රාවය

අර්බුධයක් නොව ව්‍යාකූලත්වයකි.

අර්බුධයක් නොව ව්‍යාකූලත්වයකි.

ජයදේව උයන්ගොඩ

ලංකාවේ දේශපාලනය පත්වී තිබෙන්නේ බරපතළ ව්‍යාකූලත්වයකටය. මෙය දේශපාලන අර්බුදයක් නොව ව්‍යාකූලත්වයක් ලෙස හැඳින්වීම වඩා නිවැරදි බව පෙනේ. අර්බුදවලට සාමාන්‍යයෙන් විසඳුම් තිබේ. එහෙත් ව්‍යාකූලතාවලට විසඳුම් නැත. දේශපාලන ව්‍යාකූලතාවල තිබෙන්නේ, පැටලුණු නූල් බෝලයක ස්වභාවයයි. ඒ අවුල ලිහන්නට උත්සාහ ගැනීම, අවුල වැඩිවීමට තුඩු දෙන නිසාය. වත්මන් දේශපාලන අවුලේ පැති දෙකක් තිබේ. ඉන් එකක් ආණ්ඩුව පැත්තෙනි. අනෙක විරුද්ධ පක්ෂය පැත්තෙනි.

ආණ්ඩුව

ආණ්ඩුව පැත්තෙන් ඇති අවුලේ ප්‍රධාන ලක්ෂණය නම්, ආණ්ඩුවේ බල මධ්‍යස්ථාන දෙක සහ එහි නායකත්ව කණ්ඩායම් අතර පවතින, විසඳිය නොහැකි ආරාවුලයි. එම ආරාවුල මැද්දේ ආණ්ඩුවද මහත් වියවුල් තත්ත්වයකට පත්ව ඇත. ‘ආණ්ඩු කිරීම’ යන්නෙන් ‘අදහස්වන මූලික වගකීම්වත්, මහජනතාව වෙනුවෙන් ඉටු කිරීමට ජනාධිපති සහ අගමැති යන දෙපළ දැන් අසමත් වී සිටිති. එහි ප්‍රතිඵලය නම් මුළු රටම සහ සමස්ත ජනතාවත්, තමන්ගේ දේශපාලන ඉරණම හා අනාගතය ගැන මහත් වික්ෂිප්තභාවයකට පත්වී සිටීමයි. රටේ මහජනතාව තුළ ඇතිවී තිබෙන මෙම වික්ෂිප්තභාවය හරියට, මුළු රටම ‘කරකවා අත ඇර දැම්මාක්’ වැනි මනෝභාවයකි. රටක පුරවැසියන් තමන්ගේ දේශපාලන ඉරණම ගැන මෙවැනි ව්‍යාකූලත්වයට සහ අවිනිශ්චිතභාවයට පත්වන්නේ සාමාන්‍යයෙන් සිවිල් යුද තත්ත්වයන් තුළය. අප රටේ දැනට ඇති විශේෂත්වය නම්, සාමාන්‍ය, සාමකාමී තත්ත්වක රට තිබියදීත්, රටේ දේශපාලන ඉරණම ගැන අභ්‍යන්තර හෝ බාහිර තර්ජනයක් නොතිබියදීත්, මෙවැනි අවිනිශ්චිතතාවකට පුරවැසියන් පත්වී සිටීමයි. මේ තත්ත්වයට, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා සාකල්‍යයෙන්ම වගකිව යුතුය. ඒ දෙදෙනාම මේ වනවිට තහවුරු කොට තිබෙන ප්‍රධාන කාරණා දෙකක් තිබෙන බව පෙනේ. පළමුවැන්න, එම දෙදෙනාම. 2015 ජනවාරි මාසයෙන් පසු මෙරට ජනතාව විසින් තමන් බලයට පත්කරන ලද්දේ කවර හේතුවක් නිසාද? තමන් ජනතාවට දුන් පොරොන්දුවල ඇත්ත අර්ථ මොනවාද? යන මේවා ගැන කිසිදු වැටහීමක් හෝ වගකීමක් හෝ තැකීමක් හෝ ඇති අය නොවෙති යන්නයි. දෙවැන්න නම්, තමන් විසින් පාලකයන් බලයට පත් කරනු ලැබීම ගැන මහජනතාව පශ්චත්තාපවන්නේ යම් නායක පිරිසක් සම්බන්ධයෙන්ද එම
පිරිස අතර ඉදිරියෙන්ම සිටින්නේ සිරිසේන සහ වික්‍රමසිංහ යන දෙදෙනා බවයි. එම කාරණයම, වෙනත් වචනවලින් පවසන්නේ නම්, සිරිසේන සහ වික්‍රමසිංහ යන දෙදෙනා මෙරට ඡන්දදායකයන්ගේ කැමැත්ත යළි ලබාග ැනීමේ සුදුසුකම නැතිකරගෙන ඇති අයයි. මේ තත්ත්වයේ අන්තය නියෝජනය කරන ජනාධිපති සිරිසේන කරන සෑම ක්‍රියාවකින්ම සහ කරන සෑම කතාවකින්ම මේ බව තහවුරු කරන බව එතුමාටම වැටහෙන්නේ නැත.

