අමෙරිකාව මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වෙයි.

Mandatory Credit: Photo by Andrew Harnik/AP/REX/Shutterstock (9447254j) President Donald Trump arrives at Palm Beach International Airport in West Palm Beach, Fla Trump, West Palm Beach, USA - 02 Mar 2018

එස්. නන්දලාල්

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සිහිනය අමෙරිකාව අංක 1 ස්ථානයේ සැමදා පවත්වා ගෙන යාමයි. තමා ලෝක මහා බලවතා නිසා තමා කියන සියල්ල මු`ඵ ලොව ම ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතුය’ල අනුග මනය කළ යුතු ය යනා දී වශයෙන් ඔහු සිතන සෙයකි. මේ අදහස තීව්‍ර කරමින් අමෙරිකා එක්සත් ජනපදය පසුගිය අඟහරුවාදා තවත් අධිකාරිවාදී තීරණයක් ගත්තේ ය. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් සිය සාමාජිකත්වය ඉල්ලා අස් කැර ගැනීමෙනි. එදින ප්‍රකාශයට පත් වුවත් මේ එක්වර ගත් තීරණයක් නොවේ. සැලසුම් සහගත ව ගත්තකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව අපක්‍ෂපාතී නොවේ ය යනු අමෙරිකා එක්සත් ජනපදය කලක සිට ඉදිරිපත් කරන චෝදනාවයි. මානව හිමිකම් කවුන්සිලයේ 38 වන සැසිය පසුගිය 18 දින ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඇරැඹිණි. එය එළැඹෙන 06 දක්වා පැවැත්වෙනු ඇත. අමෙරිකාවේ කණස්සල්ලට හේතුවන්නේ ඊස්‍රායෙලයේ මානව හිමිකම් ගැන කවුන්සලය කතා නොකිරීමත් ඊස්‍රායෙලය ගාසා තීරයේ මානව හිමිකම් උල්ලංඝනය කරන බවට නිතිපතා චෝදනා එල්ල කිරීමත් ය. කවුන්සලය ඊස්‍රායෙලයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඊස්‍රායෙලයට එරෙහි පාර්ශ්වවලට ‘නිදන්ගත පක්ෂග්‍රාහීත්වයක්’ දක්වන බව සැසිය අමතමින් හාලේ පැවසුවා ය.
මෙම කවුන්සලය මානව හිමිකම් යන වචනය පවා භාවිත කරන්නේ වෙනස් අරුතකින් බව ඇය පෙන්වා දෙන තවත් කරුණකි. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී ම සිය දැඩි විරෝධය පළ කොට තිබිණි. ඊස්‍රායෙලයේ මානව හිමිකම් ගැන අමෙරිකා එක්සත් ජනපදය ඒ ආකාරයෙන් පෙනී සිටීමේ අරුත නම් ඊස්‍රායෙලයේ ඕනෑම ආකාරයක මානව හිමිකම් කඩකිරීමක් ගැන අමෙරිකාවේ විරෝධයක් නොමැති බවයි. ඊස්‍රායෙලයේ මානව හිමිකම් වාර්තාව කෙතරම් ‘ඉහළ මට්ටමක පවතින්නේ ද’යි කිවහොත් 2006 සිට මේ දක්වා ගාසා හි මානව හිමිකම් උල්ලංඝනවලට අදාළව න්‍යාය පත්‍රයේ 7 වන අංකය යටතේ ඊස්‍රායෙලය ගැන සාකච්ඡා නොකළ මානව හිමිකම් කවුන්සල