නොරොච්චෝලේ ගල් අඟුරු විපත සහ විදුලි ඉංජිනේරු සංගමය

නිමල් අබේසිංහ/වින්ද්‍යා ගමගේ

මේ වන විටත් විදුලි ඉන්ජිනේරු සංගමය අකුරට වැඩ කරමින් සිය ඉල්ලීම් ඉටුකර දෙන ලෙසට විදුලි පාරිභෝගිකයින් ප්‍රාණ ඇපයට තබා ගෙන සටන් වැද සිටී. ඔවුන්ගේ නවතම තුරුම්පුව වී තිබෙන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලිබලාගාරයයි. 2018 වසර වෙනුවෙන් පරිසර බලපත්‍රය ලැබී නැති බැවින් ඒ බලපත්‍රය ලබා නොදෙන්නේ නම් නොරොච්චෝලේ විදුලිබලාගාරයේ සේවා කටයුතු වලින් ඉවත් වෙන බවට ඔවුන් තර්ජනය කර ඇති බව මාධ්‍යයේ පළ විය. කණගාටුවට කරුණ වන්නේ නොරොච්චෝලේ විදුලිබලාගාරය ක්‍රියාත්මක වීමේ මුළු කාලය තුළම හරිහමන් ලෙස පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළක් හෝ ජනතා පීඩාවන් අවම කිරීමට නොරොච්චෝලේ විදුලිබලාගාර පාලනාධිකාරිය කටයුතු කර නොතිබීමයි.විදුලි ඉන්ජිනේරු සංගමය පවා ඒ ගැන මුනිවත රකිමින් සිටීම ද හාස්‍ය ජනකය. නොරොච්චෝලේ විදුලිබලාගාරයේ ක්‍රියාකාරීත්වය නිසා සිදුවන පරිසර හානිය හා මහජන පීඩාව හා මතුව ඇති සෞඛ්‍ය ගැටලු ගැන හා ඒවා වලක්වාගතයුතු බවට කිසිදු උපදෙසක් මේ වන තෙක් ලබා දී නැත. විදුලි ඉන්ජිනේරු සංගමය මෙලෙස තර්ජනය කරනුයේ එවන් වාතාවරණයක් පවතිද්දීය. ඉදින් මේ ලියැවෙන්නේ නොරොච්චෝලේ විදුලිබලාගාරය හා එයින් සිදු වන පරිසර හානිය මෙන්ම මහජන පීඩාව ගැනයි.

බලපත්‍රය සහ අනුමැතීන්

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලිබලාග ාරයට මේ වන විට පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලැබී නැත. 2017 ජුනි 30 වනදායින් එලෙසින්ම මේ විදුලිබලාග ාරයෙන් නිපදවෙන අපද්‍රව්‍ය කළමනාකරණය ද නිර්දේශිත ක්‍රමවේදයන් අනුව සිදුනොවේ. මෙම ව්‍යාපෘතියට අනුව නොගැඹුරු ළිං 74 ක් ද ගැඹුරු ළිං 8 ක් ද ඉදිකර ඇතත් ඒ සඳහා ජල සම්පාදන මණ්ඩලයෙන් ලබාගතයුතු අනුමැතිය ලබා ගැනීමක් ද සිදු වී නැත. එපමණක් නොව මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පළාත් කාර්යාලයෙන් හෝ අවශ්‍ය අනුමැතිය ලබා ගෙන නැත. ගල් අඟුරු ගබඩා කිරිමේ අංගනය සමබන්ධයෙන් ද පවතින්නේ එවැනි පසුබිමක්ය. මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ කාර්යාලය විසින් මෙම බලාගාරය සම්බන්ධයෙන් නිර්දේශිතයන් ගැන කිසිදු ස්ථාවර ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ද හෙළි වේ. (වගුව බලන්න)

