබන පාසල්වල සේවය කරති. ඔවුන්ගේ ගුරු මාරු හාස්‍යජනකය. උපහාසාත්මකය. වසර 20 ක් අඛණ්ඩව මහනුවර නගරයේම සේවය කළ අය, නගරයේම තවත් ජනප්‍රියයැයි සැලකෙන පාසලකට මාරු කරනු ලැබේ. මෙවැනි ස්ථාන මාරු දිගින් දිගටම සිදුවීම කොතරම් සාධාරණද? ගුරු වෘත්තිය නඩත්තු කරන්නේ රටේ සියලුම පුරවැසියන්ගේ දායකත්වයෙන් භාණ්ඩාගාරයට ලැබෙන ආදායමෙනි. එසේ නම් ඔවුන් තෝරාගත් පාසලක නොව දිවයිනේ ඕනෑම පාසලක සේවය සැපයීමට සූදානම්ව සිටිය යුතු අතර ඒ සඳහා සම ඉඩ ප්‍රස්ථා සඳහා සෑම පුරවැසියෙකුටම හිමිකම තිබේ. සෑම ගුරු භවතෙක්ම වසර පහක් අවසානයේදී ස්ථාන මාරුවකට ලක් කළ යුතුය. දක්ෂතා පූර්ණ ගුරුවරුන් එකම පාසලක එක දිගට සේවය කළ යුතු බවට සමහරු තර්ක කරනු ලබනුයේ ඔවුන් ස්ථාන මාරුවකට ලක්වූ විට එයින් රික්තයක් ඇති වන බවත් එය ලෙහෙසියෙන් පුර්ණය කළ නොහැකි බවත්ය. මෙය සැබවින්ම දුර්මතයකි. ආයතන රාමුව නිසි ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වෙයි නම් සෑම ගුරුවරයකුම විශිෂ්ටයකු බවට පත්කළ හැකිය. වසර පහක අනිවාර්ය ගුරු ප්‍රතිපත්තියකට ඉතා ඵලදායි සේවාවක් කළ හැකිය. දිගු කලක් එකම සේවා ස්ථානයක රැඳීම දූෂණයට මුල පිරීමක්වූ අවස්ථා එමටය. විෂයමාලා සංවර්ධනයෙහිලා ඇති විෂමතා සහ ඌනතා බොහෝය. බොහෝ අධ්‍යාපන මණ්ඩලවල විෂයයක් වශයෙන් ඉතිහාසය ඉගැන්වීම සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇත. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉතිහාසය ඉගැන්වීම බොහෝ ජනප්‍රිය පාසල් මු`ඵමනින්ම අතහැර දමා ඇත. මෙය ඛේදජනක කරුණකි. මෙවන් පසුබිමකට විෂයමාලා පසු බැස යාම ගැන අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයින් කවගාටුවට පත්විය යුතුව ඇත. අප තවම අනුගමනය කරන්නේ මූලික වශයෙන් පළමුවැනියා තෝරා ගැනීමේ ක්‍රමවේදයයි. පළමුවැනියා තෝරාගෙන කළමනාකරණය භාරදීමේ ප්‍රතිපත්තිය යල් පැන ගිය අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියකි. ජපානය සමූහය තෝරා ගන්නා ක්‍රමය අනුගමනය කරන හෙයින් දෙවන ලෝක යුද්ධයෙන් පසුව බි්‍රතාන්‍යය අභිබවා යාමට ජපානය සමත්වීම අද රහසක් නොවේ. අධ්‍යාපන සාධනය ඉහළ මට්ටමකින් යුත් පිරිස් ගුරු වෘත්තියට එතරම් ඇලුම්කමක් දක්වන්නේ නැත. හේතුව ආර්ථීක වශයෙන් ගුරු වෘත්තියේ ඇති ඵලදායිතාව පහළ මට්ටමක තිබීමය. පාසල් අධ්‍යාපනයේ නියුක්ත ගුරු පිරිස වෙනුවෙන් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන පුහුණු වැඩසටහන් වේගවත් කළ යුතුව ඇත. වරක් පුහුණුව ලැබූ පසු එය
“නූතන අර්ථයෙන් පාසල් අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ දුෂ්කරතා ඇතොත් ඒවාට මුහුණදෙමින් ඉදිරියට යෑමට අවශ්‍ය ආත්ම විශ්වාසය ඇති, තමන්ගේ අයිතිවාසිකම්වලට පමණක් සීමා නොවී අන්‍යයින්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන බහුත්වවාදී ආකල්පවලින් යුතු තමන්ගේ රටේ පමණක් නොව ඕනෑම රටක වැඩ කිරීමට සූදානම් ඒ සඳහා අවශ්‍ය දැනුම ඇති දේශීය වශයෙන් පමණක් නොව ලෝක මට්ටමෙන්ද හොඳ සංස්කෘතික පුරවැසියන් බිහිකිරීමය.” වික්ටර් අයිවන් උපුටා ගැනීම පුනරුදයේ මාවත – 2017- පිටුව අංක 180 පරිච්ඡේදය – අධ්‍යාපනයේ අර්බුදය