විරුද්ධ පක්ෂය

ආණ්ඩු පක්ෂය අසාර්ථක වන විට එයට සාධනීය විකල්පයක් ලෙස විරුද්ධ පක්ෂය ඉදිරියට ඒම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමවල ඇති සාමාන්‍ය ලක්ෂණයකි. මෙය වනාහී ‘ස්වයං-නිවරද්‍යභාවය ඇතිකර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදය සතු නිසර්ග සිද්ධ ශක්‍යතාව’ ලෙස :ෘැපදජර්ජහ.ි ක්‍්ච්ජසඑහ දෙර ිැකf – ක්‍දරරුජඑසදබ* යනුවෙන් දේශපාලන න්‍යායේ ප්‍රකාශ වන, ප්‍රජාතන්ත්‍රවාදය පමණක් සතු ගුණාංගයකි. ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය දෙස බලනවිට, ප්‍රජාතන්ත්‍රවාදය මෙම කාර්යය ඉටුකළ හැටි 1994, 2003 සහ 2015 යන වසරවල සිදුවූ ආණ්ඩු වෙනස්වීම්වලින් පෙනේ. එහෙත් දැන් සිදුවන්නේ කුමක්ද? මෙම ආණ්ඩුවේ අසාර්ථකභාවය ගැන කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී විවේචනයක් නැති එම ආණ්ඩුවට කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් ඉදිරිපත් නොකරන, කණ්ඩායම් දෙකක්, මේ ආණ්ඩුව පරාජය කර ආණ්ඩු බලය ලබාගැනීමට සූදානම්වීමයි. මේ කණ්ඩායම් දෙකම රාජපක්ෂ පවුලේ සාමාජිකයන් නායකත්වය දෙන ඒවාය. දේශපාලන ඒකකයක් ලෙස රාජපක්ෂ පවුල සතු විශේෂ ලක්ෂණයක් තිබේ. එනම් ඒ හැම සහෝදරයකුම ප්‍රජාතන්ත්‍රවාදීන් නොවීමයි. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය සලකන්නේ තම පුද්ගලික සහ පවුලේ දේශපාලන විජිගීෂාවන් සාක්ෂාත් කරගැනීමේ මෙවලම්වාදී මාධ්‍යයක් ලෙස පමණි. මහින්ද, ගෝඨාභය, බැසිල් සහ නාමල් යන දේශපාලන වශයෙන් ක්‍රියාශීලී පවුලේ සාමාජිකයන් සතරදෙනාගේම වර්තමාන දේශපාලන අභිලාෂවල ඇති පොදු ගුණාංග යන් තිබේ. එය නම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිවර්තනය සහ ප්‍රතිසංස්කරණ ගැන ඔවුන් දක්වන අවමානයයි. ඔවුන් සියලුදෙනාම ‘ශක්තිමත් ආණ්ඩුව’, ‘ශක්තිමත් පාලකයා’ සහ ‘නායක වන්දනය’, ‘ආණ්ඩුකරණයේ කේන්ද්‍රීය නැඹුරුව ලෙස සිතන අයයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ගුණාංග වන දේශපාලන විවෘතභාවය, සංවරණ සහ තුලන, මහජන මතයට ගරු කිරීම, විරුද්ධවීමේ සහ විවේචනය කිරීමේ අයිතිය යන මේවා ගැන අගය කිරීමත්, ඔවුන්ගේ දේශපාලන