හජන සෞඛ්‍යට සිදුවනඅවදානම

සල්පර්ඩයොක්සයිඞ් ( ීද2) නිසාවෙන් ඇසිඞ් වැසි, පෙනහළු වලට සිදුවන හානි, හෘද රෝග හා පිළිකා වැළඳීමේ අවදානමක් ඇති බව සොයාගෙන තිබේ. නයිට්‍රජන් ඔක්සයිඞ් වායුව හේතුවෙන් පෙනහළුවල සිවියට හානි සිදු වීම සහ රෝගී භාවයන් ඉහළ යෑම සිදුවීමට ඉඩ ඇති බවත් සොයා ගෙන තිබේ. කාබන් මොනොක් සයිඞ් (ක්‍ද) හිසරදය ආතතිය මෙන්ම හෘද රෝග වැළඳීම් අවදානමක් තිබේ. විදුලිබලාගාරය ක්‍රියාත්මක කළ දිනයේ පටන් මේ දක්වා දිනකට ගල් අඟුරු ටොන් 150 ක් 200 ක් අතර ප්‍රමාණයක් දිනක දි පරිසරයට මුදාහැර ඇති බව ද මෙ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන්ය. විදුලිබලාගාරය ඇසුරින් සිදු වී ඇති රස දිය මුදා හැරීම කිලෝ මීටර් 300 ක වටප්‍රමාණයක් තුළ වැසි ජලය මගින් සිදුව ඇති බව ද සඳහන් ය. රසදිය ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට ඉතා අහිතකර අයුරින් බලපාන රසායනිකයකි. එමෙන්ම රසදිය මේස හැන්දකින් 70/1 ක් ප්‍රමාණයක් මුසු වූ ජලාශයක අක්කර 25 ක වටප්‍රමාණයේ සිටින මත්ස්‍යයින් ආහාරයට ගැනීමෙන් පෙනහළු ආබාධ, මොළයට හානී සිදුවීම්, ස්නායු අබාධ සිදුවිය හැකිය. නොරොච්චෝලේ විදුලිබලාග ාරයේ විදුලිය නිපදවීමට ගන්නා ගල් අඟුරු වලින් ටොන් 67000 ක් වාර්ෂිකව මුහුදට පරිසරයට එකතු වෙන බවත් ඒවා නැව්ගත කිරීම් හා ගොඩබෑම් සිදුවෙද්දීය. මේවායින් ටොන් 17000 ක් නැවෙන් ගොඩබාද්දී මුහුදට ද ඉතිරිය නොරොච්චෝලේ අවට ගම්වලට සුළඟින් ද ගසාගෙන යන බවත් කියවේ. මේ වන විට නොරොච්චෝලේ විදුලිබලාගාරය සඳහා ගල් අඟුරු ටොන් මිලියන 1.3 ක් ගබඩා කර ඇති අතර එහි උස මීටර් 16 කි.මේ සඳහා ඉදි කෙරෙන ආරක්ෂණ වැටෙහි උස මීටර් 15 කි. විවෘත භූමියක ගොඩගසා ඇති ගල් අඟුරු හේතුවෙන් භූගත ජලයට රසායනිකයන් එකතු වීමේ ඉඩ කඩක් ද පවතී. මොසම් සුළං සමයේ දී නොරොච්චෝලේ නගරය දක්වාම ගල් අඟුරු ගසාගෙන යාමෙන් ජනතාව පීඩාවට පත් වේ. එලෙසම බලාගාරයේ පාලනාධිකාරිය මේවා වලක්වාගැනීම සඳහා උත්සාහයක් ගත් බවක් ද නොපෙනේ. නොරොච්චෝලේ විදුලිබලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව තරමක් දිගු එකකි. වාර්තාව අවසානයේ කරුණු හතකින් යුතුව දක්වා ඇත්තේ මෙම බලාගාරය නිසා සිදුවිය හැකි දිගුකාලීන සෞඛ්‍ය ගැටලුය. ඒ මෙසේය.

හඳුනාගෙන ඇති දුෂණයන් හේතුවෙන් පහත සඳහන් දිර්ඝ කාලීන සෞඛ්‍ය බලපෑම් ඇතිවේ. 