හැමදාටම වලංගුව තිබෙන බවට ඇත්තාවූ දුර්මතය වහා වෙනස් කළ යුතුව ඇත. වසර පහක් අවසානයේදී ගුරු භවතුන් සෑම දෙනෙක්ම කෙටිකාලීන සේවස්ථ පුහුණු වැඩ සටහනක සාමාජිකයකු බවට අනිවාර්යෙන්ම පත් කළ යුතුය. තාක්ෂණය සහ නව දැනුම වේගවත් ලෙස ප්‍රසාරණය වන ලොවක, අපගේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළද එම වෙනස්කම් අප අවශ්‍යතා සඳහා යොදා නොගැනීම වෘත්තියවේදයට නොගැළපේ. පාසල සහ පන්ති කාමරය නව පර්යේෂණාගාරයක් කළ හැකි ගුරු මනසක් හා ගුරු මනෝභාවයක් ගොඩනැගීමට කාලය පැමිණ ඇත. ගුරු වෘත්තියේ නවෝදයක් ඇති කිරීමටත් එය සම්භාවනාවට පත් කළ හැකි වෘත්තියක් බවට පත් කිරීමටත් හැදෙන පරම්පරාවෙන් කුසලතා පූර්ණ නව ප්‍රවේශකයින් ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන උපාය මාර්ගයක් වන්නේ වැඩිහිටි අධ්‍යාපනය නව ඉසව්වකට ගෙන ඒමයි. (දැනට වැඩිහිටි අධ්‍යාපනය නවතා දමා ඇත) වැඩිහිටියන් අධ්‍යාපන පෝෂණයක් ලබා ගන්නා විට සිය දරුවන් වෙත ඔවුන්ගෙන් ඇතිවන අභිප්‍රේරණය ඉහළ තලයකට ගමන් කරයි. ඒ මගින් ඵලදායි හා කැපකිරීමකට සූදානම් පරපුරක නියෝජිතයන් ගෙදරින් බිහිවනවා ඇත. රටක අධ්‍යාපන නිෂ්ටාවන් සහ අරමුණු තීරණය වනුයේ එම රටේ පාලක පැළැන්තියේ ආර්ථික සාමාජික හා සංස්කෘතික දර්ශනය අනුවයි. සාර්ථක ගුරු පෞරුෂයක් සඳහා එයට හොඳ මගපෙන්වීමක් හා නායකත්වයක් සැපයිය හැකි අධ්‍යාපන කළමනාකරණයද අත්‍යවශ්‍ය වේ. 1948 නිදහස ලබා ගත්විටම රටේ සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියේම නියමුවා වශයෙන් පත්කරනු ලැබුයේ ඝානාවේ වැවිලි කර්මාන්තයේ නියැලිව සිටි හවුස් ය. එදා එච්. ඩබ්ලිව්. හවුස් අධ්‍යාපන අධ්‍යක්‍ෂ බවට පත්විය. පසුගිය කාලයේ අධ්‍යාපන කළමනාකරණයේ නවාංග යක් වශයෙන් විදුහල්පති භූමිකාව අර්ධ මිලිටරි භූමිකාවකට ළඟාකිරීම් වස් මිලිටරි යුනිෆෝම් සහිත විදුහල්පතින් ගොඩනගා ගැනීම සඳහා කටයුතු සිදුවූ අතර එය දැනට නවතා දමා තිබේ. කලක් මෙම රටේ විදුහල්පති තනතුර පූජනීය තත්වයක පැවතුණි. ජාති භේදයෙන්, ආගම් භේදයෙන්, කුල භේදයෙන් හා ප්‍රදේශ භේදයෙන් ඔද්දල් වී ගිය ජරාවට පත්ව තිබෙන විශාල වශයෙන් දූෂණයට ගොදුරුව තිබෙන සමස්ත සමාජ දේහය තුළ අධ්‍යාපන පිරිහීම වළක්වාලිය නොහේ. අධ්‍යාපන කළමනාකරණය සම්බන්ධයෙන්ද එය සාධාරණ වේ. ඇතැම් පාසල් ප්‍රධානීන් සම්බන්ධව මහජනතාව තුළ තිබෙනුයේ දැඩි කලකිරීමකි. ශ්‍රී ලාංකික සමාජය යළි ප්‍රතිනිර්මාණය කර ගැනීමට, සවිඥානිකත්වයෙන් සන්නද්ධවූ මහජන ව්‍යාපාරයක නිර්මාණශීලී කතිකාවත සඳහා කාලය පැමිණ ඇත.