විඥානයේ ඇත. මේ නිර් – ප්‍රජාතන්ත්‍රවාදීභාවය ඉතා හොඳින් ප්‍රකාශ කරන්නේ, ඊළඟ නායකයාවීමට දැනට සූදානම් වන ගෝඨාභය රාජපක්ෂගේ වැඩපිළිවෙළෙහිය. ඔහු තම දේශපාලන ව්‍යාපෘතිය ඉදිරිය ගෙනයන්නේ, දේශපාලන පක්ෂයක් මාධ්‍යය කොටගෙන නොවීම, ඔහුගේ දේශපාලනයේ ඉදිරිමග ගැන රතු එළි සංඥා පුරවැසියන්ට ලබාදෙන්නෙකි. ගෝඨාභය රාජපක්ෂ වීරාභිවන්දනය කිරීමට, ඔහුගේ පුද්ගලිකත්වය වටා ගොඩ නගා ඇති ‘වියත් මග’ සංවිධානයේ හරයේම සිටින බලවේග දෙක, එම රතු එළි නිකුත් කරන ප්‍රධාන මූලාශ්‍ර දෙකයි. ඒ දෙකින් එකක් නම්, මෑතදී විශ්‍රාම ගත් යුද හමුදා නිලධාරීන්ය. දෙවැන්න, රාජපක්ෂ යුගයේදී අතිමහත් ලෙස ධනය ඉපැයූ සහ අතිශයින්ම ධනවත් ව්‍යාපාරික පිරිස්ය. දොස්තර, ඉංජිනේරු, ගණකාධිකාරී සහ විශ්වවිද්‍යාල ආචාර්ය යන ‘වියත්’ පිරිස් එම සංවිධානයේ සිටියද, ඔවුන් වනාහී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන් මගේ සහ වැඩපිළිවෙළේ හරය තීරණය කරන අය නොවේ. තනතුරු ප්‍රතිලාභ ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින එම වෘත්තික සමාජ ස්ථරයද ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් නොවේ. ‘රට මෙහෙයවීමට වඩාත්ම සුදුසුවන්නේ තමන් වැනි වෘත්තිකයන්’ යැයි සිතන ඵැරසඑදජර්ජහ යන ඉංග්‍රීසි වචනයෙන් හඳුන්වන ‘දක්ෂයන්ගේ පාලනතන්ත්‍රය’ නම් වූ නිර්-ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විකල්පය ගැන විශ්වාසය තබා ඇති පිරිස්ය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ අර්බුදයක් ඇතිවූ විට මෙම පිරිස් ඉදිරියට පැමිණීමත්, රටේ අනාගත ඉරණම පවත්නේ තමන්ගේ කුසලතා මහිමයෙන් ගොඩනගන සැලසුම්වලයැයි ඔවුන් සිතීමත්, සාමාන්‍ය ලක්ෂණයකි. මෙපරිදි ‘වියත් මගේ’ පැතිරීම, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයේ කර්තෘක කාර්යයක් ඉටු කිරීමට සූදානම්වීමක් නොව, එහි නොනවතින අර්බුදය ප්‍රකාශ කිරීමක් පමණි.