ජිවන අපේක්ෂා කාලය අඩුවීම (අංශුමය ද්‍රව්‍ය, සල්ෆර් ඔක්සයිඞ්, බැර ලෝහ, බෙන්සීන්, රෙඩියෝනියුක්ලීඩ) ශ්වසන පද්ධතියේ රෝග ඇති වීම – බ්‍රොන්කයිටීන්, පෙනහළු පිළිකා, කළු පෙනහළු (ඊක්ජකක කමබට) රෝගය (අංශුමය ද්‍රව්‍ය, සල්ෆර් ඔක්සයිඞ්) සංකූල හෘද අකර්මන්‍ය වීම ඇතුළු හෘදවාහිනී රෝග (අංශුමය ද්‍රව්‍ය, කාබන් මොනොක්සයිඞ්) මාරක/මාරක නොවන පිළිකා, ඔක්ටියෝපොරෝසිස්, ප්‍රජනන ඉන්ද්‍රිය සහ පද්ධතියේ අකර්මන්‍යතා, ළදරු මරණ සහ අඩු උපත් බර, පාකින්සන්ස් වැනි සින්ඩෝම, අංශභාගය (අධික ලෙස විෂ අඩංගු ලෝහ) වෘක්ක අකර්මන්‍ය වීම සහ නිදන්ගත වකුගඩු රෝගය (බෙන්සීන්, රේඩියෝ නියුක්ලීඩ හා බැර ලෝහ) මොළයට හා ස්නායු පද්ධතියට හානි වීම හා ඒ ආශ්‍රිත සමේ රෝග, බුද්ධිමය ගුණාත්මකභාවය (ූ1) ට හානි වීම (වායු, විල දූෂණය හා රසදිය)
සෞඛ්‍යට බලපෑම් කරන ලෙස ගොඩනැගිලි වල ශක්තිමත් බව දුර්වල වීම (සල්ෆර් ඩයොක්සයිඞ්, අම්ල අවසාදනය,අංශු) මේවාට විසඳුම් ලෙස කඩිනමින් ඉටු කළ යුතු කාර්යයන් හා නිශ්චිත කාල සීමාවන් තුළ සිදු කළ යුතු කාර්යයන් ද ඇතුළත් වාර්තාවක් 2018 ජනවාරි 08 දින නිකුත් කර තිබේ. මේ වාර්තා සකසන ලද කමිටුවට පුද්ගලයින් හයදෙනක් ඇතුළත්ව සිටි. ඔවුන් වන්නේ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී, මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පලාත් වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප්‍රදේශයේ ගොවි, ධීවර ජනතා නියෝජිතයින් සහ ස්වේච්ඡා පරිසර ආයතනයක නිලධාරිනියකි. ඒ නිසා මෙම ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය අංශයට කිසිසේත් මගහැර යන්නට නොහැකිය. මහජන උපයෝගිතා කොමිසම 2018-2037 වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අවම පිරිවැය දිගුකාලීන ජනතා සැලැස්මෙහි නොරොච්චෝලේ විදුලිබලාග ාරය සම්බන්ධයෙන් විස්තර පහත දැක්වේ.