සැසියක් නොතිබුණු බව සඳහන් ය. මේ හැරුණුවිට අමෙරිකාවට මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වන්නට තරම් බරපතළ හේතුවක් තිබුණේ නැත. සීඅයිඒ සහ එෆ්බීඅයි යන ආයතන දෙක අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ගේ මානව හිමිකම් කඩකිරීම් ඉඳහිට අනාවරණය වුවත් විශාල ජන සංහාර වැනි දේට එරටට චෝදනා එල්ල වූයේ නැති හෙයිනි. එහෙත් මේ දිනවල පැවැත්වෙන 38 වන සැසිවාරයේ දී ඊට අඳුරු පැල්ලමක් එක් විය. එක්සත් ජාතීන්ගේ සරණාගත දිනය යෙදී තිබුණු පසුගිය 20 දාට පෙර දිනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ සිය වාර්ෂික වාර්තාවේ අමෙරිකා එක්සත් ජනපදයේ සරණාගත කඳවුරුවල මාපියන්ගෙන් දරුවන් වෙන්කිරීම ගැන විවේචන එල්ල කිරීම ඊට හේතුවයි. මෙහි දී අමෙරිකානු නියෝජිතවරිය දැඩි අපහසුතාවකට පත්වූවාට සැක නැතත් ඉල්ලා අස්වීමේ තීරණයට හේතුව එය නොවේ. අමෙරිකා එක්සත් ජනපදය බලපත්‍ර නොමැතිව සිය රටට පැමිණ ශරනාවරණ අපේක්ෂාවෙන් රැඳීසිටින්නවුන් (්ිහකමප ිැැනැරි) විෂයයෙහි ලා පසුගිය මාස දෙකක පමණ කාලයක සිට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. දැන් අමෙරිකා එක්සත් ජනපදයේ ත්‍ඊෂල ෂක්‍ෑ යන කෙටි නමින් හැඳින්වෙන එරට ආගමන සහ රේගු බලගැන්වීමේ අධිකාරියල ක්‍ඊඡ යන කෙටි නමින් හැඳින්වෙන එරට රේගු සහ දේශ සීමා ආරක්‍ෂණ අධිකාරිය සහ තවත් රාජ්‍යායතන කිහිපයක් එක්ව සාදාගත් කිසියම් දේහයක් අතීත නාසි ගෙස්ටාපෝ හි කාර්යභාරය වර්තමාන එරට තුළ ඉටු කරමින් සිටින බව මානව හිමිකම් සංවිධානවලින් චෝදනා නැගේ. සුළු අපරාධ වැරදි අල්ලාගෙන මාපියන්ට නඩු පැවරීමත්ල ඔවුන් සිරගෙට නියම වූ කල දරුවන් රඳවාගැනීම් කඳවුරුවලට ගාල් කිරීමත් පසුගිය මාස දෙක තුළ ශීඝ්‍රයෙන් සිදුවිය. කිරිබොන බිළිඳුන් මව් ඇකයෙන් ඇදගෙන යන බවට චෝදනා එල්ල විය. මීට අදාළ වීඩියෝපට කිහිපයක් ම බීබීසී විසින් ප්‍රචාරය කරන ලදි. මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව මාධ්‍ය වාර්තා සනාථ කරමින් එලෙස මාපිය සෙවණින් ඉවත් කරන ලද දරුවන් සංඛ්‍යාව 2ල000ක් බව දක්වයි. ට්‍රම්ප් පරිපාලනය මානව හිමිකම් විෂයයෙහි ලා අප තුළ විස්මයක් ඇති කරවනවා ද නොඑසේ ව අපේක්‍ෂා සුන් කරනවා ද යන්න තමාට හිතා ගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ස්සයිද් රාද් අල්හුසෙයින් සිය ආරම්භක දේශනයේ දී පවසා ඇත. එක්සත් ජනපදය කළ යුත්තේ වර්තමාන ලොවට ගැලපෙන පරිදි පියවර ආපස්සට