ජනාධිපතිතුමා

මේ පසුබිම තුළ බොහෝ විට සිදුවන්නට ඉඩ තිබෙන දෙයක් බව පෙනෙන්නේ, ජනාධිපති සිරිසේන මහතාගේ නායකත්වයෙන් ඇති ශ්‍රීලනිපය, ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේ දේශපාලන වාහනය බවට පත්වීමයි. දේශපාලන වශයෙන් මහා අවුලකට මැදිවී සිටින ජනාධිපතිතුමා, එම අවුලෙන් ගොඩ ඒමේ මගක් ලෙස මෙම විකල්පය සොයා යාමට බොහෝවිට ඉඩ තිබේ. ගෝඨාභය අගමැති ලෙසත්, සිරිසේන මහතා ජනාධිපති ලෙසත් කටයුතු කිරීමේ අතරමග සන්ධානයකට එළැඹීමට ශ්‍රීලනිපය සහ වියත් මග පියවර ගතහොත් අප පුදුම විය යුතු නැත. එවැන්නක් සිදු නොවිය යුතු යැයි මෙරට පුරවැසියන් ප්‍රාර්ථනා කළ යුතු වුවත්, එවැන්නක් සිදුවීමට ජනාධිපතිතුමාගෙන් ඇති ඉඩකඩ වැඩිවී තිබෙන බවද පෙනේ. ජනාධිපතිතුමා මාදුළුවාවේ සෝභිත හිමි අනුස්මරණ දිනයේ කළ ක්‍රියාව සහ කළ කතාව ඒ සඳහා අපට ඉඟි ලබාදෙන ප්‍රධානම සිදුවීමයි. ඒ ගැන බැරෑරුම්ව සිතන විට පෙනෙන්නේ, ජනාධිපතිතුමාගේ දේශපාලන තීරණ තවදුරටත් දේශපාලන තීරණ නොව, තම පුද්ගලික අභිමානය රැක ගැනීම සඳහා වූ ගණන් බැලීම් මත සිදුවන ඒවාය යන්නයි. තමන්ගේ ක්‍රියාවෙන් සහ කතාවෙන්, සෝභිත හිමියන්ට ගෞරවයක් නම් සිදු නොවූ බව තේරුම් ගැනීමට එතුමාට නොහැකිවීම, එතුමාගේ දේශපාලනයේ දැන් පවත්නා දේශපාලනනොවනභාවය ප්‍රකාශවීමක් විය. 2015දී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ක්‍රියාවලියේ කර්තෘකයන් අතර කෙනකු වූ එතුමා 2019දී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ආපස්සට හරවන බලවේග යකට සම-නායකත්වය දෙන්නට යන්නේ නම්, ඒ ගැන එතුමාට ඉතිහාසයෙන් සමාව ලැබෙනු ඇත්දැයි සිතන්නට ශක්තිය, තවමත් එතුමාට ඇතැයි මෙරට පුරවැසියන් උදේ හවා ප්‍රාර්ථනා කළ යුතුය. පසුගිය කාලයේ මගේද පුද්ගලික ගෞරවය දිනූ දේශපාලන නායකයකු වන එතුමාට සරල උපදෙස් තුනක් දෙන්නට කැමැත්තෙමි. (දේශපාලනඥයන්ට උපදෙස් දීම මගේ වෘත්තිය නොවන බවද කිව යුතුය.)  පළමුවැන්න – රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය බැලීම හා කියවීම ටික කලකට නතර කරන්න. ඒවායේ තමන් ගැන තිබෙන ‘මඩ ගැසීම්’ සහ ‘අවලාද’ ගැන තමන්ට නොකියන ලෙස පවුලේ අයටත්, උපදේශකයන්ටත් නියෝග කරන්න.  රැස්වීම්වලදී දීර්ඝ කතා නොකරන්න. ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් ඉගෙන ගන්නා පාඩමක් ලෙස, තම කතා වැඩිම වශයෙන් විනාඩි දහයකට සීමා කරන්න.  2019න් පසු ‘ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස ‘ගෞරවනීය ලෙස විශ්‍රාම ගැනීමේ විකල්පය ගැනද සිතන්නට පටන් ගන්න.