ජනන වියදම

නොරොච්චෝලේ විදුලිබලාග ාරයේ ජනන ඒකකයක වියදම විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය දක්වා ඇති ආකාරයට රුපියල් 7ක් 8ක් අතර ගණනකි. එහෙත් මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ ලංවිම කළමනාකාරීත්වය විසින් 2017 ගිණුම් දෙසැම්බර් මස ඉදිරිපත් කළ ගිනුම් වාර්තා අනුව නොරොච්චෝලේ විදුලිබලාගාරයේ විදුලි ඒකකයක් ජනනය කිරීම සඳහා ඉන්දන සහ පරිපාලන වියදම් වලට පමණක් රුපියල් 14.75 ක් වැය වී ඇති බවය. නොරොච්චෝලේ විදුලිබලාගාරය ඉදිකිරීමට ලබා ගත් ණය ආපසු ගෙවීමේ වියදම් ද මෙයට ඇතුළත් කළ විට මේ වියදම රුපියල් 14.75 ට වඩා වැඩිවන බව මහජන උපයෝගිතා කොමිසම කියයි. පහත වගුව ඇසුරින් එය හොඳින් පැහැදිලි කරගත හැකිය. (2 වගුව බලන්න) ඉහත දක්වා ඇත්තේ ලංවිම ගිණුම් අංශ විසින් ඉදිරිපත් කරන නිල සංඛ්‍ය ලේඛන වේ. 2017 අවසන් කාර්තුවේ එක් එක් මාසය සඳහා වැය වූ සම්පූර්ණ වියදම සහ ඒකකයට වැය වූ පිරිවැය දක්වා ඇත. විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය විසින් නොරොච්චෝලේ ගල්
අඟුරු බලාගාරයෙන් විදුලි ඒකකයක් නිශ්පාදනය සඳහා වැය වන්නේ රුපියල් 7.90 ක් පමණක් බව කියයි. ඔවුන් මෙහිදී ගණන් බලා ඇත්තේ ගල් අඟුරු වියදම පමණක් බව පැහැදිලිය. වර්තමාන මිල ගණන් අනුව ගල් අඟුරු කිලෝ ග්‍රෑම් 1 කින් විදුලි ඒකක 2.5 ක් නිපදවිය හැකිය. ඒ අනුව විදුලි ඒකකයක් සඳහා ගල් අඟුරු සඳහා වැය වන වියදම රුපියල් 7.45 කි. විදුලි ඉන්ජිනේරුවන් විසින් නොරොච්චෝලේ බලාගාරයේ වියදම ලෙස ගන්නේ මේ ගල් අඟුරු වියදම පමණි. එහෙත් බලාග ාරයේ ජනන කටයුතු වලදී තවත් වියදම් රාශියකි. බලාගාරයේ කටයුතු සඳහා වැය වන විදුලියට වියදම් වේ. විචල්‍ය හා ස්ථාවර මෙහෙයම් හා නඩත්තු කටයුතු (පරිපාලන වැටුප් ආදී) වලට ද වියදම් වේ. මේ වියදම රුපියල් 6 කට වැඩිය. එවිට ඒකකයක සමස්ථ වියදම රුපියල් 14.73කි. ගල් අඟුරු බලාගාරය ඉදි කිරීම සඳහා ලබා ගත් ණය සහ පොළිය ගෙවන්නේ රජයයි. ඒ සඳහා වන වියදම ද ඒකක පිරිවැයට ඇතුළත් විය යුතු වේ. එමෙන්ම පරිසර හානිය අවම කිරිම සඳහා වැය වන වියදම ද ඒකක පිරිවැයට ඇතුළත්ය. එවිට නොරොච්චෝලේ බලාග ාරයෙන් ඒකකයට වැය වන වියදම රුපියල් 20 කට ආසන්න වේ. විදුලි ඉන්ජිනේරුවන් පවසන පරිදි නොරොච්චෝලේ බලාග ාරයේ වියදම ඒකකයට රුපියල් 7 ක් නම් වසරකට රුපියල් බිලියන 37 ක පමණ මුදලක් ලංවිම ගිණුම් වල පමණක් පෙන්වන ව්‍යාජ අංකයකි. එසේ නම් විදුලි බිල තවදුරටත් අඩු කළ හැකිය. සත්‍ය තොරතුරු ඇත්තේ ලංවිම ගිණුම් අංශයේ ද නැත්නම් විදුලි ඉන්ජිනේරුවන් අතද යන්න පැහැදිලිය.මන්ද විදුලි ඉන්ජිනේරුවන් විසින් බලාගාරයේ ජනන වියදම පිළිබඳ පැහැදිලි විස්තරයක් සැපයීමට අපොහොසත් වීමයි. ඔවුන් ගල් අඟුරු බලාගාර ලාභ බව පෙන්වීම සඳහා මේ ව්‍යාජ තොරතුරු වලට ප්‍රසිද්ධියක් සපයන බව තහවුරු වේ. එලෙසින්ම ඉන්ජිනේරු සංගමය පවසන්නේ මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් එල්.