ගැනීම නොව ඉදිරියට තැබීම බව තම විශ්වාසය ය’යි ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ. එසේම සිහියේ තබාගත යුතු කාරණයක් නම් සරණාගතයන්ට ද මානව හිමිකම් ඇති බවයි. පවුලක් සේ එක්ව අඩු තරමින් මාපියන්ට සහ දරුවන්ට එකට හිඳීමේ අයිතිය ඔවුන්ට ද තිබිය යුතු ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය 2006 වසරේ පිහිටුවා ගන්නා ලද එක්සත් ජාතීන්ගේ තවත් එක් නියෝජ්‍යායතනයකි. සංවිධානයේ සාමාජික රටවල් අතරින් කලාපීය මට්ටමින් තෝරා ගැනෙන නියෝජිතයන් 47 දෙනකුට එහි ඡන්ද බලය හිමිවේ. මේ නියෝජිතයන් 47 දෙනා වසර තුනකට වරක් තෝරා ගැනෙන අතර එකපිට වාර දෙකකට වඩා එක් රටකට එහි සාමාජිකත්වය දැරිය නොහැකි ය. අමෙරිකා එක්සත් ජනපදය මෙහි සාමාජිකත්වයට තේරී ඇත්තේ 2013 වසරේ වන අතර එරටට තව වසරක කාලයක් ඉදිරියට තිබේ. කවුන්සිලය පිහිටවා ගත වූ 15 වසරක කාල සීමාව තුළ එහි සාමාජික
රටක් නියමිත කාලය අවසන් වන්නට පෙර ඉල්ලා අස් වූ මුල් ම අවස්ථාව මේ ය. මේ කවුන්සලය දේශපාලනයල වංකකමල ප්‍රෝඩාව සහ මගහැර සිටින්නන්ගේ සංසදයක් බවයි. වර්තමානයේ එහි සාමාජිකත්වය දරන වෙනිසියුලාවල කියුබාවල බුරුන්ඩි සහ සෞදි අරාබිය ඊස්‍රායෙලයටත් වඩා අන්ත මානව හිමිකම් උල්ලංඝනය කරන්නෝ වෙති. ‘අප මේ පියවර ගන්නේ මානව හිමිකම්වලට ඇද කරන ආත්මසේවී වංචනික සංවිධානයක තවදුරටත් රැඳී සිටින්නට අපගේ බැඳීම් අපට අවසර නොදෙන නිසා’ යි ජිනීවා බලා පිටත් වන්නට පෙර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පැවැති රැස්වීමක දී ඇය පවසා ඇත. කවුන්සලයේ සාමාජික සංයුතිය මෙසේ ය: අප්‍රිකානු කලාපය 13ල ආසියානු කලාපය13ල නැගෙනහිර යුරෝපය 6ල අමෙරිකානු සහ කැරිබියානු රටවල් 8,- ඉතිරිය බටහිර යුරෝපයට සහ අනෙකුත් රටවලට. ඇතැම් ප්‍රශ්නවලදී මේ කවුන්සලය පක්‍ෂග්‍රාහී බව පෙනෙන්නේ මේ සංයුතිය නිසා ය. පංච මහා බලවතුන්ට ඇතුළත් රුසියාවේ සහ චීනයේ මානව හිමිකම් මට්ටම එතරම් යහපත් නැති බව ප්‍රකට ය. එහෙත් ඒවා කරළියට නොඑන්නේ විශාල ජනඝාතන යනාදිය නොමැති හෙයින් විය හැකි ය. නැත්නම් ඒවා හුදෙකලා සිද්ධීන් ය. එහෙත් රජයට එරෙහි පුද්ගලයන් සිරගත කිරීම වැනි දෑ නොකඩවා සිදුවන අතර භාෂණයේ නිදහස යම් දුරකට සීමා සහිත ය. කෙසේවෙතත් නිරීක්‍ෂක මට්ටමින් සහභාගි වන හ්‍යුමන් රයිට්ස් වොච් වැනි සංවිධාන ඒවා ගැන කවුන්සලයේ අවධානය යොමු කරවයි. අමෙරිකා එක්සත් ජනපදය ඊස්‍රායෙලයට පක්‍ෂ වන පමණින් ලොව අනෙක් රටවල් ඊස්‍රායෙලයට