එන්.ජි. මාෆියාවකට හසු වී ඇති බවයි. සැබවින්ම සිදුව තිබෙන්නේ විදුලි ඉන්ජිනේරු සංගමය ගල් අඟුරු මාෆියාවකට හසු වී තිබීමය. ජපානයේ න්‍ඣ්ඛ නම් ප්‍රසිද්ධ ගල් අඟුරු සමාගම 2016 ජනවාරි නිකුත් කර ඇති වාර්තාවක් ඊට සාක්ෂි සපයන්නේය. එම වාර්තාවේ 34 පිටුවේ 5 අංකයෙන් යුතුව නිගමනය නම් ශීර්ෂයේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාව සිය අනාගත සැලසුම් අනුව ගල් අඟුරු භාවිතයෙන් බලශක්තිය නිපදවීම ඉහළ දමනු ඇති බවයි. එමෙන්ම ජපානයට පැමිණි ශ්‍රී ලාංකික සමාජිකයින් ගල් අඟුරු භාවිත තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ ගාමක බලවේගය ලෙස කටයුතු කරනු ඇති බවයි. මෙම වාර්තාවට අනුව ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන් පිරිසක් ජපානයේ න්‍ඣ්ඛ සමාගමේ ඇරයුමින් ජපානයට ගොස් ඇති බව සනාථ වෙයි. මේ පිරිස ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් නම් ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් විදුලි ඉංජිනේරු සංගමය නඟන හඬ කුමක්ද? කොහෙන්ද? ඇයි ද යන්නත් පැහැදිලිය. ගල් අඟුරුවල සැබෑ මිල හා පිරිවැය මූලධර්මයට අනුව ගල් අඟුරුබලාගාර සුදුසුකම් නොලබන බව ද මහජන උපයෝගිතා කොමිසම සිය වාර්තාවේ සඳහන් කරයි. එහි සඳහන් වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය 2017 දි අනුමැතිය සඳහා ඉදිරිපත් කළ සැලසුම අවම පිරිවැය සහිත සැලැස්ම නොවන බවය. ලංවිම ඉදිරිපත් කළ ජනන සැලැස්මෙහි මිල (වර්තමානය අනුව) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව අනුමත කළ සැලැස්මට රුපියල් කෝටි 35,800 කින් යුතුය. විදුලිබල මණ්ඩලයේ සැලැස්මෙහි වැඩි වශයෙන් අඩංගුව තිබී ඇත්තේ ගල් අඟුරු බලාගාරය. එය ප්‍රමාණයෙන් මෙගා වොට් 2700 කි. ලංකා විදුලිබල මණ්ඩලය ගල් අඟුරු මෙටි්‍රක් ටොන් එකක මිල ඩොලර් 69 ක් ලෙස ගණන් ගෙවා තිබෙන මුත් උපයෝගිතා කොමිසම 2016 සාමාන්‍ය ලෝක වෙළඳපොළ මිල ගණන් සොයා බැලීමේදී ගල් අඟුරු මෙටි්‍රක් ටොන් එකක මිල ඩොලර් 81 ක් බව හඳුනාගෙන තිබේ. එසේම 2017 මිල ගණන් අනුව (2018) දී මෙටි්‍රක් ටොන් එකක මිල ඩොලර් 106.17 ක් බව හඳුනාගෙන තිබේ. ඒ අනුව වසර විස්සක් සඳහා ගල් අඟුරු මිල ඩොලර් 69 සඳහන් කිරීම සැබෑ වෙළඳපොළ මිල ගණන් සඟවා ඉදිරිපත් කිරීමකි. ගල් අඟුරු බලාගාරය සම්බන්ධයෙන් කතා කිරීමේදි නොරොච්චෝලේ පැන නැගී ඇති ගැටලු සහ විදුලිබල මණ්ඩලය දිගින් දිගටම ඒ ගැටලු විසඳීම පැහැර හැරීමේ වාතාවරණයක් තුළ අනාගත ගල් අඟුරු බලාගාරවල තත්ත්වය ද මීට වඩා වෙනස් නොවනු ඇත. අනෙක ලොව ගල් අඟුරු බලාගාර ඉදිකර ඇති ප්‍රදේශ හා සසඳන විට ලංකාව තුළ තවත් එවැනි ගල් අඟුරු බලාගාර ඉදි කිරීමට හැකියාවක් පවතින ප්‍රදේශ තිබේ ද යන ප්‍රශ්නය පැන නගී. සියල්ලටම වඩා ඉන්සිදුවෙන පාරිසරික හා සෞඛ්‍ය ගැටලු ජනතා පීඩාව සැලකිය යුතු වේ.