පක්‍ෂ වන්නේ නැත. බොහෝ රටවල් මුස්ලිමුන්ට පක්‍ෂපාත වන අතර යුදෙව් විරෝධී ය. ඒ අනුව කවර රටවල් 47ක් ආවත් ඉන් බහුතරය මානව හිමිකම් සම්බන්ධයෙන් ඊස්‍රායෙලයේ පැත්ත ගනු ඇත’යි අපේක්‍ෂා කළ නොහැකි ය. මේ නිසා අමෙරිකා එක්සත් ජනපදයේ චෝදනා සහ අවලාද සාධාරණ ද’යි සිතා බැලීම වටී. මීට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල ප්‍රතිචාර තවමත් සම්පූර්ණයෙන් ම ප්‍රකාශයට පත් වී නොතිබිණි. කෙසේවෙතත් නිරීක්‍ෂක මට්ටමෙන් සහභාගි වන යුරෝපා සංගමය මේ තීරණය ගැන සිය කණස්සල්ල පළ කොට තිබිණි. අමෙරිකාව ඉන් ඉවත්වීමෙන් ලෝකයේ මානව හිමිකම් ඝෝර ලෙස උල්ලංඝනය කෙරෙන රටවල ජනතාවට ඇත්තටම පාඩුවක් සිදුවනු ඇතැ’යි මැදිහත් විචාරකයකුගේ අදහසයි. දකුණු සුඩානයල කොංගෝව සහ කාම්බෝජය යන රටවල ආණ්ඩු මානව හිමිකම් කඩකිරීම් ගැන අමෙරිකාව දිගින් දිගටම විරෝධය පළ කළේ ය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නයේ දී ලක් රජයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය විශාල කාර්යභාරයක් ඉටු කළ බව අමුතුවෙන් කිවයුතු නැත. ප්‍රශ්නය අපේ නොවුණා නම් සහ චෝදනා එල්ල වූයේ අප රටට එරෙහිව නොවුණා නම් අප වුව ද ඒ කාරණා සම්බන්ධයෙන් අමෙරිකානු මතය හා එකඟ වනවා නිරවනුමාන ය. කවුන්සලයේ සාමාජිකත්වයෙන් ඉවත් වූවාට අමෙරිකාවට නිරීක්‍ෂණ මට්ටමින් ඊට සහභාගි වන්නට බාධාවක් නොමැත. එහෙත් එවිට ඡන්ද බලය නැත. අමෙරිකාවේ සුක්කානම ට්‍රම්ප් අත පත් වුණාට පසු පෙර පාලනය විවේචනය කිරීම සහ එය රිය පැදවූ දිශාවට පිටුපා යාම ප්‍රකට ය. ඔහු කරන්නේ ඩිමොක්‍රටික් පිළිවෙත්වලට ඉඳුරාම පටහැනි දෑය. එමතු ද නොව පූර්ව රිපබ්ලිකන් ජනාධිපතිවරුන්ටත් වඩා වෙනස් ආකාරයකට අමෙරිකාව හැසිරවීම ඔහුගේ අභිලාෂය බව පෙනෙයි. ඔහු පළ කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසි වැදගම්මකට නැති එකක් යන අදහස දෙන ප්‍රකාශ ය. ජනාධිපති ට්‍රම්ප් සිය රට යුනෙස්කෝ අරමුදලට දායක මුදල් දීම නවත්වා එහි සාමාජිකත්වයෙන් ඉවත් කැර ගත්තේ ය. ඔහු බලයට පත් වූ විගසම වාගේ ජනාධිපති ඔබාමා විසින් අත්සන් තබන ලද පැරිස් දේශගුණ සම්මුතියෙන් ඉවත්විය. ඉරානය සමග පංච මහා බලවතුන් සහ ජර්මනිය එක්ව එක්සත් ජාතීන්ගේ පිටුබලයෙන් අත්සන් තබන ලද නිර්ප්‍රාගුණ්‍ය ගිවිසුමෙන් ද තනිව ම ඉවත් විය. ඒ ජනාධිපති ට්‍රම්ප්ගේ ක්‍රමයයි. ‘අමෙරිකාව තමා අංක එක’ ඔහු අවධාරණයෙන් පවසයි. මේ ඔහු අමෙරිකාව අංක එකේ ස්ථානයේ රඳවා ගන්නා ආකාරයයි.